theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

කසළ කළමනාකරණයේ පලමු පාඩම දරුවාට නිවසෙන්

4 අවම කියවීම
කසළ කළමනාකරණයේ පලමු පාඩම දරුවාට නිවසෙන්කසළ කළමනාකරණයේ පලමු පාඩම දරුවාට නිවසෙන්

කසල ගැටලුව අනාගතයේදීද ගැටලුවක් නොවන්නට නම් අපි අපේ දරුවන්ගේ පුංචි සිත් දැන්ම සිට ඒ සදහා සුදානම් කල යුතු වෙයි. මේ ලිපියේ ඇති ඉඟි කිහිපය දරුවන්ට කියා දෙමුද?

කසළ කළමනාකරණය ගැන ඔබ දන්නවාද? අද අපේ රටේ ඇති ප්‍රධාන ප්‍රශ්නයක් බවට කසළ ගැටලුව පත්ව ඇත .

දශක කිහිපයක සිට නිසි කළමනාකරණයක් නොලැබු මේ කසළ ගැටලුව බ්ලු මැන්ඩල් කුණු කන්දෙන් නොනැවතී මීතොටමුල්ල ද ආක්‍රමණය කර පසුව මිනිස් ජීවිත කිහිපයක් බිලිගත් ඛේදවාචකයක් බවට පත්විය.

ඒ සදහා එකිනෙකා වැරදියැයි ඇගිලි දිගුකර ගන්නා යුගයක මේ තරම් කසළ කන්දක් එකතු කිරීමට බිදකින් හෝ අපිද දායක වී ඇත. 

මේ කසල ගැටලුව අනාගතයේදීද ගැටලුවක් නොවන්නට නම් අපි අපේ දරුවන්ගේ පුංචි සිත් දැන්ම සිට ඒ සදහා සුදානම් කල යුතු වෙයි.

කසළ කළමනාකරණය

කසළ කළමනාකරණයේ පලමු පාඩම දරුවාට නිවසෙන්

1.අවශ්‍යයි දෑ පමණක් තෝර ගන්න කියා දෙන්න

අප එක් කරගන්නා අනවශ්‍ය දේවල් කසළ ලෙස දිනකදි මහ පොලොව මතට එකතු වේ.

ඒ බව ඔබේ දරුවාට ආදරයෙන් කියා දෙන්න. තමන්ට අවශ්‍ය දේ තෝරා ගන්න තරම් ඔබේ කුඩා දරුවා අත්දැකීමෙන් පිරිපුන් නැතුව ඇති ‌නේද?

එමනිසා ඔබ විසින් දරුවාට ඒ සදහා මග පෙන්විය යුතුය .

මනා මග පෙන්වීමක් යටතේ පුහුණු කරන දරුවෙකු දිනෙක රටට දායාදයක් වෙනු ඇත.

2.මනා පිලිවෙල දරුවාට උගන්වන්න

අවශ්‍ය දේ පමණක් තෝරා ගන්නා දරුවා ඊලගට පුහුණු කල යුත්තේ එම දේවල් නිසි පරිදි පරිහරණය හා ගබඩා කිරීම වේ.

මන්ද යත් නිසි පරිදි පරිහරණය නොකල ,ගබඩා නොකල දේවල් ඉක්මනින්ම භාවිතයට නුසුදුසු තත්වයට පත් වී කසළ ලෙස ඉවත් කිරීමට සිදු වේ.

දරුවා මේ සදහා පුහුණු කිරීමේදී ඔහුගේ සෙල්ලම් බඩු හා පොත් පත් නිසිලෙස භාවිතා කිරිම කියා ‌දෙන්න.

ඉන් අනතුරුව ඒවා නියමිත ස්ථානය වල ගබඩා කිරිම වැනි දෑ දරුවාට උගන්වමින් ඔබද දරුවාට ඒ කටයුතු සදහා සහය වෙන්න.

3.කසළ යනු...

අපි භාවිතා කර හෝ නොකර ඉවත් කරන ද්‍රව්‍ය කසළ බව දරුවාට හදුන්වා දෙන්න.

ගම්බද ඉඩම් වල කසළ ඉවත් කිරීමට ඉඩමේම ඉඩ තිබුනද නගරබද ජනාකීර්ණ ප්‍රදේශ වල එසේ නොවන බැවින් කසළ ඉවත් කරන ආයතන සදහා ඒවා නිසි පරිදි භාර දීය යුතුය.

එම ක්‍රියාවලියට අපි දරුවන්ද එකතු කර ගැනීමෙන් ඔවුන් ඒ පිලිබඳ අවබෝධයක් ලබා ගනු ලබයි.

කසළ කළමනාකරණයේ පලමු පාඩම දරුවාට නිවසෙන්

4. එන්න කැලිකසල වර්ග කරමු

කසළ එකතු කිරීමේ ආයතන සදහා සියල්ල එකතු කර කසළ මල්ලක් ‌ලෙස භාර ‌දෙන්න එපා.

එම කසළ වර්ග කර භාර දිය හැකි නම් ඔබටද එම ආයතන කසළ කළමනාකරණය සදහා දිරිමත් කල හැකිය.

නිවසේ කසළ ඉවත් කිරීමේ බදුන් කිහිපයක් තබා ඒවාට වෙනවෙනම දිරායන අපද්‍රව්‍ය ,කඩදාසි හා කාඩ්බෝඩ් ,පොලිතින් ප්ලාස්ටික් ,යකඩ වීදුරු වැනි ද්‍රව්‍ය වෙන වෙනම එකතු කරන්න වග බලා ගන්න.

පුංචි කඩදාසි කැබැල්ලක් ,කෙසෙල් ලෙල්ලක් නැතිනම් කැඩුනු සෙල්ලම් බඩුවක් ඔබේ දරුවාට නියමිත භාජනයට දැමීමේ වගකීම භාර දෙන්න.

හැකි නම් අදාල අපද්‍රව්‍ය ඉවත් කිරීමේ භාජන සදහා ඇති සම්මත වර්ණ භාවිතා කරන්න .

කසළ කළමනාකරණයේ පලමු පාඩම දරුවාට නිවසෙන්

5. කැලිකසල එකතු වීමෙන් පරිසරයට වෙන දෑ උගන්වන්න.

කසළ නිසා පරිසරය දුෂණයට ලක් වී ඇති ස්ථානයක් දුටුවොත් වහාම දරුවා එතැනින් ඉවත් කර ගැනීම වෙනුවට දරුවාට මොහොතක් එහි අප්‍රසන්නතාව විදින්න ඉඩ දෙන්න.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

අපිරිසිදු කසළ ගොඩ වල් නෙතට කොතරම් අප්‍රියජනක දැයි නහයට කොතරම් දුගඳ දැයි එවිට දරුවා ඉගෙන ගනිවි.

එමෙන් දරුවා නිවසින් පිටත සිටියදි ටොෆි කොල වැනි ඉවත දමන දෑ ඉවත් කිරීමට බදුනක් නොමැති නම් පරිසරයට විසි කරන්න එපා.

ඒ ‌වෙනුවට නිවසට ගෙනවිත් අදාල බදුනට දැමීමට දරුවාට කියා දෙන්න.

6. කසළ කළමනාකරණය: හැකි නම් කරන්නට පුංචි ක්‍රියාකාරකමක්

  • මේකට අවශ්‍ය වන්නේ වත්තේ පුංචි ඉඩක්,පතුල නැති බැරල් එකක් හා බාල්දියක් ,පස් ටිකක්,පුංචි පැටියාගේ සහාය පතුල නැති බැරැල් එක වටේට සිදුරු කිහිපයක් සදා එය කෙලින් අතට තබන්න.
  • ඉන්පසු බැරලය තුලින් පතුල රහිත බාල්දිය තබා බාල්දියේ කට ලගට එනතෙක් පිටතින් පස්ද ඇතුලට දිරායන අපද්‍රව්‍ය (කොලරොඩු,එලවලු සුද්ද කරද්දී ඉවත් කරන රොඩු) පුරවා හොදින් තද කරන්න.
  • නැවත බාල්දිය උඩට ගෙන ඒ විදියට බැරැල් එකේ කට ලගටම පුරවන්න.
  • ඉන්පසු බාල්දිය බැරැල් එකේ කටෙන් භාගයක් එලියට හිටින සේ තබා හැමදාම ගෙදරින් ඉවත් කරන දිරායන අපද්‍රව්‍ය බාල්දිය තුලට එක් කරන්න.
  • බැරැල් එකේ කටේ පස් සහිත හරියේ මිරිස් ගස් කිහිපයක් හා බැරැල් එකේ බදේ තැබු සිදුරු වල ගොටුකොළ හා කංකුන් වගා කල හැක. ඔබට වස විස වලින් තොර පලා වර්ග ලබා ගත හැකි වන අතර ඉවත ලන දිරායන අපද්‍රව්‍ය වලින් කොටසක් මනා ලෙස පරිසරයට මුදා හැරීමට අවස්ථාව ලැබෙනවා.

මෙම අපුරු ක්‍රියාකාරකමට පොඩ්ඩන්ව එකතු කරගන්න අමතක කරන්න එපා ... ඒ තුලින් එයාලා විනෝදයක් ලබමින් අපූරු පාඩමකුත් ඉගෙන ගනිවි.

(Image credit: Twitter).

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • මාපිය දැනුම
  • /
  • කසළ කළමනාකරණයේ පලමු පාඩම දරුවාට නිවසෙන්
බෙදාගන්න :
  • සාමන්‍ය දරු ප්‍රසුතියෙන් මෙලොව එළිය දකින්නට ගිය අවදානම් ඉරියව්වෙන් සිටි දරුවා මෙලොව අතහැර යයි

    සාමන්‍ය දරු ප්‍රසුතියෙන් මෙලොව එළිය දකින්නට ගිය අවදානම් ඉරියව්වෙන් සිටි දරුවා මෙලොව අතහැර යයි

  • කාන්තාවන් මුහුණ දිය හැකි ලිංගික ගැටළු 15ක්

    කාන්තාවන් මුහුණ දිය හැකි ලිංගික ගැටළු 15ක්

  • සාමන්‍ය දරු ප්‍රසුතියෙන් මෙලොව එළිය දකින්නට ගිය අවදානම් ඉරියව්වෙන් සිටි දරුවා මෙලොව අතහැර යයි

    සාමන්‍ය දරු ප්‍රසුතියෙන් මෙලොව එළිය දකින්නට ගිය අවදානම් ඉරියව්වෙන් සිටි දරුවා මෙලොව අතහැර යයි

  • කාන්තාවන් මුහුණ දිය හැකි ලිංගික ගැටළු 15ක්

    කාන්තාවන් මුහුණ දිය හැකි ලිංගික ගැටළු 15ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it