theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දියණියගේ හිස පැලී නතර වුණු තාත්තගෙයි දුවගෙයි සෙල්ලම්

2 අවම කියවීම
දියණියගේ හිස පැලී නතර වුණු තාත්තගෙයි දුවගෙයි සෙල්ලම්දියණියගේ හිස පැලී නතර වුණු තාත්තගෙයි දුවගෙයි සෙල්ලම්

තායිලන්තයේ රේයෝන්ග් රෝහල වෙත ඔවුන් දියණිය රැගෙන දිව්වා. අඟල් හතරක් පමණ විශාල වු ලේ ගලන තුවාලය වෛද්‍යවරුන් පරික්ෂා කලා.

තායිලන්තයේදී තාත්තගෙයි දුවගෙයි සෙල්ලම් හදිස්සියේම ලේ ගලන අනතුරක් බවට පත් වුණා.

අවිහිංසක සෙල්ලම් ලෙස ආරම්භ වුවත් අවුරුදු 25ක් වු Em Phoeykilm නැමැති පියා අවුරුදු තුනක් වූ Oum නැමැති දියණිය ඉහලට  ඔසවා විනෝදයෙන් උඩට විසි කිරීමට පටන් ගත්තා.

කනගාටුවට කරුණ වූයේ  ඉහළින් කැරකැවෙමින් තිබුණු විදුලි පංකාව ඔහුගේ අවධානයට ලක් වුණේ නැහැ.

මිරර් වාර්තාව කියන පරිදි,  ඇගේ පියා වන  Em Phoeykilm විසින් ඇයව විසිත්ත කාමරයෙන් පිටට අරගෙන යන විටත් අවුරුදු තුනක් වයසැති  Oum නැමැති දියණියගේ හිසෙහි විශාල තුවාලයක් ඇති කරමින් හිස් කබල විවර වී තිබුනා.

කුඩා දරුවාගේ හිස කැරකෙමින් තිබූ විදුලි පංකාවේ වැදී තිබූ අතර මේ ඇයගේ හිස විශාල ලෙස අනතුරට ලක්වී තිබුණා. ඇගේ හිසේ කොතරම් වේගයෙන් එහි වැදුනාද කිවහොත් යකඩ තලය නැවී ගොස් තිබුණා

තායිලන්තයේ රේයෝන්ග් රෝහල වෙත ඔවුන් දියණිය රැගෙන දිව්වා. අඟල් හතරක් පමණ විශාල වු ලේ ගලන තුවාලය වෛද්‍යවරුන් පරික්ෂා කලා.

" අපි නිතරම සෙල්ලම් කරන විදියට මම ඇයත් සමඟ නිවසේ සෙල්ලම් කරමින් හිටියා "  රියදුරකු වන Em පැවසුවා.

" කොහොම හරි මම Oum ව ඉහල අවකාශයට එසෙව්වා. ඇයගේ හිස විදුලි පංකාවේ ගැටුනා.මම ඇයව ගිලිහෙන්නට දුන්නේ නැහැ. ඒ වනවිටත් ඇය මගේ දෑතේ රැඳී හිටියා. නමුත් ඇගේ හිස විදුලි පංකාවෙි ගැටුනා."

ඔහුගේ දියණියගේ හිසින් ලේ වැගිරුනු අයුරත් ඇගේ වේදනාවෙන් සිටි අයුරුත් ඔහු මතක් කළා.

"ඇයගේ වේදනාව දැකීම මගේ හදවත දහස්වර පෙළා දැමුවා. එම සැත්කමට බාට් 70000ක්  (යුරෝ 1550) ක් පමණ වැයවන බව වෛද්‍යවරු පැවසුවා. අපි සතුව එතරම් මුදල් තිබුණේ නැහැ. නමුත් වෛද්‍යවරු කිව්වා නොපමාව තීරණයක් ගන්න කියලා. නැතිනම් ප්‍රමාද වැඩි විය හැකි බවත් කිව්වා.

"ඔවුන් එම මුදල අඩු කළේ නැහැ. නමුත් ඔවුන් සැත්කම සිදු කලා. අපි ඒ සදහා මුදල් ගෙවිමට අපේ නිවසේ තිබූ අප සතු සියල්ල විකුණා දැමුවා."

මේ හදිසි සැත්කම් අතරතුර වෛද්‍යවරුන් තුවාල සම්බන්ධ කල  අතර ඉන්පසුව ඇගේ හිස බැන්ඩේජ් එකකින් ආවරණය කළා .

ඇය දැන් නිවසට ගොස්  සිටින අතර දැනටමත් ඇය ඇවිදිනවා. නමුත් ඇයගේ නලලේ  විශාල තුවාල කැළලක් ඉතිරි වේවි.

" ඇය ශක්තිමත් ලෙස එයට මුහුණ දුන්නා. අපි ඇය ගැන ආඩම්බර වෙනවා. නමුත් අපි ඒ සෙල්ලම අය කවදාවත් නොකරාවි."  Em පැවසුවා.

" අපි වියදම් කල සෑම සතයක්ම වියදම් කලේ අපේ සුන්දර දියණිය බේරා ගැනීමටයි. නමුත් අපිට ගෙවීමට මහත් පරිශ්‍රමයක් දැරිය යුතු විශාල ප්‍රමාණයක් තියෙනවා.

රෝහලේ රාත්‍රියක් ගත කර හදිසි ශල්‍යකර්මයක් කිරීමට මේ පවුලට  මුදල් නොතිබුන අවස්ථවක බාට් 69647 ක් ගෙවීමට  සිදුවුණා.

කොහොම නමුත් ඔවුන් මේ බිල් ගෙවන්නේ කෙසේ දැයි සිතන්න උත්සාහ කරමින් සිටිනවා .

පුංචි නොසැලකිල්ලක් ලොකු අනතුරක් කරන්න පුළුවන් බව ඔබට මතක් කර දෙන්නේ The Asianparent Sri Lanka විසිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ළමා ආරක්ෂාව
  • /
  • දියණියගේ හිස පැලී නතර වුණු තාත්තගෙයි දුවගෙයි සෙල්ලම්
බෙදාගන්න :
  • පිළිවෙල පුරුදු වීම තුළින් මගේ නිවස ලස්සනට තියාගන්නේ මෙහෙමයි

    පිළිවෙල පුරුදු වීම තුළින් මගේ නිවස ලස්සනට තියාගන්නේ මෙහෙමයි

  • පුංචි පුංචි ලෙඩ වලට විශ්මිත අත්බෙහෙත්

    පුංචි පුංචි ලෙඩ වලට විශ්මිත අත්බෙහෙත්

  • පිළිවෙල පුරුදු වීම තුළින් මගේ නිවස ලස්සනට තියාගන්නේ මෙහෙමයි

    පිළිවෙල පුරුදු වීම තුළින් මගේ නිවස ලස්සනට තියාගන්නේ මෙහෙමයි

  • පුංචි පුංචි ලෙඩ වලට විශ්මිත අත්බෙහෙත්

    පුංචි පුංචි ලෙඩ වලට විශ්මිත අත්බෙහෙත්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it