theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරු ප්‍රසූතියෙන් පසු බඩ අඩු කරගන්න නිවෙස්දී කලහැකි පිළියම් 11 ක්

7 අවම කියවීම
දරු ප්‍රසූතියෙන් පසු බඩ අඩු කරගන්න නිවෙස්දී කලහැකි පිළියම් 11 ක්දරු ප්‍රසූතියෙන් පසු බඩ අඩු කරගන්න නිවෙස්දී කලහැකි පිළියම් 11 ක්

මුරණ්ඩු උදරය මට්ටු කරන්න ඔබට නිවසේ සිට කළ හැකි සරල දේවල් 11 ක් ‌මෙන්න.

බඩ අඩු කිරීම අභියෝගයක් නේද? බබා එලියට ආවත් තාම බඩ නම් එහෙමමයි නේද? මේ මුරණ්ඩු බඩේ මේදය ඉවත් කර මට්ටු කරන්න ඔබට නිවසේ සිට කළ හැකි සරල දේවල් කිහිපයක් මෙන්න.
සෑම මවක්ම දරු ප්‍රසූතියෙන් පසු සිහින දකින්නේ බඩ අඩු කර ගැනීමටයි. සමහරු ඒ සඳහා බොහෝ දේවල් කරන අතර සමහරු මුලුමනින්ම එය අත්හැර දමයි. තවත් සමහරු අමතර මස් සඟවා ගන්න ඇඟ හැඩ කරන ඇදුම් අදිනවා.
මේ මේද ඉවත් කිරීමට පුළුවන් කියන එක හොද ආරංචියක් නේද? එහෙනම්  මෙන්න ඔබට අනිවාර්යයෙන්ම උපකාරී වන සරල නිවෙස් පිළියම් කිහිපයක්.

දරු ප්‍රසූතියෙන් පසු බඩ අඩු කිරීම සදහා උපදෙස්

1. බඩ අඩු කිරීම: උදරය බැඳීම

දරු ප්‍රසූතියෙන් පසු  බඩ අඩු කර ගන්න වඩාත් ඵලදායී ක්‍රමයක් වන්නේ දිනකට ඔබට හැකි තරම් පැය ගණනක් ඔබේ බඩ බැඳ තැබීමයි.
ශ්‍රීලංකාවේදී දරු ප්‍රසුතියෙන් පසු ඔබේ බඩ තද වෙන ලෙස චීත්තයක් තදින් ඇන්දවීම කරනු ලබන්නේ ඒ නිසායි. සිංගප්පූරුව වගේ රට වල ප්‍රසුතියෙන් පසු සම්බාහනයක් කරනු ලබයි. බොහෝ මව්වරුන් උදරය රෙදි කඩකින් තදින් බදිනවා.
ඇත්ත වශයෙන්ම සීසේරියන්  සැත්කමකට මුහුණ දුන් අම්මලාට ඒ මොහොතේ මෙය  කරන්න බැහැ. වෘත්තීය සම්බාහන චිකිත්සකයින් සහ වෛද්‍යවරුන් අවම වශයෙන් සති හතරක් හෝ හයක් ගත වන තුරු එලෙස ඔවුන්ගේ බඩ තද කර බැදීම නිර්දේශ කරන්නේ නැහැ.
නමුත් සීසේරියන් සැත්කමකක් කල මව්වරුන්ට උදර බන්ධන භාවිතා කිරීම තරයේ නිර්දේශ කරනු ලබනවා. ඔබේ ශල්‍යකර්මයෙන් දිනකට පසු ඔබේ වෛද්‍යවරයා ඔබට එය පැළඳවීමට ඉඩ තියෙනවා .
එය අනිවාර්යයෙන්ම ප්‍රයෝජනවත් වෙනවා. ඒ සඳහා බන්ධකය සැබවින්ම තදින් හා ආරක්ෂිතව තිබීම අවශ්‍ය වෙනවා. ඔබේ කුසේ ඇති කැපුම ගැන ඔබට බියක්  ඇත්නම්, එයට භාවිතයට නොගත් සනීපාරක්ෂක පෑඩ් එකකින් ආවරණය කර ඒ මත බන්ධනය භාවිතා කරන්න.

2. බඩ අඩු කිරීම: දියර ආලේපන 

දරු ප්‍රසූතියෙන් පසු බඩ අඩුකිරීමට ඔබට පොරොන්දු වන දියර ආලේපන වර්ග ගණනාවක් වෙළඳපොලේ තියෙනවා.
විශේෂයෙන් ඔබ මව්කිරි දෙනවා නම්, මෙම දියර ආලේපන වල අඩංගු අමුද්‍රව්‍ය හොඳින් පරීක්ෂා කර බලා කිරි දෙන අම්මලාට එම ක්‍රීම් ආරක්ෂිත බව සහතික කර ගන්න.
කොලජන්, විටමින් ඒ, සී සහ ඊ අඩංගු ක්‍රීම් වර්ග සොයා බලන්න. එවැනි ක්‍රීම් ඔබේ බඩ මත සම්බාහනය කිරීමෙන් රුධිර ප්‍රවාහ වැඩි දියුණු වන අතර ඔබේ බඩ තද වෙනවා.
වේලාව තියෙනවානම්, ඔබට ගෙදර හැදූ දියර ආලේපන භාවිතා කරන්න පුළුවන්. ඵලදායී බව ඔප්පු කර ඇති එවැනි දියර ආලේපන වර්ගයක් ගැන බලමු .
එය අතිරේක වර්ජින් ඔයිල් මිලි ලීටර් 750 කට නැවුම් මිදි සාරය මිලි ලීටර් 250 ක් අඩංගු අතින් සෑදිය හැකි මිශ්‍රණයකි. මිදි සාරය තෙල් වලට එකතු කිරීමට පෙර පල්ප් එක පෙරා ගන්න. මිශ්‍රණය බෝතලයක දමා සතියක් හිරු තුළ රැඳී වැටීමට ඉඩ සලස්වන්න.
අවම වශයෙන් දිනකට දෙවරක් බෝතලය සොලවන්න. ගෙදර හැදූ මේ දියර ආලේපනය ආලේප කිරීමෙන් දරු ප්‍රසූතියෙන් පසු බඩ අඩු කරන්න පුළුවන්.

3. මී පැණි සමඟ දෙහි

දරු ප්‍රසූතියෙන් පසු බඩ අඩුකර ගැනීම සඳහා මෙය පහසු මෙන්ම රසවත් ක්‍රමයකි. ඔබට කළ යුතුව ඇත්තේ නැවුම් ලෙමන් යුෂ හා මී පැණි තේ හැදි භාගයක් සමඟ ඇල්මැරුණු වතුර වීදුරුවක් මිශ්‍ර කරන්න.
මෙය කෑමට පෙර හිස් බඩ පානය කරන්න. හැකි නම්, ඔබ අවදි වූ විට එය පානය කරන්න. ඊට පෙර හෝ පසු පැය භාගයක් කිසිම දෙයක් පානය කරන්න එපා.
ඔබට මින්ට් කොළ සහ පිපිඤ්ඤා  එකතු කර එක රැයකින් තබා පෙරා ගන්න පුළුවන්. Cayenne pepper (මිරිස් කුඩු) සෑම කෙනෙකුටම නොවුනත්, ඉතා ස්වල්පයක් එකතු කල විට එය ඔබේ පරිවෘත්තීය වැඩි කිරීමට හා බඩ අඩු කිරීමට මහත් කාර්යයක් කරනවා.
*මින්ට් කොළ සීමිත  ප්‍රමාණයෙන් ගන්න.  එය අධික ලෙස පානය කිරීමෙන් ඔබේ කිරි සැපයුම අඩු වෙන්න පුළුවන්.

4. ග්‍රීන් ටී

දිනකට ග්‍රීන් ටී කෝප්පයක් පානය කිරීමෙන් මේදය ඈත් කර තබනවා. ග්‍රීන් ටී වල ප්‍රතිඔක්සිකාරක විශාල ප්‍රමාණයක් තිබීම අමතර වාසියකි. ඔබ ග්‍රීන් ටී සිමා සහිතව පානය කළ යුතු බව මතක තබා ගන්න. එය ඕනෑවට වඩා ගැනීම  සුදුසු නොවේ.
ඔබ මව්කිරි දෙනවා නම් ඔබේ කැෆේන් ප්‍රමාණය සීමා කරන්න. සීනි හෝ පැණි රසකාරක  සමඟ හරිත තේ පානය කිරීම ප්‍රතිඵල රහිත වේවි.

5. ඇපල්

ඇපල් නිරෝගී බව දෙනවා පමණක් නොවේ, බඩේ මේදය ඉවත් කිරීමටද එය හොඳින් ක්‍රියා කරනවා.
ඇපල් වල අඩංගු  පෙක්ටීන් බඩේ අතිරික්ත මේදය දහනය කිරීමට උපකාරී වෙනවා.
ග්‍රීන් ටී වල මෙන්ම ඇපල් වලද ප්‍රතිඔක්සිකාරක බහුල වන අතර එමඟින් අතිරික්ත මේද එකතු වීම වළක්වනවා. ඇපල් ආහාරයට ගැනීමෙන් ලැබෙන අනෙක් සෞඛ්‍යමය වාසිද අමතක කරන්න එපා.

6. බඩ අඩු කිරීම: සමබර ආහාර වේලක්

නිරෝගී ආහාර පිඟානක ආකෘතිය මතකද? එළවළු කොටස් දෙකක්, පලතුරු වලින් කොටසක්, සම්පුර්ණ ධාන්‍ය සහ සෞඛ්‍ය  සම්පන්න ප්‍රෝටීන් ඔබේ ආහාරයට  එකතු කර ගත යුතුයි. ඔබ ගන්නා ලුණු ප්‍රමාණය අඩු කරන්න. ඔබට හැකි තරම් සීනි අඩුවෙන් භාවිතා කරන්න.
සෝඩා සහ අනෙකුත් කාබනීකෘත බීම වලින් වළකින්න. උදරයේ  මේදය අඩු කර ගැනීමට  පැපොල්, අඹ, මිදි, බ්‍රොකලී , බොකුටු ගෝවා වැනි ගෝවා පවුලේ  එළවළු සහ පළතුරු විශිෂ්ට වෙනවා.
දරු ප්‍රසූතියෙන් පසු  ඔබට බඩ අඩු කර ගැනීමට අවශ්‍ය තරමට, ඔබේ ආහාරයේ පෝෂණ ගුණය ගැන සම්මුතියක් කර නොගන්න. ඔබේ සුවය සඳහා  මෙන්ම ඊටත් වඩා ඔබ මව්කිරි දෙනවා නම් මෙය අත්‍යවශ්‍ය වෙනවා.

7. බඩ අඩු කිරීම: අඩුවෙන් නමුත් නිතර නිතර ආහාරයට ගන්න

ආහාර පාලනය ඵලදායී නැහැ. එය ඔබව දුර්වල කරනවා. මෙම අවස්ථාවේදී ඔබේ පරිවෘත්තීය ඉතා ඉහළ මට්ටමක පවතිනවා.
ඒ බැවින් දිනකට බර ආහාර වේල් දෙකක් සහ නියමිත වේලාවට කුඩා ආහාර තුනක් හෝ හතරක් ලබාගන්න. උදේ ආහාරය සඳහා බර ආහාරයක් ගන්න. ඔබ හොඳින් ආහාර ගන්නා විට ඔබ වැඩියෙන් කැලරි දහනය කරන බවද මතක තබා ගන්න.

8. බඩ අඩු කිරීම: දහඩිය දමන්න දෙන්න

ඔබ කන දේ අනුව ඔබ නිර්මාණය  වෙනවා. ඔබ කොපමණ ප්‍රමාණයක් චලනය වෙනවාද යන්න (හෝ චලනය නොවෙනවාද) ඔබේ ප්‍රමාණය තීරණය කරනවා.
දරු ප්‍රසූතිය නිම වු වහාම HIIT පුහුණුව හෝ ඉහළ බලපෑම් සහිත ව්‍යායාම වලට නොයන්න. ඇදි ඉහල ගිය ගර්භාෂයට සාමාන්‍ය වෙන්න ඉඩදෙන්න. දැඩි ව්‍යායාම අලුත් අම්මලා සඳහා සුදුසු නැහැ .
ඇවිදීම, පිහිනීම සහ බයිසිකල් පැදීම තුළින් ඔබේ දරා ගැනීම  ක්‍රමයෙන් ගොඩනඟා ගන්න. හදවත  කෙරෙහි අවධානය යොමු කරන්න. ඔබට සම්පුර්ණ මේදය නැති වූ විට, උදරයට ස්ථාවරත්වයක් දෙන ව්‍යායාම කෙරෙහි අවධානය යොමු කරන්න.
මේදය අඩු කර ගැනීම කළ නොහැකි බව අම්මලාට මතකයි  නේද? ඔබට අවශ්‍ය සියලුම උදර ව්‍යායාම කළ හැකි නමුත් සමස්ත මේදය ඉවත් කිරීමට ඔබට හෘදය ‌මේද වලින් ‌තොර ගත යුතු වෙනවා.
ඔබට උදරය එල්ලා වැටීම (diastasis recti  ) නොමැති බවට වග බලා ගැනීම වැදගත් වෙනවා.
ඔබ එවැනි තත්වයක් එක්ක ක්‍රන්ච් (stomach crunch) වැනි උදර ව්‍යායාම කිරීමෙන් ගැටලුව උග්‍ර වේවි. උදරය එල්ලා වැටීම නිවැරදි කිරීමට ඔබට විශේෂිත ව්‍යායාම අවශ්‍ය වෙනවා.

9. බඩ අඩු කිරීම: මව්කිරි දීම

මෙය ඇත්ත වශයෙන්ම ඔබ කරන දෙයක් නේද? මව්කිරි දීමෙන් දිනකට කැලරි 500 ක් පමණ දහනය වන අතර ඔබේ ගර්භාෂයට ගර්භණී  කාලයට ‌පෙර තිබු ප්‍රමාණයට හැකිලීමට උපකාරී වන බව ඔබ දැනටමත් නොදැන සිටියේ නම් දැනගන්න.
එබැවින් දරු ප්‍රසූතියෙන් පසු බඩ අඩු කර ගැනීම සඳහා මෙය බොහෝ කාර්යයක් කරනවා. මව්කිරි දීම ඔබේ දරුවාට ලබා දෙන ප්‍රතිලාභ මෙහි විස්තර කිරීමට යන්නේ නැහැ.

10. බඩ අඩු කිරීම: ජලය

මෙය ලාභදායි, වැදගත් වගේම ඵලදායී වෙනවා. ජලය ඔබේ ශරීරයේ විෂ ද්‍රව්‍ය ඉවත් කර බඩේ අඩු කිරීමට උපකාරී වෙනවා. ඔබට අහිමි වන තරල නැවත පිරවීමටද එය උපකාරී වෙනවා. එබැවින් ඔබ මව්කිරි දීමේදී අධික පිපාසයක් දැනෙනවා නම්, ඔබ වැඩිපුර ජලය පානය කළ යුතුය.
වැඩිපුර ජලය පානය කිරීමෙන් ඔබට හොඳ සමක් ලැබීම තවත් වාසියකි. මව්වරුන් , ඔබ කාමරයට සීමාව සිටින කාලය තුළ පානීය ජලය පානය කිරීමෙන් ඔබේ උදරය කිසි විටෙකත් අඩු නොවන බව සේවිකාව හෝ නැන්දම්මා ඔබට ඇවසුවාද?
එසේනම් එම වැරදි තොරතුරු ඉවත්  කරන්න. ඔබට ගොඩාක්  ජලය අවශ්‍ය වෙනවා.

11. බඩ අඩු කිරීම: කරපිංචා සහ සුදුළූණු

කරපිංචා  කොළ විෂබීජහරණය සඳහා විශිෂ්ට බව ඔබ දැන සිටියාද? ඔව්, එය ඔබට උදරයේ මේද ඉවත් කිරීමට උදව් කරනවා .
සුදුළූණු සම්බන්ධයෙන් ගත් කල, අමු සුදුළූනු බික් කිහිපයක් හපන්න. ඉන්පසු ලෙමන් වතුර පානය කිරීමෙන් දරු ප්‍රසූතියෙන් පසු ඔබේ බඩ අඩු කර ගන්න පුළුවන්. සමහරුන්ට මෙය ටිකක් වැඩිවෙන්න පුළුවන්.
ඔබේ බඩ අඩු කර ගැනීමට පහසු සහ ඵලදායී ක්‍රම 11 ක් අනුගමනය කරන්න. නමුත් ඔබටත් ඔබේ ශරීරයටත් ආදරයෙන් සලකන්න. බර අඩු කර ගැනීම ගැන ඉක්මන් නොවන්න. කැලරි විශාල ලෙස අඩු කිරීමට ඔබ කුසගින්නේ නොසිටින්න. ඒ වගේම ඔබේ දරුවාට වැදගත් පෝෂ්‍ය පදාර්ථ අහිමි නොකරන්න.
එයට සැහැල්ලුවෙන්  මුහුණ දෙන්න. මෙම පියවර අනුගමනය කර ස්වභාවිකවම බර අඩු කර ගන්න.
අධික ලෙස බර අඩු කර ගැනීම එල්ලා වැටෙන සමට හේතු විය හැකි බවත් මතක තබා ගන්න.
ඔබට බර අඩු කර ගැනීමට ඕන තරම් කාලය තියෙනවා. එබැවින් දැනට ඉක්මණින් නැති යන ඔබේ දරුවාගේ වැදගත් අවස්ථාවන් කෙරෙහි ඔබේ  අවධානය යොමු කරන්න.
theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.
පරිවර්තනය: නදීශා ලක්මිණි
සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • මව්පදවිය
  • /
  • දරු ප්‍රසූතියෙන් පසු බඩ අඩු කරගන්න නිවෙස්දී කලහැකි පිළියම් 11 ක්
බෙදාගන්න :
  • මක් කළත් බඩ අඩුවෙන්නේ නැත්තේ Diastasis recti නිසා වෙන්න පුළුවන්

    මක් කළත් බඩ අඩුවෙන්නේ නැත්තේ Diastasis recti නිසා වෙන්න පුළුවන්

  • ළමුන්ගේ පැතලි යටිපතුල් (Flatfoot/Pronated Foot) තත්වය සහ එය හඳුනාගැනීම

    ළමුන්ගේ පැතලි යටිපතුල් (Flatfoot/Pronated Foot) තත්වය සහ එය හඳුනාගැනීම

  • මක් කළත් බඩ අඩුවෙන්නේ නැත්තේ Diastasis recti නිසා වෙන්න පුළුවන්

    මක් කළත් බඩ අඩුවෙන්නේ නැත්තේ Diastasis recti නිසා වෙන්න පුළුවන්

  • ළමුන්ගේ පැතලි යටිපතුල් (Flatfoot/Pronated Foot) තත්වය සහ එය හඳුනාගැනීම

    ළමුන්ගේ පැතලි යටිපතුල් (Flatfoot/Pronated Foot) තත්වය සහ එය හඳුනාගැනීම

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it