theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අලුත් මාළු වගේම ශීත කල මාළු සෞඛ්‍ය ආරක්ෂිතද?

3 අවම කියවීම
අලුත් මාළු වගේම ශීත කල මාළු සෞඛ්‍ය ආරක්ෂිතද?අලුත් මාළු වගේම ශීත කල මාළු සෞඛ්‍ය ආරක්ෂිතද?

වාද විවාද ඉවරයි. ඔබේ පවුලේ  පෝෂණය කිරීම සදහා අලුත් මාළු වගේම  ශීත කල මාළුත් ප්‍රතිලාභ බොහොමයක්  දෙනවා. ශීත කළ මාළු  වල පෝෂණය ඔබට බාධාවක්ද?

ඔබේ පවුලේ පෝෂණය ගැන සලකන  වන විට, ඔබට මිලදී ගත හැකි හොඳම අමුද්‍රව්‍ය  ගැන දැන ගැනීමට අවශ්‍ය වේ. නමුත් , ශීත කල මාළු වල පෝෂණය  අලුත්  මාළු වගේම  සෞඛ්‍ය ආරක්ෂිතද?

අපේ පවුලේ ආහාර වේලට එකතු කිරීම සඳහා මාළු නිරතුරුවම සෞඛ්‍ය සම්පන්න ආහාරවලින් එකකි. මාළු වල සන්තෘප්ත මේද අඩු අතර  ඉහළ ප්‍රෝටීන් ප්‍රමාණයක් ද ඔමෙගා-3 හා මේද අම්ල ශරීරයේ සහ මොළයේ ක්‍රියාකාරිත්වයට හා සංවර්ධනයට  අත්‍යාවශ්‍ය  වේ.

අලුත් මාළු වගේම ශීත කල මාළු සෞඛ්‍ය ආරක්ෂිතද?

ඔමෙගා 3   බහුල ලෙස අඩංගු සැමන්, හා මාළු වර්ග ඇතුළු ආහාර ගැබිනි මව්වරුන්ට  සහ කිරි දෙන මව්වරුන්ට තම ආහාර වේලට එකතු කරගන්නා ලෙස උපදෙස් ලැබෙන්නේ අන්න ඒ නිසයි.

කෙසේ වෙතත්, මතක තබා ගැනීමට වැදගත් පූර්ව ආරක්ෂිත පියවර ඇත.

  • නිර්දේශිත මත්ශ්‍ය පරිභෝජනය සතියකට ග්රෑම් 340 හෝ අවුන්ස 12 ක් වේ.
  • සමහර මාළු වැඩි රසදිය අන්තර්ගත අතර ඒ මගින් මොළයේ සංකූලතා ඇති විය හැක.
  • දරුවන් අපේක්ෂා කරන මව්වරුන් අමු හා නොපිසු ආහාර නොගත යුතුය.

එය මතකයේ තබාගෙන , මාළු ඔබේ පවුලේ ආහාරයේ කොටසක් කරගැනීමට වෙහෙසවන්න.

අතීතයේ අධ්‍යනය  සොයාගෙන ඇත්තේ නිතිපතා මාළු ආහාරයට ගැනීම මානසික සෞඛ්‍යය කෙරෙහි හොඳ බලපෑමක් ඇති කරන බවයි.

ඇල්සයිමර්ස් වැනි වයස සම්බන්ධ රෝග වලින් ඔබේ මොළය ආරක්ෂා කර ගැනීමට සහ මානසික පීඩනය අවදානම අඩු කර ගැනීමට එයට ඔබට උදව් කල හැකිය.

මාළු වල විටමින් ඩී සහ බී 2 (රයිබෝෆ්ලැ්වින්) අඩංගු  වේ.

ශීත කළ මාළු වල පෝෂණය: ළමුන් සඳහා වැදගත් ප්‍රතිලාභ

මාළු වල පෝෂණය

අලුත් මාළු වල පෝෂණය ට වඩා ශීත කළ මාළු වල පෝෂණය  හොඳ ද?

එය රසය ගැන සලකා බැලීමේදී, පිළිතුර ඔව්, එය නිසැකවම විය හැකිය. එහෙත් පෝෂණය සම්බන්ධයෙන් එම පිළිතුර නැහැ යන්න වේ.

ශීත කිරීමෙන් මාළු පෝෂණ ගුණය අඩු වීම හෝ හීන වීම සිදු නොවේ.

ශීත කිරිමෙන් මාළු පෝෂණය රඳවා තබා ගන්නා සේම, එය බැක්ටීරියා වර්ධනය වළක්වාලයි.

මාළු අනුභව කිරීමෙන් අනෙකුත් ප්‍රතිලාභ ශීත කළ මාළුද සමග  වේ. පෙර අධ්‍යනයන් ගෙන් පෙනී යන්නේ මාළු දරුවන් තුල  ඇදුම රෝගය  දියවැඩියාව වර්ග 1, මහලු වයසේ පෙනීමේ ගැටලු හා නින්ද සම්බන්ධ ගැටලු  වළක්වා ගැනීමට උපකාර වන බවය.

ඒ නිසා ඊළඟ වතාවේදී ඔබ පවුලේ අයට ආහාර වේලක් සැලසුම් කරනවා නම්, ශීත කළ මාළු වල පෝෂණය  ප්‍රයෝජනවත් විය හැකි බව මතක තබා ගන්න. තවද, ශීත කළ මාළු පරිභෝජනය පරිසරයට යහපත් ය. ඒ එය නාස්තිය අඩු කරන නිසයි.

ටින් සැමන් ආරක්ෂාකාරී වන නමුත් ටින් කල සැමන් හෝ නැවුම් කෙලවල්ලා මාළු වල ඉහල රසදිය මට්ටමක් ඇති බව සැක කරන බැවින් ඒ ගැන සැලකිලිමත් විය යුතුය.

ශීත කළ මාළු සූදානම් කිරීම: ඔබේ පවුල සඳහා ආරක්ෂිත උපදෙස්

මාළු වල පෝෂණය

පැකට් කරන ලද මාළු මිලදී ගන්නා විට, ඉරා දැමූ හෝ හානි වූ පැකට් ගැනීමෙන් වළකින්න. ඔබ  සුපිරි වෙළඳසැලෙන් ශීත කළ මාළු මිලදී ගන්නා විට ශීතකරණයේ මැද හෝ යටින් ඇති තෝරාගත  ගන්න.

ශීත බව නැති කිරීමට සීතල වතුර භාජනයක දැමීම හෝ මයික්‍රෝවේව් එක භාවිතා කිරීම හොඳයි. එහෙත් ශීත බව නැති වු මාළු නැවත ශීත කිරිමෙන් වළකින්න.

ශීත හා අලුත්  මාළු වර්ග දෙකම නරක් විය හැකිය. ඇසුරුම් පිරික්සන්න. ඒවා ඉරී  නොමැති බවට වග බලා ගන්න. ඔබ ඇමෝනියා වැනි  සුවඳක් දැනේනම්, එවැනි  අවස්ථා වලදී මාළු නරක් වී තිබීමට වැඩි ඉඩක් ඇත.

මාළු පෝෂ්‍යදායී වනවා පමණක්  නොව එය ඔබේ  පවුල සඳහා සූදානම් කිරීමට පහසු මෙන්ම රසවත් වේ. මාළු ශීත  කිරීමෙන් ඔබේ දරුවන්ට සෞඛ්‍ය සම්පන්න  ආහාර ලබා දීම සදහා ප්‍රායෝගික ක්‍රමයකි.

දරුවන්ට මාළු විවිධ වට්ටෝරු වලින් සකස් කර දිය හැකිය. මාළු කිරට, මාළු මිරිසට , මාළු බැදලා, මාළු කට්ලට්, මාළු රෝල්ස්, මාළු සැන්විච්, මාළු ඩෙවල් මේවාට උදාහරණ වේ.

ශීත කල මාළු දරුවන්ට දෙන්න ඔබ  බය නම් the Asianparent Sri Lanka ඔබ වෙත ගෙනා මේ ලිපිය ඔබේ බිය දුරු කර ගන්න උදව් වේවි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • අලුත් මාළු වගේම ශීත කල මාළු සෞඛ්‍ය ආරක්ෂිතද?
බෙදාගන්න :
  • වැසිකිළියෙන් පිටවෙන වාෂ්ප ගැන ඔබ දැනුවත්ද?

    වැසිකිළියෙන් පිටවෙන වාෂ්ප ගැන ඔබ දැනුවත්ද?

  • ඔබේ සෞඛ්‍ය ගැන කියාපාන ඔබේ මුහුණ

    ඔබේ සෞඛ්‍ය ගැන කියාපාන ඔබේ මුහුණ

  • වැසිකිළියෙන් පිටවෙන වාෂ්ප ගැන ඔබ දැනුවත්ද?

    වැසිකිළියෙන් පිටවෙන වාෂ්ප ගැන ඔබ දැනුවත්ද?

  • ඔබේ සෞඛ්‍ය ගැන කියාපාන ඔබේ මුහුණ

    ඔබේ සෞඛ්‍ය ගැන කියාපාන ඔබේ මුහුණ

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it