ඔබේ කුළුඳුල් දරුවා පාසල් යන්නට ආරම්භ කළපසු ඔබට දැනෙන හැඟීම් 5 ක්

ඔබේ කුළුඳුල් දරුවා පාසල් යන්නට ආරම්භ කළපසු ඔබට දැනෙන හැඟීම් 5 ක්

සමහර දරුවන් කුඩා කාලයේම පෙරපාසල් යාම ආරම්භ කරනවා. සමහරුන් තරමක් පමාවී පටන් ගන්නවා. සමහරුන් පෙරපාසල් නොයවා කෙලින්ම පාසල් යවන්න පටන් ගන්නවා. මේ කොයි අවස්ථාවෙත් දෙමාපියන්ට දැනෙන හැඟීම එකවගෙයි.

ලොව පුරා දරුවන් පාසල් යාම ආරම්භ කිරීම හැමෝටම පොදු කාරණයක්.

නමුත් ලොව පුරා විවිධ කලාප, රටවල් වල දරුවන්ගේ පාසල් ආරම්භ කරන කාල වකවානු වෙනස්. ඒ කියන්නේ සමහර විට මේ වෙනකොට ඔබේ දරුවා පාසලේ පළමු වාරය පටන් ගෙන හෝ තවත් නොබෝ දිනකින් පටන් ගන්නවා වෙන්න පුළුවන්. ඉතින් තමන්ගේ කුළුඳුල් දරුවා අලුතෙන් පාසල් යන්න පටන් ගන්න අත්දැකීම හැම දෙමපියන්ටම නැවුම් අත්දැකීමක්.

සමහර දරුවන් කුඩා කාලයේම පෙරපාසල් යාම ආරම්භ කරනවා. සමහරුන් තරමක් පමාවී පටන් ගන්නවා. සමහරුන් පෙරපාසල් නොයවා කෙලින්ම පාසල් යවන්න පටන් ගන්නවා. මේ කොයි අවස්ථාවෙත් දෙමාපියන්ට දැනෙන හැඟීම එකවගෙයි.

  1. සිත කලබලයි

ඇස් වලින් කඳුළු පුරෝගෙන ඔබෙන් මිදෙන්න බැරුව අඬන පුතාගේ දුක හිතෙන මුහුණ වගේම අම්මලාට ටික කාලයක් යන තුරු අත්හරින්න බැරි කරණා රැසක් තියෙනවා. ඔබේ දරුවා වෙනුවෙන් ඔබේ සිත කලබල වෙනවා. සමහර විට ඔවුන්ගේ ඊළඟ පියවර කුමක් වෙයිද ඔබ කලබල වෙලා. ඒ වගේම දැන් පැය කිහිපයක් ඔබ වෙනුවෙන් ගත කරන්නත් ලැබිලා. ඒ ගැනත් ඔබේ සිත කලබලයි.

  1. දුක

පුංචි පුතා පළමු වතාවට ඉස්කෝලේ යනකොට ඔබේ ඇස් වල කඳුළු පිරෙන එක සාමාන්‍යයි. ඔබ වගේම පුතාටත් මේ අත්දැකීම වෙන්වීමක් හැටියට එක ලෙස හැඟෙනවා. සමහර විට මෙය ජීවිතයේ තවත් කොටසක් ලෙස ඔබ භාරගනිවී. ඒ වගේම ඔබේ ඇස් ඉදිරියේ ඉතා ඉක්මනින් ඔබේ දරුවා ලොකු වෙන හැටි බලාගන්න ඔබට පුළුවන්.

  1. බය

දරුවා ඔබේ අතින් මිදිලා පාසලට ගිය පළවෙනි දවසේ ඔහුට තනියක් දැනේවිද? හොඳ ආරක්ෂාවක් ලැබේවිද? අඬයිද? තනියම කෑම කයිද? ආදී නොයෙකුත් ප්‍රශ්න හිතට හැඟෙනවා. නමුත් ඔහු ඒ පරිසරයට පුරුදු වෙලා දැන් සතුටින් ඇති. එය ඔබ හිතන තරම් අමිහිරි අත්දැකීමක් වෙන්නේ නැහැ.  

  1. නොඉවසිල්ල

මේ බය සමගම ඔබට මේ වෙන්වීම ඉවසන්න අමාරුයි. දරුවා පාසලේ කොයි වගේ ඇතිද? කනවා ඇතිද? මම යවන කෑම එක හොඳ මදිද ? තවත් කෑම එකක් යවන්න වෙයිද? පුතාව අමතර ක්‍රියාකාරකම් වලට දැමිය යුතුද? ඇත්තටම මම නරක අම්මා කෙනෙක්ද ? නැහැ. ඇත්තටම නැහැ. මෙහෙම සිතෙන එක සාමාන්‍යයි. ඒ නිසා ඔබ හොඳ අම්මා කෙනෙක්.

  1. සහනයක්

ඔබ මේ තාක් ඉතා අනර්ඝ රාජකාරියක් ඔබේ දරුවා වෙනුවෙන් ඉටුකළා. තවදුරටත් එය ඉටු කරන්නට තිබුනත් දැන් දරුවාට ලෝකයේ තටු සලා පියාඹන්න ඉගෙන ගන්න අවස්ථාව දෙන්න. නමුත් සම්පුර්ණයෙන්ම ඔබට දරුවාගේ ඉගෙනීම වෙනුවෙන් මැදිහත් වෙන්න පුළුවන්. එය වගකීමක්. ඉතින් දරුවා පිටුපස ඉඳන් ඔහු සැබෑම දක්ෂයෙකු ලෙස ඉදිරියට යන්න උදවු දෙමින් පිටු පස සිට බලා ඉන්න.

අම්මලා දරුවන්ගේ ජීවිතයේ හැම මොහොතක්ම පිළිගන්නේ ආදරයෙන් සහ උනන්දුවෙන්. ඒ වගේම ඒ වෙනුවෙන් උපරිම හැකියාව යොදවන්න අම්මා පසුබට වෙන්නේ නැහැ. හැම අම්මා කෙනෙකුටම උපදින මේ හැඟීම් ගැන ඔබ උවමනාවට වඩා තැවෙන බව දන්නා නිසාම theAsianparent Sri Lanka මේ ලිපිය ලියන්නට සිතුවා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ