theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ප්‍රතිශක්තිය ඉහළ නංවන කහ, සුදුළුණු හා ඉඟුරු තේ recipe

5 අවම කියවීම
ප්‍රතිශක්තිය ඉහළ නංවන කහ, සුදුළුණු හා ඉඟුරු තේ recipeප්‍රතිශක්තිය ඉහළ නංවන කහ, සුදුළුණු හා ඉඟුරු තේ recipe

ඉහළ ප්‍රතිශක්තිකරණය ‌මේ දවස් වල ‌කොයිකාටත් වැදගත්. ‌මේ එය වඩවන්න උපදෙස් 10 ක්

කහ, සුදුළුණු හා ඉඟුරු තේ  කියන්නේ හොදින් ප්‍රතිශක්තිය ඉහළ නංවන ආහාර කියලා අපි කොයි කවුරුත් දන්නවා.

ශ්‍රී ලංකාවේ අපිට නම් මේවා අලුත් දේවල් නෙමෙයි. ඒවා අපි නිතර දකින පාවිච්චි කරන ආහාර නේද?

අපි අද මේ කියන්න යන්නේ මේ ගැන පළවුන ලිපියක් ගැනයි.

අද වෙනකොට ලෝකයේ බොහොමයක් මිනිස්සු නිවාස වලට කොටු වී සිටිනවා.

මිනිසාගේ පැවැත්මට මරු පහරක් වු චීනයෙන් අවදි වු කොරොනා නම් වෛරසය ලොව දසත පැතිර ගොස් හමාරයි.

මේ ලිපිය ලියන විටත් එය ලොව පුරා ආසාදනය වුන මිනිසුන් ගණන මිලියන භාගයක් ඉක්මවා යද්දි එය බිලිගත් ජිවිත ගණන 25000 කට ආසන්නයේ සුසුම් හෙලනවා.

විහිලුවක් නෙමෙයි. තිත්ත වුනත් ඇත්ත ඒක තමයි.

ශ්වසන පද්ධතියට බලපෑම් කරන මෙම වෛරසය සදහා විවිධ දේශිය විදේශිය ඖෂධ සමාජ ජාලා වල සැරිසැරුවද තවම කිසිවක් එම රෝගය සුව කරන බවට විද්‍යාත්මකව තහවුරු කර නැහැ.

විටෙක ජපානයේ ඖෂධයක් නැතිනම් වෙනත් රෝගයකට ලබා දුන් ඖෂධ මෙම රෝගය මර්දනයට අත්හදා බලද්දි තවත් රටවල් යුහුසුළුව උත්සහ කරන්නේ එම වෛරසයට එරෙහිව එන්නතක් සකස් කිරීමටයි.

තත්වය එසේ තිබියදි මේ අලුතින් පැතිර යන කොවිඩ් 19 නැමති අමුත්තා හා ඔට්ටු වෙන්න අපිට සුදානම් ‌වෙන්න පුළුවන්.

ඒ අපගේ ප්‍රතිශක්තිය ඉහළ නංවා ගැනිමෙනි.

ඊලග ‌ආසාදිතයා ඔබ ‌හෝ මා ‌වෙන්න පුළුවන්.

ඒ නිසා අපි අපේ ප්‍රතිශක්තිය පද්ධතිය සුදානම් කරගරනීම අත්‍යාවශ්‍ය බව ඔබ කොයි කවුරුත් තේරූම් ගන්න ඇති නේද?

එහෙනම් අපි ඇත්තටම ‌මොකද කරන්න අවශ්‍ය?

ප්‍රතිශක්තිය ඉහළ නංවන කහ, සුදුළුණු හා ඉඟුරු තේ recipe

කහ, සුදුළුණු හා ඉඟුරු තේ  වැනි ‌දේවල් වලට අපේ ප්‍රතිශක්තිය ඉහළ නංවන්න පුළුවන්ද?

ආචාර්ය ක්‍රිස්ටීන් ගොන්සාලෙස් COVID-19 ට එරෙහිව සටන් වදින අයගෙන් කෙනෙකි.

ඇය විසීන් මෙම  කොවිඩ් 19 වසංගතයට එරෙහිව  අපිට නැගි සිටින්නට අවශ්‍ය උපදෙස් ලබා දෙනු ලබනවා

  • පෝෂ්‍යදායී ආහාර පාන ගැන දිගටම සැලකිලිමත් වීම වැදගත්
  • ප්‍රමාණවත් විවේකයක් හා නින්දක් ලබා ගන්න.
  • හිරු එළියේ ව්‍යායාම කරන්න.
  • සුවද තෙල් හුමාලය අල්ලන්න.
  • අපේ බලාපොරොත්තුව වැඩි කරගන්න. ආගමානුකූලව ජිවත්වෙන්න.
  •  මෙම අභියෝගාත්මක කාලවලදී අන් අය කෙරෙහි අනුකම්පාව සහ සැලකිල්ල වැඩි කරන්න.
කාන්තාවන්ට නින්ද

ප්‍රමාණවත් නින්ද වැදගත්

ඇය මුලිකවම පැවසුවේ එයයි.  ඒ අතර ඇය අපිට තවත් උපදෙස් 10 ක් ‌මෙලෙස ලබා ‌දෙනවා.

ආචාර්ය ක්‍රිස්ටීන් ගොන්සාලෙස් විසින් ලබාදෙන ප්‍රතිශක්තිය ඉහළ නැංවීමට උපදෙස්

  1. ප්‍රතිශක්තිය ඉහළ නංවන කහ, සුදුළුණු හා ඉඟුරු තේ 

  • පොඩි  නැවුම් කාබනික කහ කැබැලි 25 ක් , අඟල් 3 පමණ  ඉඟුරු කැබැල්ලක් , සුදුළූණු ගෙඩි 1 ක් සෝදා ගන්න. නාරං (calamansi) ගෙඩි 25  හෝ කාබනික ලෙමන් ගෙඩි දෙකක් මිරිකා යුෂ ගන්න.
  • කහ සහ ඉඟුරු පොතු හැර සිහින් පෙති කපා ගන්න.
  • පිරිසිදු කළ ජලය කෝප්ප 3 ක් නටවා ගන්න.  කහ, ඉඟුරු සහ සුදුළූණු එයට එකතු කරන්න. ලිප නිවා එයට නාරං හෝ දෙහි යුෂ එකතු කරන්න.
  • මිනිත්තු 15 ක් ආවරණය කර තබන්න. එය සිසිල් වීමට ඉඩ දෙන්න. ඉන්පසු කෝප්පයක් බොන්න. හැකි නම් දවසට තුන් වරක් බොන්න.
  • මෙම පානය ප්‍රතිශක්තිය නැවත ගොඩනංවන අතර දැවිල්ල නැති කිරීමට  හොඳම පිළියම වෙනවා. කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උණ, උණ රෝග ලක්ෂණ, උගුරේ අමාරුව ආදිය සඳහා එය ඵලදායීව ක්‍රියාකරන බව ඔප්පු වී තියෙනවා.
  1. ජීව පටක නැවත ගොඩනැඟීම, ශක්තිය සැපයීම සහ ශරීරයේ ජෛව රසායනික ක්‍රියාවලීන් සිදුවිය හැකි නිසි මාධ්‍යයක් ආරක්ෂා කිරීම සඳහා ආහාර ක්‍රියාකාරිත්වය

ඖෂධීය සහල්

 අප ගන්නා ආහාර මෙම කාර්යයන් නිසි ලෙස ඉටු කිරීමට අපොහොසත් වුවහොත්, අපගේ ප්‍රතිශක්තිය පද්ධතිය අඩපණ වෙනවා.

එවිට ශරීරයට එක් එක් ආහාරවල ජෛව ක්‍රියාකාරී සංරචක භාවිතා කළ නොහැකි වන අතර විෂ සහිත බව වර්ධනය වෙනවා.

වෛරස් ආසාදන වලට එරෙහිව සටන් කරන සහ රෝග වර්ධනය වළක්වන ආහාර සාමාන්‍යයෙන් එක හා සමාන වෙනවා. 

පලතුරු, එළවළු, සම්පුර්ණ ධාන්‍ය වර්ග, බෝංචි, ඇට වර්ග, බීජ, කුළුබඩු සහ ක්ෂුද්‍ර ඇල්ගී එම ආහාර අතරට අයත් වෙනවා.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

මේ සියල්ලම  වැදගත් පෝෂ්‍ය පදාර්ථ වලින් අනුන අතර ප්‍රතිශක්තිකරණ ක්‍රියාකාරිත්වය ශක්තිමත් කරන වෙනත් ආසාදන-සටන් ද්‍රව්‍ය (ෆයිටොකෙමිකල්) අඩංගුයි.

ඔබේ ශරීරයට අවශ්‍ය අනුපූරක පෝෂ්‍ය පදාර්ථවල පූර්ණ වර්ණාවලිය ලබා ගැනීම සඳහා විවිධ වර්ණ වල නිෂ්පාදන තෝරා ගන්න.

කෘතිම ප්‍රතිජීවක, කෘතිම වර්ධන හෝමෝන, ඉහළ ෆ්රක්ටෝස් ඉරිඟු සිරප්, තාර හා පෙට්‍රෝ රසායනික ද්‍රව්‍ය වලින් සාදන ලද කෘතිම සායම්, රසායනික ද්‍රව්‍ය වලින් ලබාගත් කෘතිම රසකාරක, රසායනික පළිබෝධනාශක හා පොහොර, ජානමය වශයෙන් සැකසූ ප්‍රෝටීන සහ අමුද්‍රව්‍ය, අපද්‍රව්‍ය රොන්මඩ වළක්වා ගැනීම සඳහා කාබනික ද්‍රව්‍ය, අඩංගුදැයි  ආහාර ගැනීමේදි සහ මිලදී ගැනීමේදි විමසිලිමත්වෙන්න. මේ සියල්ල අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල කරනු ලබනවා.

ශරීරය පෝෂ්‍යදායී ආහාර වලින් පෝෂණය කරන්න. කඩචෝරු , සැකසූ හා ක්ෂණික ආහාර සහ බීම වලින් ඈත්වෙන්න.

  1. තම්බා ගත් හෝ නොපිසූ කෙසෙල්, තැම්බූ බතල  හෝ තැම්බූ / තම්බා ගත් මයියොක්කා වැනි කෙටි ආහාර ගන්න.

  2. කළු / දුඹුරු සහල්, මූල බෝග වැනි සෞඛ්‍ය සම්පන්න, සංකීර්ණ කාබෝහයිඩ්‍රේට් ලබා ගන්න. 
  3. පොල් වතුරෙන් , දෙහි , පිපිඤ්ඤා පිරිසිදු ජලය නිතර පානය කරන්න.
  4. අඹ, දේශීය දොඩම් , වරකා වලට පැණි රස කෑම සීමා කරන්න.
  5. කොළ පාට ආහාර ගන්න. බතල , මුරුංගා, නිවිති,අනෙකුත් දේශීය එළවළු කොළ වල තම්බා ‌‌හෝ යුෂ කරගන්න.
  6. මස් ආහාරයට ගැනීම වළක්වා ගත නොහැකි නම්, ඒවා සීමා කරන්න, නමුත් උසස් තත්ත්වයේ වර්ගයක් මිලදී ගන්න.
  7. ප්‍රබල තේ වර්ග  පානය කරන්න: ග්‍රීන් ටී, කැමොමයිල් සහ ඉඟුරු
  8. මුඛයේ ඇති බැක්ටීරියා විනාශ කරන සහ දත් නිරෝගීව තබා ගැනීමට උපකාරීවීම සදහා පිරිසිදු පොල්තෙල් භාවිතා කරන්න.
ප්‍රීතිමත් විවාහය

ඔබේත් ඔබේ පවුලේ අයගේ යහපත් වෙනුවෙන් සෞඛ්‍යසම්පන්න දිවි මගකට මාරුවෙන්න.

මේ උපදෙස් අනුව කටයුතු කලොත් ඔබේ ප්‍රතිශක්තිකරණය ඉහළ නංවගන්න පුළුවන්.

එය කොවිඩ් 19 වැනි වසංගතයකට මුහුණ දෙන්න පමණක් නොව ඔබට නිරෝගි දිවියක සුව විදින්නත් හේතු වේවි.

මේ බොහොමයක් අපිට අලුත් දේවල් නෙමෙයි. ඒක නිසා පහසුවෙන් ඔබට කරන්න පුළුවන්. ඔබේත් ඔබේ පවුලේ අයගේ යහපත් වෙනුවෙන් සෞඛ්‍යසම්පන්න දිවි මගකට මාරුවෙන්න.

ඔබට මේ සම්බන්ධව ගැටළු තිබේද නැතිනම් අදහස් තිබේද? එසේ නම් අප හා බෙදාගන්න.

මූලාශ්‍ර: lifestyle.inquirer.net

පරිවර්තනය හා සංස්කරණය – නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ආහාර සහ පෝෂණය
  • /
  • ප්‍රතිශක්තිය ඉහළ නංවන කහ, සුදුළුණු හා ඉඟුරු තේ recipe
බෙදාගන්න :
  • ප්‍රතිශක්තිය වැඩි කරන මේ දේශිය ආහාර 7 ඔබත් දන්නවාද?

    ප්‍රතිශක්තිය වැඩි කරන මේ දේශිය ආහාර 7 ඔබත් දන්නවාද?

  • මේ ආහාර 15 නිතර එකතු කර ‌ගෙන ඔබේ ප්‍රතිශක්තිය ඉහළ නංවාගන්න

    මේ ආහාර 15 නිතර එකතු කර ‌ගෙන ඔබේ ප්‍රතිශක්තිය ඉහළ නංවාගන්න

  • කුස්සියේ වද දෙන ගුල්ලන් මට්ටු කරන්නේ කොහොමද?

    කුස්සියේ වද දෙන ගුල්ලන් මට්ටු කරන්නේ කොහොමද?

  • ප්‍රතිශක්තිය වැඩි කරන මේ දේශිය ආහාර 7 ඔබත් දන්නවාද?

    ප්‍රතිශක්තිය වැඩි කරන මේ දේශිය ආහාර 7 ඔබත් දන්නවාද?

  • මේ ආහාර 15 නිතර එකතු කර ‌ගෙන ඔබේ ප්‍රතිශක්තිය ඉහළ නංවාගන්න

    මේ ආහාර 15 නිතර එකතු කර ‌ගෙන ඔබේ ප්‍රතිශක්තිය ඉහළ නංවාගන්න

  • කුස්සියේ වද දෙන ගුල්ලන් මට්ටු කරන්නේ කොහොමද?

    කුස්සියේ වද දෙන ගුල්ලන් මට්ටු කරන්නේ කොහොමද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it