theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවාගේ පළමු අවුරුද්ද ගතකරන කාලය තුළ ඔබ නොකළ යුතු දේවල්

3 අවම කියවීම
දරුවාගේ පළමු අවුරුද්ද ගතකරන කාලය තුළ ඔබ නොකළ යුතු දේවල්දරුවාගේ පළමු අවුරුද්ද ගතකරන කාලය තුළ ඔබ නොකළ යුතු දේවල්

මේ ලිපියෙන් ඔබට කියන්නේ දරුවා වෙනුවෙන් ඔබ නොකළ යුතු වැදගත් කාරණා කිහිපයක් ගැනයි.

දරුවාට ඇති ආදරය නිසා අලුත් අම්මා කෙනෙක් සමහර දේවල් නොසිතා කරනවා වෙන්න පුළුවන්. ඒ වගේම අනෙක් අයගෙනුත් හුඟක් අවවාද උපදෙස් ලැබෙනවා. මේ ලිපියෙන් ඔබට කියන්නේ දරුවාගේ පළමු අවුරුද්ද තුළ ඔබ නොකළ යුතු වැදගත් කාරණා කිහිපයක් ගැනයි.

 

1. නිදියන කාලය හා පිළිවෙල අපේක්ෂා කිරීම

රැය පුරාම පුංචි පැටියා නිදියනවා නම් අම්මා කෙනෙකුට එය සිහිනයක් සැබෑවීමක් වගෙයි. නමුත් හැම විටම එය එසේ සිදුවන්නේ නැහැ. ප්‍රවිණයන් පවසන්නේ 50% කට වඩා අවුරුදු 2 ක් දක්වා දරුවන් තවමත් රෑ අතර මැද ඇහැරෙන නිසා බිළිඳුන් රැය පුරා නිදා ගැනීම අපේක්ෂා කරන්න බැහැ කියලයි.

2. වෝකර් එකක් පාවිච්චි කිරීම

වෝකර් එකක් නිසා බබාට ඉක්මනින් ඇවිදින්න පුළුවන් වෙයි කියලා අම්මලා හිතන්න එපා. ඉන් දරුවාට ඊටත් වඩා හානි සිදුවෙන්න පුළුවන්. මේ නිසා දරුවා ලිස්සා වැටීම, පැටලීම වැනි දේවල් වෙන්න පුළුවන් නිසා දරුවා ඇවිඳීමට සූදානම් වනතුරු ඉවසා සිටින්න.

දරුවාගේ පළමු අවුරුද්ද

 

3. උණ ගතිය මගහැරීම

තද උණ ගතියක් නැතිනම් ටිකක් ලොකු දරුවන්ට උණ හැදුනහම අම්මලා ගෙදරදීම ප්‍රතිකාර කරනවා. නමුත් අලුත උපන් කුඩා දරුවෙකුට එය නොකළ යුතුයි. මද රස්නයක් වුනත් ඇත්නම් බිළිඳෙකුට වෛද්‍ය උපදෙස් ලබාගැනීම වැදගත්.

දරුවාගේ පළමු අවුරුද්ද

4. නිවැරදි ලෙස car seat එක සකස් නොකිරීම

නිසි ආකාරයට කාර් සීට් එක සවි කිරීමට නොදන්නවා නම් ඒ ගැන නිෂ්පාදන ආයතනයෙන් හෝ දන්නා අයෙකුගෙන් උපදෙස් ලබාගන්න. අනතුරකදී නිසි ලෙස කාර් සීට් එක සවි නොකිරීම නිසා විශාල හානි ඇතිවෙන්න පුළුවන්.

5. තොටිල්ල තුළ උවමනාවට වඩා ඇතිරිලි තැබීම

තොටිල්ල තුළ ලස්සන ඇතිරිලි, සුරතල් සතුන්ගේ සෙල්ලම් බඩු ආදිය තැබූ විට හරිම විසිතුරුයි. නමුත් ප්‍රවීණයන්ට අනුව මෙලෙස උවමනාවට වඩා කොට්ට මෙට්ට තොටිල්ල තුළ තැන්පත් කිරීමෙන් ළදරු ක්ෂණික මරණ (SIDS) ඇතිවීමට ඉඩ ඇති බව පැවසෙනවා. දරුවාට අවුරුද්දක් පමණ ගතවන තුරු හැකි පමණ පොරවන හා කොට්ට භාවිතය අඩුකර නින්දට සුදුසු ඇඳුම් අන්දවා නිදිකරන්න.

 

6. අම්මගේ ආදරබර බව ඇති නොවීම

අලුත් අම්මා කෙනෙකුගේ පළමු කාලය කුතුහලයෙන් පිරෙනවා. නමුත් දරුවා ඉපදෙන මොහොතේ සිට ඔබට ඒ ගැන හැඟීමක් දැනෙන්නේ නැතිනම් ඒ පිළිබඳව වෛද්‍ය උපදෙස් ලබාගන්න යුහුසුළු වෙන්න.

දරුවාගේ පළමු අවුරුද්ද

7. දරුවාගේ කතාවට උවමනාවට වඩා කලබල වීම

හුඟක් අම්මලා දරුවාගේ පළමු අවුරුද්ද තුළ දරුවා කතා නොකරන එක ගැන කලබල වෙනවා. මගේ බබාටත් එහෙම වුණා. මගේ නැන්දා කෙනෙක් හැම දවසකම අහනවා දැන් බබා කතා කරනවද කියලා. ඇවිදීම වගේම කතාවත් දරුවා එයට සුදානම් වූ විට සිදුවෙන බව ඔබේ තේරුම් ගැනීම වැදගත්.

8. වමනය හඳුනා ගැනීම

දරුවා කෙළ දැමීම හා වමනය අතර වෙනසක් තියෙනවා. දරුවෙක් ආසාදනයක් නිසා වමනය දමනවා නම් එය සෑම මිනිත්තු 30-40 දක්වා කලයක් තුළ සිදු නොවන්න පුළුවන්. සමහර විට කෑම ගැනීම ආරම්භයේත් කෙළ පිට කිරීම සිදුවෙන්න පුළුවන්. 

9. දන්ත සෞක්‍ය ගැන සැලකිළිමත් නොවීම

දරුවට දත් නැති නිසා දත් ගැන දැන්මම කරදර නොවිය යුතු යැයි සිතන්න එපා. දරුවන්ගේ විදුරුමස් දිව තෙත ගෝස් කෑල්ලකින් පිරිසිදු කරන්න. දත් මෝදුවන විට සුදුසු දන්තාලේපයකින් පිරිසිදු කරන්න.

10. හැකිතරම් තොරතුරු සෙවීම

තමන් ඇසූ දෙය හා දන්නා දෙය ගැන හරි තොරතුරු දැන ගැනීමට අන්තර්ජාලයේ උදවු ලබාගන්න. ටික කාලයකින් ඔබට හොඳ දැනුමක් ලබාගන්න පුළුවන්.

දරුවන්ට ආදරය නිසාම අපිට අත්වැරදි වෙන්න පුළුවන්. ඒ වෙනුවෙන් theAsianparent Sri Lanka මේ ලිපිය සකස් කළා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

 

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • වර්ධනය
  • /
  • දරුවාගේ පළමු අවුරුද්ද ගතකරන කාලය තුළ ඔබ නොකළ යුතු දේවල්
බෙදාගන්න :
  • ඔබේ පුංචි පැටියාට අවුරුද්දක් සම්පුර්ණ වීමට පෙර කලයුතු දේවල් 6ක්

    ඔබේ පුංචි පැටියාට අවුරුද්දක් සම්පුර්ණ වීමට පෙර කලයුතු දේවල් 6ක්

  • දසමාසයක් වු අපූරු චාරිකාව

    දසමාසයක් වු අපූරු චාරිකාව

  • ඔබේ පුංචි පැටියාට අවුරුද්දක් සම්පුර්ණ වීමට පෙර කලයුතු දේවල් 6ක්

    ඔබේ පුංචි පැටියාට අවුරුද්දක් සම්පුර්ණ වීමට පෙර කලයුතු දේවල් 6ක්

  • දසමාසයක් වු අපූරු චාරිකාව

    දසමාසයක් වු අපූරු චාරිකාව

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it