theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

නොසිතු මොහොතක පුපුරා ගිය ගෑස් ලිප මේ පුංචි දරුවා පුළුස්සා දැමු හැටි

5 අවම කියවීම
නොසිතු මොහොතක පුපුරා ගිය ගෑස් ලිප මේ පුංචි දරුවා පුළුස්සා දැමු හැටිනොසිතු මොහොතක පුපුරා ගිය ගෑස් ලිප මේ පුංචි දරුවා පුළුස්සා දැමු හැටි

ගෑස් ලිප පුපුරා ‌‌ගොස් දරුවෙක් පිළිස්සෙයි.

මේ අම්මා වීදුරු මතුපිටක් ඇති ගෑස් ලිප භාවිතා කිරීම ගැන අන් අයට අනතුරු අඟවනවා.

ශ්‍රී ලාංකික අපි ‌බොහෝ ‌දෙනෙක් භාවිතා කරන අපේ මුලුතැන් ‌‌ගෙට අමුත්‌තෙක් ‌නොවු ගෑස් ලිපෙන් සිදුවිය හැකි ‌මෙවැනි අනතුරු ගැන ඔබ දැනසිටියාද?

මුළුතැන්ගෙය කියන්නේ දරුවන්ට ඉතා අනතුරුදායක ස්ථානයක්. ඒ නිසා ව සියලු කුඩා දරුවන් ඉන් ඈත් වී සිටීම සුදුසුයි.

මුළුතැන්ගෙයෙහි ඇති සෑම දෙයක්ම ළමයින්ට ළඟා විය නොහැකි තරම් ඉහළින් තැබීමටත් පිහි ඈත් කර තැබීමටත් දෙමාපියන් වඩා සැලකිලිමත් විය යුතුයි.

නමුත් කොතරම් ආරක්ෂාවන් යොදා තිබුනද තාමත් අනතුරු සිදු වෙනවා. ‌මේ ඒ සදහා නිදසුනක් වු තවත් එක් ‌ඛේදවාචකයක්.

ගෑස් ලිප පුපුරා දරුවා පිළිස්සෙයි

1

එක් ෆේස්බුක් සටහනක මවක් 2018 අගෝස්තු 18 වන දින තම නිවසේ සිදු වූ  සිදුවීමක් ගැන ‌මෙලෙස සදහන් කළා. 

එදින ස්ටෙලා චොං මුළුතැන්ගෙයෙහි වු ගෑස් ලිප හදිස්සියේම  පුපුරා ගියා. අවාසනාවකට එම අනතුර සිදු වන විට ඇගේ දෙහැවිරිදි පුතා ඇය සමඟ මුළුතැන්ගෙයෙහි සිටියා. 

ඇයගේ සටහනට අනුව, ඇය උණුසුමට ඔරොත්තු දෙන වීදුරුවක් සවිකල ගෑස් ලිපක් මත ආහාර පිසිමින් සිට තියෙනවා. 

“වීදුරු සුනුවිසුනු වු හඩ ඇසෙන විට මම පිඟන් සෝදමින් සහ පලතුරු කපමින් සිටියා,“

ඇය වැඩිදුරටත් එලෙස සටහන් කරනවා.

උණු වතුර බිම පුරා ඉහිරී තිබූ අතර සෑම තැනකම වීදුරු කැබලි විසිරි තිබුූූූූනා

“මට අවශ්‍ය වුණේ මගේ ළමයාව වහාම එතැනින් පිටතට ගෙන ඒමටයි, නමුත් ඒ වන විට මම ප්‍රමාද වැඩියි.”

ඇගේ පුතා ඒ වන විටත් ලිස්සා ගොස් උණු වතුරට වැටී තිබුන අතර ඔහු දෙවන මට්ටමේ පිළිස්සුම් තුවාල ලැබුවා.

2

ඇය මේ දරුවා වහාම රෝහලට ගෙන ගිය අතර එහිදී ඔහුගේ ශරීරයෙන් 30% ක දෙවන මට්ටමේ පිළිස්සුම් සිදු වී ඇති බව වෛද්‍යවරු තහවුරු කළා.

රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු වේදනාවෙන් කෑගැසුවා. ‌මොහොතක් හිතන්න අම්මා ‌කොහොම ඒ ‌වේදනාත්මක හඩට සවන් ‌දෙන්න ඇතිද?

ස්ටෙලාට සිදු වි තිබුනේ පුංචි පිළිස්සුම් තුවාලයක් පමණයි. ඇය පාදයේ එම ස්ථානයට තෙල් ආලේප කලා.

නමුත් ඇගේ වේදනාව ඇගේ පිළිස්සුණු පාදයේ වේදනාවට වඩා හුගක් වැඩියි.

. “මම ඇස් පියා ගන්නා සෑම විටකම මට ඒ අනතුර යලි යලි පේනවා ,“ 

ඇය සටහන් කළා.

ඇගේ පුතා සතියක් රෝහල් ගත කර සිටියා. ඒ වන විටත් තුවාල සුව වීමට පටන් ගෙන තිබුා.

නමුත් ඇය සිය සටහන නිමා කරන්නේ දෙමව්පියන්ට කරන අනතුරු ඇගවීමක් සමගයි.

සියළුම ගෑස් උදුන මත උණුසුමට ඔරොත්තු දෙන වීදුරු භාවිතා නොකරන ලෙස ඇය ඉල්ලා සිටිනවා.

ඇගේ සම්පූර්ණ සටහන පහතින් බලන්න:

 උණුසුමට ඔරොත්තු දෙන වීදුරු සහිත ගෑස් ලිප ආරක්ෂිතද?

3

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

ස්ටෙලාගේ අනතුරු ඇඟවීම සමහර දෙමව්පියන් බියෙන් මුසපත් කල හැකි නමුත් , ඔබ මේ වන විටත් මෙවැනි වීදුරු සහිත ගෑස් උදුනක් භාවිතා කර ඇත්ද යන්න ගැන කණගාටු වීමට දෙයක් තියෙනවාද?

මෙම උණුසුමට ඔරොත්තු දෙන වීදුරු සහිත දැන් නිපදවන ගෑස් උදුන් දැන් බොහෝ දෙනා භාවිතා කරනවා.

බොහෝ නිෂ්පාදකයින් මෙම උණුසුමට ඔරොත්තු දෙන වීදුරුව වෙත මාරු වී ඇත්තේ එය දිගු කල් පවතින නිසාත්, වැඩි බලපෑම සහ තාප ප්‍රතිරෝධී බව නිසාත් ය.

කෙසේ වෙතත්, උණුසුමට ඔරොත්තු දෙන වීදුරු කැඩෙන්නේ නැත්තෙම නැහැ.

නිසි ලෙස සවි කර නොමැති නම් හෝ වීදුරුවේ පිටත පෘෂ්ඨයට යට හානි සිදුවී ඇත්නම් මෙම වීදුරුව කැඩී යා හැක.

වීදුරුව මත අධික බරක් තිබේ නම් හෝ වායුගෝලීය තත්වයන්හි ආන්තික වෙනස්කම් තිබේ නම් එය ද මෙම වීදුරව බිදි යාමට හේතුවෙන්න පුළුවන්.

ස්ටෙලාගේ සිද්ධිය අතිශය භයානක සිදුවීමක් වෙන අතර, වීදුරු ගෑස් උදුන ඇයට වු ලෙසම පුපුරා යාම අසාමාන්‍ය දෙයකි.

නමුත් ඇය කියන පරිදි, වීදුරුව සුනුවිසුනු වීම නිසා තුවාල කිසිවක් සිදුවී නහැ. ඒ වෙනුවට උදුනෙන් විසිරුණ උණු වතුරෙන් පිළිස්සිම් වෙලා තියෙනවා.

උණුසුමට ඔරොත්තු දෙන වීදුරු සහිත ගෑස් උදුන  පුපුරා යාමෙන් වළක්වා ගන්නේ කෙසේද?

මෙවැනි ගෑස් උදුන අප නිවසේදීවඩාත් සුලභ  භාවිතා කරන නිසා, එය පුපුරා යාමෙන් ආරක්ෂා කර ගන්නේ කෙසේදැයි ඔබ කල්පනා කරනවා නේද?

ඔබේ නිවසේදී කළ හැකි මෙවැනි ක්‍රම තියෙනවා.

  1. ගෑස් ලිප මත වු වීදුරු මතුපිට ආවරණය නොකරන්න

සමහර අය ආහාර පිසීමේදී වීදුරු තෙල් විසිරෙන නිසා එය ආවරණය කර තබනවා. වීදුරු මුදුන ආවරණය කිරීමෙන් තාපය පිට නොවන නිසා පුපුරා යෑමේ අවදානම වැඩි කරයි.

ඉවීමේදි හැඩි වීම සාමාන්‍ය දෙයක් වන අතර වීදුරු මතුපිට පසුව  තෙත් රෙද්දකින් පිරිසිදු කරන්න.

  1.   විශාල භාජන සහ බඳුන් භාවිතා නොකරන්න

සෑම විටම නිවැරදි ප්‍රමාණයේ භාජන සහ බඳුන් මෙන්ම සුදුසු ද්‍රව්‍ය වලින් සාදන ලද මුළුතැන්ගෙයි උපකරණ භාවිතා කිරීමට වග බලා ගන්න.

වාත්තු යකඩ හෝ මල නොබැඳෙන වානේ වැනි සමහර ද්‍රව්‍යවලට භාජනය පතුලේ සහ වීදුරු මතුපිට අතර තාපය රදවා තබා ගත හැක.

ඔබ එසේ නොකළහොත් ලිපේ භාජන රදවා ගැනීමේ ආධාරකය විනාශ වෙන්න පුළුවන්.

  1. උණුසුම් භාජන හෝ බඳුන් කෙළින්ම ගෑස් ලිප මත වු  වීදුරු මතුපිටට මත නොතබන්න

බර නිසා මෙම වීදූරුව මත උණුසුම් නොවන භාජන හා බඳුන් තැබීමේ පවා අවදානමක් තියෙනවා. උණුසුම් බදුන් වීදුරුව මත තැබුවහොත් එය පුපුරා යා හැකි අතර වඩා විශාල අවදානමක් ඇති කරයි.

මේ කතාව කියවද්දි ඔබ හිතන්න පුළුවන් දරුවා පිළිස්සුනේ උණුවතුරට විතරයි ගෑස් ලිපේ වරදක් නැහැ කියලා.

ඒත් මේ සිදුවීමේදි දරුවාගේ වාසනාවකට කැපීම් තුවාල සිදු වුනේ නැහැ තමයි. ඒත් ගෑස් ලිප මත වු වීදුරුව නැතිනම් ටෙම්පර්ඩ් ග්ලාස් එක පුපුරලා තියෙනවා.

ඒ කියන්නේ එහෙම පුපුරා යෑමේ අවධානමක් තියෙනවා නේද? ඒ පුපුරා යන විට ගෑස් සිලින්ඩරයත් පුපුරා ගියේ නම් කුමක් සිදු වේද? සිදුවිය හැකි අනතුරු වළක්වාගන්න ඔබේ දැනුවත් කම හා සැලකිලිමත් බව අවශ්‍ය වෙන බව අමතක නොකරන්න.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ළමා ආරක්ෂාව
  • /
  • නොසිතු මොහොතක පුපුරා ගිය ගෑස් ලිප මේ පුංචි දරුවා පුළුස්සා දැමු හැටි
බෙදාගන්න :
  • ගෑස් වලින් මිදෙන්න දරුවාට උදව් වෙන්න

    ගෑස් වලින් මිදෙන්න දරුවාට උදව් වෙන්න

  • ඇඳිරි නීතිය මැද ගෑස් ඉවර වුනොත් බය වෙන්න එපා

    ඇඳිරි නීතිය මැද ගෑස් ඉවර වුනොත් බය වෙන්න එපා

  • ගෑස් වලින් මිදෙන්න දරුවාට උදව් වෙන්න

    ගෑස් වලින් මිදෙන්න දරුවාට උදව් වෙන්න

  • ඇඳිරි නීතිය මැද ගෑස් ඉවර වුනොත් බය වෙන්න එපා

    ඇඳිරි නීතිය මැද ගෑස් ඉවර වුනොත් බය වෙන්න එපා

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it