දියණියගේ හිස පැලී නතර වුණු තාත්තගෙයි දුවගෙයි සෙල්ලම්

lead image

තායිලන්තයේ රේයෝන්ග් රෝහල වෙත ඔවුන් දියණිය රැගෙන දිව්වා. අඟල් හතරක් පමණ විශාල වු ලේ ගලන තුවාලය වෛද්‍යවරුන් පරික්ෂා කලා.

තායිලන්තයේදී තාත්තගෙයි දුවගෙයි සෙල්ලම් හදිස්සියේම ලේ ගලන අනතුරක් බවට පත් වුණා.

අවිහිංසක ලෙස ආරම්භ වුවත් අවුරුදු 25ක් වු Em Phoeykilm නැමැති පියා අවුරුදු තුනක් වූ Oum නැමැති දියණිය ඉහලට  ඔසවා විනෝදයෙන් උඩට විසි කිරීමට පටන් ගත්තා.

කනගාටුවට කරුණ වූයේ  ඉහළින් කැරකැවෙමින් තිබුණු විදුලි පංකාව ඔහුගේ අවධානයට ලක් වුණේ නැහැ.

මිරර් වාර්තාව කියන පරිදි,   ඇගේ පියා වන  Em Phoeykilm විසින් ඇයව විසිත්ත කාමරයෙන් පිටට අරගෙන යන විටත් අවුරුදු තුනක් වයසැති  Oum නැමැති දියණියගේ හිසෙහි විශාල තුවාලයක් ඇති කරමින් හිස් කබල විවර වී තිබුනා.

කුඩා දරුවාගේ හිස කැරකෙමින් තිබූ විදුලි පංකාවේ වැදී තිබූ අතර මේ ඇයගේ හිස විශාල ලෙස අනතුරට ලක්වී තිබුණා. ඇගේ හිසේ කොතරම් වේගයෙන් එහි වැදුනාද කිවහොත් යකඩ තලය නැවී ගොස් තිබුණා

තායිලන්තයේ රේයෝන්ග් රෝහල වෙත ඔවුන් දියණිය රැගෙන දිව්වා. අඟල් හතරක් පමණ විශාල වු ලේ ගලන තුවාලය වෛද්‍යවරුන් පරික්ෂා කලා.

" අපි නිතරම සෙල්ලම් කරන විදියට මම ඇයත් සමඟ නිවසේ සෙල්ලම් කරමින් හිටියා "  රියදුරකු වන Em පැවසුවා.

" කොහොම හරි මම Oum ව ඉහල අවකාශයට එසෙව්වා. ඇයගේ හිස විදුලි පංකාවේ ගැටුනා.මම ඇයව ගිලිහෙන්නට දුන්නේ නැහැ. ඒ වනවිටත් ඇය මගේ දෑතේ රැඳී හිටියා. නමුත් ඇගේ හිස විදුලි පංකාවෙි ගැටුනා."

ඔහුගේ දියණියගේ හිසින් ලේ වැගිරුනු අයුරත් ඇගේ වේදනාවෙන් සිටි අයුරුත් ඔහු මතක් කළා.

" ඇයගේ වේදනාව දැකීම මගේ හදවත දහස්වර පෙළා දැමුවා. එම සැත්කමට බාට් 70000ක්  (යුරෝ 1550) ක් පමණ වැයවන බව වෛද්‍යවරු පැවසුවා.

"  අපි සතුව එතරම් මුදල් තිබුණේ නැහැ. නමුත් වෛද්‍යවරු කිව්වා නොපමාව තීරණයක් ගන්න කියලා. නැතිනම් ප්‍රමාද වැඩි විය හැකි බවත් කිව්වා ."

" ඔවුන් එම මුදල අඩු කළේ නැහැ. නමුත් ඔවුන් සැත්කම සිදු කලා. අපි ඒ සදහා මුදල් ගෙවිමට අපේ නිවසේ තිබූ අප සතු සියල්ල විකුණා දැමුවා."

මේ හදිසි සැත්කම් අතරතුර  වෛද්‍යවරුන් තුවාල සම්බන්ධ කල  අතර ඉන්පසුව ඇගේ හිස බැන්ඩේජ් එකකින් ආවරණය කළා .

ඇය දැන් නිවසට ගොස්  සිටින අතර දැනටමත් ඇය ඇවිදිනවා. නමුත් ඇයගේ නලලේ  විශාල තුවාල කැළලක් ඉතිරි වේවි.

" ඇය ශක්තිමත් ලෙස එයට මුහුණ දුන්නා. අපි ඇය ගැන ආඩම්බර වෙනවා. නමුත් අපි ඒ සෙල්ලම අය කවදාවත් නොකරාවි."  Em පැවසුවා.

" අපි වියදම් කල සෑම සතයක්ම වියදම් කලේ අපේ සුන්දර දියණිය බේරා ගැනීමටයි. නමුත් අපිට ගෙවීමට මහත් පරිශ්‍රමයක් දැරිය යුතු විශාල ප්‍රමාණයක් තියෙනවා.

රෝහලේ රාත්‍රියක් ගත කර හදිසි ශල්‍යකර්මයක් කිරීමට මේ පවුලට  මුදල් නොතිබුන අවස්ථවක බාට් 69647 ක් ගෙවීමට  සිදුවුණා.

කොහොම නමුත් ඔවුන් මේ බිල් ගෙවන්නේ කෙසේ දැයි සිතන්න උත්සාහ කරමින් සිටිනවා .

පුංචි නොසැලකිල්ලක් ලොකු අනතුරක් කරන්න පුළුවන් බව ඔබට මතක් කර දෙන්නේ The Asianparent Sri Lanka විසිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී