පාසලේ කරාතේ පුහුණුවෙන් පසු වයස අවුරුදු 7 ක් වයස ගසාල් යාදව් මරණයට පත්වූ හැටි හැම දෙමපියෙකුම දැනගැනීම වැදගත්

Share this article with other mums

මේ දරුවා ඉතා දක්ෂ කරාතේ ක්‍රීඩකයෙක් වන අතර පෙබරවාරි දෙවැනිදා හිසේ දරුණු තුවාලයකින් වේදනාවට පත්වී මේ දරුවා බීම ඇද වැටි තිබුණා...

කරාතේ පුහුණුවන අතර ගාසල් හිසේ තුවාලයකට ලක්වුණා.

මගේ අවුරුදු පහක් වයසැති දියණියගේ පාසලේ වැඩ අවසානයේ රූපවාහිනියෙන් පෙන්වූ උණුසුම් ප්‍රවෘත්තියක මගේ ඇස රැඳුනා.

සැනෙකින් මේ උණුසුම් පුවත මොහොතකට මාව ගල් පිළිමයක් කළා. මම දුටු දේ මට අදහා ගන්න බැරි වුණා. එවලේම මම මගේ දියණියට කිව්වා එයාට වෙන පුංචි වේදනාවක් වුනත් ඇගේ ගුරුතුමියට කීම කොයිතරම් වැදගත්ද කියලා. නොයිදා හි දිල්ලියේ රජයේ පාසලක හත් හැවිරිදි ගාසල් යාදව්ට වුනෙත් එවැනි අනතුරක්.

මේ දරුවා ඉතා දක්ෂ කරාතේ ක්‍රීඩකයෙක් වන අතර පෙබරවාරි දෙවැනිදා හිසේ දරුණු තුවාලයකින් වේදනාවට පත්වී මේ දරුවා බීම ඇද වැටි තිබුණා. අධික රුධිර වහනය නිසා රෝහලට ගෙන යන අතරතුරදී ඇය මියගොස් තිබුණු බව වාර්තා වුණා.

නොසැලකිලිමත් බව ගැන දෙමාපියන් පාසලට චෝදනා කරනවා.

කොහොම වුනත් දෙමාපියන් කියනේ ඔවුන්ගේ දියණිය ඇගේ හිස රිදෙන බව කියූ අවස්ථාවෙම ඒ ගැන පාසලේ ගුරුවරුන් අවධානය යොමු කර නැති බවත් ඒ නිසා ඇයව රෝහලට රැගෙන යාමට ප්‍රමාද වි ඇති බවත් පාසලෙන් ඇගේ දරුවා ගැන පියාට දැන්වූ විට පවසා තිබුණේ ඇය හිසරදය බව පවසන නිසා ගෙදර රැගෙන යන ලෙසයි.

ඔහු කාර්යාලයේ සිටි නිසා ඉක්මනින් ඔහුට ඉන් පිටත්වීමට නොහැකි වුණා. ඔහුට නැවත ඇමතුමක් ලැබුණා. ඇගේ නාසයෙන් ලේ ගලන බවත් ඇය කයිලස් රෝහලට ඇතුලත් කළ බවත් ඔවුන් දන්වා තිබුණා. යාදව් පියා කියනවා.

යාදව් කියන ආකාරයට ගාසල් පාසලේදී තුවාල ලබා ඇති අතර ඊට ප්‍රථමාධාර පාසල තුළ තිබී නැති බව ඔහු කියනවා.

ගෘහණියක් වන ඇගේ මවට පාසලෙන් පළමු ඇමතුම ලබාදී තිබුණා. දරුවා හිසරදය බව පවසන බවත් ඇයව පාසලෙන් රැගෙන යන ලෙසත් කියා තිබුණා. නැතිනම් ඔවුන් පැමිණ ඇයව නිවසට බැස්සවිය හැකි බව පවසා තිබුණා. තවත් මිනිත්තු 10 කින් නැවත ඇමතුමක් ලබා දෙමින් දියණිය හිසරදයෙන් පෙලෙන බවත් ඔවුන් ඇයව රෝහල්ගත කරන බවත් ඇගේ පියාට රෝහල වෙත එන ලෙසත් ඔවුන් පවසා තිබුණා. මේ පණිවිඩය ලැබී පියා මිනිත්තු දහයක් ඇතුලත රෝහලට ගියත් රෝහලට එන අතරතුරදී දියණිය මියගොස් සිටි බව වෛද්‍යවරයා පැවසුවා. පාසලේ බලධාරීන් කියා සිටියේ රෝහලට ගෙන එන අතරතුර ඇයගේ නාසයෙන් ලේ ගැලීමක් සිදුවූ බවයි. ප්‍රථම අන්තර්ජාල පුවත් අංශයට යාදව්ගේ මාමා කෙනෙකු වන ශංකර් මේ තොරතුරු පවසා තිබුණා.

ප්‍රතිකාර ලබාදීමට ඇතුලත් කළ රෝහලේ ප්‍රකාශක පැවසුවේ “ඇගේ හිසේ තුවාලයක් ඇතිවී ලේ වහනය වී තිබුණා. ඇයව අපි දැඩිසත්කාර ඒකකයට ඇතුලත් කර හැකි උපරිම උත්සහයක් ගත්තත් එය වැළකුණා”.

දෙමාපියන් හැමෝටම පාඩමක්

දෙමාපියන් වන අපි අපේ දරුවන්ට පුංචි හරි අනතුරක් වේදනාවක් දැනුන විට වහාම එය කාටහෝ දැන්විය යුතු බව දරුවන්ට තරයේ අවවාද කිරීම වැදගත්. මේ අනතුර ගැන දැනගත් වහාම මම මගේ දියණියට ඒ ගැන පැහැදිළි කර දුන්නා. මම හිතන්නේ ඔබට එලෙසම කරන්න පුළුවන්.

  1. අනතුරක් දැක්කහම එය කොතරම් කුඩා වුනත් ගුරුතුමියට කියන්න. එය වැඩකට නැතැයි කියන්න එපා. පුංචි තුවාලයක් වුනත් හුඟක් විශාල ගැටළුවක් වෙන්න පුළුවන් බව ඇයට කිව්වා.
  2. කිසි විටකත් සෙල්ලමට කියා ප්‍රචණ්ඩකාරී දේවල් කරන්න එපා. එහෙම කරන යාළුවන්ට උදවු වෙන්නත් එපා. ඒ වගේම කවුරුන් හෝ පාසලේදී ගැහුවොත් වහාම ඒ බව ගුරුතුමියට කියන්න. 
  1. ගුරුතුමිය ඔබට උදවු කරන්න එනතුරු ඉන්න එපා. ඔබ ඇය ළඟට ගොස් උදවු ඉල්ලන්න. නැතිනම් මිතුරියකට කියන්න.
  2. ඔයාගේ යාළුවෙකු හරි යම් වේදනාවක් ගැන කියනවා නම් ඉක්මනට ගුරුතුමියට කියන්න.
  3. ගුරුවරුන් ටිකක් ඉන්න යැයි කිව්වත් ඔබට වේදනාවක් දැනෙයි නම් නැවත නැවතත් ගුරුවරයාට කියන්න. ඔයාට උදවු ලැබෙන තුරුම උදවු ඉල්ලන්න.
  4. අම්මගෙයි තාත්තගෙයි දුරකථන අංක මතක් කරලා ඔවුන්ට දන්වන්න කියලා දරුවාට කියන්න. දරුවන්ට දෙමාපියන්ගේ දුරකථන අංකය දන්නා බව කියන ලෙස කියන්න. නැතිනම් ඊටත් කාලයක් ගතවෙනවා.
  5. පුංචි තුවාලයක් වුනත් ඔවුන් ඒ ගැන දෙමාපියන්ට කිව යුතු බව කියා දෙන්න. ඊට නිසි ප්‍රතිකාර ඒ නිසා ලබාදෙන්න පහසු බව කියාදෙන්න.

පුංචි දරුවන් පාසල් වයසට ආවත් කාලයක් යනතුරු ඔවුන්ට අලුත් පරිසරයට හැඩගැහෙනවා. අලුත් දේවල් වලට හුරු වෙන්න දෙමාපියන් ලෙස අපෙන් උදවු අවශ්‍යයි. ඒ නිසා එහි පරිසරයට හුරු වෙන්න ඔවුන්ට උදවු කරන්න. ඉන් අනතුරු වළකා  ගන්න උදවු වෙන්න පුළුවන් බව මතක් කරන්න theAsianparent Sri Lanka මේ ලිපිය සකස් කළා.

 theIndusParent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

 

Safety