theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

බබාට පලතුරු නිවැරදි ආකාරයෙන් දිය යුත්තේ කෙසේද?

5 අවම කියවීම
බබාට පලතුරු නිවැරදි ආකාරයෙන් දිය යුත්තේ කෙසේද?බබාට පලතුරු නිවැරදි ආකාරයෙන් දිය යුත්තේ කෙසේද?

අද ලිපියෙන් පුංචි බාබලට පලතුරු දීමේ සුදුසු නුසුදුසු බවත් බබාලට නිසි පරිදි පලතුරු දෙන ආකාරය ගැනත් ඔබට ඉතා වටිනා අදහක්ම කිහිපයක් දක්වන්නේ පලතුරු දීම දරුවෙක්ට ඉතාමත් වැදගත් වන නිසයි.

අද ලිපියෙන් අපට දායක වන්නේ අපගේ රසික මවක් වන රොෂිතා ප්‍රේමතිලක. ඇයගේම වචන වලින් පහත ලිපිය ඔබ වෙත ගෙනහැර පාන්නට අදහස් කළා. මේ ලිපියෙන්ම කතා කරන්නේ බබාට පලතුරු දීම ගැන.

පලතුරු දීම ඉතාමත් වැදගත් නිසාත්, මවුවරු පලතුරු වල ගුණය ආරක්ෂා වෙන විදියට දෙන්න නොදන්නා නිසාත් ඒ වගේම විශේෂයෙන්ම ලංකාවේ හැදෙන පලතුරු වලට ගුණ ගැන එතරම් සැලකිල්ලක් නොදක්වන නිසාත් යන කරුණු නිසා මේ ලිපිය ලියන්නට සිතුවා.

බබාට පලතුරු: පුංචි බාබලට පලතුරු දීම සුදුසුද? නුසුදුසුද?

මවුවරු බොහෝ දෙනෙක් පලතුරු දෙන්න බයයි. සමහර පලතුරු සීතලයි, සමහර ඒවා උෂ්ණයි, සෙම හැදෙනවා නොයෙක් නොයෙක් හේතු නිසා ලංකාවේ අපට ලේසියෙන්ම හොයා ගන්න තියෙන මිලෙන් අඩු හොඳ පලතුරු දෙන්න මවුවරු පැකිලෙනවා.

නමුත් පිටරට වල ඉඳන් එන මාස ගණන් පරණ, නැවට පටවද්දීත් මෙහෙ විකුණද්දීත් බෙහෙත් ගෝනි ගණන් විදින ඇපල් වගේ පලතුරු දෙන්න හරිම කැමතියි. ඇත්තටම ඇපල් කියන්නේ ගොඩක් ගුණදායී පලතුරක්. නමුත් ඇපල් දෙන්න බැරි උනා කියල දුක් වෙන්න එපා. ඒ අඩුව පුරවන්න ලාංකීක පලතුරු ඕන තරම් තියෙනවා.

ඕනෑම කෑමක ගුණ අගුණ තියෙනව. ඒ වගේම අසාත්මිකතා ඇති වෙන්න පුළුවන්. ඒවාට ප්‍රතිචාර දැක්වීමත් බබාගෙන් බබාට වෙනස්. පලතුරුත් එහෙමයි. එක පාරටම මේ පලතුර සෙමට හොඳ නැහැ මේක උෂ්ණයි කියල අතඅරින්න එපා.

පළවෙනි දවසේ පොඩ්ඩක් දෙන්න. ඊට පස්සේ ප්‍රශ්නයක් නැත්නම් ටික ටික දෙන ප්‍රමාණය වැඩි කරන්න. නමුත් අපි හිතමු පළවෙනි දවසේ බබාගේ යම්කිසි වෙනසක් පෙන්නුවා කියලා . උදාහරණයක් විදියට කොමඩු දුන්න ගමන් බබාට පොඩි සෙම ගතියක් ආවා කියල. ඊළඟ දවස් දෙකේ දෙන්න එපා.

නැවතත් ටික දවසකින් දීල බලන්න. එතකොට ඒ ප්‍රශ්නයට විරුද්ධව සටන් කරන්න ශරීරය හැඩ ගැසිලා තියෙන්න පුළුවන්. එතකොට නොදැනුවත්වම ප්‍රශ්නය විසඳිලා තියෙන්න පුළුවන්.

පුංචි බාබලට පලතුරු කැවිය යුත්තේ කෙසේද?

ඉතින් මේ පලතුරු අපි කොහොමද බබාලට කවන්නේ. ඇත්තටම එකත් හොඳ ප්‍රශ්නයක්. මොකද පොඩිම බබෙකුට අපි කන විදියට කන්න අමාරුයි. ඒ වගේම තමයි අපි පොඩිම කාලේදී බලන්නේ පුළුවන් තරම් පෝෂක ප්‍රමාණයක් බබාගේ කෑමට එකතු කරන්න.

පලතුරු බබාට දෙන විදිය පලතුරෙන් පලතුරට වෙනස් වෙනවා. බබාලගේ සෞඛ්‍ය වර්ධන සටහන් පොතේ තියෙන්නේ පොඩි කරගත් / සූරාගත් පලතුරු දෙන්න කියලා . ඇයි යුෂ (දියරමය තත්වයෙන්) දෙන්න එපා කියන්නේ හරි blend කරලා හරි දෙන්න එපා කියන්නේ.

  • සාමාන්‍යයෙන් අවුරුද්දකට අඩු බබෙකුට ආහාර දෙන්න කියන්නේ ඝන හෝ අර්ධ ඝන තත්වයෙන්.
    එකට හේතුව මම පසුව ලිපිවලින් පැහැදිලි කරන්නම්.
  • දෙවැන්න තමයි විටමින්වලට හානි වීම.
    පලතුරු කියන්නේ විටමින් වලින් අනූන ආහාරයක්. ඉතින් ඕනවට වඩා තැලීමෙන්, පොඩි කිරීමෙන් මේ විටමින් විනාශ වෙන්න පුළුවන්.

මීළඟට අපි බලමු බබාට පලතුරු දෙන්නේ කොහොමද කියල.

අඹ, ගස්ලබු, අලිගැට පේර ~

පළුවක් කපල හැන්දකින් අත තද නොකර ගොඩක් සියුම්ව සූරා ගෙන එවෙලේම බබාට කවන්න. කල් යද්දී කැබලි ගතිය වැඩි කරන්න පුළුවන්.

බබාට පලතුරු

කෙසෙල් ~

කෙසෙල් ගෙඩියේ ලෙල්ල පැත්තකින් ඇරලා කලින් විදියටම සූරා ගෙන දෙන්න.

බෙලි ~

බෙලි ගෙඩිය දෙකට පැලූ පසු හැන්දකින් සූරලා දෙන්න. විශේෂයෙන්ම බෙලි වල තියෙන රත්තරන් පාට ජෙල් එකක් වගේ තියෙන ශ්‍රාවය එකතු වෙන විදියට.

බබාට පලතුරු

කොමඩු ~

කොමඩු කියන්නේ සූරලා දෙන්න ටිකක් අමාරු පලතුරක්. කොමඩු ගෙඩිය දෙකට කපල හැන්දක් ආධාරයෙන් ගෙඩිය මැද්දෙන් පොඩි කොටසක් ඉවත් කරන්න. ඊට පස්සේ ඒ හිඩැසට අත තියල තද කලාම කොමඩු ඉස්ම ටික ටික හැන්දට ගන්න පුළුවන්. ඒ ඉස්ම ටික එවෙලේම අරන් බබාට පොවන්න.

ටිකක් කල් ගියාම බබා කැබලි ආහාරයට ගන්න කොට පොඩි කෑලි කපල දෙන්න පුළුවන්. හැබැයි සැලකිලිමත් වෙන්න ඇට ගැන.

බබාට පලතුරු

දෙහි පවුලේ පලතුරු ~

ලෙඩ රෝග වලින් අපේ ශරීරය ආරක්ෂා කරන විටමින් C වලින් අනූන පලතුරු තමයි දෙහි පවුලේ පලතුරු. විශේෂයෙන්ම නස් නාරං, හීන් නාරං වගේ පලතුරු. ඉතින් සෙම් රෝග වලට එහෙම ලොකු ආරක්ෂාවක් ලැබෙනවා මේවයින්.

මේවා නම් අපේ වත්තෙන්ම කඩා ගන්න පුළුවන්නම් හොඳයි. මොකද අපි වෙලඳපොලෙන් ගන්න කොට අව්වට නිරාවරණය වෙලා, තැලිලා පොඩි වෙලා මේ විටමින් වලින් ගොඩක් විනාශ වෙන්න පුළුවන් නිසා. ඒ වගේම තමයි ශීතකරණ වල දාන්නත් එපා.

මේවා මිරිකලා කෙළින්ම බබාට දෙන්නත් පුළුවන්. නමුත් අම්ල ගතිය අධික නිසා බබා ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඒ වගේම දත් ඇවිල්ල තියෙනව නම් එනමලයට හානි වෙන්නත් පුළුවන් නිසා වතුර පොඩ්ඩකට මිශ්‍ර කරලා වැඩිය කලත්තන්නේ නැතුව පොවන්න.

ඒ වගේම කොමඩු සාරය දෙද්දී එකටම දෙහි, දොඩම් හෝ නාරං යුෂ මිශ්‍ර කරලා දීමෙන් වැඩි රසයක් එකතු වෙනවා.

දෙළුම් ~

දෙළුම් ඇට ටිකක් පිරිසිදු රෙදි කැබැල්ලකට දාලා (නැපියක් මේ සඳහා වෙන් කර ගන්න පුළුවන්) කෝප්පෙකට මිරිකා ගන්න. එවෙලේම බබාට දෙන්න. නැත්නම් කහට රසක් එනවා.

ඇපල්, පෙයාර්ස් ~

මේවා ටිකක් හයිය පලතුරු. ඒ නිසා කැබලි වලට කපල වාෂ්පයෙන් තම්බල පියුරි එකක් හද ගන්න පුළුවන්. පියුරි එක සාදා ගැනීමේදී නෑඹිලියක දාල මත ගා ගන්න, stainless steel පෙරනයකින් පෙර ගන්න, හෝ blend කර ගන්න (baby bullet එකකින් නම් ගොඩක් ලේසියි.)

එතකොට ඔයාල මගෙන් අහවි මෙහිදී විටමින් වලට හානි වෙන්නේ නැද්ද කියල. ඇත්තටම හානි වෙනවා. නමුත් විටමින් c තියෙන්නේ 14% වගේ සුළු ප්‍රමාණයක්. ඉතින් ඒ නැති වුන විටමින් ටික අපි ලබා ගන්නවා පියුරි එකට දෙහි බින්දු කිහිපයක් එක් කිරීමෙන්.

පේර ~

හොඳින් ඉඳුණු පේර අපට සූරලා දෙන්න පුළුවන්. මගේ බබා ඉක්මනින් කැබලි ආහාරයට ගන්න හුරු වුණු නිසා මම කරන්නේ ඉඳුණු පේර ( බේරී වෙනකම් ඉදුණු නැති) පොත්ත ඇරලා peeler එකෙන් සූරලා දෙනවා සිහින් කැබලි. මගේ බබාගේ ආසම පලතුරක්.

බබාට පලතුරු නිවැරදි ආකාරයෙන් දිය යුත්තේ කෙසේද?

දරුවාට පලතුරු වලින් ඇති වැදගත් කම ගැන අප දැනුවත් කල  රොෂිතා ප්‍රේමතිලක අපගේ අදර ස්තුතිය පුද කරනවා. රොෂිතා ඇගේ උපාධිය නිම කලේ තොරතුරු තාක්ෂණ කළමනාකරණ ක්ෂේත්‍රයෙන් වන අතර ව්‍යාපාර කළමනාකරණය පිළිබඳව පශ්චාත් උපාධිධාරිනියක්ය. තොරතුරු තාක්ෂණ කළමනාකරණය අංශයෙන් පෞද්ගලික ආයතන කිහිපයක සේවය කර ඇති ඇය දැනට ඇගේ පුතා නිසා පූර්ණ කාලීන රැකියාවෙන් ඉවත්ව අර්ධ කාලීනව කථිකාචාර්යවරියක් ලෙසත්, research writer කෙනෙක් ලෙසත් කටයුතු කරනවා.

 

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
  • /
  • බබාට පලතුරු නිවැරදි ආකාරයෙන් දිය යුත්තේ කෙසේද?
බෙදාගන්න :
  • ළදරු සංවර්ධනය සහ සන්ධිස්ථාන: තුන්වෙනි  මාසය

    ළදරු සංවර්ධනය සහ සන්ධිස්ථාන: තුන්වෙනි මාසය

  • පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

    පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

  • ළදරු සංවර්ධනය සහ සන්ධිස්ථාන: තුන්වෙනි  මාසය

    ළදරු සංවර්ධනය සහ සන්ධිස්ථාන: තුන්වෙනි මාසය

  • පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

    පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it