theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

සුදු වෙන්න ආසයි නේද? මෙන්න රහස් ටිකක්

7 අවම කියවීම
සුදු වෙන්න ආසයි නේද? මෙන්න රහස් ටිකක්සුදු වෙන්න ආසයි නේද? මෙන්න රහස් ටිකක්

ලස්සන සුදෝ සුදු සමක් හීනයක් විතරක් කර ගන්න එපා. ‌ස්වභාව දහමේ සැගවුන සුදු වීමේ රහස් ඔබත් අත්විද බලන්න.

සුදු වීමේ රහස් ගැන දැනගන්න කලින් අපි සම ගැන චුට්ටක් කතා කරමු නේද?

සම කියන්නේ අපේ සිරුරේ විශාලතම අවයවය කියලා ඔබ දන්නවාද? අපේ සිරුරේ අවලස්සන ඉන්ද්‍රියයන් වසා දමමින් සිරුරට සුන්දරත්වයක් එක්කරන්නේ සමයි. අතීතයේ සිටම රූපලාවන්‍යයේදී සමට ලැබුනේ සුවිශේෂී ස්ථානයක්, ඒ නිසා සම පංච කල්‍යාණයන් ගෙන් එකක් ලෙස සැලකුම් ලබනවා.

මිනිසුන්ගේ සම විවිධ වර්ණයෙන් යුක්ත වෙනවා. ඔවුන්ට උරුම වු සමේ වර්ණය තුල ඔවුන්ටම අනන්‍ය වු ලස්සනක් ඇති බව අමතක නොකරන්න. සම පැහැපත් කර ගැනීම අප කාගේත් හීනය වුවත් ලප කැළැල් වලින් තොර නීරෝගී සමක් මුහුණට එක්කරන්නේ ප්‍රියමනාප බවකි.

සම සුදු කරගන්න, පැහැපත් කර ගන්න, ලස්සන වෙන්න අතීතයේ ඉදලාම කාන්තාවන් බොහොම උනන්දුයි.

සමෙහි වර්ණය ලබා දෙන්නේ මෙලනින් නම් වර්ණකයයි. මෙලනීන් සමෙහි අපිචර්මයේ නිපදවෙන අතර එය වැඩි නම් සම අදුරු පැහෑයක්ද එය අඩු නම් සම පැහැපත් බවක්ද ගන්නවා.

*මේ රූපලාවන්‍ය රහස් ටික ඔබට කියන්න අප හා අද සම්බන්ධ වුනේ ආයූර්වේදිය සත්කාර සදහා සුවිශේෂී වු තලවතුගොඩ ලුනර් ලේඩි හෙයාර් බියුටි  (Lunar Lady Hair and Beauty Bridal Salon) බ්‍රයිඩල් සැලුන්හි අධිපතිනිය, රූපලාවන්‍ය ශිල්පිනි ශෂි සියඹලාපිටිය මහත්මියයි.

තරුණ පෙනුමක් ඇති අම්මා

සුදු වීමේ රහස්: සමේ විවිධ ස්වරූප

අපි හැමෝගෙම සම එක වගේ නැහැ . ඒ වගේම සමේ ස්වරූප කිහිපයක් තියෙනවා.

සුදු වීමේ රහස්: සමේ ප්‍රධාන වර්ග 04 කි.

  • සාමාන්‍ය සම
අධික තෙල් ගතියක් නොමැති , වියළි ගතියක්ද නොමැති, සුසිනිදු, ලප කැළල් වලින් තොර පැහැපත් සම සාමාන්‍ය සමයි.
  • තෙල් සහිත සම
මුහුණේ T කලාපය (නළල, නාසය, නිකට සහ මුඛය වටා ප්‍රදේශය) අධික තෙල් සහිත නම්, සමහර විට සමේ කුරුළෑ තිබේනම් ඒ තෙල් සහිත සමයි.
  • වියළි සම
සම අභ්‍යන්තරයේ තෙල් නිෂ්පාදනය අඩුනම්, තෙතමනයෙන් තොර, කසන සුළු හා ඉරිතැලුන සම වියළි සමයි.
  • මිශ්‍ර සම
මුහුණේ T කලාපය (නළල, නාසය, නිකට සහ මුඛය වටා ප්‍රදේශය) තෙල් සහිත නම්, මුහුණේ අනෙකුත් ස්ථාන වියලි නම් එය මිශ්‍ර සමයි.
මීට අමතරව සම අනු කොටස් කිහිපයකට බෙදෙනවා.
  • වියපත් සම
  • සංවේදී සම
  • අදුරු / අවපැහැ සම

ලස්සන වීමේ රහස්

සුදු වීමේ රහස්: සම හදුනාගැනීම

සාමාන්‍ය සමක්ව හදුනාගන්න ගැටළුවක් නැහැනේ. ඒත් ඔබේ සම සාමාන්‍ය ‌‌නොවේ නම් ඔබේ සම ‌මොන වගේද? මේක සරල පරීක්ෂණයක්, ඔබට අවශ්‍ය වෙන්නේ ටිෂු එකක් විතරයි. උදේ නැගිට්ට ගමන් සම හොඳින් පිරිසිදු කරන්න. පැයකට පසු ටිෂු එකක් මුහුණ මත සම්පුර්ණය‌ෙන්ම විනාඩි 2 ක් අතුරා තබා ඉවත් කරන්න.

තෙල් සහිත සම - ටිෂු පේපර් එකේ තෙල් දකින්න පුළුවන්.
වියළි සම - ටිෂු පේපර් එක වියලියි.
මිශ්‍ර සම-  මුහුණේ T කලාපය (නළල, නාසය, නිකට සහ මුඛය වටා ප්‍රදේශය)  තෙල් සහිතයි.
සෑම විටම සමේ PH අගය සමානුපාතික වෙන ලෙස නිරෝගිව පවත්වා ගෙන යෑමට අප වග බලාගත යුතුයි.
දින 7 න් සුදුවෙන සමට අහිතකර රසායන ද්‍රව්‍ය වලින් තොර නිරෝගිමත්, ආකර්ෂණීය සමක් ඔබටත් අවැසියි නේද?  ඔන්න එහෙනම් සමේ PH අගය නිසි අගයක පවත්වාගනිමින් ඔබේ සමේ වර්ණය පැහැපත් කර ගත හැකි පහසු සත්කාර  කිහිපයක්.
සුදු වෙන්න ආසයි නේද? මෙන්න රහස් ටිකක්

සුදු වීමේ රහස්: සාමාන්‍යයෙන් අපි සමට කරන ප්‍රධාන සත්කාර  කිහිපයක් තියෙනවා.

1.සම පිරිසිදු කිරීම.

ඔබේ සමේ රැදෙන දුහුවිලි, අපද්‍රව්‍ය සම අවර්ණ කරන අතර සමේ විවිධ තත්වයන් ඇති කරනවා. ඒ නිසා මුලින්ම සම පිරිසිදු කරගන්න අවශ්‍ය වෙනවා.  සම පිරිසිදු කිරිමේදී සබන් භාවිතා කරන්න එපා.ඒ සදහා වු ස්වභාවික සත්කාර කිහිපයක්  බලමු.
සාමාන්‍ය සමට
නැවුම් කිරි පුළුන් කැබැල්ලක ආධාරයෙන් මුහුණේ ආලේප කරන්න. ඊලගට එය සෝදා ඉවත් කරන්න.
තෙල් සහිත සමට
කඩල පිටි, කහ හා නැවුම් කිරි මිශ්‍ර කර මුහුණේ ආලේප කරන්න. ඊලගට සෝදා එය ඉවත් කරන්න.
වියළි සම
බිත්තර කහමද, මී පැණි හා කුඩු කරගත් ආමන්ඩ් ඇට කහ හා නැවුම් කිරි මිශ්‍ර කර මුහුණේ ආලේප කරන්න. ඊලගට සෝදා එය ඉවත් කරන්න.
මිශ්‍ර සම
පිපිඤ්ඤා හා මී කිරි මිශ්‍ර කර මුහුණේ ආලේප කරන්න. ඊලගට එය සෝදා ඉවත් කරන්න.

2.ස්ක්‍රබ් කිරීම

ඔබේ සමේ සෛල මිය යන බව ඔබ දැන සිටියාද? එසේ මිය යන සෛල සමේ එකතු වෙමින් තට්ටු ලෙස තැම්පත් වෙනවා. ඒ නිසා ඒ මඟින් සමග අව පැහැයක් මෙන්ම අවලස්සනක් එකතු වෙනවා. ඒවා ඉවත් කිරීම ස්ක්‍රබ් කිරීමයි.
මිශ්‍ර සමට හා තෙල් සහිත සමට
හාල්පිටි තේ හැදි 1ක්, රෝස වතුර තේ හැදි එකක් දෙහි  බිංදු කිහිපයක් මිශ්‍ර කර ආලේප කරන්න. ටික වේලාවක් තබා එය ඇඟිලි තුඩු වලින් රවුමට මෘදුව පිරිමදිමින් එය ඉවත් කර මුහුණ සෝදන්න.
වියළි සමට
කෙසෙල් ගෙඩි 1/2 ක්, ඕට්ස් තේ හැදි 2 ක් මී පැණි තේ හැදි 1ක් මිශ්‍ර කර ආලේප කරන්න. ටික වේලාවක් තබා එය ඇඟිලි තුඩු වලින් රවුමට මෘදුව පිරිමදිමින් එය ඉවත් කර මුහුණ සෝදන්න.
සාමාන්‍ය සමට
සුදු හදුන් තේ හැදි 1 ක්, වෙනිවැල් ගැට තේ හැදි 1 ක්, මී පැණි තේ හැදි 1ක්, රෝස වතුර තේ හැදි 2 ක් මිශ්‍ර කර ආලේප කරන්න. ටික වේලාවක් තබා එය ඇඟිලි තුඩු වලින් රවුමට මෘදුව පිරිමදිමින් එය ඉවත් කර මුහුණ සෝදන්න.

3.ටෝනර් කිරීම

ටෝනර් මඟින් මුහුණේ රෝම කූප වැසීමක් සිදු වන්නේ නැහැ. මෙය විෂබීජ නාශකයක්ද වෙනවා.
පිපිඤ්ඤා යුෂ හා මීපැණි මිශ්‍ර කර ආලේප කරන්න.
පිපිඤ්ඤා යුෂ, කැරට් යුෂ, මින්චි යුෂ, ලෙමන් යුෂ එකට යොදා ආලේප කරන්න. මීපැණි, ලෙමන් යුෂ හා රෝස වතුර මිශ්‍ර කර ආලේප කරන්න. කෝමාරිකා, පිපිඤ්ඤා, කොමඩු හෝ කැරට් යුෂ වලට ලෙමන් බිංදු 08 ක් එක්කර ටෝනර් එකක්  සකස් කර ගන්න පුළුවන්.

4. සම සුදු කිරීමට ෆේස් පැක් එකක් ආල‌ේප කිරීම

පළමු පැක් එක
තම්බාගත් අර්තාපල් ගෙඩි 01
දෙහි ඉෂ්ම
මී කිරි හෝ යෝගට්
මීපැණි
එකට මිශ්‍ර කර ආලේප කර විනාඩි 30 ක් පමණ තිබෙන්න හරින්න. මෙම සත්කාරය සතියකට දින තුනක් කිරීමෙන් ඉක්මන් ප්‍රතිඵල ගන්න පුළුවන්. ඉන්පසු සෝදා ඉවත් කරන්න.
ද‌ෙවන පැක් එක
අල ගෙඩියකින් භාගයක් තම්බා ගන්න. අනෙක් භාගේ බෙලෙන්ඩ් කර ඊට රෝසවතුර එක් කර ගන්න.
කස්තුරි කහ මේස හැදි 01
සුදු හදුන් මේස හැදි 01
සියල්ල මිශ්‍ර කර සමට  ආලේප කර විනාඩි 30 ක් පමණ තිබෙන්න හරින්න. ඉන්පසු සෝදා ඉවත් කරන්න.
තුන් වන පැක් එක
ලප කැලල් මකා දමා කුරුළෑ පාලනය කර සම සුදු කිරීමට:
කෝමාරිකා ජෙල් (මද) තේ හැදි 02
සුදු හදුන් තේ හැදි 01
දෙහි යුෂ තේ හැදි 01
සියල්ල මිශ්‍ර කර සමට  ආලේප කර විනාඩි 30 ක් පමණ තිබෙන්න හරින්න. ඉන්පසු සෝදා ඉවත් කරන්න.
හතර වන පැක් එක
ඩබල් බොයිල් කර ගත් වැස්ලීන් මේස හැදි 01
ශීත ජලය මේස හැදි 02
කිරි මේස හැදි  01
දෙහි යුෂ මේස හැදි 01
සියල්ල මිශ්‍ර කර සමට  ආලේප කර විනාඩි 30 ක් පමණ තිබෙන්න හරින්න. ඉන්පසු සෝදා ඉවත්
කරන්න.
අමතර සත්කාර
  • සුදු හඳුන් ඇල් දියෙන් ගලගා සමේ ආලේප කර මිනිත්තු තිහක්  පමණ තබා පිරිසුදු ජලයෙන් සෝදා ඉවත් කරන්න .
  • කොකුම් පොතු, වැල්මී, වදකහ ඇල් දියෙන් මිශ්‍ර කර ගාන්න. සම සුදු  වෙනවා .
  • අමුකහ , කොහොඹ කොල අඹරා මිශ්‍රණය සමේ ආලේප කර මිනිත්තු තිහක්  පමණ තබා පිරිසුදු ජලයෙන් සෝදා ඉවත් කරන්න .
තවද සමේ තෙතමනය නිසි පරිදි පවත්වා ගැනීම තුලින් PH අගය සමතුලිත වී සම වඩාත් පැහැපත් කිරීමට සමට බාහිරින් මෙන්ම අභ්‍යන්තරයෙන් පෝෂණය ලබා දිය යුතු වෙනවා.

සුදු වීමේ රහස්:ඔබේ සමට දිය හැකි පෝෂණය හා අමතර  සත්කාර

  • දිනකට පිරිසිදු ජලය වීදුරු 08 ක් පානය කරන්න.
  • කෘතිම සහ ක්ෂණික ආහාර පාන, පැණි රස දෑ, තෙල් සහිත දේවල් අඩු කරන්න.
  • කොමඩු, දොඩම්, දෙහි,තක්කාලි යුෂ, මිදි වැනි ජලය අඩංගු ආහාර නිතර ආහාරයට ගන්න.
  • රතු, කහ පැහැ එළවළු, පළතුරු නිතර ආහාරයට එක් කර ගන්න. එහි විටමින් ඒ බහුලයි.
  • බිත්තර, මුහුදු මාළු, ඇට වර්ග වැනි විටමින් B 2 අඩංගු ආහාර ලබාගන්න. මේ ආහාර ඔබේ සමේ කොලජන් ප්‍රතිශතය වැඩි කරන අතර සම වඩාත් පැහැපත් වෙනවා.
  • නිසි මානසික සුවය පවත්වා ගෙන සතුටින් ඉන්න.
  • ව්‍යායාම කරන්න.
  • දිනකට පැය හයකවත් සුව නින්දක් ලබාගන්න.
  • නිතර නාන්න. පිරිසිදුව ඉන්න.
  • හිරු එලියට යන විට සම ආරක්ෂා කරන ආලේපනයක් භාවිතා කරන්න.
ඔබේ සම නිසි ලෙස ආරක්ෂා කරමින් , පෝෂණය කරමින් රැක බලා ගන්නේ නම් සුදු වීමට වෙනත් රහස් අවශ්‍ය වන්නේ නැහැ . කෘතිම ප්‍රතිකාර ,ආලේපන, එන්නත්, පෙති වලින් අතුරු ආබාධ ලඟා කර ගන්නවාට වඩා ස්වභාව දහමට ලං වී එහි විශ්මිත රූ රහස් අත් විදින්න.
සුදු වෙන්න ආසයි නේද? මෙන්න රහස් ටිකක්
රූපලාවන්‍ය කේෂ්ත්‍රයේ වසර 11ක අත් දැකීම් ඇති ශෂි සියඹලාපිටිය මහත්මිය දෙස් විදෙස් පුහුණුව ලබා ඇත. විශේෂයෙන් ආයූරුවේදිය සත්කාර සදහා ඇය සුවිශේෂීයි. සියලුම රූපලාවන්‍ය කටයුතු ලබා දෙන ඇයගේ තලවතුගොඩ පිහිටා ඇති රූපලාවන්‍යාගාරය " YOU ARE SAFE IN MY SALON " සහතිකය සහිතයි.
සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • විලාසිතා හා රූපලාවන්‍ය
  • /
  • සුදු වෙන්න ආසයි නේද? මෙන්න රහස් ටිකක්
බෙදාගන්න :
  • ලංකාවේ අම්මලට කොරියානු රූ රහස් 8 ක්

    ලංකාවේ අම්මලට කොරියානු රූ රහස් 8 ක්

  • පියකරු ප්‍රියංකා චොප්රාගෙන් සුරූපී වීමේ රහස්

    පියකරු ප්‍රියංකා චොප්රාගෙන් සුරූපී වීමේ රහස්

  • ලංකාවේ අම්මලට කොරියානු රූ රහස් 8 ක්

    ලංකාවේ අම්මලට කොරියානු රූ රහස් 8 ක්

  • පියකරු ප්‍රියංකා චොප්රාගෙන් සුරූපී වීමේ රහස්

    පියකරු ප්‍රියංකා චොප්රාගෙන් සුරූපී වීමේ රහස්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it