මාළු වල රසදිය සහ ගර්භණී භාවය අතර සම්බන්ධය ගැන ඔබ දත යුතු දේ

මාළු වල රසදිය සහ ගර්භණී භාවය අතර සම්බන්ධය ගැන ඔබ දත යුතු දේ

රසදිය ශරීරගත් වීමෙන් ඇති වන බලපෑම් මෙන්ම මාළු සහිත රසදිය ආහාරයට ගැනීමෙන් ගැබිනි මවට හා දරුවාට ඇතිවන බලපෑම් ගැන මනා දැනුවත් කිරීමක්

රසදිය කියන්නේ ලෝහයක්. ඉතින් මොකද්ද මේ ගර්භනී භාවය හා රසදිය සහිත මාළු අතර සම්බන්ධය? ගැබිනි මවක් වැඩි රසදිය ප්‍රමාණයකට නිරාවරණය වීම මවටත්, දරුවාටත් ගැටළු රැසක් මතු කරන්නට පුළුවන්.

රසදිය යනු, කෙනෙකුගේ පෙනහළු, වකුගඩු සහ ස්නායු පද්ධතිය (මොළය, කොඳු ඇට පෙළ සහ ස්නායු ඇතුළු) ඇතුළු බොහෝ ශරීර කොටස් වලට හානි කළ හැකි අමුද්‍රව්‍යයක්. එය ශ්‍රවණ හා පෙනීමේ ගැටළු ද ඇති කළ හැකියි. හානියේ බරපතල කම කොපමණක්ද යන්න රඳා පවතින්නේ කොපමණ ප්‍රමාණයක් රසදියට නිරාවරණය වන්නේද යන්න මතය. ගර්භාෂයේදී රසදියට නිරාවරණය වන ළදරුවන්ට මොළයට හානි පැමිණිවිය හැකි අතර ශ්‍රවණ හා පෙනීමේ ගැටළුද ඇති වන්නට පුළුවන්.

ගැබිනි මවක් රසදිය වලට නිරාවරණය වන්නේ කොහොමද?

රසදිය ආකාර කිහිපයකින් සමන්විත වනවා:

එය අවර්ණ, ගඳ සුවඳ නැති, විෂ සහිත වාෂ්පයක් විය හැකිය. මෙය බිමට හැලුනු විට හෝ එය අඩංගු බඳුනක් බිඳුනු විට වාතයට කාන්දු විය හැකියි. විදුලි බලාගාරවල අපද්‍රව්‍ය දහනය කිරීමේදී හෝ ගල් අඟුරු දහනය කිරීම වැනි කාර්මික ක්‍රියාවලීන්ද රසදිය වැඩි වැඩියෙන් වාතයට මුදා හැරෙනවා.

එය වාතයේ සිට නැවත පොළොවට වැටී සාගර, විල්, ගංගා සහ ඇළ දොළ වලට ව්‍යාප්ත වන්නට පුළුවන්. මත්ස්‍යයින්, ඔවුන් ජීවත් වන වතුරෙන් රසදිය ලබා ගන්නවා. එමෙන්ම රසදිය සහිත වතුරේ ජීවත් වන වෙනත් මසුන් ආහාරයට ගැනීමෙන්ද එම මත්ස්‍යයින්ගේ ශරීර වල රසදිය ශරීරගත වනවා.

රසදිය වනාහි දිලිසෙන, රිදී පැහැති ද්‍රව්‍යයක් වන අතර ඒවා දන්ත පිරවුම්, උණ උෂ්ණත්වමාන සහ වෙනත් නිෂ්පාදන සෑදීම සඳහා භාවිතා කරනු ලබනවා.

රසදිය ඔබේ සිරුරට සම්ප්‍රේෂණය විය හැකි ආකාර මොනවාද?

  • ඔබේ සම - එය ස්පර්ශ කිරීම මගින්
  • වාතය - එය ආශ්වාස කිරීමෙන්
  • රසදිය මිශ්‍ර වූ ආහාර හෝ ජලය සමඟ ආහාර ගැනීම හෝ පානය කිරීම මගින්

රසදිය වලින් ඔබට ආරක්ෂා විය හැක්කේ කෙසේද?

මෙම රසදිය සහිත මාළු ආහාරයට ගැනීමෙන් වළකින්න. මෝර මාළු, තලපත්, කුම්බලාවා සහ ගල්මාළු මේවාට ඇතුළත් ය.

මාළු වල රසදිය සහ ගර්භණී භාවය අතර සම්බන්ධය ගැන ඔබ දත යුතු දේ

ඔබට දත් පිරවුමක් අවශ්‍ය නම්, පිරවුම් විකල්ප ගැන ඔබේ දන්ත වෛද්‍යවරයාගෙන් විමසන්න. රසදිය රහිත පිරවුමක් වුවත් ඔබට තිබිය හැකිය.

කිසියම් රසදිය පිරවුම් ඉවත් කළහොත් ඒවා කැඩී හෝ හානි විය හැකි බවින් ඒවා ඉවත් කරන්නට උත්සාහ කරන්නට එපා. ඔබේ දන්ත සායනයට ගිය විට අවශ්‍යතාවකුමක් වුවත් ඔබ ගැබිනි මවක් බව ඔබේ වෞද්‍යවරයාට පවසන්නට අමතක කරන්නට එපා.

රසදිය සහිත මාළු: මාළු මිළදී ගැනීමේදී ගැබිනි මවකට රසදිය මට්ටම් අනුව පරිබෝජනය කළ හැකි මාළු වර්ග

රසදිය සහිත මාළු

මෙම රසදිය සහිත මාළු වල රසදිය මට්ටම ඉහළ බැවින් ගැබිනි සමයේ මෙම මාළු වර්ග ආහාරයට ගැනීමෙන් වළකින්න

  • ලොකු කුම්බලාවා
  • තලපත්
  • ගල් මාළු
  • මෝර මාළු
  • කෙලවල්ලා
  • බල මාළු

මෙම රසදිය සහිත මාළු වල රසදිය මට්ටම මධ්ය බැවින් සුළු ප්‍රමාණ වලින් ආහාරයට ගත හැකියි

  • කුඩා කෙලවල්ලා
  • කුඩා කුම්බලාවා
  • ලින්නා

මෙම රසදිය සහිත මාළු වල රසදිය මට්ටම අඩු බැවින් ආහාරයට ගැනීම සුදුසුයි

  • කුඩා මිරිදිය මාළු
  • සාලයා
  • දැල්ලා
  • කකුළුවා
  • හුරුල්ලා
  • හාල් මැස්සා
  • සැමන් (pink salmon)
  • බෙල්ලා
  • තිලාපියා

පාරිසරික රසදිය ශරීරගත වීම වැළක්වීමට සැළකිළිමත් විය යුතු දේවල් රසදිය සහිත මාළු

බිම ඉහිරුණු රසදිය පිරිසිදු කිරීම සඳහා වැකුම් ක්ලීනර් භාවිතා කරන්න එපා.

ගර්භනී නොවන වැඩිහිටියෙකකුගෙන් කැඩුනු උශ්ණත්වමාන හෝ ෆ්ලෝරසන්ට් බුබුලු ඉවත් කරන ලෙස ඉල්ලා සිටින්න.. මෙම අයිතම කැඩී යාම වළක්වන අයුරින් ගබඩා කරන්න. ඒවා දරුවන්ට අහුවන ස්ථන වල තබන්නට එපා.

ඔබ ඔබේ රැකියාව නිසා රසදිය වලට ඔබ නිරාවරණය වී ඇත්නම් (දන්ත වෛද්‍යවරයෙකුගේ කාර්යාලයක් වැනි හෝ විදුලි, රසායනික හෝ පතල් කැණීම් වැනි), ඔබේ ආරක්ෂාව ගැන ඔබේ ප්‍රධානියා සමඟ කතා කරන්න. උදාහරණයක් ලෙස, ඔබට දන්ත වෛද්‍යවරයෙකුගේ කාර්යාලයක සේවය කළ හැකිය, විදුලි, රසායනික හෝ පතල් කැණීම් කළ හැකිය, නැතහොත් නිෂ්පාදන සෑදීමට රසදිය භාවිතා කළ හැකිය. ගර්භණී සමයේදී ඔබට වෙනත් ස්ථානයකට හෝ කාර්යයකට මාරු විය හැකිය.

ඔබව ආරක්ෂා කර ගැනීමෙන් රසදිය ගැන ඔබේ සෞඛ්‍ය සේවා සැපයුම්කරු සමඟ කතා කරන්න.

මෙතිල්මර්කරි (methylmercury) යනු කුමක්ද?

මෙතිල්මර්කුරි සෑදී ඇත්තේ වාතයේ රසදිය ජලයට වැටෙන විටය. වාතයේ ඇති රසදිය පැමිණෙන්නේ ස්වාභාවික ප්‍රභවයන්ගෙන් (ගිනි කඳු වැනි) සහ මිනිසා විසින් සාදන ලද ප්‍රභවයන්ගෙන් (ගල් අඟුරු දහනය කිරීම සහ වෙනත් දූෂණ වලින් පරිසර) ය.

රසදිය විශාල ප්‍රමාණයක් අඩංගු මාළු ආහාරයට ගැනීමෙන් ඔබේ ශරීරයට මෙතිල්මර්කුරි ඇතුළ් වනවා.

රසදිය සහිත මාළු

මෙම මසුන්ට රසදිය ලැබෙන්නේ ඔවුන් පීනන ජලයෙන් සහ රසදිය ඇති වෙනත් මාළු ආහාරයට ගැනීමෙන්. රසදිය බොහෝ විට අංගු වන්නේ මෝර මාළු, තලපත්, කුම්බලාවා සහ ගල්මාළු වැනි මාළු වලය.

ගර්භණී සමයේදී, මේ ආකාරයේ මාළු අනුභව නොකරන්න, මන්ද ඒවායේ ඇති රසදිය ඔබේ දරුවාට හානි කළ හැකිය.

ගර්භණී සමයේදී ඉස්සන්, සැමන්, පොලොක්, කැට්ෆිෂ් සහ ටින් ලයිට් ටූනා වැනි රසදිය අඩු මාළු සතියකට අවුන්ස 8 සිට 12 දක්වා ආහාරයට ගන්න. ඇල්බෙකෝර් (සුදු) ටූනා සතියකට අවුන්ස 6 ක් අනුභව කිරීම කමක් නැත.

භෞතික රසදිය යනු කුමක්ද?

භෞතික රසදිය (පිරිසිදු රසදිය ලෙසද හැඳින්වේ) දිලිසෙන, රිදී පැහැති ද්‍රව්‍යයකි. එය කාන්දු වූ විට හෝ එය අඩංගු බඳුනක් කැඩී ගිය විට පිටතට කාන්දු වන රසදිය අදෘශ්‍යමාන වී නොපෙනී යයි. අවර්ණ මෙන්ම ගඳ සුවඳකින් තොර වූ මෙය වාතයට එකතු වී වාතටය විෂ එකතු කරයි.

මෙම රසදිය සොයාගත හැකි ස්ථාන:

අමල්ගම් වලින් සාදන ලද දන්ත පිරවුම්:

අමල්ගම්හි, භෞතික රසදිය, රිදී සහ වෙනත් ලෝහ අඩංගු වනවා. මෙම පිරවුම් වලින් රසදිය කුඩා ප්‍රමාණයක් ඔබ හුස්ම ගන්නට භාවිතා වන වාතයට ඇතුළු විය හැකිය. වැඩිහිටියන් හා වයස අවුරුදු 6 ට වැඩි ළමයින් සඳහා අමල්ගම් පිරවීම ආරක්ෂා සහිතය.

නමුත් ගර්භනී කාන්තාවන්ට ඒවායේ බලපෑම අපි නොදනිමු. අමල්ගම් පිරවීමක් ගැන ඔබ කනස්සල්ලට පත්ව සිටී නම්, ඔබේ දන්ත වෛද්‍යවරයා හෝ සෞඛ්‍ය සේවා සැපයුම්කරු සමඟ කතා කරන්න.

පැරණි උණ කටු:

උණ  උණ කටු වල වීදුරු වලින් වටවී ඇත. වීදුරුව කැඩී ඔබ රසදිය ස්පර්ශ කළහොත් හෝ ඔබ හුස්ම ගන්නා වාතයට වැටෙන තුරු එය හානිකර නොවේ. ඔබේ උණ කටුව වැටී බිඳුනොත්, ඉවතට විසිවෙන රසදිය වැක්‍යුම් ක්ලීනරයකින් අදින්න එපා.

ඒ වෙනුවට රසදිය පබළු එක් කඩදාසි කැබැල්ලකින් වෙනත් කඩදාසි කැබැල්ලකට පෙරළීමට කඩදාසි කැබැල්ලක් භාවිතා කරන්න. කඩදාසි ප්ලාස්ටික් බෑගයක දමා බෑගයට මුද්‍රා තබන්න.

රසදිය ඉවතට විසි කරන්නේ කෙසේදැයි විමසීමට ඔබේ ප්‍රාදේශීය සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අමතන්න.

ඔරලෝසු, බැරෝමීටර සහ දර්පණ වැනි සමහර පුරාවස්තු:

ඔරලෝසු බැටරි වැනි සමහර බොත්තම් සෛල බැටරි. එක්සත් ජනපදයේ සාදන ලද බොහෝ බැටරිවල රසදිය අඩංගු නොවේ.

සමහර ආභරණ, විශේෂයෙන් එක්සත් ජනපදයෙන් පිටත සාදන ලද වීදුරු පෙන්ඩන්ට්

ඔබ භෞතික රසදිය වලට නිරාවරණය වන බවට ඔබට සැකයක් ඇත්නම්, ඔබේ සෞඛ්‍ය සේවා නිලධාරියා සමඟ කතා කරන්න.

මූලාශ්‍ර: americanpregnancy.org, marchofdimes.org

 

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

Written by

Niloufer Perera