ඔටිසම් රෝග තත්වය ඇති දරුවන්ට නොදිය යුතු ආහාර

ඔටිසම් රෝග තත්වය ඇති දරුවන්ට නොදිය යුතු ආහාර

ඔබේ දරුවා ඕටිසම් තත්වයෙන් පෙලෙනවා නම් මේ ආහාර වර්ග දීමෙන් හැකි තරම් වළකින්න. දරුවාට දීමට සුදුසු ආහාර ගැනත් මෙහි සඳහන් වනවා

ඔටිසම් තත්වයෙන් පෙළෙන දරුවන් සාමාන්‍යයෙන්, මල බද්ධය සහ පාචනය වැනි ආමාශ ආශ්‍රිත ගැටළු වලට මුහුණ දෙන අවස්ථා බහුල වනවා. මේ නිසා දරුවාට සුදුසු ආහාර මෙන්ම, ඕටිසම් වලට නුසුදුසු ආහාර ගැනද දැනුවත් විය යුතු වනවා.

මක්නිසාද, මෙම ශාරීරික රෝග ලක්ෂණ කෙසේ වෙතත්, බඩවැල් වල හා අන්ත්‍ර වල විෂ හා බැක්ටීරියා වර්ධනය සිදුවීම නිසා එය මොළයට ද බලපානවා. 

මින් අදහස් කරන්නේ දරුවාගේ ආහාර වේලෙහි වෙනසක් ඇති කිරීම මගින් රෝග ලක්ෂණ පාලනය කිරීමේ හැකියාවක් ඇති බවයි. 
 
ඉතින්, ඔබට ඔටිසම් රෝගයෙන් පෙළෙන දරුවෙකු සිටී නම්, දරුවාට දීමෙන් වැළකී සිටිය යුතු ආහාර තිබෙනවා.  
ඕටිසම් සහිත දරුවන්ට නොදිය යුතු, ඕටිසම් වලට නුසුදුසු ආහාර 5ක්
1. ඕටිසම් වලට නුසුදුසු ආහාර: කැසීන්(Casein) බහුල ආහාර

ඔටිසම් රෝගය සහිත දරුවන් කෑමට ගැනීමෙන් වැළකිය යුතු ආහාර අතරට මෙය ඇතුළත් වන්නේ ඇයි?

ඔටිසම් රෝගය වළක්වා ගැනීමට උපකාර වන ආහාර වනට මෙය ඇතුළත් වන්නේ ඇයි?
Autism Speaks  වලට අනුව, ඔටිසම් රෝගයෙන් පෙළෙන දරුවන්ගේ, කේසීන් සහිත ආහාර ජිර්ණය වන්නේ ඕටිසම් නොමැති දරුවන්ට වඩා වෙනස් ආකාරයෙන්.  එම වෙනස නිසා උපපාර්ශවීය සන්නිවේදනය සහ සමාජ කුසලතා වැනි පොදු රෝග ලක්ෂණ මතු වන්නට පුළුවන්.විශේෂයෙන්, කැසීන් අපගේ බඩවැල් වල අම්ල සමඟ ප්‍රතික්‍රියා කර ඇති කරන රසායන සං‍යුථිය ස්නායු පද්ධතියට ළඟා වූ විට ගැටළු කිහිපයක් ඇති කරන රසායනික ද්‍රව්‍යයක් සාදනු ලබනවා. – මොළයේ මීදුම (brain fog), අවධානය යොමු කිරීමේ අපහසුතාව සහ වේදනාවට සංවේදී නොවීම වැති තත්ව ඇතිවන්නට පුළුවන්.
වෙනත් සොයාගැනීම් වලට අනුව, ඔටිසම් රෝගයෙන් පෙළෙන පුද්ගලයින් තම ආහාර වේලෙන් කිරි ඉවත් කළ විට රෝග ලක්ෂණ වල වර්ධනයක් පෙන්නුම් කල අතර, ඔවුන් වැඩිපුර කතා කිරීමට පටන් ගත් අතර, ඔවුන්ගේ අධි ක්‍රියාකාරීත්වය අඩු වී බඩවැල් හා මළපහ කිරීම ආශ්‍රිත ගැටළුද විසඳුණි.
ඕටිසම් වලට නුසුදුසු ආහාර

චීස් යනු ජනප්‍රිය ආහාරයක් වුවත් ඕටිසම් සහිත දරුවන්ට දීමට සුදුසු නැති ආහාරයකි 

කේසීන් බහුල ආහාර අතුරින් ඔටිසම් රෝගීන් පරිභෝජනය කිරීමෙන් වැලකිය යුතු කේසීන් බහුල ආහාර මොනවාද?

කේසීන් යනු පහත ආහාර ඇතුළුව, කිරි සහිත ආහාර සහ පාන නිෂ්පාදන කිහිපයක දක්නට ලැබෙන පොදු ප්‍රෝටීනයකි: 

  • සියලු චීස් වර්ග
  • යෝගට්
  • එළකිරි සහ එළු කිරි වැනි සත්ව කිරි

එහෙත්, ආහාර යනු අමුද්‍රව්‍යය එකකට වඩා වැඩියෙන් එකතු වී සැදුනකි. මෙය සීමා කිරීමට උත්සාහ ගන්නා අතරම, ඔබේ දරුවාට කොපමණ කැසීන් ප්‍රමාණයක් ලබා දිය යුතුද යන්න පිළිබඳව වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් විමසා දැනගත යුතුයි.

කැසීන් අඩංගු ආහාර සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම කැල්සියම් සහ විටමින් සී වැනි පෝෂණ ඌනතාවයන්ට හේතු විය හැකියි.

2. ඕටිසම් සඳහා අහිතකර ආහාර: සෝයා ආහාර

ඔටිසම් රෝගය සහිත දරුවන් කෑමට ගැනීමෙන් වැළකිය යුතු ආහාර අතරට මෙය ඇතුළත් වන්නේ ඇයි?

ඔටිසම් රෝගය පිළිබද විශේෂඤ්ගයින් පවසන්නේ ඔටිසම් රෝගයෙන් පෙළෙන දරුවන්ගේ ආහාර වේලෙන් සෝයා ආහාර සම්පූර්ණයෙන්ම තහනම් කළ යුතු බවයි: 
ඊට හේතු කිහිපයක් නම්;
  • ජානමය වෙනස් කිරීම් සමඟ සැකසූ ආහාර වීම හෝ
  • ඉන් අසාත්මිකතාවයක් විය හැකි වීම

ඔටිසම් රෝගයෙන් පෙළෙන සෝයා දරුවන්ට ආහාර තෝරාගැනීමේදී හා සැකසීමේදී දෙමාපියන් ආහාර ලේබල් හොඳින් පිරික්සීම ඉතා වැදගත් වනවා. ඒවායේ දත්ත අනුව දරුවන් විසින් කෙතරම් සෝයා සහිත ආහාර ප්‍රමාණයක් පරිභෝජනය කරනවාද යන්න හා එම ප්‍රමාණය සීමා කිරීමට හැකි වන බැවිනි. 

සෝයා ආහාර පරිභෝජනය සීමා කිරීමෙන් ඔටිසම් රෝග ලක්ෂණ අඩු වන බව කිසිදු පර්යේෂණ අධ්‍යයනයකින් තහවුරු වී නොමැති නමුත්, සෝයා, ග්ලූටන් සහ කැසීන් ප්‍රමාණය සීමා කළ දෙමාපියන් ඔටිසම් රෝගයෙන් පෙළෙන දරුවන් තුළ රෝග ලක්ෂණ යහපත් තත්වයට හැරෙන බව නිරීක්ෂණය කර තිබේ.

foods to avoid for autism

ඕටිසම් සහිත පුද්ගලයින් සෝයා සහිත ආහාර ගැනීමෙන් වැළකිය යුතුයි.

ඔටිසම් රෝග තත්වය සහිත දරුවන්ට දීමෙන් වැලකිය යුතු සෝයා ආහාර මොනවාද? 

වර්තමාන වෙළඳපොලේ ආහාර නිෂ්පාදන විශාල ප්‍රමාණයක් සෑදීමට සෝයා බෝංචි භාවිතා කෙරෙනවා.
  • සෝයා සෝස්
  • එඩමාම් (නියම බෝංචි)
  • ශීත කළ එළවළු පැටිස්
  • සෝයා තෙල්
  • ටෝෆු
  • සෝයා වල නොපෙනෙන ප්‍රභවයන් අඩංගු වන වන ගුවර් ගම් (guar gum) හෝ තොග කාරක.
3. ඕටිසම් වලට අහිතකර ආහාර: ග්ලූටන් අඩංගු ආහාර

ඔටිසම් රෝගය සහිත දරුවන් කෑමට ගැනීමෙන් වැළකිය යුතු ආහාර අතරට මෙය ඇතුළත් වන්නේ ඇයි?

ඔටිසම් රෝගය වළක්වා ගැනීමට උපකාර වන ආහාර වනට මෙය ඇතුළත් වන්නේ ඇයි? 

ග්ලූටන් යනු අනෙකුත් ප්‍රෝටීන වලින් සංයුක්ත වූ ප්‍රෝටීනයකි. එය ආහාරයට ගන්නා විට උදරයේ ඇවිළුම්සහගත තත්වයක් උද්දීපනය කල හැකි අතර ඊට ප්‍රතිචාර ලෙස සිරුරෙන් ඒ හා සමාන අවිළුම්සහගත ප්‍රතිදේහ නිපදවනු ලබයි. මෙය මොළයට පවා බලපෑ හැකියි.

ග්ලූටන් විශේෂයෙන් මොළයේ මස්තිෂ්කයට හානි කරයි. සායන වලින් ලබාගත් අධ්‍යයනවලින් පෙනී යන්නේ ඔටිසම් රෝගයෙන් පෙළෙන පුද්ගලයින්ගේ මොළයේ මස්තිෂ්ක ක්‍රියාකාරිත්වය අඩු වී ඇති අතර එය බොහෝ විට ග්ලූටන් මගින් නරක අතට හැරෙන බවයි.

ඔටිසම් රෝග තත්වය සහිත දරුවන්ට දීමෙන් වැලකිය යුතු ග්ලූටන් සහිත ආහාර මොනවාද?

සෙලියාක් රෝග(coeliac disease) සහ අනෙකුත් අසාත්මිකතාවන්ට වගකිව යුතු ප්‍රකට ප්‍රෝටීනයක් වන ග්ලූටන්, සොයාගත හැක්කේ තිරිඟු වල පමණක් නොවේ. විශේෂයෙන් පහත සඳහන් අමුද්‍රව්‍ය සියල්ලේම ග්ලූටන් අඩංගු වේ:

  • රයි (rye)
  • බාර්ලි
  • තිරිඟු
තම දරුවා අධික ලෙස ග්ලූටන් ආහාරයට ගැනීම සීමා කිරීම සඳහා ආහාර ලේබල් හොන්ඳින් කියවා පරිභෝජනයට ගන්නා ලෙස දෙමාපියන්ට උපදෙස් දෙනවා. මීට අමතරව, මෙනේරි (millet) සහ ඕට්ස් ආහාරයට ගැනීමෙන් සම්පූර්ණයෙන්ම වැලකෙන්නටත් උපදෙස් දෙනවා. 
 
මෙම ආහාර දෙවර්ගයම පිළිසකර වන්නේ ග්ලූටන් නිෂ්පාදන ආසන්නයේම බැවින් ඒවායේ ග්ලූටන් අන්තර්ගත වීමේ අවදානම වැඩි බැවිනි.  
කෙසේ වෙතත්, ග්ලූටන්වෙ වල වෙනත් වැදගත් පෝෂ්‍ය පදාර්ථ අන්තර්ගත බැවින් ආහාර වෙනස්කම් ක්‍රියාත්මක කිරීමට ප්‍රථම සෑම විටම පෝෂණවේදියෙකුගෙන් හෝ වෛද්‍යවරයෙකුගෙන් විමසන්න. ග්ලූටන් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම වෙනත් පෝෂණ ගැටළු වලට තුඩු දිය හැකිය.
4. ඕටිසම් වලට නුසුදුසු ආහාර: යීස්ට් අන්තර්ගත වූ හෝ යීස්ට් වර්ධනය ඇති කරන ආහාර

ඔටිසම් රෝගය සහිත දරුවන් කෑමට ගැනීමෙන් වැළකිය යුතු ආහාර අතරට මෙය ඇතුළත් වන්නේ ඇයි?

ඔටිසම් රෝගය වළක්වා ගැනීමට උපකාර වන ආහාර වනට මෙය ඇතුළත් වන්නේ ඇයි?  
 
යීස්ට් වර්ධනය කළ හැකි ආහාර මගින් බඩවැලේ හානිකර බැක්ටීරියා පැතිරීමට ඉඩ තිබේ. යීස්ට් අඩංගු බොහෝ ආහාර වල ප්‍රේරකවලින් එකක් වන්නේ සීනි ය. සීනි හානිකර වීමට හේතු බොහොමයකි:
  • බඩ දැවිල්ල ඇතිවීමේ සම්භාවිතාව වැඩි කරයි
  • මොළයේ සෛල අක්‍රමවත් ලෙස නිෂ්පාදනය කරයි
  • ඇබ්බැහි වීම් ඇති කරයි
මේ නිසා දෙමාපියන්ට උපදෙස් දෙන්නේ සීනි වෙනුවට ප්‍රෝටීන් ආදේශ කරගන්නා ලෙසයි. 
foods to avoid for autism

පාන් යීස්ට් අඩංගු වන අතර ඔටිසම් රෝගයෙන් වැළකී සිටිය හැකි ආහාර වලින් එකකි.

ඔටිසම් රෝග තත්වය සහිත දරුවන්ට දීමෙන් වැලකිය යුතු යීස්ට් බහුල ආහාර මොනවාද?

මෙම ආහාර සම්පූර්ණයෙන්ම නැවැත්විය නොහැකි නම් මෙම සීමිත ප්‍රමාණ වලින් ගැනීමට කටයුතු කළ හැකිය.  දරුවන් පෝෂණය කිරීමේදී දෙමාපියන් සැලකිලිමත් විය යුතු ආහාරවලට ඇතුළත් වන්නේ:

  • සීනි – මිදි හෝ පිසිනු ලබන්නේ වැනි පලතුරු වල පිරිපහදු කළ සහ ස්වාභාවික ඒවාය
  • පාන්
  • විනාකිරි
  • වයස්ගත මස්
  • චීස්
  • පිරිපහදු කළ කාබෝහයිඩ්රේට්
  • අර්තාපල්
  • ග්ලූටන් රහිත ධාන්ය වර්ග
5. ඕටිසම් වලට අහිතකර ආහාර: කෘතිම අමුද්රව්ය

ඕටිසම් වලට නුසුදුසු ආහාර

ඔටිසම් රෝගය සහිත දරුවන් කෑමට ගැනීමෙන් වැළකිය යුතු ආහාර අතරට මෙය ඇතුළත් වන්නේ ඇයි?

කෘතිම ආකලන සහ කල් තබා ගන්නා ද්‍රව්‍ය සීමා කිරීම සියලුම දරුවන්ට සුදුසු බව අපි දනිමු. නමුත් මෙය  ඔටිසම් රෝගයෙන් පෙළෙන දරුවන්ට ඊටත් වඩා වැදගත් වනවා.  විශේෂයෙන් කෘතිම සායම් හා වර්ණක සහිත ආහාර ගැනීමෙන් වැළකී සිටිය යුතුය.

ඔටිසම් රෝගයෙන් වැළකී සිටිය යුතු ආකලන අඩංගු ආහාර මොනවාද?

  • ආකලන
  • ආහාර කල් පවතින බවට කල් තබා ගන්නා ද්‍රව්‍ය
  • එම්.එස්.ජී. ( MSG)
  • පළිබෝධනාශක හෝ පළිබෝධනාශක වලින් නිකුත් වන අපද්‍රව්‍ය
  • ටාට්‍රසීන් (tartrazine) වැනි කෘතිම වර්ණ
  • කෘතිම රසකාරක
  • සහ කෘතිම පැණිරසකාරක.
මේ අනුව ඔටිසම් රෝගයෙන් පෙලෙන දරුවාගේ පෝෂණය සඳහා දිය යුතු ආහාර මොනවාද?

ඔටිසම් රෝගයෙන් පෙළෙන දරුවන් බඩවැල් ආසාධන වලට බහුලව මුහුණ දිය හැකි බැවින්, මෙය අවුලුවන හෝ උග්‍ර කළ හැකි ආහාර වලින් වැළකී සිටීමට ඔබට අවශ්‍යය.

සහතික ලත් සමස්ථ සෞඛ්‍ය උපදේශකයෙකු වන ජැකලින් සිල්වෙස්ට්‍රි බෑන්ක්ස්, ඔටිසම් රෝගයෙන් පෙලෙන තම දරුවන්ට පහත පෝෂ්‍යජනක ආහාර නිර්දේශ කරයි:

  • බඩවැල් වල ස්ථාවර බව තබාගැනීමට උපකාර වන ආහාර::
    • මාළු තෙල්වල ඇති ඔමේගා -3 මේද අම්ල – විශේෂයෙන් සැමන් වැනි මේද මාළු
    • හණ බීජ (flax seeds)
    • වොල්නට් (walnuts)
       
  • ප්‍රෝ සහ පූර්ව ජෛව විද්‍යාව (Pr and pre-biotics.). මෙම පැසුණු ආහාර මගින් බඩවැලේ ඇතිවන දැවිල්ල අඩු කරනවා පමණක් නොවේ බඩවැල් වල හොඳ බැක්ටීරියා ව්‍යාප්ත වීමටද උපකාරී වනවා. ප්‍රො බයොටික් සහිත ආහාර වර්ග :
    • කිරි රහිත යෝගට්
    • පැසුණු මෝර තෙල්
    • අමු ගෝවා සහ කිම්චි වැනි සංස්කෘතික එළවළු
  • සෞඛ්‍ය සම්පන්න ද්‍රාව්‍ය තන්තු අඩංගු පූර්ව ජෛව ආහාර ද ඇත:
    • කෙසෙල්
    • ඇස්පරගස්
    • බෝංචි සහ රනිල කුලයට අයත් බෝග
    • සුදුළුනු
    • ලීක්ස්ළූණු
    • ඇට
  • බියුටරික් අම්ලය අඩංගු ආහාර, සෞඛ්‍ය සම්පන්න බඩවැලක් පවත්වා ගැනීමට උපකාරී වේ. එය ප්‍රධාන වශයෙන් බටර් වල දක්නට ලැබේ. හරිත තණබිම්වල සැරිසරන, ඕගනික ලෙස ඇති කරන ලද එළදෙනුන්ගේ බටර් වල බොහෝ විට කාර්මික පුරුදු වල ඇති දැඩි කරන ලද එළදෙනුන්ගෙන් ලැබෙන බටර් වල අන්තර්ගත ප්‍රමානයට වඩා සාපේක්ෂව විශාල ප්‍රමාණයක් ඇත.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලූෆ පෙරේරා

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

Written by

Niloufer Perera