theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ගැබිණි සමයේ ගත යුතු ආහාර ගැන ඔබ දැනුවත්ද?

5 අවම කියවීම
ගැබිණි සමයේ ගත යුතු ආහාර ගැන ඔබ දැනුවත්ද?ගැබිණි සමයේ ගත යුතු ආහාර ගැන ඔබ දැනුවත්ද?

ගැබිණි සමයේ ඔබගේ පෝෂණය අතිශයින්ම වැදගත්

ගැබිනි සමයේ ආහාර ගැන නිතර කතා කරනවා. මොනවද හොද මොනවාද නරක? සමහර වැඩිහිටි අම්මලා ගැබිනි මව්වරුන්ගේ කෑම සදහා තහංචි දානවා.

මේවා සීතයි. මේවා ඌෂ්ණයි. මේවා නුගුණයි. ඔබ වගේ දහසක් කතන්දර මැද ගැබිනි මවට නිසි පෝෂණය ලබා ගැනීම අව්‍ය්‍ය වෙනවා.

මේ ඒ පිළිබදව ආයුර්වේද වෛද්‍ය සජිත් චතුරංග අක්මීමන මහතාගේ ලිපියකි. එතුමන් විසින් ඔබ උදෙසා මුහුණු පොතට ලියන ලිපි මාලාවක තවත් වැදගත් ලිපියක් වු මෙම ලිපිය අද ඔබ වෙත ගෙන එනවා.

ගර්භණී මවකගේ පෝෂණය ඉතා වැදගත් වේ. සෑම සමාජයක් ම ඒ ගැන විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා.

ඒ අනුව පහත සඳහන් ආකාරයට ගර්භණී මවකගේ පෝෂණය ගැන සැලකිලිමත් විය යුතුයි. ඒ නිසා මව ගනු ලබන ආහාරවලින් කරුණු තුනක් ඉටු වෙනවා.

ඖෂධීය සහල්

1.මවගේ පෝෂණය.
2. ගැබ තුළ දරුවාගේ වර්ධනය.
3. මව් කිරි නිපදවීම.

ගැබිනි සමයේ පළමු මාස තුන තුළ බිළිඳකුගේ මූලික අංග නිර්මාණය වීම සිදුවේ.

එම නිසා බොහෝ පෝෂ්‍ය පදාර්ථ අඩංගු රස හයම සපිරි ගුණාත්මක බවින් වැඩි ආහාර වේලක් ගත යුතුයි.
මෙහිදි ඍෂි භාෂිත වලට අනුව ගැබිණි මවගේ ආහාරය සාත්වික, රාජසික හා තාමසික වශයෙන් තොරා බේරාගෙන ලබා දිය යුතුය.

ගැබිනි සමයේ ආහාර සම්බන්ධයෙන් සැළකිලිමත් විය යුතු ආහාර වර්ග 3ක්

ආතරයිටිස් රෝග ලක්ෂණ

1. සාත්වික ආහාර

සිරැරට ගුණදායක වන අලුත් එලවලු, පලතුරැ, හා නැවුම් කිරි, අලුත් පලා වර්ග, ධාන්‍ය වර්ග මෙම ගණයට අයත් වේ.

මේවා ජීර්ණය පහසු වන අතර සිරුර පිරිසිදු කරයි. එමෙන්ම මානසික ඒකාග්‍රතාව වර්ධනය කරයි සාත්වික ආහාර වැඩිපුර ගැනීම ශරීරයට ඉතාම ගුණ ගෙන දෙයි.

2. රාජසික ආහාර

රාජසික ආහාර බරින් වැඩිය. ජීර්ණයට මදක් කල් ගතවේ ශරීරයේ බල වඩවයි. ශරීරය වර්ධනයට සෘජුව උපකාරී වේ.

වැඩිපුර ගැනීම මානසික සාමයට බාධා ඇති කරයි. මේ ගණයට අයත් වන්නේ අලුත් මස් වර්ග, මාලු වර්ග, බටර් වර්ග, ගිතෙල් ආදිය වේ.

3. තාමසික ආහාර

තාමසික ආහාර වැඩිපුර ගැනීමෙන් ශරීරයේ විෂ එකතු වීම හා චර්ම රෝග ඇති වීම මානසික නොරිස්සුම්භාවය ඇතිවේ.

මෙම ආහාර ගණයට වැටෙනුයේ පැසවන ලද ආහාර ජාඩි, අච්චාරැ, සැමන්, කරවල, උම්බලකඩ ආදිය වේ.

මේවා හැකි තරම් අඩුවෙන් ගැනීම ගැබිණි මව්වරුන් ට හිතකර වෙයි.

එම නිසා සාත්වික ආහාර වැඩිපුර ආහාර වේලට එක් කර ගැනීමත් රාජසික ආහාර මධ්‍යම වශයෙන් එකතු කර ගැනීමත්.

තාමසික ආහාර වලින් හැකි තරම් වැලකී සිටීමත් ගැබිණි මවට ආරක්ෂාකාරී වේ.

ගැබිණි සමය තුළ ගන්නා ආහාරපාන පිළිබඳ විශේෂ සඳහන් කිරීමක් ආයුර්වේදයේ පවතී.

මේ අනුව මෙම කාලයේදී ආහාර පිළිබඳ කෙතරම් සැලකිලිමත් විය යුතුද යන්න පෙනී යයි.

ගැබිනි සමයේ ආහාර: ගැබිණි සමයේ මුල් තෙමසට ආහාර

ගැබිණියගේ මුල් තෙමස කලලය තදින් ගර්භාෂයට බැඳගන්නා කාලයයි. ඒ සඳහා උදවුවීමට වැඩිපුර ශීත ද්‍රව බහුල ආහාර ගත යුතු බව දක්වා ඇත.

ගැබිනි සමයේ මුල් තෙමසේ වඩා සුදුසු ආහාර

කොළ කැඳ
එළකිරි, හාතාවාරිය කොළකැඳ, ගොටුකොළ කොළකැඳ,මුං ඇට, තැඹිලි වතුර, බාර්ලි,සව්කැඳ, කිරි කැඳ, ලූණු කැඳ, බතල, හිඟුරල, දෙලුම්, නෙල්ලි, ජම්බු, සැපතිල්ලා, අලිගැටපේර, කෙසෙල්, බෙලි වැනි ආහාර දැක්විය හැකිය.

ගැබිනි සමයේ මුල් තෙමසේ එතරම් නුසුදුසු ආහාර

කොල්ලු, රටඉදි, රඔුටන්, තල, ගස්ලබු, අන්නාසි, දුරියන්, කරවිල, ගෝවා, රාබු, මුරුංගා, කුරක්කන්, කිතුල්පිටි, රයිස්, කොත්තු

නිතර වමනයට එන මව්වරුන් ට බෙලි ගැට මද තම්බා දිම කල හැක.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

මාස 04-07 දක්වා කාලයේ ගැබිණියකගේ ආහාර

මේ කාලයේ කලලයේ සියලූ ශාරීරික කොටස් බෙදී වෙන්වී අවසානය. මේ දරුවාගේ වර්ධනය සීග‍්‍රව සිදුවන අවධියක් හෙයින් පෝෂණය වැඩිපුර අවශ්‍ය වේ.

එමෙන්ම කෑම අරුචිය,ඔක්කාරය වමන දුරුවී මවට ආහාර ගැනීමේ හැකියාව වැඩියෙන් දැනෙනා කාලයකි.

මෙම කාලය තුළ ගැබිණිය වේල් 03 ක් වත් සමබල ආහාරගත යුතුවේ.

  • එළකිරි හා කිරි ආශි‍්‍රත ආහාර: චීස්, යෝගට්, බටර්, පනිර්, දී කිරි (මුදවපු කිරි)
  • කැඳ වර්ග: පොල්පළා කැඳ, ගොකටු කැඳ
  • පැරණි සිංහල සහල්වලින් පිළියෙල කළ කැඳ වර්ග: කිරි කැඳ, බත් කැඳ, බැඳි හාල් කැඳ
  • මාංශ අඩංගු සුප් වර්ග: කාරල්ලන් සුප්, එළුකටු සුප්, කුකුළු සුප්
  • එළඟිතෙල්

4 වන මාසයේදි මව ඉල්ලන ආහාර ලබා දිය යුතුය.

එයට හේතුව එම ආහාර ගර්භයේ පෝෂණයට වැදගත් වන නිසාය.

6 වන මාසය පසු වන විට පාද ශෝත ඇති වේ.

එ සදහා නෙරෙංචි තම්බා බිමට දිය හැකිය.

ගැබිනි සමයේ ආහාර : අවසාන තෙමස

මේ මාස 03 මූලිකව සිදුවනුයේ ගර්භය ප‍්‍රමාණයෙන් විශාල වීමය. ඒ සමඟ කාන්තා ශරීරයේ අස්ථි පේශිවල ඇදෙන සුළු ස්වභාවය වැඩිවීම මගින් ස්වභාවික ප‍්‍රසවයකට ඉඩකඩ සැලැස්වීමද බලාපොරොත්තු වේ.

බත් කැඳ,මස් වර්ග යෙදු සුප් වර්ග, කිරිවර්ග,මුං ඇට කැඳ, කුරක්කන් කැඳ, කිරිබත්, ගිතෙල්, බටර් වැනි ආහාර මේ කාලය තුළ සුදුසු වේ.

මේ අතරම මව්කිරි වර්ධනය සඳහා විශේෂිත වූ ආහාර පාන පිළිබඳවද මේ කාලයේ සැලකිලිමත් විය යුතුය. ඒ සඳහා එළකිරි, හාතවාරි කැඳ, කිරි මෝර, තෝර, මඩු මාළු, පොළොස්, කිරි කොස්, කිරිඅඟුණ, කිරිහැන්ඳ, කුරුළුතුඩ, සුව`දැල්, රත්හාල් වැනි ආහාර සුදුසුය.

මාස 8න් පසු පිචු  ධාරණය ,අනුවාසන වස්ති ලබා දිය හැකිය.
උද්වර්තන, අභ්‍යංග සිදු කරයි. එ සදහා නාරායන, ක්ෂිරබලා, පිණ්ඩ ⁣වැනි තෙල් භාවිතා කරයි.

ප්‍රසුතියෙන් පසු පාවට්ටා, එඩරැ, බෙලි කොල, සියඔලා කොල, මුරුංගා කොල/නික කොල
මෙම කොල වර්ග තම්බා වතුරින් ස්නානය කිරිමද හිතකරයි.

මේ සම්බන්ධ තවත් දාරක වත්පිළිවෙත් අපි ඉදිරීයේ දි සාකච්ඡා කරමු.

මාතෘත්වයේ මහා කරුණාව විශ්වයටම ලැබේවා...!

වෛද්‍යතුමන්ගේ මුල් ලිපියට

ගැබිනි සමයේ ආහාර

ආයුර්වේද වෛද්‍ය සජිත් චතුරංග අක්මීමන.
BAMS ( University of Kelaniya )
Dip in Yoga and Relaxation (kelaniya)

ගම්පහ සිද්ධායුර්වේද බෙහෙත් ශාලාව

අංක 67/68,

5 වන මාවත පොදු වෙළඳ සංකීර්ණය

අම්පාර

දු. ක. අංකය - 0719853514

මෙම වටිනා ලිපිය ඔබ බෙදා ගැනීමට අවසරදීම පිළිබදව සජිත් චතුරංග අක්මීමන වෛද්‍යතුමන්ට අපගේ ස්තුතිය පුද කර සිටිනවා.

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ගර්භණී අවදිය
  • /
  • ගැබිණි සමයේ ගත යුතු ආහාර ගැන ඔබ දැනුවත්ද?
බෙදාගන්න :
  • ගර්භණි සමයේ ආරක්ෂිත හා අනාරක්ෂිත පළතුරු ගැන දැන ගනිමුද?

    ගර්භණි සමයේ ආරක්ෂිත හා අනාරක්ෂිත පළතුරු ගැන දැන ගනිමුද?

  • ගර්භණි සමයේ නින්ද පහසුවෙන් සුවපහසු කරගන්නේ මෙහෙමයි

    ගර්භණි සමයේ නින්ද පහසුවෙන් සුවපහසු කරගන්නේ මෙහෙමයි

  • ගර්භණි සමයේ ආරක්ෂිත හා අනාරක්ෂිත පළතුරු ගැන දැන ගනිමුද?

    ගර්භණි සමයේ ආරක්ෂිත හා අනාරක්ෂිත පළතුරු ගැන දැන ගනිමුද?

  • ගර්භණි සමයේ නින්ද පහසුවෙන් සුවපහසු කරගන්නේ මෙහෙමයි

    ගර්භණි සමයේ නින්ද පහසුවෙන් සුවපහසු කරගන්නේ මෙහෙමයි

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it