ෆ්ලැට් හෙඩ් සින්ඩ්‍රෝම් ( පැතලි හිස සහලක්ෂනය) මෙය වළක්වා ගැනීමට දෙමාපියන් දැනගත යුත්තේ මොනවාද?

මේ ඉගි මතක තබා ගනිමින් ෆ්ලැට් හෙඩ් සින්ඩ්‍රෝම් ඔබේ වටිනා දරුවා තුල වර්ධනය වීමෙන් ආරක්ෂා කරන්න.

දරුවන් උපත් මාර්ගය දිගේ පැමිණි පසු ජීවිතයේ මුල් දින වල දරුවාගේ හිස පැතලියි හෝ දිග හැඩැතිව පිහිටීම කියා ඔබට හිතෙන්න පුළුවන්. බය වෙන්න එපා - මෙය සාමාන්‍යයයි.  

වර්ධනය වෙමින් පවතින දරුවාගේ මොලයට ඉඩ පහසුකම් සලසමින් එහි මෘදු බාවය පවත්වා ගනිමින් ඔවුන්ගේ හිස් කබලේ කොටස් ලංවී ඒකාබද්ධ වී නිසි හැඩයක් ගැනීමට කාලයක් ගතවේවි.

උපතින් සතියකට පසුත් දරුවාගේ හිස පැතලියි නම් එය ඔවුන් තුල ෆ්ලැට් හෙඩ් සින්ඩ්‍රෝම් වර්ධනය වන බවට සලකුණක් හෝ Plagiocephaly තත්වය වේ.

Plagiocephaly හි සාම්ප්‍රදායික හිසෙහි ඕනෑම තැනක පැතලි ප්‍රදේශයක් ලෙස දිස්වීම මෙහි ප්‍රධාන සාධකයක් ලෙස දිස් වේ. මෙය එකම ඉරියව්වක දීර්ඝ කාලයක් තැබීමෙන් ඇති වු පීඩනය නිසා ඇතිවන්නක් වේ.

එය බෙල්ලේ මාංශපේෂි ගැටළු ඇති කිරීමටද හේතු වේ. මවගේ උපත් මාර්ගය තුල දරුවාගේ හිස් කබල ඉතා තද පීඩනයකට ලක් වේ නම් හෝ නිවුන්නු දරුවන් ලෙස බිහි වේ නම් ඔවුන් ඉපදීමට පෙර සිට පවා දරුවන් තුල ෆ්ලැට් හෙඩ් සින්ඩ්‍රෝම් තත්වය මතු විය හැක.

සම්පුර්ණයෙන්ම වැඩුණු දරුවන්ට වඩා මෘදු හිස් කබලක් ඇති නොමේරූ දරුවන්ට මෙම ෆ්ලැට් හෙඩ් සින්ඩ්‍රෝම්  ඇති වීමේ වැඩි අවදානමක් තියෙනවා.

ඔවුන් වැඩි කාලයක් වැතිර සිටීමත්, සමහර විට NICU ( ළදරුවන්ගේ දැඩි සත්කාර ඒකකයේ ) මාස ගණනක් ගත කිරීමට සිදුවීම එයට තවත් හේතුවක් වෙනවා.

නමුත් දුක් වෙන්න එපා. මෙම තත්වය ඔබේ දරුවාගේ වර්ධනය වන මොලයට හානියක් හෝ බාධාවක් කරන්නේ නැහැ. කොහොම නමුත් ඒ මගින් ඔබේ දරුවාගේ හිසෙහි හැඩය ජීවිතයේ පසු කාලෙක සමාජය තුල ඍනාත්මක ප්‍රතිඵල ඇති කල හැකිය.

අලුත උපන් දරුවන්ගේ ෆ්ලැට් හෙඩ් සින්ඩ්‍රෝම් තත්වය වළක්වා ගන්නේ කෙසේද?

ෆ්ලැට් හෙඩ් සින්ඩ්‍රෝම් සදහා ශල්‍යකර්මයක් අවශ්‍ය නොවීම හොද ආරංචියක් වේ. කුඩා පැතලි ප්‍රදේශ ඒ මගින්ම නිවැරදි වන නමුත් ඔබේ දරුවාගේ බරපතල තත්වය වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට තහවුරු කර ගන්න.

එය වළක්වා ගැනීමත් ප්‍රතිකාර ලබාදීමත් කල හැක්කේ මෙහෙමයි.

1. දරුවා නිදාසිටින විට හිසෙහි පිහිටීම වෙනස් කරන්න.

දරුවා නිදාසිටින විට ඔහුගේ හිස පිටුපසට තබන්න මතක තියාගන්න. නින්දේදී ආරක්ෂාකාරී මාර්ග උපදේශද මතක තියාගන්න. ෆ්ලැට් හෙඩ් සින්ඩ්‍රෝම් වැළැක්වීමට ඔබේ දරුවා නිදා සිටින විට හිස පැත්තෙන් පැත්තට හැරවීමට වගබලා ගන්න. ඔවුන්ගේ හිසෙහි රවුම් හැඩැති කොටස මෙට්ටයට ස්පර්ශ වෙන්න තැබීමට මතක තබාගන්න. ආශ්වාස ප්‍රශ්වාස අපහසුතා හා හුස්ම ගැනීමේ ක්‍රියාවලියේ ගැටළු ඉහල යා හැකි නිසා ඔබේ දරුවා විවිධ ඉරියව් වලට තැබීමට කොට්ට භාවිතා කිරීමෙන් වළකින්න.

2. තොටිල්ල මතින් තැබීමට විකල්ප.

ඔබට හුරු දකුණු අත නම් ඔබ නිතර ඔබේ දරුවාව අතට ගන්නේ වමෙන් වන අතර ඔබේ දකුණු අත භාවිතා කරමින් ඔවුන්ව තොටිල්ලේ තබනවා. ඔබ ඔවුන්ව තොටිල්ලේ තැබු විට දරුවන් අනෙක් අතට හැරෙනවා.  ඒ මගින් හිසේ එක පැත්තකට විශාල පීඩනයක් එනවා. එමනිසා ඔවුන්ව තොටිල්ලේ තබන සෑම විටකම ඔවුන්ව එකම පැත්තකට තැබීමෙන් වළකින්න.

3. හැකි සෑමවිටම දරුවා අතට ගැනීම

දරුවා අතට ගැනීම මගින් ඔවුන් වැතිරී සිටින කාලය අඩුවීම හා කාර් සීට් හා ළදරු කරත්ත වැනි පැතලි අවකාශ මත ඔවුන්ගේ හිස ස්පර්ශ වීමෙන් වළක්වනවා. ඒ වගේම ඒ තුලින් ඔබ දෙපලගේ සම්බන්ධතාවයද වැඩිවෙනවා.

3. මුනින් අතට සිටින කාලය වැඩි කරන්න

දරුවා අවදිව සිටින විට මුනින් අතට පෙරලා තැබීමෙන් ෆ්ලැට් හෙඩ් සින්ඩ්‍රෝම් වැලැක්වීමට උදව් වෙනවා. ඒ වගේම ඒ මගින් බෙල්ලේ මාංශපේෂින් වල ශක්තිය වැඩි කරන අතර දරුවාගේ ශරීරයේ ඉහල කොටස භාවිතා කර හැරෙන්නේ , ඉදගන්නේ කොහොමද යන්න සොයා ගැනීමටත් එය ඔබේ දරුවාව ධෛර්‍යමත් කරනවා.

4. ඔබ මව්කිරි ලබාදෙන ඉරියව්ව වෙනස් කරන්න

මව්කිරි ලබා දෙන මව්වරුන්ගේ  අනෙක් කිරි දෙන ඉරියව් මගින් හිසෙහි පැතලි මතුපිටට එරෙහිව පීඩනයක් නිතර යෙදෙන නිසා හිසෙහි පැත්තකට ලබා දෙන පීඩනය අඩු කරන පුට් බෝල් නැමති ඉරියව්ව භාවිතය උදව්වක් වේවි. ඔබ දරුවාට කිරි ලබා දෙන්නේ බෝතලයෙන් නම් අත් දෙක මාරු කරමින් පීඩනය අඩුවෙන ආකාරයට අල්ලා ගන්න හුරුවෙන්න.

5. මාංශපේෂි ගැටළු හදුනා ගැනීමට භෞතචිකිස්තකයෙකු හමුවෙන්න.

කලින් කියු ලෙස ෆ්ලැට් හෙඩ් සින්ඩ්‍රෝම්  බෙල්ලේ මාංශපේෂි දුර්වල වීමට හේතු වෙන්න පුලුවන්. මේ පිලිබඳ හරියට දැනගැනීම ඔබට අනෙක් ගැටළු අදහස් සොයා ගන්න.  ඒ පිලිබඳ විශේෂඥයෙක් හමුවෙන්න.

මේ ඉගි ඔබට උදව් වේවියැයි අපි හිතනවා. මේ ලිපිය ගැන ඔබේ අද සටහනක් යොදා අපට කියන්න.

මේ වගේ දරුවන්ට ඇතිවෙන තත්වයන් ගැන ඔබට තොරතුරු ගෙන ආවේ The  Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී