theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

රජයේ සියලු පාසල්වල පළමු වාර විභාගය නොපැවැත්වීමට තීරණයක්

5 අවම කියවීම
රජයේ සියලු පාසල්වල පළමු වාර විභාගය නොපැවැත්වීමට තීරණයක්රජයේ සියලු පාසල්වල පළමු වාර විභාගය නොපැවැත්වීමට තීරණයක්

පළමු වාර විභාගය අවලංගු කිරීමට තීරණයක්.

රජයේ සියලු පාසල්වල පළමු වාර විභාගය 2021 වසර සිට නොපැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර  ඇති බව එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.

එයට හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ පළමු වාරය තුල පාසැල් තුල ක්‍රියාත්මක කෙරෙන විෂය බාහිර ක්‍රියාකාරකම්ය.

මෙම පළමු වාරය තුල දරුවන් මෙන්ම ගුරුවරුද  ක්‍රිඩා උත්සව හා විවිධ විෂය බාහිර ක්‍රියාකාරකම් එක්ක කාර්ය බහුල  වෙද්දි වාර විභාගයට ලකුණු මදි වේවි යැයි බියෙන් සමහර සිසුන් මෙම බාහිර ක්‍රියාකාරකම් තුලින් පැන යනවා.

ඒ විතරක් නොවෙයි සමහර දෙමව්පියන් පවා දරුවන් බාහිර ක්‍රියාකාරකම් වලින් මුදවා ගන්න උත්සහ කරනවා.

මේ සියලු කරුණු සලකා බලා අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරි කාලය තුලදි පළමු වාර විභාගය අවලංගු කිරීමේ තීරණයක් අරගන්න බලාපොරොත්තු වෙනවාලු.

අධ්‍යාපන අමාත්‍යාංශය මෙවන් නිවේදනයක් නිකුත් කලද මේ ලිපිය සකස් වෙන විටත් එම පළමු වාර විභාග අවලංගු කිරීමක් කර නැහැ. 

පළමු වාර විභාගය අත්‍යවශ්‍යද?

රජයේ සියලු පාසල්වල පළමු වාර විභාගය නොපැවැත්වීමට තීරණයක්

අධ්‍යාපන අමාත්‍යාංශය පැත්තෙන් ඇහෙන මේ වගේ ආරංචි එක්ක පාසැල් යන දරුවන් දෙදෙනෙකුගේ මවක් විදියට මේ ගැන මගේ ‌පෞද්ගලික අදහසත් මට සටහන් කරන්න හිතුනා.

දෙමව්පියෙක් විදියට මම පාසැල් අධ්‍යාපනය ගැන උනන්දු වුනේ මගේ පුංචි දුව පාසැල් යවන්න සුදානම් වෙද්දියි.

අපි දුවට හෙව්වේ හොදට උගන්වන පාසැලක්. ඒ වගේම දුව පාසැලට පා තබන්නත් කලින් දුවගේ ශිෂ්‍යත්ව විභාගයේ ඉදන් උපාධිය දක්වා ගමන් මග අපි හිතුවා.

ඇත්තටම දුව පාසැල් ගිය මුල්ම දවස මට මතකයි.

පාසැල් අධ්‍යාපනය ගැන ‌දෙමව්පියෙක් විදියට මගේ අදහස ‌වෙනස් වුන මුල්ම දවස ඒක තමයි.

දරුවා පාසැලට භාර දීලා අපි හිටියේ ආරම්භක දේශනයකට සහභාගී වෙමිනුයි. 

“ ඔබේ දරුවා අකුරු උගන්වන්න විතරක් මේ පාසැලට අරගෙන ආවානම් අන්න ගේට්ටුව දැන්මම දරුවා අස්කර ගෙන යන්න. ඔබට තවම කල් තියෙනවා”

දේශකයා එහෙම කියද්දි මම පුදුමයට පත් වෙලා බලාගෙන හිටියා.

ඊලගට දේශකයා කිව්වේ හරි අපූරු කතාවක්.

“ ඔබට ඔබේ දරුවාට පාසැල තුල අකුරු විතරක් උගන්වන්න අවශ්‍ය වුනාට අපි මේ පාසැල තුල මනුශ්‍යත්වයෙන් යුතු මිනිසෙකු ප්‍රතිනිර්මාණය කරනවා.

අපි දරුවාට අකුරු පමණක් උගන්වන්නේ නැහැ. ඔබේ දරුවා අපි ශාරිරිකව ගොඩ නගනවා. ඔහු ඇය ක්‍රිඩා කල යුතුයි.

ඔබේ දරුවා අපි විසින් විනයානුකූලව ගොඩනගනවා. ඔහු හෝ ඇය විනයගරුක විය යුතුයි.

අපි ඔබේ දරුවා තුල මනුෂ්‍යත්වය ගොඩ නගනවා. ඔහු හෝ ඇය මානව දයාවෙන් යුක්ත විය යුතුයි.

අපි ඔබේ දරුවාට හොදට අධ්‍යාපනයක් ලබා දෙනවා. ඔහු හෝ ඇය හොදින් විෂයානුකූලව උගත යුතුයි.

ඔබ බලාගෙන ඉන්නේ දවසක අර ගේට්ටුවෙන් උගතෙකු පිට වෙනු දැකීම නේද?

ඒත් අපි බලාපොරොත්තු වෙන්නේ ඒ ගේට්ටුවෙන් බුද්ධිමත් ප්‍රයෝගීක මනුෂ්‍යයෙක් පිට කරන්නයි.”

දේශකයා එහෙම කියද්දි මම මුලින් හිතපු පටු විදිය ගැන මටම කණගාටු හිතුනා. මම කල්පනා කලේ එකම දෙයයි.

” ඇත්තටම මට අවශ්‍ය මගේ දුව අකුරු ඉගනීම පමණක්ද?”

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

මගේ මේ පෞද්ගලික අත්දැකීමත් එක්ක අන්තිමට ඉතුරු වුන ප්‍රශ්නය එක්ක මම ඔබේ ජිවිතයට සම්බන්ධ වෙනවා. මම ඒ ප්‍රශ්නයම ඔබෙන් අහනවා.

” ඇත්තටම ඔබට අවශ්‍ය ඔබේ දරුවාට අකුරු ඉගැන්වීම පමණක්ද?”

රජයේ සියලු පාසල්වල පළමු වාර විභාගය නොපැවැත්වීමට තීරණයක්

උත්තරය ඔව් නම් ඔබ දරුවාට අහිමි වෙන වාර විභාග ගැන කණගාටු වේවි.

වාර විභාග යනු දරුවා එම වාරය තුල උගත් දේ කොතරම් දුරට ධාරණය කර ගත්තාද යන්න මැන බැලීමට හැකි මිම්මකි.

එම විභාග නොපැවැත්වීමෙන් ගුරුවරයාට, ඔබට මෙන්ම දරුවාටද ඒ ගැන අදහසක් ගන්න බැහැ.

දරුවා උගත් දේ තුල ඉන්නේ කොතැනද යන්න වාර විභාග මගින් පෙන්වා දෙනවා. ඔව් ඔබේ අරමුණ අනුව ඔබ සාධාරණයි.

නමුත්,

ඔබත් මම මෙන් උත්තරය නැහැ කියන දෙමව්පියෙක් නම් පළමු වාර පරීක්ෂණය අවලංගු කිරීම ගැන කණගාටු නොවේවි.

මම මෙහෙම කියන්නේ සාධාරණ හේතු කිහිපයක් එක්කයි.

විෂය බාහිර ක්‍රියාකාරකම් අභිබවා යන පළමු වාර පරීක්ෂණය

පළමු වාරය තුල දරුවා පන්තියට අලුත්. අලුත් විෂය නිර්දේශයක්, අලුත් පොත් පත්, සමහර විට අලුත් ගුරුවරයෙක් , අලුත් යාළුවෝ. 

දරුවා අලුත් පන්තියට ආ විටම එකදිගටම පාඩම් උගන්වා විභාගයක් පැවැත් වුවහොත් දරුවාට පාසැල් දිවිය කොතරම් නීරස වෙයිද? 

දරුවා මේ අලුත් පරිසරයට සුදානම් කරන්න. අලුත් සම්බන්ධතා ස්ථාවර කරන්න වගේම වසරක් පුරා විෂය නිර්දේශය හා විභාග එක්ක යන්න තියෙන ලොකු ගමනක් නැවුම් හැගීමක් එක්ක ආරම්භ කරන්න පළමු වාරයේ තියෙන විෂය බාහිර ක්‍රියාකාරකම් වලට පුළුවන්.

මේ කතා කරන්නේ පාසැල් ක්‍රිඩා උත්සවය ගැනම පමණක් නොවෙයි, පළමු වාරයේ යන විනෝද චාරිකාව හෝ විවිධ විෂයන්ට අදාල දින සදහා වු උත්සව වෙන්න පුළුවන්.

ඔබේ දරුවා මේ දේවල් වලට සම්බන්ධ කරන්න නම් ඔබත් දරුවාත් මනසින් ඒ සදහා එකග විය යුතුයි.

මේ සදහා තියෙන එක් බාධකයක් විදියට පළමු වාර පරීක්ෂණය මම දකිනවා.

දෙමව්පියන් දරුවන්ව වීෂය බාහිර ක්‍රියාකාරකම් වලට එකතු කරන්න බයයි.

හේතුව පළමු වාර පරීක්ෂණයට ලකුණු අඩු වෙයි කියලා ඇති බයයි. දරුවා තුලත් එවන් හැගීමක් ඇතිවෙනවා.

ඒ විතරක් නෙමෙයි ගුරුවරු කියන්නේ අනෙක් පීඩාවට පත්වෙන කොටසයි.

මේ විෂය බාහිර ක්‍රියාකාරකම් එක්ක විභාගයට කලින්  ඔවුන් ‌මේ විෂය නිර්දේශය ආවරණය කරන්න අවශ්‍ය වෙනවා.

ඒ විතරක් නෙමෙයි දරුවන් විභාගයට සුදානම් කරන්න අවශ්‍ය වෙනවා. අවසානයේදි සියල්ලන්ම පීඩනයෙන් යුතුව පළමු වාරය ගෙවා දමනවා.

ඒ නිසා පළමු වාර විභාගය අවලංගු කිරීම ඔබේත් මගේත් දරුවාගේ ප්‍රයෝගික ඉදිරි ගමනට අත්වැලක් කියලා මට හිතෙනවා.

දරුවාව විභාග භිතියෙන් තොරව සැහැල්ලුවෙන් විෂය බාහිර ක්‍රියාකාරකම් වල යොදවන්න අපිට පුළුවන්.

රජයේ සියලු පාසල්වල පළමු වාර විභාගය නොපැවැත්වීමට තීරණයක්

දරුවාටත් වැඩි පීඩනයක් නැති නිසා සැහැල්ලුවක් දැනේවි.

ඒ වගේම ඉදිරි දෙවන හා තෙවන වාර විභාග සදහා දරුවා සුදානම් කරන්න අපිට කාලයත් තියෙනවා.

මගේ දරුවාට උගන්වන්න ආසා නැහැ. දරුවා විභාග ජය ගන්නවාට කැමති නැහැ කියලා මම කියන්නේ නැහැ. ඒක තමයි මගේ එකම හීනය . ඒත් මට අවශ්‍ය ප්‍රයෝගික උගත් දරු‌වෙක් ‌ගොඩනගන්නයි.

ඒ නිසා පළමු වාර විභාගයෙන් මගේ දරුවා නිදහස් වන්නේ නම් එය භාග්‍යයක් විදියට මම දකිනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය මේ සම්බන්ධව නිවේදනය කර ඇතත් ඉදිරියේදි එය කොයි ආකාරයට වෙනස් වේවිදැයි අපිට තවම කියන්න බැහැ. එමනිසා එය ක්‍රියාත්මක වෙන තුරු බලා සිටිමු.

පළමු වාර විභාගය සම්බන්ධව ඔබගේ අදහස් මොනවාද? එය ඔබේ දරුවාට අවශ්‍යමයි හිතනවාද? ඔබේ අදහස් අනිවාර්යයෙන්ම අපිත් එක්ක බෙදා ගන්න.

මුලාශ්‍ර -  www.citizen.lk

Featured image: Ada Derana

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • අධ්‍යාපනය
  • /
  • රජයේ සියලු පාසල්වල පළමු වාර විභාගය නොපැවැත්වීමට තීරණයක්
බෙදාගන්න :
  • ලංකාවේ ඉංග්‍රීසි අධ්‍යාපනය ගැන ඉංග්‍රීසි teacher කෙනෙකුගේ අදහස්

    ලංකාවේ ඉංග්‍රීසි අධ්‍යාපනය ගැන ඉංග්‍රීසි teacher කෙනෙකුගේ අදහස්

  • ශ්‍රී ලාංකික  දරුවන්ට ලිංගික අධ්‍යාපනය එපාද?

    ශ්‍රී ලාංකික  දරුවන්ට ලිංගික අධ්‍යාපනය එපාද?

  • විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

    විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

  • ලංකාවේ ඉංග්‍රීසි අධ්‍යාපනය ගැන ඉංග්‍රීසි teacher කෙනෙකුගේ අදහස්

    ලංකාවේ ඉංග්‍රීසි අධ්‍යාපනය ගැන ඉංග්‍රීසි teacher කෙනෙකුගේ අදහස්

  • ශ්‍රී ලාංකික  දරුවන්ට ලිංගික අධ්‍යාපනය එපාද?

    ශ්‍රී ලාංකික  දරුවන්ට ලිංගික අධ්‍යාපනය එපාද?

  • විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

    විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it