theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දැනුමෙන් සුවිශේෂී අතිදක්ෂ දරුවන් දරුවන් හඳුනා ගන්නට අගනා ඉඟි 11 ක්

6 අවම කියවීම
දැනුමෙන් සුවිශේෂී අතිදක්ෂ දරුවන් දරුවන් හඳුනා ගන්නට අගනා ඉඟි 11 ක්දැනුමෙන් සුවිශේෂී අතිදක්ෂ දරුවන් දරුවන් හඳුනා ගන්නට අගනා ඉඟි 11 ක්

අනෙක් දරුවන්ට වඩා ඔබේ දරුවා නැණවත් බව ඔබ හඳුනාගෙන තියෙනවද?

සාමාන්‍ය දරුවෙකුට වඩා ඔබේ දරුවාගේ බුද්ධි මට්ටම වැඩි බව ඔබට වැටහිලා තියෙනවද? දරුවා අතිදක්ෂ දරුවන් ඝනයට අයත්වේදැයි ඉතා ඉතා සියුම් ලෙස හඳුනාගන්න ඔබට පුළුවන්.

හැම දරුවෙක්ම හරිම සුවිශේෂීයි. නමුත් පර්යේෂණ වලට අනුව අනෙක් දරුවන්ට වඩා සමහර දරුවන් ඉදිරියෙන් සිටින බව ඔවුන්ගේ ක්‍රියාකාරකම් හැසිරීම් ඇසුරෙන් අධ්‍යනය කල හැකියි.

හොඳම කාරණය තමයි මේ ඉඟි මගින් ඔබට ඒ බව හඳුනාගන්න වැඩි කාලයක් නොයන බව වැටහේවී.

සාමාන්‍ය තත්වයට වඩා වේලාසනින් ඔබේ දරුවාගෙන් ඉස්මතු විය හැකි මේ ලක්ෂණ 11 ගැන ඔබත් අවධානයෙන් ඉන්න.

දැනුමෙන් සුවිශේෂී අතිදක්ෂ දරුවන් හඳුනා ගන්නට ඉඟි

1. අතිදක්ෂ දරුවන් හට පුදුම මතකයක් තිබිය හැකියි.

ආරම්භයක් ලෙස ඔබේ දරුවාට අන් අය මවිත වන අන්දමේ මතකයක් තිබිය හැකිය. නිව් කිඩ්ස් සෙන්ටෙර් හි  ප්‍රවීණයන්ට අනුව ඔබේ දරුවාට අතීත සිද්ධීන් පිළිබඳ සුවිශේෂී මතකයද?

උදාහරණයක් ලෙස සෙල්ලම් බඩුවක් හැංඟු ස්ථානයක් පිළිබඳ මතකය හා එකවර මුහුණුවර හා ස්ථාන හඳුනා ගැනීමේ හැකියාව වැනි දේ ඔබේ දරුවට ලැබුණු සුවිශේෂි ත්‍යාගයක් බව මතක තබා ගන්න.

සුවිශේෂී මතකයක් ලැබීම ජිවිතයේ හැම අවදියකදීම ලැබෙන සුවිශේෂී හැකියාවක්.

ඔබේ දරුවාගේ මතක ශක්තිය පිළිබඳ අධ්‍යනය කර බලන්න. ඔවුන්ගේ මතකය ආවර්ජනය වන ක්‍රියාකාරකම්වල ඔවුන් සමග නිරත වන්න.

උපතින් ලැබෙන ඔවුන්ගේ මේ හැකියාව වැඩි දියුණු කරන්න එය හොඳ රුකුලක් වෙවී.

2. සමහර දේවල්, වස්තූන් දිහා ඔවුන් බොහෝ වේලා බලාගෙන ඉන්නවද?

සමහර දරුවන් තුළින් මේ ලක්ෂණ දකින්න පුළුවන්. ඔවුන් යම් වස්තුවක් දෙස එක එල්ලේ බලාගෙන සිටීද? නැවත නැවත බැලීම මඟින් තහවුරු වන්නේ ඔවුන්ට ගැඹුරු ලෙස ඇති සිතීමේ ශක්තිය පිළිබඳ පෙර ලක්ෂණයි.

අධ්‍යාපනික උපදේශිකාවක් වන වෛද්‍ය ඩෙබ්රා මෙහෙම පවසනවා.

නුවණැති දරුවන් තම අවධානයෙන් යම් දේවල් දෙස බලමින් සෙල්ලම් වල යෙදීම මෙම දක්ෂතාවයේ මූලික අවස්ථාවන් විය හැකි බවයි.

සමහර විටෙක දරුවන් යම් දේවල් දිහා දැඩි අවධානයෙන් බලා එය අමතක කර දැමිය හැකි වුවද සමහර විටෙක ඒ පිළිබඳව දැඩිව සිතමින් ඒ ගැන ඉගෙන ගන්නවා. ඒ නිසාම ඔවුන් දන්නා කරුණු විටෙක වැඩිහිටියන් වන අපිව පුදුමයට පත් කරනවා.

දැනුමෙන් සුවිශේෂී දරුවා

ඔබේ පැටියත් මේ ලක්ෂණ පෙන්නුම් කරනවාද?

3. අතිදක්ෂ දරුවන් යම් සිදුවීමක අරම්භයේ දීම එහි අවසානය ඉක්මනින් වටහා ගන්නවා.

සමහර දරුවන්ට සිදුවීමක් පියවරෙන් පියවර විස්තර කරන්න සිදුවෙනවා. එත් ඔබේ දරුවා යමක් සිදුවෙත්ම එය වටහා ගෙන එහි අවසානය අවබෝධ කරගන්නවා. ඒ කියන්නේ ඔහු සැබවින්ම බුද්ධියෙන් සුවිශේෂී අතිදක්ෂ දරුවන් ගෙන් කෙනෙක්.

උදාහරණයක් ලෙස යමෙක් පාන් පෙති කිහිපයක් ගෙන සැන්විච් එකක් හදන්න යනකොට අපි දන්නවා ඔහුට කුසගිනි නිසා ඔහු යමක් කෑමට සූදානම් කරන බව. එය සරලයි.

නමුත් දරුවෙක් මෙය එලෙසම අවබෝධ කර ගැනීම සරල නැහැ. මන්ද ඔහුට එය විශාල සිතුවිලි ක්‍රියාදාමයක්.

නමුත් ඔහුට එය අවබෝධ කර ගැනීම ඔහුගේ බුද්ධි මට්ටමේ සුවිශේෂී අවස්ථාවක්. ඔබේ දරුවාගේ මේ හැකියාව හඳුනාගෙන ඔවුන්ට නිගමනයන්ට එළබෙන්නට උදවු කිරීම ඔවුන්ගේ මේ හැකියාව වර්ධනය කිරීමට රුකුලක් වෙවී.

4. මේ දරුවන් වැඩිහිටි පිරිස සමග කාලය ගත කරන්න කැමතියි.

පරිණත අයගෙන් අසන්න කතාකරන්න ලැබෙන දේ මගින් සමහර දරුවන් අන් දරුවන්ට වඩා ඉක්මනින් කරුණු කාරණා ඉගෙන ගන්නවා.

සවන් දීම වගේම ප්‍රශ්න ඇසීම ඔවුන් නිතර කරනවා. සමහර දරුවන්ට වඩා ඔබේ දරුවා තුල මේ ලක්ෂණ තිබෙන්න පුළුවන්.

ළමා විශේෂඥයෙකු වන ලින් කෙන්ඩ්ල් BBC ය සමග වරක් මෙහෙම පැවසුවා.  මේ සුවිශේෂී දරුවන් නිතර තමන් වයසින් වැඩි හෝ වැඩිහිටියන් සමග කාලය ගත කරන්න කැමති බවයි.

ඒ නිසා ඔවුන්ගේ බුද්ධිය වර්ධනයට ඔවුන් නොදැනුවත්ව ම තල්ලුවක් ලැබෙනවා.

5. භාෂා දැනුම

සාමාන්‍ය කතා කරන වයසට වඩා ඉක්මනින් දරුවන්ට කතා කිරීමට හා සංවාදයක් පවත්වාගෙන යාමට හැකියාවක් ඇති බව පෙන්නුම් කිරීම සාමාන්‍ය දරුවෙකුට වඩා එහා ගිය සුවිශේෂී ලක්ෂණයක්.

ඩේවිඩ්සන් පදනමේ ෆවුන්ඩේෂන් ෆෝ ඇඩ්වාන්ස් චිල්රන්ස් හි මතය අනුව චතුර හා ක්‍රමවත් කතා විලාශය දරුවෙකුගේ සුවිශේෂී දක්ෂතා ඇති බව පෙන්වන ලක්ෂණයක් බව තහවුරු කරනවා.

සමහර විට දරුවෙක් තොරතෝංචියක් නැතුව කියවනවා නම් එය කරදරයක් යි සිතන්න එපා.

එය ඔහු ඔහුගේ හැකියාව ගැන පෙන්වන පෙර ලක්ෂණයක් බව හොඳින් වටහා ගන්න.

6. ලෙහෙසියෙන් නින්දට නොයන්නේ නම්

දරුවෙකුගේ දෛනික නින්ද යා යුතු වේලාවටත් ඔවුන්ව නින්දට යවන්න අම්මලට හුඟක් මහන්සි වෙන්න වෙනවා. මෙය සමහර විටෙක කරදරයක් බවටත් පත් වෙනවා.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

නමුත් නින්ද ලේසියෙන්ම නොයන දරුවන් එසේ වන්නේ ඔවුන්ගේ මොලයේ ක්‍රියාකාරිත්වය, ඔවුන්ට සිතන්නට ඇති දේවල් වැඩි නිසා බව සොයාගෙන තියෙනවා.

වෛද්‍යවරුන්ට අනුව මෙවැනි දක්ෂතා ඇති දරුවන් වැඩිපුර නින්දට කැමැත්තක් නැති බවත් ඔවුන්ගේ මොලය ඉතා කඩිනමින් ක්‍රියාත්මක වන නිසා එය ක්‍රියාකාරී බවින් වැඩි නිසා නින්ද ඔවුන්ට එන්න ප්‍රමාද වෙනවා.

එහෙත් දරුවා නොනිදා තරමක් අපේ කාලය වැඩියෙන් ගනිද්දී ඒ ගැන ඉවසිලිවන්ත වීම වඩා නුවණට හුරුයි.

7. සිත් ඇද ගන්නා නුවණක්කාර චරිත ලක්ෂණ

කවුරුත් යමක් ගැන දැනුමක් ඇති සමහරවිට විහිළුවෙන් නමුත් විහිළු තහළුවෙන් වටිනා යමක් ඉතිරි කරමින් කතා කරන අය ළඟ කාලය ගත කරන්න කැමතියි. අතීතයේ දී එවැනි සුවිශේෂී චරිත ගැන අනාගතයේදී පවා කතා වේවී.

ලින් කෙන්ඩ්ල් BBC ය සමග සාකච්ඡාවකදී පැවසුවේ හාස්‍ය මුසු, සමාජ දැනුම මුසු වු කතා විලාශයන් සුවිශේෂී දැනුමක් ඇති දරුවෙකුගේ පෙර ලක්ෂණයක් බවයි.

සමහර දරුවන් ඔවුන්ගේ කතා වලට අපව හිනස්සවන අතරම ඔවුන් ඒ මගින් විශාල අර්ථයක් ඇති යමක් කියනවා. එය ඔබේ දරුවට ඇති සුවිශේෂී වටිනාකමක් බව හඳුනාගන්න.

දැනුමෙන් සුවිශේෂී දරුවා

ඔබේ දරුවා අන් අයට වඩා හන්ගීම් පෙන්නුම් කරනවද? (මෙම පින්තූරය Flickr හරහා ගනු ලැබේ.)

8. ඔවුන්ගේ හැඟිම් අන් අයට වඩා වැඩියෙන් පෙන්වනවාද?

දරුවෝ අඬනවා, කෑගහනවා, හිනාවෙනවා. එය සාමාන්‍ය දෙයක්. ඒත් ඔබේ දරුවා අන් අයට වඩා අවස්ථාවන් වලදී සංවේදී වෙන්න පුළුවන්. ඔවුන් ප්‍රසිද්ධියේ ඒ බව පෙන්වීම වරදක් සේ දකින්න එපා.

ඔවුන් අන් අයගේ හැසිරීම් වලට ඉක්මනින් ප්‍රතිචාර දැක්වීම ඊට හේතුවයි.

ඒ ඔවුන්ට අන් අයට වඩා ඉක්මනින් දැනෙන නිසයි. මනෝ වෛද්‍ය ඩේවිඩ් පැල්මර් පවසන්නේ නැණවත් දරුවන් අන් අයට වඩා සංවේදී දරුවන් බවයි.

ඉතින් ඔබේ දරුවාත් මෙවැනි ලක්ෂණ පෙන්වන්නේ නම් ඒ ඔවුන්ගේ බුද්ධි මට්ටමේ සුවිශේෂී සලකුණක් බව අවබෝධ කර ගන්න.

 

9. ශක්තිය පෙන්වන්න යනවා වැඩිද?

සමහර දරුවන්ට කතාවට කියන්නේ නිකන් ඉන්නම බෑ කියලා.යමක් උස්සන්න, පෙරලන්න අඩුම තරමේ සොලවල බලන්න ඔවුන් කැමතියි. ඉන් ඔවුන්ගේ මොලයේ උද්දීපනය හා ක්‍රියාකාරිත්වය වැඩි වෙනවා.

වෛද්‍ය හිලරි හෙටින්ජ්ර් හා වෛද්‍ය මාර්තා කාර් පවසන ආකාරයට “ශාරීරික මෙන්ම මානසික උත්තේජනයක් සෙවීම ඔවුන්ගේ බුද්ධි වර්ධනයේ ලක්ෂණයක් ” ඔවුන් පවසනවා.

ඔබේ දරුවා කුතුහලයෙන් වස්තූන් සොලවමින්, පෙරලමින් කරන අධ්‍යනය ඔබට සුවිශේෂී දරු පැටියෙක් හිමි වි ඇති බවට පෙර ලකුණක්.

10. දැන්ම විනෝදාන්ශයකට හුරු වෙලාද?

දරුවන් යම් යම් දේට ආශා කරන බව ඇත්තක්. එත් සුවිශේෂී දරුවන් මෙය සාමාන්‍ය දරුවන්ට වඩා ඉක්මනින් තෝරා ගන්නවා නම් එය විශේෂයි. ඒ නිසා ඔවුන් එයින් දක්ෂතා දක්වන අයුරු ඔබට දකින්න පුළුවන්.

බේබි සෙන්ටර් මතයට අනුව ඔබේ දරුවාට සාමාන්‍ය දරුවෙකුට වඩා කලින් සුවිශේෂී දක්ෂතා මතු කරනවා නම් උදාහරණයක් ලෙස චිත්‍ර අන්දිනවාද? ගණිත ගැටළු හා ගණන් කිරීම වැනි දේ වලින් ඔබව පුදුමයට පත් කරනවාද?

එසේ නම් ඔබට බෙහෙවින් සතුටු විය හැකියි. ඒ ඔබට සුවිශේෂී දරුවෙකු ලැබී ඇති නිසයි.

11. අතිදක්ෂ දරුවන් කියවන්න හරි ආසයි

‘පොත්ගුල්ලා ‘ වචනය හිතනකොටම මතක් වෙන්නේ පොතට පතට ආස අය නේද?

ඔබේ දරුවත් දැනටත් පොත් වලට ආස කරමින්, කියවීම ගැන උනන්දු වෙනවාද? එසේ නම් ඔහු නැණවතෙක් වන පෙර ලකුණු දක්වන බව මතක තබා ගන්න.

මෙවැනි දරුවන් පාසල් යාමටත් පෙරම සමහර විටෙක විනෝදයටත් කියවන්න කැමැති අය බව නිව්යෝක් හි දෙමාපියන්ගේ වාර්තාවන්ට අනුව කියවෙනවා.

මේ දේවල් ඔබට මතක් කලේ සමහර විටෙක අපි දරුවන්ගේ සමහර ක්‍රියාකාරකම් ගැන වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැහැ.

මේ නිසා ඔවුන්ට හිමි සුවිශේෂීතා නිරායාසයෙන්ම ගිලිහි යන්නට ඉඩ ඇති නිසයි.

සමහර විටෙක මේ ගතිගුණ ඔවුන් තුළින් දකින විට එය කරදරයක් ලෙස සිතෙන්නත් පුළුවන්. එත් මේ කාරණා ගැන ඔබත් වැඩියෙන් සිතා බලන්න. ඔබටත් සුවිශේෂී මවක් පියෙක් වීමට මේ කරුණු උදවු වෙවී.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

මූලික පින්තූරය Pinterest හරහා ගනු ලැබේ. 

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • මාපිය දැනුම
  • /
  • දැනුමෙන් සුවිශේෂී අතිදක්ෂ දරුවන් දරුවන් හඳුනා ගන්නට අගනා ඉඟි 11 ක්
බෙදාගන්න :
  • සීමාවන්ට එහා ගිය දක්ෂ සුවිශේෂී දක්ෂතා ඇති දරුවන් තුළ ඇති ලක්ෂණ 8ක්

    සීමාවන්ට එහා ගිය දක්ෂ සුවිශේෂී දක්ෂතා ඇති දරුවන් තුළ ඇති ලක්ෂණ 8ක්

  • ඔබ හිතනවාට වඩා ඔබේ දරුවා නැණවත්. ඒ බව කියා පාන ඉඟි 8ක්

    ඔබ හිතනවාට වඩා ඔබේ දරුවා නැණවත්. ඒ බව කියා පාන ඉඟි 8ක්

  • සීමාවන්ට එහා ගිය දක්ෂ සුවිශේෂී දක්ෂතා ඇති දරුවන් තුළ ඇති ලක්ෂණ 8ක්

    සීමාවන්ට එහා ගිය දක්ෂ සුවිශේෂී දක්ෂතා ඇති දරුවන් තුළ ඇති ලක්ෂණ 8ක්

  • ඔබ හිතනවාට වඩා ඔබේ දරුවා නැණවත්. ඒ බව කියා පාන ඉඟි 8ක්

    ඔබ හිතනවාට වඩා ඔබේ දරුවා නැණවත්. ඒ බව කියා පාන ඉඟි 8ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it