theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

පුතෙක් පිළිසිඳගන්න ඕනීද?එහෙනම් මෙන්න මේ පලතුර කන්න  

3 අවම කියවීම
පුතෙක් පිළිසිඳගන්න ඕනීද?එහෙනම් මෙන්න මේ පලතුර කන්න   පුතෙක් පිළිසිඳගන්න ඕනීද?එහෙනම් මෙන්න මේ පලතුර කන්න   

මෙම පලතුර ඔබේ දරුවාගේ ස්ත්‍රී පුරුෂ භාවය තීරණය කරන පෝෂ්‍ය ද්‍රව්‍ය වලින් අනුනයි. කුතුහලයක් ඇති වුනා නේද? එහෙනම් කියවන්න.

සමහර ආහාර ඔබගේ දරුවාගේ ස්ත්‍රී පුරුෂ භාවිතය තීරණය  බලපාන බව පැරණි ගෘහණියන් අතර විශ්වාසයක් තියෙනවා. ඉතින් පුතෙක් පිළිසිඳගන්න සිහින දකින ඔබ ආහාරයට ගත යුතු පළතුරක් ගැනයි මේ කියන්න යන්නේ.

දැන් මෙම විශ්වාසයන් තුල යම් සත්‍යයක් ඇති බව විද්‍යාවෙන් තහවුරු කරගෙන තියෙනවා.

පුතෙක් පිළිසිඳගන්න මවකගේ පෝෂණ අවශ්‍යතා ගැන අධ්‍යයනයක්

එක්සත් රාජධානියේ එක්ස්ටර් හා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයයන් වල විද්‍යාඥයන් විසින් බ්‍රිතාන්‍යයේ මුල්වරට ගැබ්ගත් මවුවරුන් 740 දෙනෙකුගේ ආහාර චර්‍යාවන් ඇසුරෙන් පරීක්ෂණ කර ඇත.

ගැබ් ගැනීමට පෙර, මුල් ගර්භණී අවධිය හා අවසාන ගර්භණී අවධිය යන අවධි තුනට අදාලව එම කාන්තාවන්ගේ පෝෂණ අවශ්‍යතා පිලිබඳව තොරතුරු එක්රැස් කරගෙන ඇත.

මෙම අධ්‍යනයන් ද රෝයල් සොෂයිටි හි ප්‍රකාශයට පත කරන ලදී.

වාර්තා අනුව,සියල්ල සත්‍ය නොවන නමුත් ආහාර හා ස්ත්‍රී පුරුෂ භාවය හා සම්බන්ධ සමහර සාම්ප්‍රදායික විශ්වාසයන් තුල සත්‍යතාවයක් ඇති බව මේ සොයා ගැනීම් තුලින් පෙන්වා දී තිබෙනවා.

මේ සම්බන්ධ පරීක්ෂකයෙකු වන ෆියෝනා මැතිව්ස්ට අනුව, ඉහල සෝඩියම් ප්‍රමාණයක්ද ලැබෙන නිසා කෙසෙල් ආහාරයට ගැනීමෙන් ඉහල පොටෑසියම් ප්‍රමාණයක් ලැබීම තුලින් පිරිමි දරුවෙකු ලබා ගත හැකියි කියන පැරණි විශ්වාසය තහවුරු කරගන්න ඔවුන්ට පුලුවන් වෙලා තියෙනවා.

පළමු වරට මවගේ ආහාර වේල හා ඇයගේ දරුවාගේ ස්ත්‍රී පුරුෂ භාවය අතර පැහැදිලි සම්බන්ධතාවයක් ඇති බව ඔවුන් පෙන්වා දෙන අතර මවට ශුක්‍රාණුවට හෝ ගර්භාෂයේ තැම්පත් වීමට පෙර  මුල් අවධියේ වු සංසේචිත ඩිම්බයට (යුක්තාණුවට) බලපෑම් කිරීමට හැකියාවක්  ඇති බව ඇය පැවසුවාය.

ඉහල ශක්තිය ප්‍රමාණයක් ඇති ආහාර කෑම මගින් පුතෙක් පිළිසිඳගන්නට පුළුවන්ද?

පිරිමි දරුවන් පිලිසිද ගැනීමට හේතු වන්නේ කෙසෙල් පමණක් නොවේ. මෙම පරීක්ෂණ සදහා යොදා ගත් කාන්තාවන් ගෙන් 56% ක් ඇසුරෙන් කරන ලද පරීක්ෂණ මගින් පිලිසිද ගැනීමේ අවධියේදී ඉහල ශක්තියක් ලබා දෙන ආහාර අරගෙන තියෙන මව්වරුන්ට පිරිමි දරුවන් ලැබිලා තියෙනවා  කියලා  සොයා ගෙන තියෙනවා.

තව දුරටත් පැහැදිලි කරනවා නම් පිළිසිඳගැනීමට පෙර ඉහල කැලරී ලබා ගැනීම තුලින් සෑම උපත් 20 කටම පිරිමි දරුවන් ලැබීමේ හැකියාව 10 ත් 11 ත් අතර අගයක් දක්වා ඉහල නංවාගන්න පුලුවන්.

මෙම අගය ලොව පුරා අඩු ශක්ති පරිභෝජනයක් ඇති 45% ක් වු කාන්තාවන් හා සැසදීමෙන් ලබාගත් අගයක් වේ.

තව දුරටත් බෙදා වෙන් කිරීම

පිරිමි දරුවන්ගේ මව්වරුන්ගේ සාමාන්‍ය කැලරි පරිභෝජනය    :2,413

ගැහැණු දරුවන්ගේ මව්වරුන්ගේ සාමාන්‍ය කැලරි පරිභෝජනය :2,283

කෙසෙල් වල ඇති අධි පොටෑසියම් ප්‍රමාණයට අමතරව පිරිමි දරුවන් ලැබු මව්වරුන් විටමින් සී ,ඊ හා බී 12 හා පිලිසිද ගැනීමේ අවධියේ කැල්සියම්  වැනි පෝෂ්‍ය කොටස් විශාල ප්‍රමාණයන් ගෙන් පරිභෝජනය කරලා තියෙනවා.

මීට අමතරව පිරිමි දරුවන් සිටින මව්වරුන් පිලිසිද ගන්නා අවධියේ උදෑසන ආහාරය වශයෙන් සීරියල් අරගෙන තියෙනවා.(ඉගියක්: ඔබට පිරිමි දරුවෙක් ලබාගන්න අවශ්‍ය නම් ඔබේ උදෑසන සීරියල් එකට කෙසෙල් පෙති කිහිපයක් එක්කර ආහාරයට ගන්න .)

සීමා සහිත ආහාර වේල් ලබා ගන්නා කාන්තාවන්ට ගැහැණු දරුවන් ලැබීමේ ප්‍රවණතාව වැඩිය.

ගර්භණී සමය පිලිබඳව සැලකිලිමත්ව ආහාර ගැනීම

කාන්තාවනි,මේ අධ්‍යනය කල විද්‍යාඥයන් ඇතුලු සෞඛ්‍ය සේවයේ සියලුම වෘත්තිකයන් ඔබ විසින් ඔබේ දරුවාගේ ස්ත්‍රී පුරුෂ භාවයට බලපෑම් කිරීමේ අරමුණින් ඔබේ ආහාර වේල වෙනස් කිරීම කිසිසේත් නිර්දේශ නොකරන බව මතක තබා ගන්න .

උදාහරණයක් වශයෙන් සෝඩියම් විශාල ප්‍රමාණයක් ආහාරයට ගැනීම හෝ වැදගත් පෝෂ්‍ය කොටස් වල ප්‍රමාණයන් විශාල ලෙස වෙනස් කිරීම ඔබේ සෞඛ්‍යයට අහිතකර විය හැක.

මැතිව්ස්ට අනුව, ඔබ පිරිමි දරුවෙක් බලාපොරොත්තු වෙනවා නම් දිනපතා උදෑසන ආහාරයට සීරියල් ගන්න. ආරක්ෂිත සීමාවන් තුල සාධාරණ ප්‍රමාණයන් ගෙන් සෝඩියම් පොටෑසියම් හා කැල්සියම් ලබා ගැනීම හා ප්‍රෝටීන් ලබා ගැනීම සංවේදී පියවරක් ලෙස සැලකිය හැකිය.

ඔබ ගැහැණු දරුවෙක් බලාපොරොත්තු වෙනවා නම් මෙහි ප්‍රතිවිරුද්ධ පැත්ත ආරක්ෂිත සීමාවන් තුල කල හැකිය.

පුංචි දුවෙකුට වගේම ඔයාලා පුංචි පුතෙක් ලබා ගන්නත් ආසයි නේද? theAsianparent Sri Lanka මෙම තොරතුරු ආදරයෙන් ඔබ හා බෙදා ගන්නේ අන්න ඒ හින්දාමයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ගැබ්ගැනීම
  • /
  • පුතෙක් පිළිසිඳගන්න ඕනීද?එහෙනම් මෙන්න මේ පලතුර කන්න  
බෙදාගන්න :
  • අම්මියෙක්ගේ  කදුලු...

    අම්මියෙක්ගේ කදුලු...

  • අනේ මටත් දුවෙක් සිටියා නම්...

    අනේ මටත් දුවෙක් සිටියා නම්...

  • අම්මියෙක්ගේ  කදුලු...

    අම්මියෙක්ගේ කදුලු...

  • අනේ මටත් දුවෙක් සිටියා නම්...

    අනේ මටත් දුවෙක් සිටියා නම්...

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it