theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

කෑම කන්න හොර පොඩි පැටියා වෙනුවෙන් මේ දේවල් අනුගමනය කරලා බලන්න

3 අවම කියවීම
කෑම කන්න හොර පොඩි පැටියා වෙනුවෙන් මේ දේවල් අනුගමනය කරලා බලන්නකෑම කන්න හොර පොඩි පැටියා වෙනුවෙන් මේ දේවල් අනුගමනය කරලා බලන්න

ඔබේ ගෙදර කෑම කන වෙලාව යුධ පිටියක් වගේ නම් මේ ඉඟි සලකා බලන්න

ඕනෑම අම්මා කෙනෙකුගෙන් ඇහුවොත් දරුවාට කෑම කවන එක එතරම් ලේසි දෙයක් නම් කියන්නේ නැහැ. සමහර වෙලාවට කෑම කවන එක අත්හැරලා දාන්න තරම් තරහක් හා වේදනාවක් අම්මලාට දැනෙන්න පුළුවන්. දරුවන්ට කෑම ගැනීම ගැන තර්ජනය කිරීම වුනත් සාර්ථක නොවෙන්නේ දරුවන් සම්පුර්ණයෙන් කෑම ගැනීම නවත්වන්න ඉඩ ඇති නිසයි. ඉතින් කෑම කන්න හොර බබාලට කොහොමද කවන්නේ? 

කෑම කන්න හොර බබාලට කැවීම: ඉඟි 10ක්

1. ඉවුම් පිහුම් වලට එකතු කරගන්න

දරුවන්ට අවුරුදු 2 ක් වත් වෙනකොටම පාට පාට මුළුතැන්ගෙයි උපකරණ සෙල්ලම් කප් කේක්, එළවළු වගේ දේවල් අරගෙන දෙන්න.

ඔබ උයන අතරවාරයේ පිටි ටිකක් අරන් රොටි හදන්න වගේ දේවල් වලට දරුවන් එක්කර ගන්න පුළුවන් වගේම ඔවුන් එම උපකරණ වලින් එය පිළියෙළ කරගන්න කියන්නත් පුළුවන්. ඔවුන් උයන කෑම කන්න ඔවුන් කැමති වෙන නිසා ඔවුන් නිරායාසයෙන්ම එය විනෝදයක් බවට පත් කරගන්නවා.

2. කෑම හදන අලුත් ක්‍රම සොයාගන්න

සෙල්ලම් බඩු විතරක් නෙමෙයි කෑම හදන විවිධ උපකරණයන් තියෙනවා. ඔම්ලට් විවිධ ආකාරයෙන් හදන අච්චු, කේක් ආකෘති, විවිධ වර්ණ වල හැඩයේ හැඳි දරුවන් ආකර්ෂණය කරනවා. පලතුරු විවිධ ආකාරයෙන් කැපීම, සැරසීම, චීස් වලින් පිහියෙන් නම ලිවිම වගේ දේවල් විනෝදයෙන් කරන නිසා දරුවා නිකම්ම කෑමට පෙළඹෙනවා.

3. ආහාර වර්ණවත් කරන්න

වර්ණවත් පලතුරු ස්ට්‍රෝබෙරි, මිදී, ඩ්‍රැගන් ෆෘට් වැනි දේවල් වලින් ආහාර වලට විවිධ වර්ණ ගෙන එන්න පුළුවන්. ඉන් ගුණ වගේම ආකර්ෂනයත් ගෙන එනවා. ඔවුන් කැමති පාටින් ආහාර බෙදන්න. ඒ වගේම සුදු බත් වලට එළවළු ටිකක් මුසු කිරීමෙන් වර්ණ යොදන්නත් ඔබ අත්හදා බලන්න.

4. තෝරා ගැනීම් දෙන්න

ඒකාකාරී බවට දරුවන් කැමතිම නැහැ. කෑම නොකන දරුවන්ට කෑම තෝරන්නත් අවස්ථාවක් දෙන්න. ඔවුන් බත් සමග ඔම්ලට් , චීස් නැතිනම් පරිප්පු කන්න කැමති දැයි අසන්න. ඔවුන් කෑම කන්න සුදානම්ද යන්නට වඩා එය දරුවන් පොළඹවන්න පහසුයි. දරුවන්ට හැකි ලෙස තේරීම් කිහිපයක් දෙන්න. ඉන් එකක් තෝරන්න අවස්ථාව දෙන්න.

5. බඩු මිලදී ගන්න එක්කගෙන යන්න

දරුවා සුපර්මාකට් එක තුළ තොරතෝංචියක් නැතිව බඩු ගන්න එක හිසරදයක් වුනත් හැම ආකාරයකටම දරුවා හුරු කිරීම වැදගත්. එහිදී දරුවන් විවිධ කෑම දක්වනවා. ඒ දිහා බලනවා. සමහර විට කන්න ආස කරන්නත් පෙළඹෙන්නත් ගන්නවා. ඔහු තෝරන වර්ගය ප්‍රමිතියෙන් යුතු නම් ඉඳ හිට ඔවුන්ගේ තේරීමට ඉඩ දෙන්න. ගෙදර ආපසු එය සකසා දෙන්න.

6. සෞක්‍ය සම්පන්න ආහාර පාන

සතියකට වරක්වත් දරුවන් එළියට ගිහින් කෑම කන්න රස බලන්න කැමතියි. දරුවන් ප්‍රසිද්ධ ආපනශාලා වලට යන්න යෝජනා කළත් ඔවුන්ගේ සෞක්‍යට හිතකර තැන් තෝරා ගන්න පුළුවන්. හොඳ අයිස්ක්‍රීම්, පලතුරු යුෂ ආදිය දරුවන්ට තෝරා බේරා ගන්න දෙන්න පුළුවන්.

7. ඉවුම් පිහුම් පන්ති

දරුවන් වෙනුවෙන් නිවාඩු කාලයේ ඉවුම් පිහුම් කියා දෙන වැඩමුළු වැනි දේවල් වලට සහභාගි කරන්න පුළුවන්. ඒවා ගෙදරදී අත්හදා බලන්නත් ඉන්පසුව ඔවුන්ට අවස්ථාව දෙන්න.

8. ඇගයීම

දරුවන් ඔවුන්ගේ ආකාරයට වුනත් කෑමක් හැදූ විට පුංචි අත් පුඩියකින් හරි ඔහුව දිරිගන්වන්න. දරුවා කතා නොකළත් අංග චලනයෙන් ඔහු එයට ප්‍රතිචාර දක්වනවා. දරුවා දිරිගැන්වීමෙන් කෑම ගැනීමට උනන්දු වෙනවා. ඒ වගේම ඉන් ලැබෙන ශක්තිය ගැනත් කියාදෙන්න පුළුවන්.

9. විනෝදයෙන් කන්න අවස්ථාවක්

ඉඳහිට කෑම නොකන දරුවන්ට රූපවාහිනිය නරඹමින් කෑම කන්න දීම වරදක් නැතත් එයට ඇබ්බැහි නොවීමට ඔබ වගබලා ගන්න. කෑම ප්‍රතික්ෂේප කරන දරුවන්ට විනෝදය යම් උපකාරයක් වන නිසා ආරම්භයක් ලෙස ඔවුන් කැමති දෙයක නිරත වන්නට ඉඩදීම කාලෝචිත වන්නට පුළුවන්.

10. සුළු ආහාර වර්ග හඳුන්වා දෙන්න

අපේ ලාංකික කෑමම හදනවාට වඩා ඉඳහිට වෙනත් රටවල කෑමත් දරුවන්ට හදලා දෙන්න උත්සාහ කරන්න. ඉඳහිට හැන්දෙන්, චෝප්ස්ටික් වලින් කන්නත් වෙනත් සංස්කෘතීන් අනුකරණය කරමින් කන්නත් ඒවායේ රස බෙදා ගන්නත් උත්සාහ කරන්න.

දරුවන්ගේ කෑම රසවත් වන්නේ අම්මලාගේ ආදරය එයට මුසුවුනහමයි. ඒ ආදරය වෙනුවෙන් theAsianparent Sri Lanka මේ ලිපිය සකස් කළා.

 theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

 

 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • දරුවන් ලොකු මහත් කිරීම
  • /
  • කෑම කන්න හොර පොඩි පැටියා වෙනුවෙන් මේ දේවල් අනුගමනය කරලා බලන්න
බෙදාගන්න :
  • තෝරා බේරා ආහාර ගන්නා දරුවන් හැම කෑමකටම හුරු කරන්න ඉඟි 5 ක්

    තෝරා බේරා ආහාර ගන්නා දරුවන් හැම කෑමකටම හුරු කරන්න ඉඟි 5 ක්

  • කෑමට හොර මගේ බබාලව කෑමට හුරු කළේ මෙහෙමයි

    කෑමට හොර මගේ බබාලව කෑමට හුරු කළේ මෙහෙමයි

  • තෝරා බේරා ආහාර ගන්නා දරුවන් හැම කෑමකටම හුරු කරන්න ඉඟි 5 ක්

    තෝරා බේරා ආහාර ගන්නා දරුවන් හැම කෑමකටම හුරු කරන්න ඉඟි 5 ක්

  • කෑමට හොර මගේ බබාලව කෑමට හුරු කළේ මෙහෙමයි

    කෑමට හොර මගේ බබාලව කෑමට හුරු කළේ මෙහෙමයි

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it