වෛද්‍ය උපදෙස් නොතකාම දවස් 5 ක් පමණක් වයසැති මගේ පැටියාට පිටිකිරි දුන්නේ ඇයි?

lead image

ඇත්තටම බෝතලයෙන් හා අම්මගෙන් කිරි බීපු දරුවන් දෙදෙනෙකුගේ වෙනස සොයාගන්න පුළුවන්ද?

අම්මගෙයි දරුවගෙයි අතර බැඳීමේ අත්තිවාරම මව්කිරි කියලා මුළු ලොවම කියන කතාවක්. ඇත්තටම බෝතලයෙන් හා අම්මගෙන් කිරි බීපු දරුවන් දෙදෙනෙකුගේ වෙනස සොයාගන්න පුළුවන්ද?

මව්කිරි සුවිශේෂීයි - ඔව්

මව්කිරි ආශ්චර්යමත් - ඔව්

මව්කිරි හැම දරුවාටම සුදුසුය - නැහැ

ඔබට එය කියවන්න ඇති. අලුත් අම්මා කෙනෙක් විදිහට ඇත්තටම මට අවවාද කළේ මව්කිරි දිය යුතුයි කියලයි. එය නොකඩවා මාස 6 ක් යනතුරු කළයුතු බවත් මම කියවූ ලිපි සඟරා හා අන්තර්ජාලය ඇසුරෙනුත් එහි ඇති අපමණ ගුණ දැනගන්නට ලැබුණා.

මේ නිසාම මම ඒ වෙනුවෙන් ආසාවෙන් හිටියා වගේම ඊට සියල්ල සූදානම් කළා. නමුත් මගේ දුව අපි හිතුවට වඩා සති 3 කට ඉස්සෙල්ලා අපි ළඟට එන්න තීරණය කරලා තිබුණා. ඒ නිසාද මන්දා මගේ ශරීරය මව්කිරි දීමේ ක්‍රියාවලියට සුදානම් වෙලා තිබුණේ නැහැ. ඒ නිසා කිරි ආවේ නැහැ. අපි රෝහලෙන් පිටවන තුරුම ඇය බඩගින්නේ හඬන විට හෙදියන් දුවට (ග්ලුකෝස් අඩංගු පානයක්) ඩෙක්ස්ට්‍රෝස් දුන්නා.

මම ඉතාම සංවේගයට පත්වෙලා හිටිය නිසා කළයුත්තේ මොනවද කියලාවත් හිතාගන්න බැරි වුණා. මේ මුළු සිදුවීම ගැනම මම දැනුවත්ව නොසිටි නිසා කළයුතු දේ ගැන මට වැටහීමක් තිබුණේ නැහැ. පුදුමයට කාරණය නම් වෛද්‍යවරයා නිරන්තරයෙන්ම මට කිව්වේ මව්කිරි එරෙන තුරු සිටින්න කියලත් පිටිකිරි නොදෙන ලෙසත් දිගින් දිගටම කිව්වා. නමුත් කිරි තිබුණේ නැහැ. අපි රෝහලේ සිටින තුරු හැමදේම හොඳින් සිදුවුණා.

කිරි වලට පුරුදු වෙන්න කාලයක් ගත වුණා.

නමුත් හැමදේම අනෙක් අතට පෙරලුනේ අපි ගෙදර ආවහමයි. මගේ පියයුරු පිරිලා තිබුනට ඉන් මව්කිරි පිටවුණේ නැහැ. ඉතින් මගේ පැටියට කිරි දෙන්නේ කොහොමද? මම කල්පනා කළා. ඒත් අන්තිමට මිතුරියකගේ පියා වන තවත් විශේෂඥ ළමා රෝග වෛද්‍යවරයෙකු වෙත මම යන්න තීරණය කළා.

නමුත් මට පෙර වෛද්‍යවරයා දුන් උපදෙස් වලින් ඔහු පුදුමයට පත්වුණ අතර එවලේම පිටිකිරි දීමට පටන් ගන්න කියලා උපදෙස් දුන්නා. “ඔයාට අවසානයේ බඩගින්නේ තෙහෙට්ටු වුණ දරුවෙක් අන්තිමට ඉතුරු වෙයි. පිටිකිරිත් දරුවන්ට නිසි පෝෂණය ලැබෙන ලෙස නිපදවලා තියෙන්නේ. මව්කිරි විශිෂ්ට වුනත් මේ අවස්ථාවේ ඔබට මේ තීරණය ගන්න වෙනවා. හැබැයි නිවැරදි නිෂ්පාදන තෝරාගන්න”. ඔහු මාව දැනුවත් කළා.

පිටිකිරි දීම මගේ මාතෘත්වයේ අඩුපාඩුවක් කියාපාමක්ද?

මව්කිරි දීමේ ක්‍රියාවලිය හරියට ඇරඹුනේ මගේ ශරීරයට දින 10 ක් විතර ගතවුනාට පසුවයි. මේ අතරතුර මම පිටිකිරිත් දුන්නේ නැවත මාස 6 කින් මට රැකියාවට යන්න සිදුවෙන නිසයි. ඒකෙන් ඇඟවෙන්නේ මම දරුවට ආදරේ නැහැ කියලා ද? නැත්නම් මගේ මාතෘත්වයේ අඩුපාඩුකම් කියාපාන්නක්ද?

මේ කොහොම වෙතත් මව්කිරි දෙන්න බලාපොරොත්තුවෙන්  ඉන්න අම්මලාට මේ කාරණා කිහිපයක් කියන්නම්.

  • මව්කිරි දීම පිළිබඳ පළපුරුදු උපදේශකවරියකගෙන් උපදෙස් ලබා ගන්න. දියුණු උපදෙස් තියෙනවා. ඔබට අභියෝගයක් වන්නේ නැහැ. නමුත් මට හරි මගපෙන්වීමක් ලැබුනේ නැහැ.
  • කළහැකි වෙනත් කිසිම දෙයක් නැත්නම් සුදුසුකම් වෛද්‍යවරයෙකු සමග කතා කරන සුදුසුම පිටිකිරි වර්ගයක් තෝරලා දරුවාට දෙන්න.

ලෝක සෞක්‍ය සංවිධානය මාස 6 ක් යනතුරු මව්කිරි අනුමත කළත් සමහර විට සමහර අම්මලාට ඒ වාසනාව උදා නොවන්න පුළුවන්. කැමති වුනත් නැති වුනත් සමහර අම්මලාට විසඳිය නොහැකි හේතු ඊට තිබෙන්න පුළුවන්. සමහර විට රෝග තිබෙනවා නැතිනම් මව් කිරි ප්‍රමාණවත් නොවීම හෝ බොහෝ කාරණා වෙන්න පුළුවන්.

හැම අම්මා කෙනෙකුම ප්‍රර්ථනා කරන්නේ දරුවන්ට ඉහළම දේ දෙන්නයි. ඉතින් ඔබේ මාතෘත්වයේ ගුණ හඳුනන theAsianparent Sri Lanka ඒ වෙනුවෙන් මේ ලිපිය ලිවුවා.

theIndusParent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ