theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

පාසැල් යන මුල්ම දවස ඇවිත්! එය පැටියාට කලබලකාරී නොවන සුන්දර දවසක් කරමු!

3 අවම කියවීම
පාසැල් යන මුල්ම දවස ඇවිත්! එය පැටියාට කලබලකාරී නොවන සුන්දර දවසක් කරමු!පාසැල් යන මුල්ම දවස ඇවිත්! එය පැටියාට කලබලකාරී නොවන සුන්දර දවසක් කරමු!

පාසැල් යන මුල්ම දවස අභියෝගයක් සේ පෙනුනත්, දරුවා ඉක්මනින්ම අළුත් පරිසරයට හුරු වේවි. කලින් දා රාත්‍රියේ සියලුම දේ සූදානම් කර තබන්නට දරුවා හුරු කරන්න.

පුංචි පුතා මගෙ පෙර පාසැල් යන මුල්ම දවස අද වේ! මුල්ම දවස අද වේ! අප බොහෝ දෙනෙක් අතීතයට ගෙන යන මිහිරි ගී කොටස ඔබටත් ගයන්නට දවස ඇවිත් නේද?

කාලය ගෙවී ගිහින් තියෙන ඉක්මන! කිරිකැටියා උපන්නේ ඊයේ පෙරේදා වගෙයි.

ඇඟට නොදැනිම ඉසිස්සෙල්ලාම පාසැල් යන මුල්ම දවස ඇවිත්...  දන්නෙම නැතිව නිවාඩු කාලෙත් ඉවර වෙලා නේද?

පළමු වසරට ළමුන් ඇතුළත් කිරීම

සතුට මුසු වූ නොසන්සුන් බවක්

මේ දවසට දරුවන් මෙන්ම දෙමාපියන්ද සූදානම් වන්නේ සතුට මුසු වූ නොසන්සුන්  බවකින්.

විශේෂයෙන්ම පාසැල් යන මුල්ම දිනය උදාවී තියෙන්නේ ඔබේ පළමු දරුවාට වෙන්නට ඇති. එසේ නම් එම අත්දැකීම ඔබ කලින් ඇත නොදුටු අලුත් එකක්.

මෙය ඔබේ ජිවන රටාවේ ඇති කරන වෙනස නිසාත්, දෛනික රටාවට එකතු වන අලුත් වගකීම් රැසත් නිසාත් ඔබ නොසන්සුන් වන්නට පුළුවන්.

අනෙක් අතට දරුවාද මෙම චර්යාවේ වෙනස  අත්දකිනවා. මුලින් පාසැල් යන මුල්ම දවස එන තුරු ඉස්පාසුවක් නැතිව සිටියත් පාසලට ගිය විට දෙමාපියන්ගෙන් වෙන් වීම බොහෝ දරුවන්ට දරාගත නොහැකි අත්දැකීමක් වනවා.

දරුවා පාසලට ඇරලවා විත් දරුවා එන තුරු නොකා නොබී සිත් තැවුලින් සිටින අම්මිලාද එමටයි!

පාසැල් යන මුල්ම දවස සඳහා ඔබට සුදානම් විය හැකි ආකාර 10ක්

2018 පළමු වසර අයදුම් පත්‍රය

පාසැල් යන මුල්ම දවස එළඹෙන්නට කලින්

1. සැලසුම්සහගත වීම:

ඕනෑම දෙයක් හොඳින් සැලසුම් කිරීම නොහොත් සැලසුම්සහගත බව කෙතරම් වටිනා ගුණාංගයක්දැයි කියන්නට වචන නැත.

ඔබේ දරුවාගේ පාසැල් යන මුල්ම දවස එළඹෙන්නට මත්තෙන් එදිනට අවශ්‍ය සෑම දෙයක්ම සුදානම් කර තැබීමට වග බලා ගන්න.

පුංචි තීරණ ගැනීම් පවා කලින්ම කරන්න. එනම් දරුවා ගෙන යන කෑම පෙට්ටිය, වතුර බෝතල් වැනි සුළු දේවල් පවා කල් තියා තීරණය කොට, මිලදී ගෙන තබන්න.

2. දරුවා සමඟ පාසැල් ජීවිතය ගැන කල් තියා කතාබහ කරන්න.

ඔහුට/ඇයට  එම පරිසරය ගැන අවබෝධයක් ලබා දෙන්න. මෙය දරුවාට කදිම පෙර සුදානමක්.

3. දරුවාගේ පාසැලට දරුවාව මදක් හුරු කරන්න.

දරුවා සමඟ පාසැල වටා මෙන්ම පාසැල තුලත් පුංචි සවාරියක් කල හැකි නම් අගෙයි. දරුවාට පාසලේ වට පිටාව පෙන්වා ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න.

පාසැල් යන මුල්ම දවස

පාසැල් යන මුල්ම දවසේදී

4. පෙර සූදානම:

පෙර දින රාත්‍රියේදී දරුවාගේ ඇඳුම්, කළමනා සියල්ල මැනවින් සකසුරුවම් කර තබන්න.

එදිනට පිළියෙළ කරන අහාරපාන (හැකි නම් වේල් තුනටම පවුලේ සැමට සකසන අහාර පවා) කලින් දා සැලසුම් කරගන්න.

පොඩ්ඩාව පෙර පාසැල් යැවීමට පෙර සුදානමක් ලිපිය පෙර සූදානම ගැන තව දුරටත් කතා කරයි.

පාසැල් යන මුල්ම දවස දී දරුවාගේ පාසැල් මල්ලේ තිබිය යුතු දේවල්

ඉස්කෝලේ යන මුල්ම දවස

දරුවා වෙනදාට වඩා අවම වශයෙන් පැයක් හෝ කලින් නින්දට යවන්න.

කල් වෙලා ඇතිව දරුවා ලැහැස්ති කරගන්න. නිවසින් පිටත් වන්නට සුදානම් කල වෙලාවට වඩා පැය බාගයක් කලින් ඔබත් දරුවාත් නිවසින් පිටත් වීමට ලැහැස්ති වන්න.

මෙය ඔබ සැමටම විශාල මානසික නිදහසක් දෙනවා ඇති. කලබලයකින් තොරව ඔබ අදහන දෙවියන් යදින්නටත්, මුල් දවසේ ඡායාරූප කිහිපයක් ගන්නටත් ඔබට මේ නිසා කල් වෙලා ලැබෙනවා.

5. වෙන්වීම කාංසාව (separation anxiety)

දරුවා ඔබෙන් ඈත් වී කල් ගත කරන මුල්ම දවස මෙය විය හැකියි. පාසැල් යන මුල් සතියේ දරුවට මෙම කාංසාව තදබල ලෙස දැනෙන්නට පුළුවන්.

මෙහිදී ඔබත් හඬා දුක් වීමෙන් දරුවාට අලුත් පරිසරයට හුරු වීම තවත් අපහසු වනවා.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

මේ නිසා පාසැල් ගුරුවරුන් දෙන උපදෙස් අනුගමනය කිරීමෙන්, දරුවාට අලුත් පරිසරයට හුරු කරන්න ශක්තිමත්ව උදව් කරන්න.

6. පාසැල අරුණු විට දරුවාව වෙලාවට පාසැලෙන් ගන්න  

වෙලාවට දරුවා පාසලෙන් ගැනීමට පුරුදු වන්න. මෙය කාටත් පහසු වන අතර යම් හෙයකින් ඔබ පමා වුවහොත් දරුවා එය සාමාන්‍ය දෙයක් නොවන බවට තේරුම් ගනු ඇත. නියමිත් වෙලාවට ඔබ නාවොත් දරුවා ගත යුතු ක්‍රියා මාර්ග ගැන පවසා තබන්න.

ඔබේ දුරකථන අංකය දරුවාගේ පොත් බාගයේ නිශ්චිත තැනක තබන්න.

දරුවා ඉක්මනින්ම අළුත් පරිසරයට හුරු වන අතර දරුවාට අලුත් මිතුරන් හඳුනා ගන්නට උනන්දු කරවන්න.

කලින් දා රාත්‍රියේ සියලුම දේ සූදානම් කර තැබීමේ පුරුද්ද මුල සිටම දරුවාට දෙන්න.

දරුවා නිශ්චිත වෙලාවට නින්දට යැවීමත් ඇති තරම් කල් වේලා තියා අවදි වන වේලාවක් ස්ථාපිත කිරීමෙන් උදෑසන කලබලයකින් තොරව පාසැල් ගමන ඔබටත්, දරුවාටත්, සන්සුන් මෙන්ම ප්‍රසන්න එකක් කරගන්නට පුළුවන්.

 

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • අධ්‍යාපනය
  • /
  • පාසැල් යන මුල්ම දවස ඇවිත්! එය පැටියාට කලබලකාරී නොවන සුන්දර දවසක් කරමු!
බෙදාගන්න :
  • ඔබේ කුළුඳුල් දරුවා පාසල් යන්නට ආරම්භ කළපසු ඔබට දැනෙන හැඟීම් 5 ක්

    ඔබේ කුළුඳුල් දරුවා පාසල් යන්නට ආරම්භ කළපසු ඔබට දැනෙන හැඟීම් 5 ක්

  • ඔබේ පුංචි පැටියාට නිතර සිදුවෙන අනතුරු වලට ප්‍රථමාධාර මෙන්න

    ඔබේ පුංචි පැටියාට නිතර සිදුවෙන අනතුරු වලට ප්‍රථමාධාර මෙන්න

  • ඔබේ කුළුඳුල් දරුවා පාසල් යන්නට ආරම්භ කළපසු ඔබට දැනෙන හැඟීම් 5 ක්

    ඔබේ කුළුඳුල් දරුවා පාසල් යන්නට ආරම්භ කළපසු ඔබට දැනෙන හැඟීම් 5 ක්

  • ඔබේ පුංචි පැටියාට නිතර සිදුවෙන අනතුරු වලට ප්‍රථමාධාර මෙන්න

    ඔබේ පුංචි පැටියාට නිතර සිදුවෙන අනතුරු වලට ප්‍රථමාධාර මෙන්න

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it