theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

මගේ අනාගත ලේලිය වෙත ලබැදි ස‌ෙන‌ෙහසින් ලියමි

5 අවම කියවීම
මගේ අනාගත ලේලිය වෙත ලබැදි ස‌ෙන‌ෙහසින් ලියමිමගේ අනාගත ලේලිය වෙත ලබැදි ස‌ෙන‌ෙහසින් ලියමි

මම මගේ පුතාව සතුටින් ඔබ වෙත භාර කරනවා. ඔහුයි ඔබව තෝරාගෙන  තියෙන්නේ , ඔහුගේ ලෝකයම ඔබයි. 

අනාගත ලේලි වෙත ළබැඳි සෙනහසින්,

දුවේ, අනාගත ලේලි, 

මම මගේ පුතාව සතුටින් ඔබ වෙත භාර කරනවා. ඔහුයි ඔබව තෝරාගෙන  තියෙන්නේ , ඔහුගේ ලෝකයම ඔබයි. 

මගේ අනාගත ලේලිය වෙත ලබැදි ස‌ෙන‌ෙහසින් ලියමි

අනාගත ලේලි වෙත මවක් ලබැදි ස‌ෙන‌ෙහසින් ලියන හසුනක්

 

මගේ පුතාට දැන් වයස අවුරුදු 12 යි. 

තව වසර 15 කින්  ඔබ ඔහුගේ ජීවිතයට හිතාගන්න බැරි විදියට ඇතුල් වේවි.

ඔහු  හැඟීම්බරව ඔබට ආදරය කරන බව ඔබ වටහාගන්න. එය බොහෝ පිරිමි ළමයින් තුළ දකින්න නොහැකි ගුණාංගයක්. ඔබට ඔහුව පළමු වරට හමු වූ විට ඔබට ඒ ආදරය දැනේවි.

ඔබත් ඔහුට පෙරළා  ආදරය කරාවි. ඔහුගේ කාරුණික සිත් ඇදගන්නාසුළු අභිනයන් ඔබට ලැබේවි.

ඔබට ඔහුත් සමඟ ගැඹුරුම හා අවංකව සාකච්ඡා කරන්න පුළුවන් වේවි. ඔබ කිසි විටෙකත් ඔහුව අතහැර දමන්නට  නොසිතාවි.

අනාගත ‌ලේලි: ඔහුට ඔබ ඔහුගේ හුස්ම පොද වේවි.

මම ඔබට අනාවැකියක් කියන්නම්.

ඔබ සැමදා සතුටින් ජීවත්වේවි මගේ දුවේ, ඒ වගේම  අපගේ ආදරණීය පවුලට සහ නිවසට ඔබව ගෞරවයෙන් පිළිගන්න සුදුසු පරිසරයක් නිර්මාණය කරන්න මම සුදානම්.

ඔබ ඔහුගේ හදවත දිනාගන්නා කාලය වන විට මම ඔහු තුළට කාවැද්දීමට  උත්සාහ කරන දේවල් ලැයිස්තුවක් නිර්මාණය කලා.

  1. ඔහු පිරිසිදු  කරන්න ඉගෙන ගනිවි. එය කීමට වෙනත් ක්‍රමයක් නැහැ . ඔහුට වයස 27 ක් වන විට, මාෂ්මෙලෝස්  ආහාරයට ගැනීම සහ වැලි වල පෙරළීම නවත්වයි කියලා මම හිතනවා.
  2. පාට ඇඳුම් වෙන වෙනම සේදිය යුතු බව ඔහු තේරුම් ගනීවි.
  3. බේසමෙ, ටැප් එක සහ කවුන්ටරය මතුපිට බිත්තිය සහ බිම දන්තාලේප ඉවත් කිරීමට ඔහු ඉගෙන ගනිවි .
  4. ඔහු සෑම අවස්ථාවකම වැසිකිළි අසුනේ මුත්‍රා  පිස දමා පියන පහළට දමන බවට මම පොරොන්දු වෙනවා.
  5. ඔහු තමන්ගේ ගේදොර  වැඩ කටයුතු වලට උදව්  කරන්න ඉගෙන ගනිවි. පසුකාලීන මේ පුරුද්ද ජීවිතයේ සිල්ලර බඩු ලැයිස්තුවේ ඇති සියල්ල මිලදී ගැනීම දක්වාම වෙනස් වේවි.

    3

    අනාගත ලේලි වෙත මවක් ලබැදි ස‌ෙන‌ෙහසින් ලියන හසුනක්

  6. ඔහු රෙදි සෝදන යන්ත්‍රයට ඇඳුම් විසි කිරීමට පෙර ඔහුගේ යට ඇඳුම්, කලිසමෙන් ගලවා ඉවතට ගනිවි.  සෑම විටම නොකලත් බොහෝ විට ඔහු කරාවි. 
  7. ඔහුගේ සමහර ‌දේවල් වැළැක්වීම නම් මම අතහැර දැමුවා. එය ඔබගේ කාර්යයක් වේවි. අපි ගමනක්  යන අතරමගදී පොලිස් නිලධාරියෙකු විසින් අප නැවැත්වූ අවස්ථාව ගැන ඔබට කියන්නට මට මතක් කරන්න.
  8. ඔහුට පිටත සෙල්ලම් කිරීමට අවශ්‍ය වේවි.  නමුත් ඔහු ගෙට එන්න කලින් සපත්තු ගලවන්න ඉගෙන ගන්නවා කියලා මම පොරොන්දු වෙනවා.
  9. අවසර ලබා නොගෙන පාරේ සිටින සතෙකු ගෙදර ගෙන ඒමට නොහැකි බව ඔහු තේරුම් ගෙන සිටිනවා. ඒ බව මම ඔබට  සහතික වෙනවා.
  10. ඔබ නිවස බලා කියා ගන්නා අතරතුර ඔහු දිවා රෑ මුළුල්ලේම ක්‍රිඩා තරඟ නරඹන එකක් නැහැ. ඔහු ඔබ මෙන්ම ගෙදර දොරේ වැඩට හා දරුවන්ගේ කටයුතු වල නිරත වේවි. ඒත්  ඔහුට ඉඳහිට විනෝද වීමටත් ඉඩ දෙන්න හොඳද?
  11. නියමිත වේලාවට පැමිණීම : ඔහු ඔබගේ  වීමට පෙර, ඔහු ස්නානය කරන විටත් “මම මඟ එනවා” යැයි නොකියන ලෙස මම ඔහුට උගන්වන්නම්.
  12. ඔහුට පුංචි අතපසුවීම් වෙන්න පුළුවන්. එම පුංචි  වැරදි වලට කිසිවෙකුට දඬුවම් කරන්න එපා.

ආදරණිය අනාගත ‌ලේලි ‌වෙත,

ඔහු සතුව අඩුපාඩු තියෙනවා.  සමහර විට ඔහුගේ පුරුදු නිසා ඔහු ඔබට (මාවත්) කරදර කිරීමට ඉඩ තියෙනවා. නමුත් ඔහුව අත් හරින්න එපා.

මේ සියල්ලට ඔබව යටපත් කිරීමට ඉඩ දෙන්න එපා. නැතිනම් ඔහුටැති ඔබේ  වෙනස් වීමට ඉඩ දෙන්න එපා. ඒ ඔහු මැණිකක් නිසයි.

මම ඔබට පොරොන්දු කිහිපයක් දෙනවා.

couple

මගේ පුතා ඔහුට හැකි උපරිමයෙන්  ඔබට ආදරය කරාවි. ඔබ ඔහුගේ ජීවිතයේ වැදගත්ම කාන්තාව වේවි.

ඔබ ඔහුගේ හොඳම මිතුරිය  වේවි. ඔබ ඔහුගේ ජීවිතය කාලයම පුරා සිටින කාන්තාවයි. ඔහුත් එක්ක ඔබ ඔබේ දරුවන් ඇති දැඩි කරන ආකාරය දෙස ඔහු ගෞරවනීය හැඟිමෙන් බලා සිටිවි.

ඔහු ඔබට ගරු කරාවි. ඔබ අදහාවි. ඒ වගේම ඔබව ප්‍රවේශම් කරාවි. 

ඔහු ඔබ ගත කරන සෑම මොහොතක්ම  ඔහුගේ හදවතට තුරුල් කරගනිවි. එවිට ඔහුට ඒ සියල්ල වටින්නේ ඇයිදැයි  ඔබ තේරුම් ගනිවි.

ඔහු මා දන්නා වඩාත්ම මෘදු හදවතක් ඇති මනුෂ්‍යයායි. ලෝකයේ ලස්සනම කාන්තාව ඔබයැයි ඔහු ඔබට දැනෙන්න දේවි. ඔහු දැන් මා වෙනුවෙන් එය කරනවා. ඒ වගේම   ඔහු ඔ වෙනුවෙනුත් එසේ කරන බව මම දන්නවා.

මම ඔහුව සතුටින් ඔබට භාර දෙනවා.  ඔහු තෝරා ගත්තේ ඔබව නම්, ඔහුගේ මුළු ලෝකයම ඔබ  බව මම දන්නවා. ඔහුට සහ මට ඔයා සුවිශේෂයි. 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

මේ ලෝකයේ වෙන කිසිම දෙයකට වඩා තම පුතාට ආදරය කරන මවක් ලෙස මගේ ජීවිතයේ ආදරය මම ඔබට භාර දෙනවා.

ඒත් එක දෙයක් විතරක් කියන්න ඕනෑ. මම ඔබට ආදරය කරනවා දුවේ.

මම,

ඔයාගේ නැන්දම්මා හ‌ෙවත් අනාගත අම්මා

එකම පිරිමිය‌ෙකු නිසා එකින‌ෙකා කුලල් කා ගන්නා ගැහැනුන් ‌දෙද‌ෙන‌ෙක් සටන් වදිනවා.එක් අය‌ෙක් නැන්දම්මාද අන‌ෙක් ‌ක‌ෙනා ‌ලේලිය ල‌ෙසත් ‌ලේබල් අලවා ගන්නවා.

කණගාටුවට කරුණ නම් ‌ලේලිය අද ‌ලේලියක වන තමා අනාගතයේ නැන්දම්මා ‌කෙ‌නෙක් වන බව අමතක කරනවා.

ඒ වගේම ‌නැන්දම්මා අතීතයේ තමා ‌ලේලියකව සිටි බව අමතක කරනවා.

නැන්දම්මාට හ‌ෝ ‌ලේලියට ‌වෛර කරමින් න‌ොසිට එකින‌ෙකා ආදරය‌ෙන් කැපකිරීමෙන් දකින අනාගතය‌ේ දවසක් නිර්මාණය විය යුතුයි.

නැන්දම්මා ‌ලේලි ගැටුම‌ෙන් ත‌ොරව තම පුතුට නැතිනම් සැමියාට නිදහසේ හුස්ම ගත හැකි දිනයක් අපි නිර්මාණය කල යුතුය. ‌

මේ ඒ ව‌ෙනුව‌ෙන් තබන ආදරණිය එක් පියවරකි.

මේ ලිපිය නැන්දම්මා ‌ලේලි සම්බන්ධතාවයට නව දැක්මක් ‌දෙන අතර  අනාගත ‌ලේලිය‌ගේ සුභ සිද්ධිය ‌වෙනුවෙන් තම පුතණුවන් හදවතින්ම සුදානම් කරන්න ‌පොරොන්දු ‌වෙනවා. ‌

මෙය ධනාත්මක බලපෑමක් කරමින් සියලුම නැන්දම්මාවරුන්ගේ හදවත් තුලත් සියලුම ‌ලේලියන්ගේ හදවත් තුලත් ආදරණිය හැගීමක් අවදි කරනු ඇතැයි අපි බලාපොරොත්තු ‌වෙමු.

මේ ගැන ඔබ ලගත් නැන්දම්මා හා ‌ලේලිය ‌වෙනුව‌ෙන් ආදරණිය අදහස් තිය‌ෙනවාද? එහ‌ෙනම් ඔබේ අදහස් පහලින් සටහන් කර අප හා බ‌ෙදාගන්න.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත.

ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • මාපිය දැනුම
  • /
  • මගේ අනාගත ලේලිය වෙත ලබැදි ස‌ෙන‌ෙහසින් ලියමි
බෙදාගන්න :
  • නැන්දම්මත් එක්ක වැඩ කරන්න ලේසි නැත්නම් මේ කරුණු 5 ගැන සිතා බලන්න

    නැන්දම්මත් එක්ක වැඩ කරන්න ලේසි නැත්නම් මේ කරුණු 5 ගැන සිතා බලන්න

  • නැන්දම්මාගෙන් ලේලී අහන්න අකමැති කථා

    නැන්දම්මාගෙන් ලේලී අහන්න අකමැති කථා

  • නැන්දම්මත් එක්ක වැඩ කරන්න ලේසි නැත්නම් මේ කරුණු 5 ගැන සිතා බලන්න

    නැන්දම්මත් එක්ක වැඩ කරන්න ලේසි නැත්නම් මේ කරුණු 5 ගැන සිතා බලන්න

  • නැන්දම්මාගෙන් ලේලී අහන්න අකමැති කථා

    නැන්දම්මාගෙන් ලේලී අහන්න අකමැති කථා

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it