theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

කසළ වර්ගීකරණය නිවෙස් තුළ පහසුවෙන්ම කරගන්නේ මෙහෙමයි

4 අවම කියවීම
කසළ වර්ගීකරණය නිවෙස් තුළ පහසුවෙන්ම කරගන්නේ මෙහෙමයිකසළ වර්ගීකරණය නිවෙස් තුළ පහසුවෙන්ම කරගන්නේ මෙහෙමයි

නිවස තුළ පවුලේ සැම හා එක් වී කසළ වර්ගීකරණය ඔබ ජීවිතයේම කොටසක් කරගන්නේ මෙහෙමයි.

කසළ කළමනාකරණය, කසළ වර්ගීකරණය සම්බන්ධයෙන් මුලික වශයෙන් අප නිවස තුල පවුලේ සැමට කල හැකි දෑ  පීලිබඳ අදහස් කිහිපයක් කසළ කළමනාකරණයේ පලමු පාඩම දරුවාට නිවසෙන්  යන ලිපිය තුළින් ඔබ හා බෙදා ගත්තා. එම ලිපියෙන් මුලික වශයෙන් අප නිවෙස් තුළම කසළ අවම කරගන්නා ආකාරය ගැන අදහස් අන්තර්ගත වුනා.

අද කුණු ප්‍රශ්ණය රට පුරා උත්සන්න වී ඇති අතර ඩෙංගු වසංගත තත්වය නිසා බොහෝ මිනිසුන් සාමාන්‍ය ජනතාවට අත් වන බලපෑම් ගැන නොතකා තමන්ගේ කුණු වගකීමකින් තොරව බැහැර කරන අතර ඒවා වර්ගීකරණය නොකිරීම නිසා කසළ එකතු කරන්නන් ඒවා එකතු කරන්නේ නෑ.

මෙවිට රටේ සුළු කොට්ටාශයක් රට පුරා තැන් තැන් වල කසළ පාර පුරා වීසි කරමින් යන්නේ කිසිදු හිතක් පපුවක් නැතිව. ලොකු වාහනයකින් විත් උජාරුවට මිලදී ගත් කසළ මළු වල කසළ පුරවා පාරට වීසි කර නික්මෙන මේ නොමිනිසුන්ගේ දුගඳ හමන කසළ මතින් ඇවිදන් යන්නේ ජීවිතය ගෙන යන්නට හා දුක් විඳින, කිලෝ මීටර ගණනාවක් බස් එක අල්ලාගන්නට ඇවිදින දුප්පත් වැඩිහිටියන් හා ගමේ පාසැල් වලට යන දූ දරුවන්.

මේ පීඩාවෙන් පෙළෙන්නේ අසරණ දුගී ජනතාව වුවද, මැසි මදුරුවන්ට තත්වය මාන්නය කුමක් වුවත් කම් නෑ. මේ නොමිනිස්සුන්ට කිව යුත්තේ ඔබේ නොමනා ක්‍රියාවන් නවත්වන්නට ඔබ දන්නා කෙනෙක් ඩෙංගු රෝගයට බිලි වන තුරු ඉන්නට එපා කියායි.

ඉතින් මේ කියවන අපගේ රසික රසිකාවියන් උසස් මානසිකත්වයක් ඇති, රටට අදරැති සුන්දර පිරිසක් යැයි අප විශ්වාස කරනවා. රටේ කසළ ප්‍රශ්ණය විසඳීමට අපට හැකි පුංචිම අයුරින් හෝ දායක වීමෙන් ඔබ ජිවිත කිහිපයක් රැක ගැනීමට දායක වීම කෙතරම් භාග්‍යයක්ද.

ඉතින් පහසුවෙන්ම කසළ වර්ගීකරණය කල හැකි ක්‍රම කිහිපයක් සලකා බලමු.

1. කසළ නිපදවීම අවම කිරීම

ඉහත සඳහන් ලිපියේ දැක්වූ පරිදි අප එක් එක් කෙනා අවබෝධයෙන් අප එදිනෙදා කුණු බැහැර කිරිමෙදී කුණු අවම කිරීමට ප්‍රයත්නයක් දැරිය යුතුයි. ඇඳුම් පැළඳුම් ප්‍රතිචක්‍රීකරණය, කඩදාසි විශේෂයෙන්ම පොලිතින් හා ප්ලාස්ටික් අවම භාවිතය හා ප්‍රතිචක්‍රීකරණය කිරීමෙන් අප නිවසෙන් බැහැර වන කුණු ප්‍රමාණය අවම කරගත හැකියි.

කසළ වර්ගීකරණය නිවෙස් තුළ පහසුවෙන්ම කරගන්නේ මෙහෙමයි

 

2. නිවස තුළම කසළ වර්ගීකරණය කිරීම ඔබ හිතනවාට වඩා බොහෝ පහසුයි.

ඔබේ නිවසත් මගේ නිවසේ වාගේ එදිනෙදා කටයුතු සිදු වන්නේ නම් මුළුතැන්ගෙයි මට අවශ්‍ය වන්නේ කසළ බඳුන් දෙකක් පමණයි.

ඒ පහත වර්ගීකරණයට අනුව කොළ පැහැය සහ නිල් පැහැය. එනම් ඉඳුල්, කෑම, මස් මාළු, එළවලු කොටස් ආදී දිරන අපද්‍රව්‍ය හා කඩදාසි, කාඩ්බෝඩ් ආදිය දැමීමට තව බඳුනක් පමණයි.

මා දිරන අපද්‍රව්‍ය දැමීමට පියන සහිත කුඩා කසළ බාල්දියක් භාවිතා කරන අතර පියන නැති මදක් විශාල බඳුනක් කඩදාසි සඳහා භාවිතා කරනවා. පොලිතින් හා ප්ලාස්ටික් මා වෙනම සිලි මල්ලක එකතු කර ගන්නා අතර විදුරු බෝතල් ආදිය කලාතුරකින් බැහැරලන ද්‍රව්‍ය වන බැවින් ඒවා ඇති විට වෙනම එකතු කරනවා. මෙසේ කිරීමෙන් නිවස තුළත් ලොකු පහසුවක් ඇති වනවා.   

  1. කසළ කළමනාකාරයෙන් ඇති වන අනෙක් වාසි.
    1. කඩදාසි කලක් තිස්සේ එකතු කර සති දෙකකට වරක් බැහැර කල හැකි හෙයින් පරිසර හිතකර වාසියක් ඇති වනවා. දුගඳක් නැති නිසා මෙය කොපමණ එකතු කළත් නිවසට අපිරිසිඳු බවක් අත් වන්නේ නෑ. මේ සියල්ල වෙන් නොකළහොත් මුළු කසළ බඳුනම දුගඳ හමන අතර නිවසේ දුර්ගන්ධය හා අපිරිසිඳු බව ඇති වනවා.
    2. දිරන අපද්‍රව්‍ය වෙනම එකතු කිරීමෙන් දිනකට එකතු වන කුණු ප්‍රමාණය ඉතා අල්ප වනවා. මෙය පහසුවෙන් දිනපතා දිරණ කසළ හැටියට බැහැර කල හැකි වන අතර නිවසේ දුර්ඝන්ධයකින් තොරව පිරිසිඳු මුළුතැන්ගෙයක් පවත්වාගත හැකි වනවා. 
    3. ප්ලාස්ට්ක් හා බෝතල් වෙනම එකතු කිරීමෙන් දිරණ කුණු හා මිශ්‍ර නොවන නිසා පිරිසිඳු තත්වයේ පවතිනවා. මේවා අවශ්‍ය උවමනා වලට නැවත පාවිච්චියට ගැනීමෙන් ප්‍රතිචක්‍රීකරණය කල හැකි වනවා.
    4. අප දූ දරුවන්ට හා අනාගත පරපුරට මිල කල නොහැකි පණිවුඩයක් ආදර්ශය තුළින් ලබා දෙනවා.

3. පුංචි දරුවන්ගේ පැම්පර්ස් බැහැර කිරීමේ ප්‍රශ්නයට විසඳුම්

බොහෝ මවුවරුන් අපෙන් නිරතුරු අසන ප්‍රශ්ණයක් තමා නිවැරදි ලෙස පැම්පර්ස් බැහැර කිරීමේ පිළිවෙත. මේ ගැන මෙසේ අවධානය යොමු කිරීම කෙතරම් උතුම්ද? ඔබ වැනි මව්වරුන් රටට සැබෑ දායාදයක්.

මෙය එතරම් වැදගත් විෂයක් නිසා ඉදිරි දිනෙක ඉතා ඉක්මනින් මේ ගැන විශේෂ සටහනක් ඔබ වෙත ගෙන එන්නට අප බලාපොරොත්තු වනවා. දැනට යෝජනා කළ හැක්කේ පැම්පර් එකේ ඇති අපද්‍රව්‍ය වැසිකිලියට ඉවත් කර ඒවා තදින් වෙලා දින කිහිපයකට වරක් පුළුස්සා ගැනීමයි.

ඉතින් ඉහත ක්‍රමවේදයන් පිලිපැදීමෙන් කසළ වර්ගීකරණය ඉතාම පහසුවෙන් කළ හැකි වන අතර එසේ කිරීමෙන් ඔබේ නිවස තුල කසළ බැහැර කිරීම තව දුරටත් ප්‍රශ්නයක් සේ නොදක සාමාන්‍ය පුරුද්දක් සේ යොදා ගත හැකි වනවාට නිසැකයි.

අද සිටම මේ ක්‍රියාවලිය දෙස විනෝදයෙන් බලා නිවසේ සැමටම මෙසේ කසළ කළමණා කිරීමට දිරිගැන්වීමෙන් සමාජය තුළ ආකල්පමය වෙනසක් ඇති කරන්නට ඔබට හැකි වේයැයි අපි හදවතින්ම ප්‍රර්ථනා කරනවා.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Niloufer Perera

  • Home
  • /
  • කලඑළිය සහ පිළිවෙල
  • /
  • කසළ වර්ගීකරණය නිවෙස් තුළ පහසුවෙන්ම කරගන්නේ මෙහෙමයි
බෙදාගන්න :
  • කසළ කළමනාකරණයේ පලමු පාඩම දරුවාට නිවසෙන්

    කසළ කළමනාකරණයේ පලමු පාඩම දරුවාට නිවසෙන්

  • ඩෙංගු කළමනාකරණය ගැන ඔබ දත යුතු දේ රැගත් අගනා වීඩියෝවක්

    ඩෙංගු කළමනාකරණය ගැන ඔබ දත යුතු දේ රැගත් අගනා වීඩියෝවක්

  • කසළ කළමනාකරණයේ පලමු පාඩම දරුවාට නිවසෙන්

    කසළ කළමනාකරණයේ පලමු පාඩම දරුවාට නිවසෙන්

  • ඩෙංගු කළමනාකරණය ගැන ඔබ දත යුතු දේ රැගත් අගනා වීඩියෝවක්

    ඩෙංගු කළමනාකරණය ගැන ඔබ දත යුතු දේ රැගත් අගනා වීඩියෝවක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it