ඔබේ දරුවාට උස යන්න උදවු කරන්න මේ කෑම තෝරා දෙන්න

ඔබේ දරුවාට උස යන්න උදවු කරන්න මේ කෑම තෝරා දෙන්න

හරි පෝෂණය ලබා දීමෙන් දරුවන්ට උපතින් ලැබෙන උස වැඩි කරගන්න අපිට උදවු වෙන්න පුළුවන්. ඔබේ දරුවාගේ උපරිම උස ජාන මගින් නිගමනය කළත් ඔවුන්ට නිසි පෝෂණයක් ලබාදීමෙන් ඒ තත්වය වෙනස් කළ හැකිය.

වාර්තා වලට අනුව අවුරුදු 100 කට පෙර පිරිමින්ට වඩා වර්තමානයේ පිරිමින්ගේ උස අඟල් 4-5 උසින් වැඩිවී ඇති බව කියනවා. මෙය බොහෝ දුරට පෝෂණය මත බලපානවා. මෙම ආහාර ඔබේ දරුවා ජාන ඉක්මවා ශක්තිමත්ව දරුවාගේ උස වැඩි කරන්න උපකාර වෙනවා.

ඔබේ දරුවාට උස යන්න උදවු කරන්න මේ කෑම තෝරා දෙන්න

දරුවාගේ උස වැඩි කරන ආහාර

1. කැල්සියම් බහුල ආහාර

WebMD ට අනුව කැල්සියම් අස්ථිවල වර්ධනයට පමණක් නොවෙයි මාංශ පේශිවල ක්‍රියාකරිත්වයටත් උදවු වෙනවා. කිරි, යෝගට්, නිවිති වැනි කැල්සියම් බහුල ආහාර මීට උදවු වෙනවා.

runny nose milk and cookie disease

2. ප්‍රෝටීන් බහුල ආහාර

ප්‍රෝටීන් ශරීරයේ රඳා පැවැත්ම සහතික කරන අතර ඔබේ ශරීරයේ ශක්තිය පවත්වා ගන්න ප්‍රෝටීන් අත්‍යවශ්‍යයි. නමුත් ඒ මගින් ප්‍රෝටීන් අඩංගු ආහාරම දරුවාට දෙන්න යැයි අදහස් කරන්නේ නැහැ.

කෙසේ වෙතත් ජාන වල බලපෑම ඊට වැදගත් වෙනවා. ඒ වගේම උවමනාවට වඩා ප්‍රෝටීන් වුවත් ශරීරයට හිතකර නැහැ. කිරි, බිත්තර, සෝයා ඇට, ඔට්මිල්, මස් වර්ග ප්‍රෝටීන් අඩංගු ආහාර ලෙස හඳුන්වන්න පුළුවන්.

ඔබේ දරුවාට උස යන්න උදවු කරන්න මේ කෑම තෝරා දෙන්න

සමබල ආහාර වේලක්

මිනිසුන්ට ප්‍රෝටීන් හා කැල්සියම් වලින් පමණක් ජීවත් වෙන්න බැහැ. මේවා වැඩිපුර ගැනීම නිසා රෝග හැදෙන්න පුළුවන්. ඒ නිසා එක් එක් පෝෂණයන් ඇති ආහාර තෝරා ගෙන වඩා සමබල ලෙස ගැනීමයි වැදගත්.

විටමින් A ප්‍රෝටීන් සංකලනයට උදවු වෙන අතර විටමින් D කැල්සියම් උරා ගැනීමට උදවු වෙන අතරම අස්ථිවල ශක්තිය පවත්වා ගැනීමට උදවු වෙනවා. ඒ වගේම අනෙකුත් හැම විටමින් වර්ගයක්ම මේ ආකාරයට ශරීරයේ පැවැත්මට දායක වෙනවා.

අවබෝධයෙන් ආහාර ගැනීම අපිට වැදගත් වන්නේ එහි සීමාවන් වලින් එහා යාම අහිතකර වන නිසයි. ඒ නිසා සමබල ආහාර සමගින් මේ සඳහන් කළ ආහාර ගැනත් වැඩි අවධානයක් දෙන්න. ඔබේ දරුවා උසින් පෝෂණයෙන් වැඩි දරුවෙකු කරන්න උදවු කරන්න theAsianparent Sri Lanka මෙය අවස්ථාවක් කරගන්නට සිතුවා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

Any views or opinions expressed in this article are personal and belong solely to the author; and do not represent those of theAsianparent or its clients.
කතන්දර ලිපි