කෑමට හොර මගේ බබාලව කෑමට හුරු කළේ මෙහෙමයි

කෑමට නිතරම පසු බසින මගේ බබාලා දෙන්නව මම කොහොම හරි කෑම කන්න හුරු කළා කියලා ලේසියෙන් කියන්න අමාරුයි. නමුත් එය මම කළා කියලා මම දැන් දන්නවා.

කෑමට නිතරම පසු බසින මගේ බබාලා දෙන්නව මම කොහොම හරි කෑම කන්න හුරු කළා කියලා ලේසියෙන් කියන්න අමාරුයි. නමුත් එය මම කළා කියලා මම දැන් දන්නවා. අම්මලාට අමුතුවෙන් මේ කාරණය කියන්න ඕනේ නැහැ. හැම අම්මා කෙනෙකුම දවසේ දරුවන්ට කෑම ටික කවාගන්න ලැබෙන එක ලොකු ජයග්‍රහණයක්.

මගේ පළවෙනි දුවට අවුරුදු 3 ක් වෙන තුරු මම හිතුවා වයස අනුව මෙහෙම වෙනවා ඇති කියලා. නමුත් ඊට වයසක් නැති බව දැන් මට තේරෙනවා. දැන් මගේ ලොකු දුවට අවුරුදු 9 යි. දෙවැනියාට අවුරුදු 3 යි. ඉතින් කෑමට හොරකම මැලිකම ගැන අමුතුවෙන් මට ඉගෙන ගන්න දෙයක් නෑ. ඒ ගැන මට හොඳට මගේ දරුවෝ දෙන්නගෙන් ඉගෙන ගෙන ඉවරයි.

ඉතින් නිතර කෑමට හොර, පසුබහින මගේ බබාලා දෙන්නා මං කෑම ගැන කුතුහලයෙන් පසුවෙන දෙන්නෙක් බවට පත්කළා. ඒ කොහොමද?

1. ඔවුන්ට අත්හදා බලන්න ඉඩ දෙන්න

මගේ බබාලා මගෙත් එක්ක මාකට් එකට ගිහින් එළවළු පලතුරු තෝරන්න කැමැත්තක් දක්වන්න පටන් ගත්තු කාලේ ඉඳන් මම හිතුවා ඔවුන්ට කෑම සඳහා ගන්න දේවල් ගැන සොයා බලන්න මේක හොඳ අවස්ථාවක් ලෙස ගතයුතුයි කියලා. එළවළු පලතුරු හා කුළුබඩු ගැනීමේ ඉඳන් මම ඒ දෙය අත්විඳින්න දුන්නා. ඔවුන් ඒ ගැන සොයන්නත් අසන්නත් පටන් ගත්තහම ඒවා අපේ කෑම මේසයට එන හැටි ගැන වැඩි අවබෝධයක් ලැබෙනවා.

මගේ දෙවැනි දුව එළවළු හඳුනාගෙන ඒවා මට මිලදී ගන්න උදවු කරන්න වගේම ක්‍රමයෙන් ඇය කැමති දේවල් මිලදී ගන්නත් ඒවා තෝරා දෙන්නත් යොමු වුණා. පළවෙනියා කුළුබඩු ගැන හුඟක් උනන්දු වෙනවා. ඒ නිසා එයාට ඒවා ව්‍යංජනයට දැම්මහම ලැබෙන රස ගැන කුතුහලයක් තියෙනවා.

2. සිත්ගන්නා සුළු මාර්ගයෙන් කියා දෙන්න

එකම ව්‍යංජනය එකම විදිහට හැමදාම කනකොට දරුවන්ට නෙමෙයි වැඩිහිටියන්ටත් එපා වෙනවා. ඒ නිසා ස්වභාවික ලෙස වෙනස්කම් කිරීම වැදගත්. හුඟක් කාර්යබහුල වෙලාවට මෙහෙම වෙනස්කම් කරන්න අමාරු වුනත් ඔවුන්ට මම තේරීම් කිහිපයක් දෙනවා. සමහර විට හෙට කෑම වේල මම අදම සැලසුම් කරනවා.

3. සාමාන්‍ය කෑම වෙලාවල් බුෆේ ක්‍රමයට සිදු කරනවා

හොඳ අම්මා කෙනෙක් වගේ මං ඒගොල්ලන්ව මේසයට ඉන්දවලා ඔවුන්ගේ කෑම බෙදා දුන්නත් ඉන් ඔවුන්ට එතරම් සතුටක් නැහැ. ඒ නිසා දැන් බුෆේ එකක වගේ ඔවුන් කැමති දේවල් කැමති තරම් කන්නත් මම අවස්ථාව දෙනවා.

4. ලෝකයේ හැදෙන විවිධ කෑම වට්ටෝරු ගැන සොයා බලන්න

මමත් මගේ බබාලා දෙන්නත් එකතුවෙලා ලෝකයේ ඇති කෑම වර්ග හා ප්‍රදර්ශනාත්මක වැඩසටහන් බලනවා. ඉන්දියානු අපේ කෑම විශේෂයෙන් බලනවා. ඒ නිසා දැන් ඔවුන් කාටුන් වෙනුවට කෑම ගැන වැඩසටහන් බලන්න කැමතියි. මෙහි ප්‍රතිඵලයක්  ලෙස මගේ ලොකු දුව දැන් කේක් හදන්නත් දන්නවා. පුංචිම දුවට කෑම අමුද්‍රව්‍ය හා කෑම වර්ග අඳුරන්න පුළුවන්.

5. ඔවුන්වත් සම්බන්ධ කරගන්න

අමුද්‍රව්‍ය තෝරා ගැනීමේ ඉඳන්ම කෑම වේල සැලසුම් කරන අවස්ථාව තෙක් ඔවුන්ගේ වයස අනුව ඊට ඔවුන්ව සම්බන්ධ කර ගන්න. ඔවුන් කෑම හදන්න මට උදවු වෙන නිසා ඔවුන් ඒ කෑම වල රස බලන්නත් බලාගෙන ඉන්නවා.

දරුවන්ට කෑම කවන එක අම්මලාට සමහර වෙලාවට හිසරදයක්. ඒ එතරම්ම දරුවන් කෑම බීම තෝරනවා. ප්‍රතික්ෂේප කරනවා. ඒ වෙනුවෙන් ඔබට අස්වැසිල්ලක් ලබාදෙන්න theAsianparent Sri Lanka මේ ලිපිය සකස් කළා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ