theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ගී මිශ්‍ර දුන්තෙල් බත් එකක් හදාගන්නේ මෙහෙමයි

2 අවම කියවීම
ගී මිශ්‍ර දුන්තෙල් බත් එකක් හදාගන්නේ මෙහෙමයිගී මිශ්‍ර දුන්තෙල් බත් එකක් හදාගන්නේ මෙහෙමයි

වියළි පලතුරු හා සැර නැති අමුද්‍රව්‍ය මුසුකරමින් සාදාගන්න මේ බත් එකට දරුවන් හුඟක් ආසා කරනවා. ඉතින් ගී මිශ්‍ර බත් හදන විදිහ අත්හදා බලන්න ඔබටත් පුළුවන්.

ගී මිශ්‍ර දුන්තෙල් බත් ගැන ඇහෙන කොට මට ඇස්දෙක පියාගෙන වුනත් දුන්තෙල් බත් රසවිඳින හැටි මතක් කරගන්න පුළුවන්.

බත් මිශ්‍රණය තරමක් තුනපහ මුසු කරියක් සහ ලූණු සලාදයක් සමග පිළිගැන්වෙනවා. එහි සුවඳ සිත් ආකර්ෂණය කරන අතර මෙය දකුණු කේරලයේ ඉතා ප්‍රසිද්ධ ඉන්දියානු ආහාරයක්. සමහර වෙලාවට ගෙදර නොයෙක් වැඩ රාජකාරි අතර කාලය සමග සටන් කරන අපේ අම්මලාට විවිධ බවක් එක් කරන්න මෙය හොඳ අවස්ථාවක් වෙන්න පුළුවන්.

ගී මිශ්‍ර බත් හදාගන්නේ කොහොමද?

තුනපහ හා වියළි පලතුරු මුසු වීම මෙහි විශේෂත්වයක්. නමුත් දරුවන්ගේ කැමැත්ත අනුව ඔබට මීට යොදන අමුද්‍රව්‍ය වෙනස් කර ගන්න පුළුවන්. එතකොට දැන් අපි ගී මිශ්‍ර බත් එකක් සාදාගන්නේ කොහොමද කියලා බලමු.

අවශ්‍ය ද්‍රව්‍ය

බාස්මති සහල් කෝප්ප 1
ගී මේස හැඳි 2
කුඩා කුරුඳු කැබැල්ලක්
කරදමුංගු 1ක්
කරාබු නැටි 2ක්
කරපිංචා
රම්ප
රටලුණු ගෙඩි එකක්
කජු කැබලි
වියළි මිදී
ඉඟුරු, සුදු ලුණු තේ හැඳි ½ක්
හොඳින් පොඩි කරගත් කොත්තමල්ලි කොළ තේ හැඳි 1ක්
රස අනුව ලුණු

පියවර

  1. බාස්මති සහල් හොඳින් සෝදා ගෙන මිනිත්තු 10-15 දක්වා පෙඟෙන්න හරින්න.
  2. ගී තේ හැඳි භාගයක් පමණ දමා පෑන් එක රත් කර කජු කැබලි රන් පැහැ වන තුරු බැදගන්න.
  3. නැවත ගී තේ හැඳි ½ කට වියළි මිදි දමා බැදගන්න.
  4. එම පෑන් එකටම සියලුම කුළුබඩු එක්කර ලූණු, ඉඟුරු, සුදු ලුණු සමග හොඳින් තෙම්පරාදු කර ගන්න.
  5. පෙඟුණ බාස්මති හාල් වතුර පෙරා ඊට එක්කර ටික වෙලාවක් තබා මිශ්‍රණයට එක්කර හොඳින් මිශ්‍ර කරන්න.
  6. අවශ්‍ය පරිදි ලුණු දමා උතුරන වතුර කෝප්ප 2ක් පෑන් එකට දමා මූඩියකින් වසා තබන්න.
  7. විටින් විට හැඳි ගාමින් අඩිය නොඇලෙන ලෙස තැම්බේ දැයි පරීක්ෂාවෙන් ඉන්න.
  8. හොඳින් ඉඳුන පසු පෑන් එකෙන් බත් ඉවත් කර වෙනත් භාජනයකට බෙදාගන්න.
  9. නැතිනම් ඔබට මේ සඳහා ප්‍රෙෂර් කුකර් එකක් වුනත් පාවිච්චි කරන්න පුළුවන්.
  10. ඉන්පසු කොත්තමල්ලි කොළ හා වියළි මිදි මිශ්‍ර කර බත් එක සරසා ගන්නත් අවශ්‍ය නම් තවත් ගී ටිකක් එකතු කර ගන්නත් පුළුවන්. 

උපක්‍රම

  • ඉඳුණු පසු රම්ප කරපිංචා වැනි කුළු බඩු බත් එකෙන් ඉවත් කර ගැනීමෙන් දරුවන්ට සැර රසයක් එන්නේ නැහැ.
  • ගී බත් සමග තැම්බූ බිත්තර වලට දරුවන් කැමතියි.
  • කැමති නම් සාදන අතර කැරට් හෝ මිංචි කොළ කැමැත්ත අනුව එක්කර ගන්න පුළුවන්.
  • ගෙදරම හදාගත්ත ගී වලින් වලින් සදාගන්නවා නම් රස තවත් ඉහළයි.

දරුවන්ට රසවත් කෑම වේලක් හදලා දෙන්න අම්මලා කවුරුත් කැමතියි. ඒ වෙනුවෙන් theAsianparent Sri Lanka මේ ලිපිය ඔබට ගෙන ආවා. 

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • ආහාර සහ පෝෂණය
  • /
  • ගී මිශ්‍ර දුන්තෙල් බත් එකක් හදාගන්නේ මෙහෙමයි
බෙදාගන්න :
  • පලා මිශ්‍ර එළවළු බත්: පොඩ්ඩන්ට ගුණයෙන් හා රසයෙන් පිරි ආහාර වේලක්

    පලා මිශ්‍ර එළවළු බත්: පොඩ්ඩන්ට ගුණයෙන් හා රසයෙන් පිරි ආහාර වේලක්

  • අපූරු පෝෂණීය ගුණ ඇති, පිළිකා නසන හීනටි සහල් පුංචි පැටවුන්ට හුරුකරන්න

    අපූරු පෝෂණීය ගුණ ඇති, පිළිකා නසන හීනටි සහල් පුංචි පැටවුන්ට හුරුකරන්න

  • කුස්සියේ වද දෙන ගුල්ලන් මට්ටු කරන්නේ කොහොමද?

    කුස්සියේ වද දෙන ගුල්ලන් මට්ටු කරන්නේ කොහොමද?

  • පලා මිශ්‍ර එළවළු බත්: පොඩ්ඩන්ට ගුණයෙන් හා රසයෙන් පිරි ආහාර වේලක්

    පලා මිශ්‍ර එළවළු බත්: පොඩ්ඩන්ට ගුණයෙන් හා රසයෙන් පිරි ආහාර වේලක්

  • අපූරු පෝෂණීය ගුණ ඇති, පිළිකා නසන හීනටි සහල් පුංචි පැටවුන්ට හුරුකරන්න

    අපූරු පෝෂණීය ගුණ ඇති, පිළිකා නසන හීනටි සහල් පුංචි පැටවුන්ට හුරුකරන්න

  • කුස්සියේ වද දෙන ගුල්ලන් මට්ටු කරන්නේ කොහොමද?

    කුස්සියේ වද දෙන ගුල්ලන් මට්ටු කරන්නේ කොහොමද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it