theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ගර්භණි සමයේ දෛනිකව ආහාර ගත යුත්තේ මෙහෙමයි

5 අවම කියවීම
ගර්භණි සමයේ දෛනිකව ආහාර ගත යුත්තේ මෙහෙමයිගර්භණි සමයේ දෛනිකව ආහාර ගත යුත්තේ මෙහෙමයි

ගර්භණි සමයේදි අම්මා ‌දෙන්නෙකුට ඇතිවෙන්න කෑම කන්න අවශ්‍යයිලු.

ගර්භණි සමයේ ආහාර රටාවන් ගැන අපි ගොඩාක් හිතනවා.

පීසා රස කර කර කාපු අපි එකපාරටම අපි ගන්න ආහාර ගැන සැලකිලිමත් වෙන්නේ ගර්භණි වුනාහමයි.

දෙවියනේ දැන් මම විතරක් නෙමෙයි මගේ හුස්ම පොද වගේ ඉන්න මගේ පැටියටත් එක්ක මම කන්න අවශ්‍ය වෙනවා.

හිතුමතේ ආහාර ගත්ත ජිවිතය අත්හැරලා තෝරලා බේරලා අපි කෑම ගන්න පටන් ගන්නවා.

අම්මලා නම් කියන්නේ දෙන්නෙකුට ඇතිවෙන්න අපි කන්න ඔනි කියලායි.

අන්න ඒක නිසා ගැබිණි මවක් දෛනිකව හා සතිපතා කන්න අවශ්‍ය කොහොමද කියලා සොයා බැලීම වැදගත්.

මේ ඒ සදහා ආදරණිය වු මග පෙන්වීමක්. 

ගර්භණි සමයේ ආහාර ගැනීමේදී දෛනික ආහාර වේලක් මෙසේ විය යුතුය

  • නැවුම් පලතුරු හා එළවළු වර්ග පහක් (තද තැඹිලි එළවළු වර්ගයක අවම වශයෙන් එක් වේලක්, තද කොළ පැහැති පලා වර්ග දෙකක් සහ පැඟිරි ගෙඩි එක් වේලක් ඇතුළුව)
  • සම්පුර්ණ ධාන්‍යමය පාන් සහ සීරියල් වේල් 6ක්
  • මේද රහිත හෝ අඩු මේද සහිත කිරි හෝ කිරි නිෂ්පාදන තුනක්
  • ප්‍රෝටීන් වැඩි මේද අඩු මස්  වර්ග දෙක තුනක්, සම නැති කුකුළු මස්, මාළු හෝ පිසින ලද වියළි බෝංචි සහ ඇට
  • වතුර වීදුරු අටක්

ගර්භණි සමයේ දෛනිකව ආහාර ගත යුත්තේ මෙහෙමයි

ඇත්තටම ගැබිණි මාතාවන්ට පෝෂණ අවශ්‍යතාවයන් මිස ආහාර ගැනිමේ නිතී නැහැ. කන්නේ කොච්චරක්ද?

කොපමණ වේල් ගණනක්ද යන්න ගර්භණි මවගේ අවශ්‍යතාවය මත පදනම් වෙනවා.

ආහාර ගැනීමේ තහංචි නැතිමුත් නිතර පෝෂණයෙන් පිරි ආහාර ගැනීමටත් අසාත්මිකතාවයන් ඇතිවිය හැකි ආහාර වලින් හැකි තරම් වැළකීමත් කල යුතුය. 

ගැබිණි බවේ මුල් මාස තුන තුල උදෑසන වමනය ඇතිවෙනවා නම් උදෑසනට සැහැල්ලු ආහාර හා සවසට බරෙන් වැඩි ආහාර වේලක් ගන්න පුළුවන්.

නමුත් අවසාන තුන් මසේදි බඩේ අපහසුතා ඇතිවිය හැකි බැවින් උදෑසනට බර ආහාර වේලක් ගෙන සවසට සැහැල්ලු ආහාර වේලක් ගන්නත් අමතක කරන්න එපා.

කැෆේන් (කෝපි, තේ වැනි) පාන වළක්වා ගන්න නැතිනම් හෝ සීමා කරන්න .

මත්පැන් සහ දුම්කොළ වලින් වළකින්න. 

බර වැඩිවීමේ හා අඩුවීමේ  ප්‍රශ්න

ඔබේ බර වැඩිවිම ප්‍රමාණවත් පරිදි සිදු නොවේ නම් ඔබට උපදින දරුවා අඩු බර දරුවෙක් වීමේ සම්භාවිතාවය වැඩිය.

අඩු බර දරුවන්ගේ ප්‍රතිශක්තිකරණය අඩු අතර එමගින් දරුවාගේ සෞඛ්‍යමය ගැටළු රාශියක් ඇතිවීමට එය හේතු වෙන්න පුළුවන්. 

සාමාන්‍යයෙන් කෙට්ටු කාන්තාවක් නිරෝගි දරු උපතක් සදහා උපරිම බර රාත්තල් 25 සිට 35 දක්වා ප්‍රමාණයකින් වැඩි කරගත යුතුය.

අඩු බර කාන්තාවන් හොද බරක් ලබා ගැනීම සදහා බර දළ වශයෙන් රාත්තල් 28 සිට 40 දක්වා වැඩි කර ගැනීම අවශ්‍ය වෙනවා.

නිර්දේශිත ප්‍රමාණය ඉක්මවා බර වැඩි කර ගැනීම නීරෝගි දරුවන් ලැබීමට හේතුවක් නොවේ.

එය ඔබේ සෞඛ්‍යයට මෙන්ම දරුවාගේ සෞඛ්‍යයටද බලපෑම් කරන්න පුළුවන්.

එමගින් දරු ප්‍රසුතියෙන් පසු හැඩැති සිරුරක් ලබා ගැනීමටද ගැටලුවක් වෙන්න පුළුවන්.

සාමාන්‍යයෙන් ගැබිණි වියේ මුල් තුන් මස බර වැඩිවීම අඩු ප්‍රමාණයකින් සිදුවෙන අතර අවසාන තුන් මස තුල බර කැපි පෙනෙන ලෙස වැඩි වීමක් සිදුවෙනවා.

ගර්භණි සමයේ ආහාර වල ෆෝලික් ඇසිඩ් අනිවාර්යයි

ගැබිනි මවට අවශ්‍ය ඛනිජ ලවණ, විටමින් ඇතුලු පෝෂණය ලබා ගන්න ඇති හොදම ක්‍රමය ඇය ගන්නා ආහාර වේලයි.

ප්‍රමාණවත් පරිදි ආහාර ගැනීම හොදම උපක්‍රමයයි. මෙහිදි ෆොලික් අම්ලය ගැබිණි මවකගේ ආහර වේලේ අනිවාර්යයෙන්ම තිබිය යුතු අංගයක් වෙනවා.

ෆෝලික් ඌණතාවය නිසා දරුවාගේ ස්නායු ආබාධ ඇතිවෙන්න පුළුවන්.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

ගර්භණි සමයේදි සෑම කාන්තාවක්ම ආහාර හෝ අතිරේක වලින් ෆෝලික් අම්ලය අවම වශයෙන් මයික්‍රො ග්‍රෑම් 400 ක් ලබා ගැනීමට වග බලා ගත යුතුය.

සාමාන්‍යයෙන් කාන්තාවන් විවාහ වී දරුවෙකු බලාපොරොත්තු වෙන විට ගර්භණි වීමට පෙර සිටම අතිරේකව ෆොලික් අම්ලය ලබා ගනු ලබනවා.

මෙයට අමතරව ගර්භණි සමයේදි සායන මගින් ලබා දෙන යකඩ, කැල්සියම් හා විටමින් සී අතිරේක නොකඩවා ලබාගන්න.

ඔබට යම් කිසි පෝෂණ ඌණතාවයක් හදුනා ගත්තොත් ඒ සදහා ලබාදෙන පෝෂණ අතිරේකද ලබාගන්න අමතක කරන්න එපා.

ගැබිණි මවකට නුසුදුසු ආහාර

ගර්භණි සමයේ දෛනිකව ආහාර ගත යුත්තේ මෙහෙමයි

  • නොපිසින ලද බිත්තර සහ එළවළු ආහාරයට ගැනීමෙන්  පහසුවෙන් බැක්ටීරියා අසාදන වලට ලක් වෙන්න පුළුවන්.
  • කකුළුවන්, බෙල්ලන්, තලපත්, මෝරු, කුම්බලාවා වැනි ලොකු මාළු වල අධික රසදිය ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා.

එය දරුවාගේමොලය මෙන්ම ස්නායු පද්ධතියේ වර්ධනය බලපෑම් කරනවාත ඒ නිසා එවැනි ආහාර හැනි තරම් ගැනීමෙන් වළකින්න.

  • කෝපි සහ තේ ඇතුළුව කැෆේන් සහිත ආහාර ලබා ගැනීම සිමා කරන්න. වැඩිපුර කැෆේන් භාවිතය ගබ්සාවීම් සදහා හේතු වෙන්න පුළුවන්.

ඔබට ඒ වෙනුවට නැවුම් පළතුරු යුෂ පානය කරන්න පුළුවන් නේද?

  • බොහෝ සකස් කල ආහාර කෘතීම රසකාරක, කල්තබා ගැනීමේ කාරක ආදිය යොදන බැවින් ඒවා ආහාරයට ගැනීමෙන් වළකින්න. 
  • දියවැඩියාව නිසා ඔබේ උපදින්නට ඉන්න දරුවාටත් ඔබටත් විවිධ අවදානම් තත්ත්වයන් ඇති විය හැකි බැවින් අධික සීනි භාවිතයෙන් වළකින්න.
  • මේදය අධික ආහාර වන බටර්, තෙල්, ක්‍රීම්, චොක්ලට්, බදින ලද අල, බිස්කට්, අයිස් ක්‍රීම්, පුඩිම්, කේක් වැනි දේවල් පරි‌භොජනය හැකි පමණ අඩු කරන්න.

ඉහත සදහන් ආහාර ගැබිණි මවට ‌මෙන්ම කුස තුල වැඩෙන දරුවාට හානිදායක ප්‍රතිඵල ලබා ‌දෙන්න පුළුවන්. ඒ නිසා හැකි පමණ ඒවා ඔබේ ආහාරයට එක්කර ගැනීමෙන් වළකින්න.

දරු ප්‍රසුතියෙන් පසු ආහාර වේල

ගර්භණි සමයේ දෛනිකව ආහාර ගත යුත්තේ මෙහෙමයි

ශ්‍රී ලාංකික අපි නම් දරුවාට මාස 06 ක් යනතුරු මව්කිරි ලබා දෙනවා. ඒ නිසා පෝෂ්‍ය ගුණයෙන් සපිරුණු ආහාර වේලක් අලුත් මව ලබාගත යුතු වෙනවා.

ඒ නිසා නැවුම් පලතුරු හා එළවළු, මාංසමය නොවන කිරි නිෂ්පාදන, ධාන්‍ය වර්ග සහ ප්‍රෝටීන් බහුල බෝංචි සහ මස් මත පදනම් වූ ආහාර වේලක් අඛණ්ඩව ආහාරයට ගන්න.

හොදින් ජලය පානය කරන්න. අවශ්‍ය නම් පෝෂණ අතිරේක ගන්න. ව්‍යායාම කරන්න.

ඒ වගේම ඔබේ සිරුරේ හැඩය ගැනත් සැලකිලිමත් වෙන්න අමතක කරන්න.

මව්කිරි එරෙන කෑම වර්ග ඔබට වැඩිපුර ගන්න පුළුවන්.

ඔබට මේ පිළිබද ගැටලුවක් ඇතිනම් හෝ අදහසක් දැක්වීමට අවශ්‍ය නම් පහතින් සටහනක් යොදන්න.

මුලාශ්‍ර -webmd.com

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ආහාර සහ පෝෂණය
  • /
  • ගර්භණි සමයේ දෛනිකව ආහාර ගත යුත්තේ මෙහෙමයි
බෙදාගන්න :
  • මොනවද මේ කීටෝ ඩයට් කියන්නේ?

    මොනවද මේ කීටෝ ඩයට් කියන්නේ?

  • සතියේ කෑම ලෙහෙසියෙන් ගලපා ගන්නේ ‌මෙහෙමයි

    සතියේ කෑම ලෙහෙසියෙන් ගලපා ගන්නේ ‌මෙහෙමයි

  • මොනවද මේ කීටෝ ඩයට් කියන්නේ?

    මොනවද මේ කීටෝ ඩයට් කියන්නේ?

  • සතියේ කෑම ලෙහෙසියෙන් ගලපා ගන්නේ ‌මෙහෙමයි

    සතියේ කෑම ලෙහෙසියෙන් ගලපා ගන්නේ ‌මෙහෙමයි

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it