theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ගර්භනී සමයේ දියවැඩියාව ගැන අම්මලා න‌ොදන්න කරුණු

4 අවම කියවීම
ගර්භනී සමයේ දියවැඩියාව ගැන අම්මලා න‌ොදන්න කරුණුගර්භනී සමයේ දියවැඩියාව ගැන අම්මලා න‌ොදන්න කරුණු

කාන්තාවක් ගර්භනී තත්ත්වයේදී රුධිරගත සීනි මට්ටම ග්ලුකෝස් මට්ටම ඉහලයාම ගැනයි ‌මේ.

ගර්භනී සමයේ සීනි නොහොත් ගර්භනී සමය තුල දියවැඩියාව (gestational diabetes) ගැන ‌ගොඩාක් අම්මලා න‌ොදන්න කාරනා ඇතුලත් ප්‍රසව හා නාරි වෛද්‍ය සමන් හ‌ේවා මහතාගේ ‌මේ වැදගත් ලිපියත් කියවන්න

කාන්තාවක් ගර්භනී තත්ත්වයේදී රුධිරගත සීනි මට්ටම ග්ලුකෝස් මට්ටම ඉහලයාම ගර්භනී සමයේ සීනි නොහොත් ගර්භනී සමයේ දියවැඩියාව ලෙස හදුන්වනවා. මෙය වැඩිහිටි වයසේ ඇතිවන දියවැඩියාවට වඩා වෙනස් විශේෂ අවධානයට ලක් කලයුතු තත්ත්වයකි.

මෙම තත්ත්වය දරු ප්‍රසූතියට පසු නැවත ප්‍රකුර්ති තත්වයට පත්වන බව හදුනාගන්න පුළුවන්.  ගර්භනී භාවයේ දියවැඩියාව සදහා අවදානම් තත්ත්වයක් ලෙස සිරුරේ බර වැඩිවීම හෙවත් ස්ථූලතාවය හදුන්වන්න පුළුවන්.

එමෙන්ම දරුවන් සිටින මවක්නම් ඔබේ බර කිලෝ 4ට වඩා වැඩි වුවහොත් ගර්භනී සමයේ දියවැඩියා අවදානමකට ලක් වෙන්න පුළුවන්.

එමෙන්ම ඔබ මීට පෙර ගර්භනී අවස්තාවකදී දියවැඩියාව වැලදුන මවක්නම් එහිදීද ඔබ ගර්භනී සමයේ දියවැඩියා අවදානමට ලක් වෙන්න පුළුවන්. ඒ වගේම ඔබේ මව,පියා හෝ පවුලේ කෙනෙකුට දියවැඩියාව ඇතිනම් එහිදීද ඔබ මෙම අවදානමට ලක්වීමට වැඩි ඉඩක් තියෙනවා.

දකුණු ආසියානු රටවල් වල ජීවත් වන අය හට දියවැඩියාව වැලදීමේ වැඩි අවදානමක් තියෙනවා.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

ගර්භනී සමයේ සීනි/ගර්භනී සමය තුල දියවැඩියාව ඔබට ඇතිද යන්න බලාගන්නේ කොහොමද?

ඔබ ගර්භනී සමයේ දියවැඩියාවට භාජනය වී ඇතිද යන්න පරීක්ෂා කිරීමට ඔබ ගර්භනී වී සති 12කට පසුව PPBS රුධිර පරීක්ෂණයක් සිදුකර බලාගන්න පුළුවන්.

ඒ සදහා ප්‍රධාණ ආහාර වේලෙන් පැය දෙකකට පසුව මෙම පරීක්ෂණය කලයුතුයි. මේ මගින් ගර්භනී සමයේ දියවැඩියාව ඔබට ඇතිද යන්න කල්තියා දැනගන්න පුළුවන් නමුත් මෙයින් 100%ක් ඒ බව තහවුරු කරන්න අපහසුයි.

මෙම පරීක්ෂණය මගින් බොහෝ දුරට ඔබ එම අවදානමට සිටීද කියා බලාගන්න පුළුවන්. නමුත් මෙහි ප්‍රතිඵල සාමාන්‍ය වූ මවුවරුන් හටද ඉන් පසු කාලයේදී  ගර්භනී සමයේ දියවැඩියාව වැලදුන අවස්තාද තියෙනවා.
 
ඒ නිසා ගර්භනී වී සති 24ත් 28ත් අතර කාලයේදී නැවත රුධිර පරීක්ෂණයක් සිදුකර ගන්න.
එම  පරීක්ෂණය ග්ලුකෝස් ටොලරන්ට් ටෙස්ට් OGTT යනුවෙන් හදුන්වනවා. එම පරීක්ෂණය මගින් ඔබට ගර්භනී සමයේ දියවැඩියාව ඇතිද යන බව නිවැරැදිව දැනගන්නට පුළුවන්. 
 
සැ යු:  අම්මලා සති 28න් කොහොමත් බලාගන්න පුළුවන්නේ කියල සති 12 පරීක්ෂණය නොකර ඉන්න එපා. මොකද සති 12 පරීක්ෂණය කරල ඔයාට දියවැඩියා තත්ත්වයක් තිබුනොත් මූලික අවදියේදීම එය හදුනාගෙන මගහරවා ගන්න පුළුවන්.

ගර්භනී සමය තුල දියවැඩියාව ඇතිවීමෙන් ඇතිවන සංකූලතාවයන්

ඔබ මෙම තත්වයෙන් පෙලෙන්නේනම් කුසයේ සිටින දරුවාට ඔබට යම් අවදානමක් ඇතිවෙන්න පුළුවන්.
 
එහෙම කියල අම්මලා මේ තත්ත්වය තියෙනවා කියල සිත බයකර ගන්න එපා මොකද මොකද මේ තත්ත්වය තිබූ නමුත් ඉතා නිරෝගී දරුවන් බිහිකරන අම්මලාද සිටිනවා. ඒ නිසා ඔබ වෛද්‍යවරයකු ලබාදෙන උපදෙස් නිසිලෙස පිලිපදින්න එවිට ඔබට කරදරයක් වීමේ අවධානම මගහරවා ගන්න පුළුවන්.
 
මෙම තත්ත්වය නිසා ලක්වීමට පුළුවන් අවදානම් තත්ත්වයන් කිහිපයක් තියෙනවා. ප්‍රසූතියේදී බර වැඩි දරු උපතක් සිදුවිය හැකි නිසා මව සිසේරියන් සැත්කමට ලක් කිරීමට හෝ අඩු භාවිතා කර දරුවා බිහි කිරීමට සිදුවෙන්න පුළුවන්.
 
සිසේරියන් සැත්කම පිලිබඳව මා පෙර ලිපියක් පලකර ඇති. තවත් එක දෙයක් ඇති නමුත් එය ඉතා කලාතුරකින් සිදුවන දෙයක් නිසා ඒ පිලිබඳව සදහන් නොකර සිටින්නම්.

ගර්භනී සමයේ සීනි/ ගර්භනී සමයේ දියවැඩියාව පාලනය කරගන්නේ කොහොමද?

ගර්භනී සමයේ දියවැඩියාව පාලනය කරගැනීමට කටයුතු කිරීමට ඉතා වැදගත්.
මේ සදහා ඔබ කලයුතු වන්නේ ඔබ පරීක්ෂා කර වෛද්‍යවරයා ඔබට ලබාදෙන උපදෙස් නිසි ලෙස පිලිපැදීමයි.
 
නිවැරැදි ආහාර පුරුදු ඇතිකර ගන්නා ලෙස ඔබට මුලින්ම වෛද්‍යවරයා උපදෙස් ලබා දෙනු ඇත.
විශේෂයෙනම දියවැඩියාව ඇති මවක් සීනි අධික ආහාර ගැනීමෙන් වැලකී සිටීම කලයුතු වෙනවා.
මෙහිදී අපි බේකරි කෑම ලෙස හදුන්වන කෑම, පාන්,  බනිස් වර්ග, අධික සීනි යෙදූ රස කැවිලි වැනි දෙයින් වැලකී සිටීම වැදගත්.
 
සමහර කාන්තාවන් ඉතා හොදින් මේ ආහාර පාලනය මගින් මේ දියවැඩියාව මගහරවා ගන්න අවස්තාද තියෙනවා. ඒ නිසා වෛද්‍යවරයකු ලබාදෙන උපදෙස් නිසි ලෙස පිලිපදින්න.

ඔබට මේ සදහා ප්‍රතිකාර අවශ්‍ය වුවහොත් මොකද කරන්නේ?

ඔබට ප්‍රතිකාර අවශ්‍ය වුවහොත් ආකාර දෙකකින් ප්‍රතිකාර කිරීමට අවස්තාව තිබෙනවා. 
  • බෙහෙත් පෙති ආධාරයෙන් රුධිරගත සීනි මට්ටම අවම කිරීම ඉන් එකකි.
  • පෙති භාවිතා කර පාලනය අපහසු වුවහොත් ඉන්සියුලින් නමැති හෝමෝනය නික්ශේපනය කලයුතු වෙනවා.
ඒ සදහා දිනකට තෙවරක් රුධිරගත සීනි මට්ටම පරීක්ෂා කර තත්වය ප්‍රතිකාර වෙනස් කිරීමට සිදු වෙනවා. මීට අමතරව දරුවාගේ බර හා වර්ධනය දැනගන්නට ස්කෑන් පරීක්ෂා කලයුතු වෙනවා දරුවාට යම් සංකූලතාවයක් ඇතිවුවහොත් එයින් පරීක්ෂා කරගන්න පුළුවන්. 

දරු ප්‍රසූතිය සැලසුම් කිරීම

ගර්භනී සමයේ දියවැඩියා තත්ත්වයක් ඇති කාන්තාවන්ගේ දරු ප්‍රසූතිය සාමාන්‍ය මවකගේ දරු ප්‍රසූතිය සැලසුම් කිරීමට වඩා වෙනස් වෙන්න පුළුවන්. මෙම තත්ත්වයක් ඇතිවන කාන්තාවන් ගැබ් ගෙන සති 38ත් 40ත් අතර කාලය තුලදී දරු ප්‍රසූති කිරීම සදහා සැලසුම් කරන්න පුළුවන්. දියවැඩියා තත්ත්වය අනුව මෙම කාලය වෙනස් වෙන්න පුළුවන්
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ගර්භණී අවදිය
  • /
  • ගර්භනී සමයේ දියවැඩියාව ගැන අම්මලා න‌ොදන්න කරුණු
බෙදාගන්න :
  • ගර්භනී සමයේ දියවැඩියාව ගැන ඔබට වටිනා දැනුවත් කිරීමක්

    ගර්භනී සමයේ දියවැඩියාව ගැන ඔබට වටිනා දැනුවත් කිරීමක්

  • ගර්භනී සමයේ ඔබේ ඇතිවෙන පුංචි පුංචි අමාරුකම් වලට ‌මොකද කරන්නේ?

    ගර්භනී සමයේ ඔබේ ඇතිවෙන පුංචි පුංචි අමාරුකම් වලට ‌මොකද කරන්නේ?

  • ගර්භනී සමයේ දියවැඩියාව ගැන ඔබට වටිනා දැනුවත් කිරීමක්

    ගර්භනී සමයේ දියවැඩියාව ගැන ඔබට වටිනා දැනුවත් කිරීමක්

  • ගර්භනී සමයේ ඔබේ ඇතිවෙන පුංචි පුංචි අමාරුකම් වලට ‌මොකද කරන්නේ?

    ගර්භනී සමයේ ඔබේ ඇතිවෙන පුංචි පුංචි අමාරුකම් වලට ‌මොකද කරන්නේ?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it