theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔබ කුස දරා ඉන්නේ පුතෙක්ද දුවෙක්ද කියලා දැනගන්න ක්‍රම 29 ක්

6 අවම කියවීම
ඔබ කුස දරා ඉන්නේ පුතෙක්ද දුවෙක්ද කියලා දැනගන්න ක්‍රම 29 ක්ඔබ කුස දරා ඉන්නේ පුතෙක්ද දුවෙක්ද කියලා දැනගන්න ක්‍රම 29 ක්

ඔබේ කුස‌ේ ඉන්න දරුවා කවුද කියා දැනගනිමුද?

කුසේ වැඩෙන පුංචි පැටියා පුතෙක්ද දුවෙක්ද කියලා දැනගන්න අම්මාටයි තාත්තාටයි තියෙන්නේ පුදුම කුතුහලයක්.

සප්‍රයිස් වලට කැමති දෙමාපියන් ඒක කොහොමත්ම බලන්නේ නැහැ. 

අපිට ලැබෙන්න් කවුද  කියලා දැන්ගත්තාහම ලැබෙන ප්‍රයෝජන ගොඩාක් තියෙනවා. දුවට හෝ පුතාට ගැලපෙන පාටින් ඇඳුම් සකස් කරගන්න පුළුවන්.    

දරුවා දුවෙක්ද පුතෙක්ද කියලා සාමාන්‍යයෙන් දැනගන්න පුළුවන් සති විස්සේ ස්කෑන් පරීක්ෂණයෙන් නේද? නැත්නම් දරුවා ලැබුනට පස්සේ කොහොමත් ඒක දැනගන්න පුළුවන්.

ඒත් ඒ බව හෙලි කරන මේ ක්‍රම 29 ඔබ දන්නවාද ?

දරුවා දුවද පුතාද යන්න හරියටම තහවුරු කරගන්න පුළුවන් ඉපදුනාට පසුවයි. මේ ක්‍රම අත් හදා බලන්න . විනෝද වෙන්න. නමුත්  සීයට සීයක් ම‌ෙහි ප්‍රතිඵල මත රදාපවතින්න එපා.

ස්කෑන් පරීක්ෂණ වලදී

ඔබ කුස දරා ඉන්නේ පුතෙක්ද දුවෙක්ද කියලා දැනගන්න ක්‍රම 29 ක්

  1.  දරුවාගේ පිහිටීම 

ඔබගේ සති 12 ස්කෑන් පරීක්‍ෂණයේදී ඔබේ දරුවාගේ සුසුම්නාවේ පහල කොටසට සාපේක්ෂව ලිංගික නළය පිහිටා ඇති කෝණය පරීක්ෂා කිරීමයි. එහිදි එම කෝණය අංශක තිහකට අඩු නම් දුවෙක් අංශක තිහකට වැඩි නම් පුතෙක්ලු.

මේ වෙන විට දරුවාගේ ලිංගික අවයව සම්පුර්ණයෙන්ම සකස් වී නැහැ .

  1. පුතෙක්ද දුවෙක්ද:  හිස් කබලේ පිහිටීම

පිරිමි ළමයෙකුගේ හිස් කබල සහ ගැහැනු ළමයෙකුගේ හිස් කබල ගර්භාෂයේ තුල දී පෙනෙන ආකාරය වෙනස් වෙනවා. පිරිමි දරුවාගේ හිස ගැහැණු දරුවන්ට වඩා විශාල හා හතරැස් වෙනවා.

ඔබගේ ස්කෑන් පිංතුරය අරගෙන හොදින් බලන්න.

  1. පුතෙක්ද දුවෙක්ද:  ඉරි තුන

ස්කෑන් පරීක්ෂණයේදී දරුවාගේ ලිංග ප්‍රදේශයේ ගන්නා ස්කෑන් රූපයේ ඉරි තුනක් දිස් වේ නම් ඒ දියණියකි.

  1. පුතෙක්ද දුවෙක්ද: හෘද ස්පන්දනය

සති 12 ක ස්කෑන් පරීක්‍ෂණයකදී ඔබේ දරුවා දැකීමට මෙන්ම, ඔවුන්ගේ හෘද ස්පන්දනයද ඇසීමටද ඔබට පුළුවන්.

දරුවාගේ හෘද ස්පන්දනය 140 වැඩි නම් දුවෙක් 140 අඩු නම් පුතෙක් වෙනවා.

ශරීර සලකුණු 

ගර්භනී සමයේ යෝනි ශ්‍රාව

  1. ඔබේ කුසේ පිහිටීම

පුතෙක් නම් කුස ඉදිරියට නෙරන අතර පහතට නැඹුරු වෙනවා. ඉදිකටුවක් හෝ මුදුවක් නුලක අමුණා කුසට ඉහලින් එල්ලු විට පුතෙක් නම් දෙපසට චලනය වෙනවාලු

දුවෙක් නම් ඔබේ කුස පැතිර පවතින අතර ඉහල පිහිටයි. ඉදිකටුවක් හෝ මුදුවක් නුලක අමුණා කුසට ඉහලින් එල්ලු විට දුවෙක්  නම් රවුමට චලනය වෙනවාලු.

  1. පුතෙක්ද දුවෙක්ද:  උදෑසන වමනය 

ඔබට උදෑසන වමනය වැඩි නම් කුස තුල ඉන්නේ දුවෙක්. දුවෙක් පිළිසිඳ ගෙන සිටින විට මවගේ සිරුරේ ඊස්ට්‍රජන් හෝමෝනය ඉහල යන නිසා මෙසේ සිදුවෙනවා.

  1. පුතෙක්ද දුවෙක්ද:  සම සහ හිසකෙස් වල වෙනස්කම්

ඔබ දුවෙක් පිළිසිඳ ගෙන ඇත්නම් අඳුරු සම හා කුරුලෑ ඇති වන අතර පුතෙක් පිළිසිඳ ගෙන ඇත්නම් ඔබට දිදුලන හිසකෙස් ලැබෙනවා.

ලස්සන පියයුරු

  1. පුතෙක්ද දුවෙක්ද:  පියයුරු වල ප්‍රමාණය

ගර්භනී අවධියේදී ඔබේ වම් පියයුර දකුණට වඩා විශාල නම් දුවෙක්ද,  ඔබේ දකුණු පියයුර වමට වඩා විශාල නම් පුතෙක්ද පිළිසිඳ ගෙන ඇති බව විශ්වාස කරනවා.

  1. පුතෙක්ද දුවෙක්ද:   තනපුඩු වල වර්ණය

ඔබේ තනපුඩු අඳුරු හෝ දුඹුරු පැහැයක් ගනී නම් පුතෙක් ලැබෙන්න ඉන්න බව විශ්වාස කරනවා.

  1. පුතෙක්ද දුවෙක්ද:  කුස මත ඇති අඳුරු රේඛා

ඔබේ කුස මත ඇදෙන අඳුරු රේඛාව පෙකණිය ලඟින් නතර වෙනවා නම් දුවෙක්ද පෙකණිය පසු කරමින් පහලට ඇදෙනවා නම් දුවෙක්ද පිළිසිඳ ගෙන ඇති බව සැලකෙනවා.

  1. පුතෙක්ද දුවෙක්ද:  රුධිර පීඩනය

මවගේ රුධිර පීඩනය වැඩි නම් පුතෙක් ඒ වගේම මවගේ රුධිර පීඩනය සාපේක්ෂව අඩුනම් දුවෙක් පිළිසිඳගෙන ඇති බව විශ්වාස කෙරෙනවා.

ගෙදර කරන්න පුළුවන් පරීක්ෂණ 

12. බේකිං සෝඩා පරීක්ෂණය

වීදුරුවකට බේකිං සෝඩා හැදි කිහිපයක් දමා එයට ඔබේ මුත්‍රා ටිකක් එකතු කරන්න. එය  බුබුළු නගී නම් පිරිමි දරුව‌ෙක්. වෙනසක් නොවේ නම් දියණියක් ලැබෙනවාලු.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
  1. පුතෙක්ද දුවෙක්ද:  අතින් පරීක්ෂා කිරීම

ඔබේ කුස දෙපසින් අත් දෙක තැබු විට දුවෙක් නම්, ඔබේ දෑත් ඔබේ කුස වටා වක් වෙනවා. පුතෙක්  නම්, අත් තරමක් ඇතුළට යනවා.

  1. පුතෙක්ද දුවෙක්ද:  ඔබ යතුරක් ගන්න ආකාරය අනුව 

ඔබ යතුරේ වටකුරු හැන්ඩ්ල් එකෙන් යතුර ගන්නවා නම්  පිරිමි දරුව‌ෙක්, යතුරේ පටු කෙළවරෙන් එය ගන්නවා නම් දියණියක් පිළිසිඳ ගෙනලු. හැබැයි යතුර මැදින් අල්ලලා ගත්තොත් නිවුන් දරුවන් කියලා තමයි කියන්නේ.

  1. පුතෙක්ද දුවෙක්ද:  ප්‍රත්‍යාවර්ත විද්‍යාව අනුව 

පහසු ලෙස වාඩි වී ඔබේ කකුලේ යටි පතුල් එක මත එක තබන්න. ඔබේ වම් කකුල දකුණට වඩා මහත නම් දුවෙක්ද ඔබේ දකුණු  කකුල වමට වඩා මහත නම්  පුතෙක්ද ලැබෙනවාලු.

පුරාණ ප්‍රස්ථාර

  1.  චීන ස්ත්‍රී පුරුෂ අනාවැකි වගුව

පිළිසිඳ ගැනීමේ මාසය හා මවගේ  වයස මත පදනම්ව ඔබේ දරුවාගේ ලිංගිකත්වය හෙළි කරන බව පවසන දින දර්ශනයකි.

ඔබේ දරුවා දැනට ඉපදී ඇත්නම් ඔබේ විස්තර යොදා මේ වගුව  නිවැරදිද බලන්නකෝ.

  1. පුතෙක්ද දුවෙක්ද:  මායා දින දර්ශනය

මෙය චීන ස්ත්‍රී පුරුෂ අනාවැකි වගුව සමාන වුවත් ඇතුල් කරන තොරතුරු වෙනස් වෙනවා.

ඔබේ දරුවාගේ උපදින මාසය සමඟ පිළිසිඳ ගැනීමේදී මවගේ වයස ඇතුල් කිරීම මෙහිදී සිදුවෙනවා.

මානසික සලකුණු 

  1.  හැඟීම් වෙනස් වීම

ඔබ ගර්භණීව සිටියදී දැඩි මානසිකත්වයකින් පෙළෙනවා නම්, ඔබ කුස දරා සිටින්නේ දුවෙකි.

එයට හේතුව ඉහල යන හෝමෝනයි.

  1. සිහින දැකීම 

මිත්‍යා විශ්වාස අනුව ඔබ කුඩා ගැහැනු ළමයින් සිහිනෙන්  දකිනවා නම්, ඔබට පුතෙක් ලැබෙනවා.

ඒ වගේම ඔබ පිරිමි ළමයින්  සිහිනයෙන් දකිනවා නම් ඔබට දුවෙක් ලැබෙනවා.

තව ඒ වගේම හීනයෙන් නයෙක් පෙනුනොත් පුතෙක් ලැබෙනවා කියලත් කතාවක් තියෙනවා. 

මිත්‍යා විශ්වාස 

  1.  ඔබ නිදාගන්නා ආකාරය

ඔබ ඔබේ වම් පැත්තට හැරි නිදාගන්නේ  නම් පුතෙක්ද ඔබ ඔබේ දකුණු පැත්තට හැරී නිදාගන්නේ නම් දියණියක් ලැබ‌ෙනවාලු.

  1. පුතෙක්ද දුවෙක්ද:  පෙන්ඩුලම් පරීක්ෂණය

ඔබේ කුසට ඉහලින් පැද්දෙන ලම්බකයක් අල්ලන්න. එය දෙපැත්තට පැද්දේ නම් පුතෙක් රවුමට කැරකේ නම්  දුවෙක් ලැබෙනවාලු.

  1. පුතෙක්ද දුවෙක්ද:  රසය අනුව

ඔබ ස්ට්‍රෝබෙරි හෝ ලුණු හා විනාකිරි රසයට (පැණි රස හා ලුණු තුනපහ රසට) කැමති නම් ඔබට ලැබෙන්නේ පුතෙක්ලු

  1. පුතෙක්ද දුවෙක්ද:  සහකරුගේ පරම්පරාව අනුව 

ඔබේ දරුවාගේ ලිංගිකත්වය ශුක්‍රාණු මගින් තීරණය වන බැවින්, සමහරු පවසන්නේ ඔබේ සහකරුගේ පවුල දෙස බැලීමෙන් ඔබට ලැබෙන දරුවා ගැන කියන්න පුළුවන්ලු.

විශේෂයෙන් ඔහුගේ පරම්පරාවේ දිගටම ඉපදෙන සියල්ලන්ම පිරිමි දරුවන් නම් ඔබට පිරිමි දරුව‌ෙක් ලැබ‌ෙන්න පුළුවන්ලු.

  1. අත් වල පෙනුම

 ඔබේ වියළි අත් නම් පුතෙක් මෘදු නම් දුවෙක් ලැබෙන බව කියවෙනවා

තව යමෙකු ඔබේ අත ඉල්ලු විට ඔබ එය අල්ල යටට හරවා ඔවුන්ට  ලබා දෙන්නේ නම් ඔබට ලැබෙන්නේ පුතෙක්ලු. අල්ල ඉහලට හරවා දුන්නොත් දියණියක් ලැබෙනවාලු.

  1. පුතෙක්ද දුවෙක්ද:  පොල්කිච්චන් ගණන් කිරීම 

පොල්කිච්චන් 3 ක් නම් ගැහැණු ළමයෙක් පොල්කිච්චන් 4ක් දැක්කොත්  පිරිමි ළමයෙක් ලැබෙනවාලු.

  1. පුතෙක්ද දුවෙක්ද:  ඔබේ මුහුණේ හැඩය අනුව

ඔබේ මුහුණ වටකුරු හා පිරිපුන් නම්, ඔබට දුවෙක්ද පිළිසිඳ ගෙන ඇති බව කියනු ලැබේ.

ඒ වගේම ඔබේ නාසය වැඩීමට හෝ පළල් වීමට පටන් ගන්නේ නම් ඔබට දුවෙක් පිළිසිඳ ගෙන ඇති අතර ඇය ඔබේ රූපය උකහාගන්නා බව කියනු ලැබේ.

  1. පුතෙක්ද දුවෙක්ද:  සුදුළූණු සුවඳ

සුදුළූණු බික් කිහිපයක් අනුභව කරන්න.  පසුව ඔබේ වෙතින් සුදුළූණු සුවඳ දැනේ නම්, ඔබට පුතෙක් පිළිසිඳ ගෙන සිටින අතර එසේ සුදුළූණු සුවඳ වහනය නොවේ නම් පිළිසිඳ ගෙන ඇත්තේ දුවෙකි. 

  1. ලිංගික පෙළඹවීම කරන්නා අනුව

ඔබ පිළිසිඳ ගත් මොහොතේ ඔබේ සහකරු සමඟ ලිංගිකව හැසිරීමට පෙළඹවූයේ ඔබ නම්, ඔබට ගැහැණු දරුව‌ෙක් එසේ පෙළඹවුයේ  ඔබේ සහකරු නම් පිරිමි දරුව‌ෙක් ලැබෙනවාලු.

  1. ඔබේ සහකරුගේ බර වැඩිවීම

ඔබ ගර්භණීව සිටියදී සහකරුගේ බර වැඩිවේ නම් දරුවා පුතෙක්ලු.

මේ ක්‍රම 29 පහසුවෙන් කරන්න පුළුවන් වගේම හානියෙන් තොර නිසා ඔබටත් අත් හදා බලලා ඔබේ කුතුහලය එක්ක විනෝද වෙමින් ගර්භණීත්වයේ අපහසු කාලය ගෙවාගන්න පුළුවන්.  

මේවා 100% නිවැරදි බව තහවුරු කර නැහැ . ඒ නිසා කිසිම විටෙක මේවා මත යැප‌ෙමින් තීරණ ගන්න එපා. ඒත් ඉතින් අත් හදා බලලා හරි  ගියොත් නම් ඔන්න අපිටත් කියන්න.

මුලාශ්‍ර 

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ගැබ්ගැනීම
  • /
  • ඔබ කුස දරා ඉන්නේ පුතෙක්ද දුවෙක්ද කියලා දැනගන්න ක්‍රම 29 ක්
බෙදාගන්න :
  • ගැහැණු ළමයෙක්ද - පිරිමි ළමයෙක්ද?

    ගැහැණු ළමයෙක්ද - පිරිමි ළමයෙක්ද?

  • කැමති දූ පැටියෙක්ට ද? මේ ඉඟි ගැන හිතලා බලන්න.

    කැමති දූ පැටියෙක්ට ද? මේ ඉඟි ගැන හිතලා බලන්න.

  • ගැහැණු ළමයෙක්ද - පිරිමි ළමයෙක්ද?

    ගැහැණු ළමයෙක්ද - පිරිමි ළමයෙක්ද?

  • කැමති දූ පැටියෙක්ට ද? මේ ඉඟි ගැන හිතලා බලන්න.

    කැමති දූ පැටියෙක්ට ද? මේ ඉඟි ගැන හිතලා බලන්න.

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it