මාස 6 සිට අවුරුදු 2 දක්වා ‌පොඩ්ඩන්ට ආහාර වට්ට‌ෝරු 20 ක්

මාස 6 සිට අවුරුදු 2 දක්වා ‌පොඩ්ඩන්ට ආහාර වට්ට‌ෝරු 20 ක්

බබාගේ වර්ධනය එක්ක ඒ ඒ අවධි වල පෝෂණ අවශ්‍යතාවය මෙන්ම, බබාට දෙන්න පුළුවන් කෑම, සනීපාරක්ෂාව වගේ ගොඩාක් දේවල් අම්මා අනිවාර්යයෙන්ම දැනගන්න ඕනා.

ළදරු නාම උත්පාදකය

ස්ත්‍රී පුරුෂ භාවය

අකුර

ප්‍රභේදය

සොයාගත් ළදරු නම්

සොයාගත නොහැක

බබාට කෑම වට්ටෝරු අදහස් ටිකක් අපි අද අරගෙන එනවා. මාස 06 ක් වෙනකම් අම්මා ගෙන් තම පෝෂණ අවශ්‍යතා පිරි මහ ගත්ත පොඩ්ඩා දැන් ස්වාධීනව ආහාර ගන්න සුදානම්.
 
ඒ වගේම පුංචි පැටියාට ආහාර කැවීමේ මහ යුද්ධයට සුදානම් වෙන අම්මාටත් තියෙන්නේ චකිතය මුසු හැඟීමක්. ඔන්න the Asianparent sri lanka අපේ මේ සුදානම ඔබට ආදරණීය මඟ පෙන්වීමක් කරන්න.
 
බබාගේ කෑම පටන් ගන්න කලින් අම්මා ඒ ගැන දැනුවත් වීම වැදගත්. බබාගේ වර්ධනය එක්ක ඒ ඒ අවධි වල පෝෂණ අවශ්‍යතාවය මෙන්ම, බබාට දෙන්න පුළුවන් කෑම, සනීපාරක්ෂාව වගේ ගොඩාක් දේවල් අම්මා අනිවාර්යයෙන්ම දැනගන්න ඕනා.
 
මාස 06 ක් සම්පුර්ණ වෙනකොට මව්කිරි විතරක් බිව්ව පුංචි පැටියා ඝන ආහාර පටන් ගන්නවා.
බබාට කෑම වට්ටෝරු අදහස්: බබාගේ කෑම ආරම්භය (මාස 06 සිට මාස 08 දක්වා)
*බබාට ඝන ආහාර හදුන්වා දුන්නද මව්කිරි ලබා දීම නොකඩවා කරන්න. බබාලට කලින්ම එළවලු වර්ග රාශියකට පුරුදු කිරීම හොඳයි.  
පළමු දවසේදී
  • හොදින් මත ගා ගත් බත් එකෙන් තේ හැදි 2-3 ක් වේලකට දෙන්න. එම තලපයට මව්කිරි ටිකක් එකතු කිරීමෙන් බබා එයට කැමති වේවි.
සමහර ‌දෙමව්පියන් බත් නැතිව ‌වෙනත් ආහාර පටන් ගන්නවා.
  • පොඩි කරගත් අලිගැට ‌පේර ‌ගෙඩියකින් ‌තේ හැදි 2-3 ක් මව් කිරි ටිකක් එකතු කර ලබා ‌දෙන්න.
  • පොඩි කරගත් තම්බා ගත් වට්ටක්කා ‌තේ හැදි 2-3 ක් මව් කිරි ටිකක් එකතු කර ලබා ‌දෙන්න.
දින තුනකට පසු
හොදින් මත ගා ගත් බත් තේ හැදි 2-3 ක් වේල් දෙකක් ලබා වෙන්න. බතට ඇට වර්ගයක් එකතු කරන්න. අලිගැට ‌පේර ‌හෝ තම්බා ගත් වට්ටක්කා/වෙනත් එළවලු වර්ග ලබා ‌දෙන්න පුළුවන්.
සතියකට පසු
බත් තලපයට අනෙක් එළවලු එකතු කරන්න. අලුත් ආහාර ලබා දීමේදී දින දෙක තුනක් එක දිගට එය ලබාදෙන්න. වරකට එක් ආහාරයක් බැගින් හදුන්වා ‌දෙන්න. තලපය වරකට තේ හැදි දෙක තුන බැගින් දවසට දෙවරක් ලබා දෙන්න.
 
බබාගේ කෑම හදුන්වා දිය හැකි එළවළු  ඇට වර්ග පලා වර්ග  මාංශ ප්‍රභව
වට්ටක්කා
අලුකෙසෙල්
අර්තාපල්
කැරට්
පරිප්පු

මුංඇට

කඩල

තම්පලා
සාරණ
ගොටුකොළ
මුකුණුවැන්න
හාල් මැස්සන් කුඩු
 
 
 
දිනකට වරක් පොඩි කරගත් පළතුරකින් තේ හැදි කිහිපයක් ලබා දෙන්න.
හදුන්වා දිය හැකි පළතුරු
  • කෙසෙල්
  • පැපොල්
  • අලිපේර
  • අඹ
  • කොමඩු
මාස 06 සිට මාස 07 දක්වා බබාට කෑම වට්ටෝරු අදහස්
උඩින් තියෙන සෑම ආහාර කාණ්ඩායමක්ම නියෝජනය වෙන පරිදි ඔබට කෑම වට්ටෝරුවක් හදාගන්න පුළුවන්.
 
උදාහරණ:
  • බත්, පරිප්පු, වට්ටක්කා, ගොටුකොළ, මාළු
  • මුං ඇට, බත්,  කැරට්,නිවිති, හාල්මැස්සන් කුඩු
  • බත් , පරිප්පු, බතල, සාරණ,පීකදු
  • බත්, මුංඇට, අර්තාපල් , මුකුණුවැන්න, මස්
තම්බා ලබාදීම
ඉහත ඕනීම වට්ටෝරුවක් ජලයෙන් තම්බා මත ගා ලබා දෙන්න.
 
කිරෙන් පිසීම
ඉහත ඕනීම වට්ටෝරුවක් ජලයෙන් තම්බා, එයට උකු පොල් කිරි ස්වල්පයක් එකතු කර පිසගන්න.  එය මත ගා ලබා දෙන්න
 
තෙම්පරාදු කිරීම
ඉහත ඕනීම වට්ටෝරුවක් ජලයෙන් තම්බා, තෙල් මේස හැන්දක් හෝ බටර් යොදා  තෙම්පරාදු කරන්න. එය මත ගා බබාට දෙන්න.
මාස 7 සිට මාස 9 දක්වා
මේ සියුම්  කැබලි ආහාර ලබා දීමට සුදුසුයි. දරුවාට ආහාර බෙලෙන්ඩ් කර ආහාර ලබා දෙන්න එපා.
බත් , ඇට වර්ගයක්, හාල්මැස්සන් කුඩු/මස්/මාළු, එළවළු , පලා අඩංගු සමබර ආහාර වේලක් දෙන්න.
 
පොල් කිරි හෝ තෙල් තේ හැන්දක් සකස් කරන ආහාරයට  එක් කරන්න පුළුවන්. තෙල් වෙනුවට ඔබට ලුණු රහිත බටර් ද එකතු කරන්න පුළුවන්. දිනකට අඩු කෝප්ප භාගයකට වැඩියෙන් වේල් දෙක තුනෙන් පටන් ගෙන ප්‍රධාන වේල් තුන හතර දක්වා වැඩි කරන්න.
 
දැන් බබාට කුකුල් මස් හා වෙනත් මස් වර්ග පොඩි ප්‍රමාණ වලින් දෙන්න පුළුවන්. මාළු වර්ගත් බබාට හඳුන්වා දෙන්න. මාළු දෙනකොට පිරිසිදු ඇඟිලි වලින් මාළු වල ඇති පුංචි කටු අහක් කරන්න.
 
කෙටි ආහාර වේල් දෙකක් පමණ ලබා දෙන්න. (කෙසෙල්, පැපොල්, අලිපේර, අඹ, කොමඩු පොඩි කර දෙන්න).
කෙටි ආහාර අදහස්
  • ඉදුණු කෙසෙල් හෝ අලිගැට පේර ‌පොඩි කර යෝගට් හෝ කිරි ‌මේස හැන්දක් එක්කරන්න.
  • බතල ‌හෝ අර්ථාපල් අලයක් තම්බා එයට ලුණු රහිත බටර් හැන්දක් එක්කරන්න.
  • හොදිින් තම්බා ගත් බිත්තරයක්
මාස 9 සිට මාස 12 දක්වා
අඩු කෝප්ප තුන් කාල බැගින් ප්‍රධාන වේල් 3-4 ලබා ‌දෙන්න. කෙටි ආහාර වේල් 1-2 ලබා ‌දෙන්න. අතට ලබා දිය හැකි ආහාර ලබා ‌දෙන්න.
කෙටි ආහාර අදහස්
  • තැම්බු ඇට – මුං ඇට තම්බා ‌පොල් සමග / කඩල ‌තෙම්පරාදු කර
  • තැම්බු අල- බතල ‌පොල් සමග /අල ‌පොල් සමග/අල , ‌මාළු තම්බා ‌ගෙන එයට බටර් ටිකක් එකතු කරන්න. ‌පේසට් එකක් ‌ලෙස
  • පළතුරු (කෙසෙල්, පැපොල්, අලිපේර, අඹ, කොමඩු පොඩි කර දෙන්න)
  • යෝගට්
  • ත්‍රිපෝෂ
මාස 6 සිට අවුරුදු 2 දක්වා ‌පොඩ්ඩන්ට ආහාර වට්ට‌ෝරු 20 ක්

බබාට අවුරුද්දක් වෙද්දී අපි කන බත් වේලට පුරුදු කරන්න

මාස13 සිට අවුරුදු 2 දක්වා
අඩු කෝප්පය බැගින් ප්‍රධාන වේල් 3-4 ලබා ‌දෙන්න. පවුලේ ආහාර ලබා ‌දෙන්න.
බබාට කෑම වට්ටෝරු අදහස්: ප්‍රධාන ආහාර ‌‌වේල
  • එළවළු බත් – කැරට්, ලීක්ස් හීනියට කපා ‌‌තෙල්  හෝ බටර් ‌යොදා  ‌තෙම්පරාදු කරගන්න. එයට බිත්තරයක්ද එකතු කරගන්න. ඉන්පසු පිස ගත් බත් එකතු කරගන්න.
  • එළවළු හා ව්‍යාංජන – බත් සමග එළවළු, පලා වර්ග, ඇට වර්ගයක්, මාංශමය ආහාරයක්
  • ඉදිආප්ප කොත්තු – කැරට්, ලීක්ස් හීනියට කපා ‌‌තෙල්  හෝ බටර් ‌යොදා  ‌තෙම්පරාදු කරගන්න. එයට බිත්තරයක්ද එකතු කරගන්න. ඉන්පසු පිස ගත් කඩා ගත් ඉදිආප්ප එකතු කරගන්න.
  • නූල්ඩ්ස් -එළවළු බත් හදන ආකාරයට ‌‌‌‌තෙම්පරාදු කර නුල්ඩස් එකතු කරන්න
  • පැස්ටා – තෙම්පරාදු කර ගත් කැරට්,ලීක්ස් , ‌බෝංචි මිශ්‍රණයට තම්බා ගත් පැස්ටා එකතු කර එයට කිරි, චීස් එක් කර තැම්බෙන්න හරින්න. අවශ්‍ය නම් ‌තෙම්පරාදුවට මාළු ‌හෝ බිත්තර එකතු කරන්න පුළුවන්.
  • එළවළු තම්බා –  කැරට්, අල , ‌‌බෝංචි තම්බා ගන්න. බිත්තරයක් තම්බා ගන්න. මාළු කැබැල්ලක් බිස්කට් කුඩු දවටා බැද ගන්න. දැන් පාන් ‌‌පෙත්තක බටර් දවටා කෑමට ‌දෙන්න.
  • ඇට වර්ග – මුං ඇට,කවුපි,කඩල තම්බා ‌පොල් සමග
  • අල වර්ග – බතල, අර්ථාපල් තම්බා ‌පොල් ‌හෝ බටර් සමග
කෙටි  ආහාර වේල් 2 ලබා ‌දෙන්න.
බබාට කෑම වට්ටෝරු අදහස්: ‌කෙටි ආහාර ‌‌වේල
පළතුරු (කෙසෙල්, පැපොල්, අලිපේර, අඹ, කොමඩු පොඩි කර දෙන්න)
  • ත්‍රිපෝෂ
  • යෝගට්
  • චීස්
  • සැන්විචර්ස් –  බිත්තර තම්බා බටර් එක්ක ‌පොඩි කර ගන්න හෝ මාළු තම්බා බටර් එක්ක ‌පොඩි කර ගන්න හෝ කැරට්,බීට් තම්බා බටර් එක්ක ‌පොඩි කර ගන්න හෝ අල,මාළු තම්බා බටර් එක්ක ‌පොඩි කර ගන්න මේ මිශ්‍රණය බටර් තැවරු පාන් මත තවරා ‌දෙන්න
  • සුප් – කැරට්, ‌බෝංචි, ලීක්ස්, ‌ගෝවා, අල, පරිප්පු වතුර ස්වල්පයක් එකතු කර ලුණුද ‌යොදා තම්බා ගන්න.
  • රොටි – පාන් පිටි, ‌පොල් සමග ලුණු ස්වල්පයක් දමා ‌හොදින් ‌දෙපැත්තට තම්බා ගන්න. බිත්තරයක් එකතු කර රසවත් බව වගේම ‌පෝෂණයද වැඩි කරගන්න.
බබාට කෑම වට්ටෝරු අදහස්: ‌පෝෂණය ගැන දැනගත යුතු කරුණු
  • පළමු වසර දෙක තුල දරුවාගේ මොළය වර්ධනයට යකඩ  බහුලව අවශ්‍ය වෙනවා. මේවා නිවිති, කොළ ගෝවා වැනි එළවලු වලින් සහ මස්, තෙල් සහිත මාළු වලින් ලබා දිය හැකියි.  
  • තන්තුමය ආහාර මලබද්ධය වළක්වනවා.
  • ජලය හොදින් පානයට ලබාදෙන්න.
  • මේ ආහාර අතරට මව්කිරි දෙන්න.
බබාට කෑම වට්ටෝරු අදහස්: පොඩ්ඩාට කෑම කවන්න පෙර මේ ගැනත්  දැනුවත් වෙන්න.
  • ලුණු හා සීනි මාස ‌දොළහක් යන තුරු බබාට සුදුසු නැහැ.
  • මාස 12 න් පසුත් ලුණු හා සීනි සීමා සහිතව ලබා ‌දෙන්න.
  • අවුරුද්දක් ‌වෙනතුරු පිටි කිරි ‌දෙන්න එපා.
  • මාස 12 ක් ‌වෙනතුරු මී පැණි ‌ලබා දීම අනාරක්ෂිතයි.
  • දරුවාට වයස අනුව නියමිත ආහාර ලබා ‌දෙන්න. දිගටම ආහාර තලපය ‌නොදෙන්න.
  • බබාගේ කෑම සකස් කරන්න කලින් සබන් දාලා අත් ‌සෝදන්න
  • දරුවාට ආහාර ‌ගන්නා විට රූපවාහිනිය නිවා තබන්න.
  • කෘතිම බීම වර්ග හා ආහාර ලබා නොදෙන්න.
දරුවෙක් රෝගී වු විට ආහාර ලබාදීම
  • පෝෂ්‍ය ගුණය වැඩි ආහාර කුඩා කොටස් වලින් වැඩි වාර ගණනක් දෙන්න.
  • රෝගය අනුව දිය යුතු නොදිය යුතු ආහාර වෛද්‍ය උපදෙස් මත ලබාදෙන්න.
මුලාශ්‍ර – ළමා ස‌ෞඛ්‍ය වර්ධන සටහන, පෝෂණ මග ‌පෙන්වීම් අත්පොත