රසම රස මාළු පාන් ගෙදරදීම හදාගන්න

රසම රස මාළු පාන් ගෙදරදීම හදාගන්න

පවුලේ සැමට රස විඳිය හැකි රසම රස මාළු පාන් රෙසිපි එකක්

මාළු පාන් අපිත් කන්නේ කඩ‌ෙන්ම තමා. නමුත් ඉතින් මෙච්චර පහසුවෙන් මාළු පාන් හදන්න පුළුවන් කියා අපි දැන හිටියේ නැහැනේ.

ඉතින් ඔන්න අද ඉඳන් දරුවෝ එක්ක එකතු වෙලා හදාගන්න කදිම රෙසිපි එකක් තමයි මේ. හදල අපටත් කියල එවන්න ගෙදර අයගේ ප්‍රතිචාර ගැන.

මාළු පාන් සදහා රසවත් රෙසපියක්

අවශ්‍ය ද්‍රව්‍ය 
 
  • පිටි 500g
  • උණු කර නිවාගත් වතුර කෝප්ප 1 1/2
  • වියළි ඊස්ට් 7g
  • සීනි මේස ටිකක්
  • පාන් පිටි කෝප්ප 4
  • ලුණු තේ හැඳි 1

උණු කර නිවාගත් වතුර ටිකකට  සීනි දිය කරල ඒකට වියළි ඊස්ට්  දාන්න. දැන් හොඳට දිය කරල විනාඩි 10ක් විතර වහල තියන්න ඊස්ට් ඇක්ටිව් වෙද්දී පෙණ නඟිනවා.

දැන් පිටි 500 g වලට ලුණු තේ හැඳි 1 හා ඊස්ට් දාලා පිටි මිශ්‍රණය අනන්න. එහිදි වරින් වර උණුකර නිවාගත් වතුර යොදන්න.
 
පිටි මෝලීය මෘදු වෙනතුරු  අතින් නම් විනාඩි 10 ක් විතර Stand mixture නං විනාඩි 5ක් විතර මිශ්‍ර කරන්න.
 
භාජනයකට පිටි ගාල අනපු මෝලීය එයට දාලා  ආවරණය  කරලා උණුසුම් ස්ථානයක තබන්න.

පිරවුම

  • පොඩි කර ගත් සැමන් ටින් 2
  • තම්බා පොඩි කරගත් අල 500g
  • ලූණු ගෙඩි 4 
  • අමුමිරිස් 
  • ගම්බිරිස් 
  • ලුණු 
  • මිරිස් කුඩු
  • තුනපහ
එළවළු තෙල් පෑන් එකට දාලා රත්වෙන විට ලියා ගත් ලූණු ටික එකතු කරන්න එය රන්වන් පාට වෙනතුරු බැදෙන්න අරින්න. 
 
ලුණු ,ගම්මිරිස් ,අමුමිරිස් එකතු කර විනාඩි 1ක් බැදෙන්නා අරින්න.
 
දැන් සැමන් ටික අවශ්‍ය නම් මිරිස් හා තුනපහ එකතු කර තව  විනාඩි 1ක් බැදෙන්නා අරින්න.
දැන් අල එකතු කර මිශ්‍ර කර නිවෙන්න තව විනාඩි 15 ක් තියන්න.
 
පිරිසිදු මතුපිටක් උඩට පිටි ටිකක් ඉහල මෝලීය ඒකට දාලා හොදින් අනාගන්න. ඉන්පසු සමාන කොටස් වලට කඩා ගන්න.
 
ඒවා තුනී කර පිරවුම දාලා  ත්‍රිකෝණ හැඩයට නවන්න. අතින් තව හැඩය ලස්සන කරල ගන්න.
මදවේලාවක් තබන්න. ඊට පස්සේ බිත්තර සාරු ගාන්න.
 
180 C අවන් එකක විනාඩි 15 ක් පුළුස්සා කරන්න.
 
දැන් අවන් එක‌ෙන් අරන් නිව‌ෙන්න තබා ප‌ොඩ්ඩත් එක්ක රස විදින්න. හවසට හැද‌ෙන ප‌ොඩ්ඩාගේ ප‌ොඩි බඩගින්නට කදිමයි.

මේ රසවත් වීඩියෝව TheCulinarycorner පිටුවෙන් උපුටා ගත්තකි.

 

Written by

Niloufer Perera