theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවන්ගේ කනස්සල්ලට දෙමව්පියන් දායක වන විධි 6ක්

5 අවම කියවීම
දරුවන්ගේ කනස්සල්ලට දෙමව්පියන් දායක වන විධි 6ක්දරුවන්ගේ කනස්සල්ලට දෙමව්පියන් දායක වන විධි 6ක්

දෙමව්පියන්ගේ ක්‍රියාකාරකම් දරුවන්ගේ කනස්සල්ල ඇතිවීමට දායක වන බව ඔබ දැන සිටියාද? මේ තත්වය තහවුරු කිරීමට අපි උදාහරණ 6ක් ගෙනහැර පානවා.

පර්යේෂණ වලට අනුව තනිකම, දරුවන්ගේ කනස්සල්ල, කාංසාව ආදිය අත්දකින දරුවන් සඛ්යාවේ සීග්‍ර ඉහළ යාමක් පසුගිය දශක කිහිපය පුරා සිදුවී තිබෙනවා. යෞවනයන්ගෙන් 25%ක ප්‍රමාණයක් කනස්සලු ව්යාකුලතාව (anxiety disorder) රෝගී තත්වයට ගොදුරු වී සිටීම සැබවින්ම කණගාටුදායක තත්වයක්.

අද කාලයේ යෞවනයන් මුහුණ දෙන විශාල අභියෝගය

නිසි පරිදි තමා ගැන අවබෝධ කරගැනීමටත්, තමාගේ සිතිවිලි හා හැඟීම් තේරුම් කරගැනීමටත්, සමාජය සමඟ ගැටීමටත් නොහැකි වීමේ විශාල අභියෝගයකට අද කාලයේ යෞවනයන් මුහුණ දීම භයංකර තත්වයක්.

මීටත් වඩා දරුණු යථාර්ථය නම්; දෙමව්පියන් සහ දෙමව්පියන්ගේ ක්‍රියාකාරකම් ඔවුන්ගේ දරුවන්ගේ මෙම කනස්සල්ලට තත්වයට දායක වීමේ ප්‍රවනතාවයි. වොෂින්ටන් පෝස්ට් සඟරාව මේ තත්වය තහවුරු කිරීමට උදාහරණ 6ක් ගෙනහැර පානවා.

දරුවන්ගේ කනස්සල්ල ඇති වීමට දෙමව්පියන් දායක වන ආකාර හයක්

1. දරුවන් ගැන පමණට වඩා සැලකිලිමත් වීම

දරුවන්ගේ කනස්සල්ල

 

දෙමාපිය අපගේ මානසික තත්වය සහ හැඟීමේ දරුවන්ගේ මානසික තත්වයට සෘජුවම බලපානවා. ඔබේ දරුවා ඇය හෝ ඔහු අත්විඳින කනස්සල්ලක් ඔබ හා පැවසීමෙන් අනතුරුව ඔබත් ඒ හා සමානව කනස්සලු වීමෙන් සිදු වන්නේ තත්වය තවත් අවුල් වීමයි.

දරුවන් දෙමව්පියන්ගෙන් බලාපොරොත්තු වන්නේ ඔවුන්ට සංවේදී වන ගමන්ම ඔවුන්ට ශක්තියක් වීමයි.

මේ නිසා මවක් හෝ පියෙක් පෙනී සිටිය යුත්තේ දරුවා තේරුම් ගෙන, දරුවා සමඟ නොසැලී සිටින (දරුවා උපදෙස් ඉල්ලුවහොත් පමණක් උපදෙක් ලබා දෙන) චරිතයක් ලෙස මිසක්, තමාගේ පීඩනය දරුවාට පෙන්වා දරුවා තවත් කලකිරීමට පත් කරන දෙමාපියෙක් ලෙස නොවේ.

2. උවමනාවට වඩා දරුවාගේ කටයුතු වලට මැදිහත් වීම

දරුවන්ගේ කනස්සල්ල

 

නූතන සමාජයේ දෙමාපියන් අතර බහුල ක්‍රියාවලියක් වන්නේ දරුවා ගෙදර විත් පාසැලේ ප්‍රශ්නයක් ගැන කතා කල විට ඊළඟ දවසෙම හනික පාසලට ගොස් දරුවා වෙනුවෙන් පෙනී සිට දරුවාගේ ප්‍රශ්න නිරාකරණය කිරීමට උත්සුක වීමයි.

ඔබත් මෙලෙස ක්‍රියා කරන දෙමාපියෙක් නම්, මේ ක්‍රියාව තුළින් ඔබ දරුවාට පණිවුඩ දෙකක් ලබා දෙනවා.

  •  ඔබට කියන කිසිවෙක රහස්‍ය බව රකින්නට ඔබට බැරි බව
  • දරුවාට තනිව ඔහුගේ/ඇයගේ ප්‍රශ්ණ විසඳාගත හැකි බවට ඔබ විශ්වාස නොකරන බව

මේ නිසා මෙවන් අවස්ථා වල ඔබ කල යුතු වන්නේ, දරුවාට සවන් දීමත්, දරුවාට ඔබේ මැදිහත් වීමෙන් තොරව ඒ සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියා මාර්ග කිහිපයක් යෝජනා කිරීමත්ය.

3. දරුවාගේ දුර්වලකම් වලට අනුබල දීම

දරුවන්ගේ කනස්සල්ල

 

නිදසුනක් ලෙස, දරුවා ගණිතය විෂයට ලකුණු අඩුවෙන් ගත සැනින් නිවසට අතිරේක ගුරුවරයෙක් ගෙන්වා උගැන්වීමට ඔබ යුහුසුළු වනවා.

තවත් දරුවෙක් ඔබේ දරුවාට තරවටු කළ විට ඔබේ දරුවාගේ අතින් යමක් වීදැයි නොසොයා ඔබ අනෙක් දරුවන්ට තරවටු කරන්නට යොමු වනවා. දරුවාගේ හොඳට යැයි සිතා ඔබ නොදැනුවත්වම කරන්නේ දරුවාව සෘණාත්මක පැත්තට යොමු කිරීමයි.

දරුවන්ට තමන්ගේ දුර්වලතා මග හරින්නට හැම විටම හැකි වන්නේ නැහැ.

නමුත් ඔවුන්ගේ දක්ෂතා මත අවධානය යොමු කිරීමෙන් ආත්ම විශ්වාසය ගොඩනගා තම ස්වාධින-සංහිඳියාව ගොඩනගාගන්නට දරුවාට හැකි වනවා. මින් දරුවන්ගේ කනස්සල්ලඇති වීම සිදුවන්නේ නැහැ.

මින් ඉදිරියේදී දරුවාට ගණිත ගුරුවරුන් සෙවීමට පැය කිහිපයක් යොදවන්නට සිතුනොත් එම කාලය දරුවා දක්ෂ යමක් ප්‍රගුණ කිරීමට උපකාර කිරීමට යොදවා බලන්න.

4.  දරුවාගේ දක්ෂතා උවමනාවට වඩා අගය කිරීම

මෙය වැරදීමකින් ලියූ මාතෘකාවක් යැයි ඔබ සිතන්නට පුළුවන්. දරුවන්ගේ දක්ෂතා අගය කල යුතුයි. නමුත් පමණට වඩා අගය කිරීමෙන් දරුවාන්ගේ කනස්සල්ල වැඩිවන අතර ඔවුන් නොසන්සුන් තත්වයකට පත්වනවා.

දරුවාගේ දක්ෂතාවය කෙරෙහි  ඇති අධික විශ්වාසය නිසා  දරුවා කෙරෙන් අසීමිත ලෙස බලාපොරොත්තු ඇති කරගැනීම දරුවට මහත් ඉදනයක් ගෙන දෙන තත්වයක් වනවා. මෙලෙසින් දරුවන්ගේ කනස්සල්ල ඔවුන්ගේ මානසික වර්ධනයට බාධා පමුණුවනවා.

ආත්ම විශ්වාසය ගොඩ නඟන්න

ඔබේ දරුවා උසස් විශ්ව විද්‍යාලයකට තේරී පත්වන බව ඔබට විශ්වාස බව හෝ දරුවා අනිවාර්යයෙන්ම  ජිම්නාස්ටික් වලින් ඔලිම්පික් තරඟයට තේරී පත් වන බව නිරන්තරයෙන්ම අන් යට පැවසීමෙන් දරුවා තුළ ආත්ම විශ්වාසය ගොඩනගන බවට ඔබ සිතන්නට පුළුවන් මුත් ඉන් ඔබ දරුවා තුල ඇති කරන්නේ දරුවාට දරාගත නොහැකි පීඩනයක්.

දරුවාගේ ජයග්‍රහණ සමරන්න. නමුත් කිසි විටෙකත් එම ජයග්‍රහණ ඔවුන්ගෙන් විශාල අනාගත ඉල්ලක්ක බලාපොරොත්තු වන මිනුම් දණ්ඩක් ලෙස සලකන්නට එපා. නිතර ජයග්‍රහණය කිරීම තම අනාගතයට දඬුවමක් ලෙස ඔවුන්ට දැනෙන්නට හැකි බැවිනි.

5. අධික විනයක් ස්ථාපිත කිරීම

දරුවන්ගේ කනස්සල්ලට දෙමව්පියන් දායක වන විධි 6ක්

 

නිවසේ විනයක් පවත්වාගෙන යාම හොඳ දෙයක්. නමුත් දරුවන් අතින් වරදක් වූ විට, ඔබ වෙත පැමිණ ඒ ගැන පැවසිය නොහැකි වන අකාරයේ පරිසරයක් නිවසේ නිර්මාණය නොකරන්නට වග බලාගන්න.

ඔවුන් ඔබට සත්‍යය පැවසුවහොත් ඔබ දරුවා ගැන විනිශ්චය කල හැකි බවත් දරුවාගේ මිතුරන් ගැන වැරදි නිගමන වලට එළඹිය හැකි බවත් නිසා දරුවා ඔබ වෙත එන්නට බිය වන්නට පුළුවන්.  නමුත් ඔබ දරුවන්ට උපේක්ෂාවෙන් සහ අවබෝධයෙන් සවන් දෙන මව්පියන් ලෙස දරුවාගේ විශ්වාසය දිනා තිබීමෙන් මෙවන් පරිසරයක් නිර්මාණය නොවෙනු ඇත.

6. ඔබේ ප්‍රශ්ණ දරුවාගෙන් සැඟවීම

දෙමාපියන් බොහෝ විට තම සහකරුවන් අතර ඇති ප්‍රශ්ණත්, ආර්ථික ගැටළු හෝ නෑදෑ හිත මිතුරන් අතර ප්‍රශ්ණත් දරුවන්ගෙන් සන්ගවිම්ට උත්සහ ගන්නවා.

දරුවන්ට මතු පිටින් යම් යම් දේ දුටුවත් කිසිවක් පැහැදිළිව නොදන්නා බැවින් දරුවන්ගේ කනස්සල්ල හෝ නොසන්සුන් බවට මුහුණ දෙන අවස්ථා වල ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන්නට ඉඩ තිබෙනවා.

මෙහිදී අදහස් කරන්නේ දෙමාපියන්ගේ සෑම සියලු ගැටළුවක්ම දරුවන්ගේ කර මත ඇත හරින්නට නොවේ, නමුත් සම දේම නොසඟව, සුහදශීලිව එදිනෙදා ගැටළු දරුවා සමඟත් බෙදා ගැනීමෙන්, ඒ ගැන ඔබ ගන්න ක්‍රියා මාර්ග ගැන කතා බහ කිරීමෙන් නිවැසියන් ගැන පැහැදිලි අවබෝධයකින් ජිවත් වීමට දරුවට හැකි වනවා. මෙය දෙමාපියන් කෙරෙහි දරුවාගේ සන්වෙදිතාවද ප්‍රගුණ කරනවා.

මෙම අදහස් ඔබට වටිනු ඇතැයි විශ්වාස කරන අතර මේ සම්බන්ධව ඔබේ අදහස් දැනගැනීමටත් TheAsianParentහි අප යුහුසුළුව සිටිනවා.

 

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා

මේ හා සම්බන්ධ තවත් ලිපියක් වන දරුවකු පියෙකුගෙන් ප්‍රතික්ෂේප වූ විට එහි ප්‍රතිපල බරපතල් විය හැක තුළින් ඔබට වටිනා අදහස් කිහිපයක්.

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • මාපිය දැනුම
  • /
  • දරුවන්ගේ කනස්සල්ලට දෙමව්පියන් දායක වන විධි 6ක්
බෙදාගන්න :
  • ඔබත් Facebook නොහොත් ෆේස්බුක් නිසා කනස්සල්ලෙන් පසුවන මවක් හෝ පියෙක්ද?

    ඔබත් Facebook නොහොත් ෆේස්බුක් නිසා කනස්සල්ලෙන් පසුවන මවක් හෝ පියෙක්ද?

  • ස්මාර්ට් ෆෝන් ජීවිතය කරගත් දෙමව්පියන්ගේ දරුවන් ගැන තිත්ත ඇත්ත

    ස්මාර්ට් ෆෝන් ජීවිතය කරගත් දෙමව්පියන්ගේ දරුවන් ගැන තිත්ත ඇත්ත

  • ඔබත් Facebook නොහොත් ෆේස්බුක් නිසා කනස්සල්ලෙන් පසුවන මවක් හෝ පියෙක්ද?

    ඔබත් Facebook නොහොත් ෆේස්බුක් නිසා කනස්සල්ලෙන් පසුවන මවක් හෝ පියෙක්ද?

  • ස්මාර්ට් ෆෝන් ජීවිතය කරගත් දෙමව්පියන්ගේ දරුවන් ගැන තිත්ත ඇත්ත

    ස්මාර්ට් ෆෝන් ජීවිතය කරගත් දෙමව්පියන්ගේ දරුවන් ගැන තිත්ත ඇත්ත

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it