theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ගැස්ට්‍රයිටිස් වලට කෝමාරිකා කියන්නේ නිට්ටාවටම ගැලවෙන්න පුළුවන් අපූරු බෙහෙතක්

3 අවම කියවීම
ගැස්ට්‍රයිටිස් වලට කෝමාරිකා කියන්නේ නිට්ටාවටම ගැලවෙන්න පුළුවන් අපූරු බෙහෙතක්ගැස්ට්‍රයිටිස් වලට කෝමාරිකා කියන්නේ නිට්ටාවටම ගැලවෙන්න පුළුවන් අපූරු බෙහෙතක්

අම්මා කෙනෙකුගේ ඇත්ත අත්දැකීමක් ඇසුරෙන්.

වර්තමානයේ ගැස්ට්‍රයිටිස් අපි හැමෝම පුච්චන ගැටළුවක් වෙලා. අධික පීඩනය, වැඩ අධික බව හා ආහාර රටාවන් ඊට හුඟක්ම හේතු වෙනවා. ගැස්ට්‍රයිටිස් වලට කෝමාරිකා වැනි දේශීය පැළෑටියකින් ගුණයක් ඇත්දැයි ඔබට සක ඇති.

නමුත් ගැස්ට්‍රයිටිස් හැදුනොත් ඉන් ඔබට හුඟක් පීඩාවන්ට මුහුණ දෙන්න වෙනවා. මේ ලිපියෙන් ගැස්ට්‍රයිටිස් හැදෙන්නේ ඇයි කියලා කතා කරනවට වඩා එයින් ගැලවෙන්න මගක් ඔබට කියන්න අපි හිතුවා.

ඇත්තටම මේ කතාව අපිට කිව්වේ අම්මා කෙනෙක්මයි. ඇය නුවන්ති පෙරේරා.

දරුවන් දෙදෙනෙකුගේ අම්මා කෙනෙක්. දරුවන් දෙදෙනාම එක ළඟ ලැබුන නිසා ඇයට හුඟක් වැඩ වැඩි වුණා. නිතරම ඇය දරුවන්ගේ වැඩ වෙනුවෙන් ඇගේ වැඩ ප්‍රමාද කළා.

අන්තිමේදී නිතර හිසරදය, වමනය ගතිය වගේම බඩ පිච්චෙනවා වගේ ඇයට දැනෙන්න ගත්තා. නිතර හිසරදය ඇගේ ජීවිතයට ලොකු කරදරයක් වුණ නිසාම ඇය වෛද්‍යවරයෙක් හමුවෙන්න ගියා.

ඇයට වැළඳී ඇත්තේ ගැස්ට්‍රයිටිස් නැතිනම් අම්ල පිත්ත රෝගය බව පැවසුනා. වෛද්‍ය ප්‍රතිකාර වලින් ඇයට නිට්ටාවටම සුවයක් ලැබුනේ නැහැ. වරින් වර එය ඉස්මතු වුණා.

මේ ගැන ඇය මට කිව්වා. තවත් කිහිප දෙනෙකුටම මම කෝමාරිකා වලින් ගෙදරදීම හදාගන්න මේ බෙහෙත ගැන කියලා ඔවුන් මට හුඟක් ස්තූති කළා.

ඒවගේම ඇය මට කියපු කෝමාරිකා වලින් හදාගන්න මේ පහසු ලෙහෙසි බෙහෙත කියන්නම්.

ඔබ නිතර පීනස හා සෙම් රෝග ඇති අයෙක් නම් උදෑසන මේ බෙහෙත ගන්න යන්න එපා. එය දහවල් කාලයේ ගැනීම හොඳයි.

ගැස්ට්‍රයිටිස් වලට කෝමාරිකා

කෝමාරිකා ඉතා පහසුවෙන් ගෙදරදීම වවාගන්න පුළුවන් ශාකයක්. ඔබ තට්ටු නිවසක, නිවසේ මිදුලක් නැති ගෙදරක හිටියත් කෝමාරිකා පැළයක් පෝච්චියක සරුවට වවා ගන්න පුළුවන්. කෝමාරිකා වල ඇති සිසිල් ගුණය තුවාල සුව කරන නිසා එමගින් ඇඟ නිවීමක් ඇති කරනවා.

කෝමාරිකා ලොව පුරා හිසේ සිට දෙපතුල් දක්වාම යොදාගන්නා විශ්මිත ආලේපනයක්.

ගැස්ට්‍රයිටිස් වලට කෝමාරිකා නිට්ටාවටම සුව  ගෙන දෙන්නේ කොහොමද?

කෝමාරිකා ගසකින් ගන්නා එක කොළයක් ඔබට වාර කිහිපයක් වුනත් පාවිච්චි කරන්න පුළුවන්.

පළමු පියවර

ගසින් වෙන්කර ගත් කෝමාරිකා පත්‍රයේ දෙපැත්තේ ඇති කටු සහිත තීරු දෙක කපා ඉවත්කරගන්න.

දෙවන පියවර

ඉන්පසුව කොළ පැහැති පොත්ත පිහියකින් ඉවත් කරගන්න. මෙම පොත්තේ කොළ පැහැය හැකි තරම් ඉවත් කර ගැනීම හොඳයි. එහි අගුණයක් නැත්ත අමිහිරි රසයක් ඇතිවීමට හැකියාව වැළකෙනවා.

තුන්වන පියවර

ඉන්පසුව ඔබට ජෙලි වැනි කැබලි දකින්න ලැබෙනවා. කුඩා භාජනයකට එම කැබලි කපා දමාගන්න. වරකට කැබලි කිහිපයක් ප්‍රමාණවත් නිසා ඉතිරිය නැවත ප්‍රයෝජනයට ඔබට ශීතකරණයේ වුනත් දමාගන්න පුළුවන්. 

හතරවන පියවර

ඉන්පසුව ඔබ බොන තේ කෝප්පයකට සුදු කිරි එකක් හදාගෙන එයට කෝමාරිකා මද ටික එකතු කරන්න.

පස්වන පියවර

කිරිත් සමග කෝමාරිකා උදෑසන හිස් බඩ දින කිහිපයක් පානය කරන්න. බොහෝ විට දින තුනකින් පමණ ඔබට හොඳ සුවයක් ලැබෙන අතර නිට්ටාවටම සුවවන තුරු වරින් වර සිදුකරන්නේ නම් ඉතා හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.

ගැස්ට්‍රයිටිස් වලින් ඇතිවන අතුරු ඵල

හෘද රෝග
බඩවැල් වල තුවාල
හිසරදය
වමනය

මෙවැනි රෝග වලින් පීඩා විඳින්න පෙර ගෙදරදීම හදාගන්න පුළුවන් මේ දිව්‍ය ඖෂධයෙන් ගැලවෙන්න පුළුවන්.

අනෙක් අතට ඔබට ගැස්ට්‍රයිටිස් නැතත් මෙය ඔබේ සුවයට ඉතා හොඳ ඇඟ සිසිල් කරන පානයක් වගේ රුව රැකගන්න හිතන හැමෝටමත් අගනා පානයක්.

ඒ වගේම ඔබේ ගෙදර ගෙවත්ත ලස්සන කරගන්න වගේම නිරෝගී බව වැඩිකරගන්නත් කෝමාරිකා පැළයක් ගෙදරදීම වවාගන්න අමතක කරන්න එපා.

නිතර ඔබට සුවය සතුට පතන theAsianparent Sri Lanka මේ පණිවිඩය ඔබට ගෙන ආවේ හැමදාම අපේ දෙමාපියන් සතුටින් සුවයෙන් තබන්නයි.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Nisansala Liyanage

  • Home
  • /
  • දේශීය බෙහෙත් ක්‍රම
  • /
  • ගැස්ට්‍රයිටිස් වලට කෝමාරිකා කියන්නේ නිට්ටාවටම ගැලවෙන්න පුළුවන් අපූරු බෙහෙතක්
බෙදාගන්න :
  • පංච කල්‍යාණියන් බිහි කරවන ‌කෝමාරිකා සත්කාර

    පංච කල්‍යාණියන් බිහි කරවන ‌කෝමාරිකා සත්කාර

  • දියවැඩියාවට බණ්ඩක්කා යනු සිංහල බෙහෙත් අතුරින් මූලික බෙහෙතකි

    දියවැඩියාවට බණ්ඩක්කා යනු සිංහල බෙහෙත් අතුරින් මූලික බෙහෙතකි

  • විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

    විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

  • පංච කල්‍යාණියන් බිහි කරවන ‌කෝමාරිකා සත්කාර

    පංච කල්‍යාණියන් බිහි කරවන ‌කෝමාරිකා සත්කාර

  • දියවැඩියාවට බණ්ඩක්කා යනු සිංහල බෙහෙත් අතුරින් මූලික බෙහෙතකි

    දියවැඩියාවට බණ්ඩක්කා යනු සිංහල බෙහෙත් අතුරින් මූලික බෙහෙතකි

  • විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

    විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it