theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ගැහැණු ළමයෙක්ද - පිරිමි ළමයෙක්ද?

5 අවම කියවීම
ගැහැණු ළමයෙක්ද - පිරිමි ළමයෙක්ද?ගැහැණු ළමයෙක්ද - පිරිමි ළමයෙක්ද?

ගැහැණු ළමයෙක්ද-පිරිමි ළමයෙක්ද වටින්නේ කියලා හිතන්න එපා. දෙගොල්ලෝම එක වගේ වටිනවා. ගැබ් ගන්න පෙර ස්ත්‍රී පුරුෂ බව තීරණය කරන්න බෑ.

දුවද පුතාද??

මේ ප්‍රශ්නය දරුවෙක් ලැබුණු, ලැබෙන්න ඉන්න හැම කෙනෙක්ම ජීවිතේ එකම එක පාරක් හරි කාගෙන් හරි අහන්න ලැබුනු ප්‍රශ්නයක්. ඒ වගේම මේ ප්‍රශ්නය ජීවිතේ එකම පාරක් හරි දරුවෙක් ලැබෙන්න ඉන්න හෝ ලැබුණු කෙනෙක් ගෙන් ඔබත් අසා ඇති. මේ ප්‍රශ්නය ඒ කියන්නේ දුවද පුතාද කියලා අහන එකේ කිසිම වැරැද්දක් කියන්න නම් නෙමෙයි මේ හදන්නේ. ඇත්තටම මේ ප්‍රශ්නයේ වරදක් නෑ. වරද තියෙන්නේ මේ ප්‍රශ්නය ඔස්සේ ගිහිල්ලා ලොකුවට හිත වද වෙනවා නම් අන්න එතැනයි.

දුවද පුතාද

කැලැන්ඩරේ කියලා තියන විදියට දුවද පුතාද කියන්න පුලුවන්ද ඇත්තටම?

පෙරුම් පුරලා හරි, හිතපු ගමන්ම හරි, නොහිතපු වෙලාවක හරි දරුවෙක් කුසට ආවාම, දුවෙක් උනොත් හොඳයි...පුතෙක් උනොත් හොඳයි... කියලා හිතන එක සාමාන්‍ය කරුණක් උනත් "මට දුවෙක්මයි ඕනි..."
නැත්නම්
"මට පුතෙක්මයි ඕනි..." කියලා බබාගේ ස්ත්‍රී පුරුෂ බව ගැන වද වෙන එක හොඳ දෙයක් නම් නෙමෙයි. මොකද ඔබ ඔබේ ගර්භාෂයේ දරුවෙක් පිළිසිඳගෙන කියලා දැන ගන්නත් කලින්ම බබාගේ ස්ත්‍රී පුරුෂ බව තීරණය වෙලා ඉවරයි. ඒක සංසේචනයේදීම සිදු වන දෙයක් එහෙම නැතුව එක එක කැලැන්ඩර් වලට අනුව සිදු වන දෙයක් නෙමෙයි. සම්පූර්ණයෙන්ම අහඹු සිදු වීමක්. සමහරු එක එක කැලැන්ඩර් ගැන විශ්වාස කරනවා. චීන කැලැන්ඩර් කියලා එක එක නම් වලිනුත් මේවා තියනවා.

දුවද පුතාද

මේ ටිකත් දැනගෙනම ඉමුකෝ

දරුවෙක්ගේ ස්ත්‍රී පුරුෂ බව තීරණය කරන්නට කලින් අපි මේ ටික ඉතාම සරලව දැන ගෙන ඉමු. ස්ත්‍රියකගේ තිබෙන්නේ X වර්ගයේ වර්ණදේහ (ක්‍රෝමසෝම) යුගලයක්. ඒ කියන්නේ XX ලෙස. පිරිමියෙකුගේ තියෙන්නේ X ක්‍රෝමසෝමයකුත් Y ක්‍රෝමසෝමයකුත් ලෙස. ඒ කියන්නේ XY ලෙස.

වර්ණදේහයක් යනු

වර්ණදේහයක්වර්ණදේහයක් (ක්‍රෝමසෝමයක්) යනු ජීවියෙකුගේ ජානමය ද්‍රව්‍ය (ජෙනෝමය) කොටසක් හෝ සියල්ලම සහිත ඩියෝක්සිරයිබොනියුක්ලික් අම්ලය (ඩීඑන්ඒ) අණුවකට.

සංසේචනය වන අවස්ථාවේ මොකද වෙනෙනේ?

සංසේචනය සිදු වෙන අවස්ථාවේදී අම්මාගේ ඩිම්බයේ XX ලෙස ඇති ක්‍රෝමසෝම් යුගලයෙන් එකකුත් පියාගේ ශුක්‍රාණුවේ XY ලෙස ඇති ක්‍රෝමසෝම යුගලයෙන් එකකුත් එකතු වෙලා තමා කළලයේ ලිංගය තීරණය කරන්නේ.

ඉතින් ඉපදෙන බබා XX උනොත් ගැහැණු දරුවෙක් ලෙසත්, XY උනොත් පිරිමි දරුවෙක් ලෙසත් තමයි උපත ලබන්නේ.

මේ විදියට තීරණය වන ස්ත්‍රී පුරුෂ බව කැලැන්ඩරයකට අනුව නම් සිද්ද වෙන්නේ නෑ කියලා ඔබටත් දැන් තේරෙනවා ඇති.

මේක තනිකරම අහඹු දෙයක් වගේම ඒ අවස්ථාවේ සිදු වන දෙයක්.

කොයි දිනයක, මාසයක, අවස්ථාවක සාමාන්‍ය පරිදි සංසේචනය සිදු උනත් ඒ අවස්ථාවේදි එකට සම්බන්ධ වන ක්‍රෝමසෝම් යුගල ගැන කාටවත්ම කියන්න බෑ.

ගැහැණු ළමයෙක්ද - පිරිමි ළමයෙක්ද?

දුවද පුතාද කියලා අම්මලා ගොඩාක් වද වෙන කැලැන්ඩර් ක්‍රමයට විද්‍යාත්මක පදනමක් තියෙනවාද?

කැලැන්ඩර් හෝ විවිධ ක්‍රම වලට විද්‍යාත්මක පදනමක් නැතිව කියන අනුමාන 50%ක් පමණයි නිවැරදි. එයට හේතුව එක්කෝ ස්ත්‍රී..ඒක්කෝ පුරුෂ යන දෙකොට්ඨාසය තමා පිළිසිඳ ගන්නේ.

අනිත් දේ තමා දරුවාගේ ස්ත්‍රී පුරුෂ බවට අම්මාට දොස් කියන්න බෑ. ගෑණු ළමයෙක්ද  - පිරිමි ළමයෙක්ද තීරණය වන්නේ පියාගෙන් ලැබෙන ක්‍රෝමසෝමයෙන්.

පියාට පමණයි Y ක්‍රෝමසෝම තියෙන්නේ. මවට ඇත්තේ එකම වර්ගයක ක්‍රෝමසෝම.

පුතෙක් වැදුවේ නෑ කියලා දොස ලේලිටද?

සමහර නැන්දම්මලා, පවුලේ අය, වටපිටාවේ අය එහෙම ඉන්නවා පුතෙක් විතරයි ඕනි කියලා හිතන. ඉතින් නැන්දම්මාට පුතෙක් ලබා දුන්නේ නෑ කියලා ලේලියට ආඩපාලි කියන්න බෑ.

වටපිටාවේ අයට, නෑදෑයන්ට උනත් එච්චරයි. එහෙම කියනවා නම් කියලා දෙන්න පුතාගේ අතේ තමා ගෑණු පිරිමි බව තීරණය කරන සාධක තියෙන්නේ කියලා.

අම්මා තාත්තා උනත් තමන්ගේ ලෙයින් උපදින කිරි කැටියා තමන්ට අවශ්‍ය පරිදි ගෑණු ළමයෙක් නොවුනා කියලා, පිරිමි ළමයෙක් නොවුනා කියලා දුක් වෙන්න එපා.

ආදරේ අඩු කරන්න එපා. දුවද පුතාද , ඒ තමන්ගේ ලෙයින් මසින් උපදින දරුවා. ඔයාලාගේ ආදරයේ සංකේතය.

තමන්ට ඕනි උනේ ගෑනු දරුවෙක් උනත් ලැබෙන්නේ පිරිමි දරුවෙක් නම් එයාව ආදරයෙන් පිලි ගන්න. වෙනසක් කරන්න එපා.

පිරිමි දරුවෙක් ප්‍රාර්තනා කරලා ගෑණු දරුවෙක් ලැබුනත් එයාව ප්‍රතික්ෂේප කරන්න එපා.

ආදරේ දෙන්න. එයාලා හරිම අහිංසකයි. හරිම ආදරණීයයි. ලැබුණු කෙනාව පිලි ගන්න.

දුවද පුතාද

 

වටේ පිටේ ඈයෝ කියන නපුරු කතා (දුවද පුතාද)

අනිත් එක සමහර අය ඉන්නවා මේ වගේ කතා දාහක් කියන;

"මුලින්ම දුවෙක් උනොත් තමා පවුලට වාසනාව".
"දුවෙක් නැති ගෙදර මලක් නැති මිදුලක් වගේ".
"දුවලා තමා කවදා හරි අම්මලා තාත්තලාට සලකන්නේ/බලන්නේ".
"දුවෙක් තමා හොඳ"
"ඔයාට පුතෙක්ද...?මං නම් ආස දුවෙක්ට ඉතින්.."
"අපෝ මේ පාරත් කෙල්ලෙක්ද"
"පුතෙක් තමා හයිය".
"පුතෙක් ලබන්න පිං කරන්න ඕනි".
"කොලුවෙක් තමා හොඳ"
"ඔයාට දුවෙක්ද..?මං නම් ආස පුතෙක්ට ඉතින්.."
"පුත්තු කොච්චර හිටියත් වැඩි නෑ"
"කොල්ලොම විතරයි නේද ඉන්නේ..?"

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

ඉතින් මේ වගේ කතා කියන අයගේ කතා වලට හිත රිද්ද ගන්න එපා. ඒ වගේ කතා කියන අයට උත්තරයක් නොදී පැත්තකට වෙන්නත් පුලුවන්.

නැත්නම් කියන්න තියන දේ කියන්න. දරුවෝ කවුරු උනත් වටින බව කියන්න.

දරුවාගේ ලිංගය තීරණය කරන්නේ පියාගේ වර්ණදේහ වලින් කියන්න. ඒක ස්වභාවධර්මයේ සංසිද්ධියක් කියලා කියන්න.

ඔයාත් එහෙම කියන කෙනෙක්ද?

මෙච්චර කාලයක් ඔයාලත් මේ කතා කිව්වා නම් මේ මොහොතේ පටන් වෙනස් වෙන්න. කිසිදාක කියන්න එපා නැවත.

කවදාවත් තමන් වයසට ගියාම සැලකුම් ගන්න දරුවෝ හදන්න එපා.

දරුවෙක් හදන්න තමන්ට අවශ්‍ය නිසා. තව කෙනෙක්ගේ උවමනාවට දරුවෝ හදන්නත් එපා. අරගොල්ලෝ මේ ගොල්ලෝ කියන නිසා, හදිස්සි කරන නිසා, එයාට මෙයාට ඉන්න නිසා දරුවෝ හදන්න එපා.

දරුවන් කියන්නේ වගකීමක්. ආදරේ කරන්න ඕනි, බලා ගන්න ඕනි, ආරක්ෂා කරන්න ඕනි , කැප වෙන්න ඕනි ජීවීන් පිරිසක්. මල් වගේ හරියට. තමන්ට උවමනා නැත්නම් දරුවන් නොහදා ඉන්න. ආභරණයක් ලෙස සිතා දරුවන් හදන්න එපා.

ගැහැණු ළමයෙක්ද - පිරිමි ළමයෙක්ද?

ගෑණු දරුවෙක් උනත්, පිරිමි දරුවෙක් උනත් ඒ දරුවාට හොඳට උගන්වලා, තමන්ගේ දෙපයින් නැගී සිටින, රටට බරක් නැති, දෙමව්පියන්ට බරක් නැති හොඳ පුරවැසියෙක් කලාම හරිම වටිනවා. ඒකට ලිංග බේදයක් නෑ. දුවෙක් උනත් පුතෙක් උනත් එයාලා දරුවෝ. මේ රටේ අනාගතය.

සටහන :- ඈන් නිර්මාණි අත්තනායක

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

 

img
Written by

annnirmani

  • Home
  • /
  • දෙමාපියන්ට උපදෙස්
  • /
  • ගැහැණු ළමයෙක්ද - පිරිමි ළමයෙක්ද?
බෙදාගන්න :
  • ඔබ කුස දරා ඉන්නේ පුතෙක්ද දුවෙක්ද කියලා දැනගන්න ක්‍රම 29 ක්

    ඔබ කුස දරා ඉන්නේ පුතෙක්ද දුවෙක්ද කියලා දැනගන්න ක්‍රම 29 ක්

  • යහපත් දරුවන් හදාගන්න ඔබට බෙහෙවින් වැදගත් කරුණු 8 ක්

    යහපත් දරුවන් හදාගන්න ඔබට බෙහෙවින් වැදගත් කරුණු 8 ක්

  • ඔබ කුස දරා ඉන්නේ පුතෙක්ද දුවෙක්ද කියලා දැනගන්න ක්‍රම 29 ක්

    ඔබ කුස දරා ඉන්නේ පුතෙක්ද දුවෙක්ද කියලා දැනගන්න ක්‍රම 29 ක්

  • යහපත් දරුවන් හදාගන්න ඔබට බෙහෙවින් වැදගත් කරුණු 8 ක්

    යහපත් දරුවන් හදාගන්න ඔබට බෙහෙවින් වැදගත් කරුණු 8 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it