theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අලුත උපන් පැටියා එක්ක බැඳීම් වැඩි කරගන්න සරල ක්‍රම 4 ක්

3 අවම කියවීම
අලුත උපන් පැටියා එක්ක බැඳීම් වැඩි කරගන්න සරල ක්‍රම 4 ක්අලුත උපන් පැටියා එක්ක බැඳීම් වැඩි කරගන්න සරල ක්‍රම 4 ක්

පුංචි පැටියා මේ ලෝකෙට ආවට පස්සේ ගතවෙන පළවෙනි මිනිත්තු 60 ‘ රත්තරන් පැය’ කියලයි කියන්නේ. මේ පැය ඔබත් පැටියාත් අතර ඇතිවන සදාතනික බැඳීමේ අත්තිවාරම ලෙස හඳුන්වන්න පුළුවන්...

අලුත උපන් පුංචි පැටියා මේ ලෝකෙට ආවට පස්සේ ගතවෙන පළවෙනි මිනිත්තු 60 ‘ රත්තරන් පැය’ කියලයි කියන්නේ. මේ පැය ඔබත් පැටියාත් අතර ඇතිවන සදාතනික බැඳීමේ අත්තිවාරම ලෙස හඳුන්වන්න පුළුවන්.

ඒ නිසාම තමයි අත්‍යවශ්‍ය වෛද්‍ය හේතුන් නැතිනම් අම්මටයි පැටියටයි ළංවෙලා උණුසුම් වෙන්න ඉක්මණටම කටයුතු කරන්න රෝහල් කාර්ය මණ්ඩලය සියල්ල සුදානම් කරන්නේ.

නමුත් මේ රත්තරන් පැය පසුව ගියත් රන් කැටියා සමග බැඳීම ඇති කරන්න ඔබට තවත් ඉඩ තියෙනවා.

1. ඔබ ඔබේ අලුත උපන් පැටියා සමග ඉතා අත්‍යවශ්‍ය වටිනා කාලයක් ගතකරන බව අමුත්තන්ට දන්වන්න

මව් කිරි දීම සදාතනික බැඳීමකට වගේම ආශ්චර්යයන් සිදු කරන ක්‍රියාවලියක්. දරුවා ඉපදුන මොහොතේ සිට දිගටම නැති වුවත් කඩින් කඩ මව් කිරි දීම (මිනිත්තු 20 න් 20 ට ) ඉතා වැදගත්.

පැටියට කිරි දීම ඉතා වැදගත් බවත් ඒ නිසා වෙනදා මෙන් ඔවුන් සමග සතුටු සමිච්චියේ දීමට ඔබට ඉඩක් නැති බව අමුත්තන්ට ඒත්තු ගන්වන්න.

2. රෝහලෙන් මව් කිරි දීම පිළිබඳ උපදෙස් ලබාගන්න

රෝහල තුළ රැඳෙන කාලය තුළ මව් කිරි දීම පිළිබඳ දැනුවත්කම් ලබාගැනීම මව් කිරි දීමේ දිගු ගමනට ශක්තිමත් අඩිතාලමක් වැටෙනවා. අලුත්ම අම්මලාට හොඳ ආරම්භයකට මේ උදවු ඉතා වැදගත්.

බොහෝ වෙලාවට සිසේරියන් සැත්කමක් නැතිනම් දරු ප්‍රසුතිය සඳහා බොහෝ වෙහෙසක් දැරීමට සිදුවූ අම්මලාට දරුවන්ට වැළඳුන යම් හදිසි රෝගී තත්වයක් නිසා මවත් දරුවාත් වෙන්කළ පසු නිවුන් දරුවන් ලැබූ අම්මලා හෝ දරුවන් තිදෙනෙකු බිහිකළ අම්මලා හා මව් කිරි දීමේදී අපහසුතා ඇතිවූ අම්මලා වගේම තන පුඩුව නිසි ලෙස සකස් නොවූ අම්මලාටත් විශේෂ උදවු අවශ්‍ය වෙනවා.

murunga-featured

3. අලුත උපන් දරුවා ඔතා පැත්තක තැබීම

පැටියාව හොඳින් ඔතලා පැත්තකින් තියනවට වඩා ඔබ ළඟට ගන්න එක තමයි හොඳ. ඒකට ඔබට හෙදියන්ගෙන් උදවු ගන්න පුළුවන්. අනික් අතට මව් කිරි දෙවීමේ ක්‍රියාවලිය වේගවත් වන්නට එය බලපානවා.

හුඟක් වෙලාවට ‘කැන්ගරු ස්ටයිල්’  එකට දරුවන් ළඟට ගැනීම තමයි වර්තමානයේ කළයුතු යැයි කියන්නේ. ඒ කියන්නේ නැපියක් අන්දවලා උවමනාවට වඩා ඔතන්නේ නැතුව පැටියාව ඔබේ පපුව උඩින් තබා ගැනීමයි. සමට සම ගැටීමෙන් දරුවාත් මවත් අතර විශාල මානසික බැඳීමක් ඇති වෙනවා.

මේ ක්‍රමය අම්මලා රෝහලෙන් පිටව ගියත් අනුගමනය කරනවා නම් ඉතාම හොඳයි. කැන්ගරු ක්‍රමය මගින් ප්‍රයෝජන රැසක් ලැබෙනවා. ක්‍රමවත් හදගැස්ම, හුස්ම ගැනීම හා ශාරීරික උෂ්ණත්වය නිසි ලෙස ක්‍රියාත්මක වීම ආදිය හොඳින් ක්‍රියාත්මක වෙන්න ගන්නවා. නිතරම දරුවාට ඔබේ තන පුඩුවට ළඟා වීමට පහසු නිසා බඩගිනි දැනෙන්නේ නැහැ. ඒ නිසා අමතර කිරි දෙන්න උවමනා

වෙන්නෙත් නැහැ. ඒ වගේම එයා වැඩිය අඬන්නෙත් නැහැ. ඔබේ සුවඳ උණුසුම විඳිමින් හරි යසට ඉන්නවා. ඉන් ඔබත් දරුවා කිරි බොන හැටි, හරි, වැරදී ඉක්මනින්ම උකහා ගන්නවා.

4. පැටියාට උවමනා තරම් කාලයක් කිරි බොන්න දෙන්න

දරුවාට කිරි දෙන කාලය කෙටි කිරීමෙන් කිරි නිෂ්පාදනය මන්දගාමී වෙන්න පුළුවන්. ඔබ අලුත් මවක් නම් කිරි දීමේ ක්‍රමයක් සාදාගත යුතු යැයි සිතන්න පුළුවන්. නමුත් එය එසේ නොවෙයි.

සමහර විට ටික දවසක් ගෙවෙද්දී සාමාන්‍යයෙන් දරුවා කිරිබොන වේලාවන් කාලපරාසය නිගමනය කළ හැකි වුවත් එවැනි නිශ්චිත කාලයක් හෝ වාර ගණනක් කිරි දීම සඳහා වෙන්කළ හැකි යැයි කාටවත් කියන්න බැහැ.

ඔබ කළ යුතු හොඳම දේ  දරුවා කැමති තරම් වෙලාවක් කිරි බොන්න ඉඩ දීමයි. දරුවට කිරි උවමනා වී ඇති බව කාලයත් සමග එයාගේ ඉඟි වලින් ඔබට දැනගන්න ලැබෙයි.

එවිට තනපුඩුව මුවට ලං කරන්න ඔබට පුළුවන්. තැන පුඩු දෙක මාරුවෙන් මාරුවට ලබාදීමත් වැදගත්. තනපුඩු උද්දීපනයට විශේෂ කම්ප්‍රෙෂරයක් පාවිච්චි කිරීමත් ක්‍රියාවලිය වේගවත් කරනවා.

මේ අමිල දින කිහිපය ඔබටත් රන් පැටියාටත් එකසේ ලැබෙන්නේ නැහැ. ඉතින් ඉන් උපරිම ප්‍රයෝජන ලබාගන්න. ඉන් ඔබත් පැටියාත් අතර ඇති බැඳීම ශක්තිමත් කරනවා. අවසානයේ හැම අම්ම කෙනෙකුටම මේ ගැඹුරුම බැඳීම ඔබේ තමන්ටත් පැටියාටත් උදා කරගන්න පුළුවන්.

මේ වටිනා කරුණු හතර ඔබත් ඔබේ රන් කැටියාත් අතර ගෙවන රන් පැය වඩාත් සරුසාර කරගන්න වගේම මව් පදවියේ ගෙවී යන හැම මොහොතක්ම ශක්තිමත් කරගන්න උදවු වේවි.

 theAsianparent Sri Lanka  අපි මව් කිරි දීමේ අසිරිමත් බවත් ඔබත් රන් කැටියාත් ඒ අසිරිමත් බවේ ආශ්චර්ය වෙත ළඟා කරවන්නටත් නිතරම වෙර දරන්නේ ඔබේ හොඳම මිතුරිය ලෙසිනුයි.

 theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
  • /
  • අලුත උපන් පැටියා එක්ක බැඳීම් වැඩි කරගන්න සරල ක්‍රම 4 ක්
බෙදාගන්න :
  • අලුත උපන් දරුවා අතට ගැනීමට පෙර ඔබ ඔබේ දෑත් සේදිය යුත්තේ ඇයි

    අලුත උපන් දරුවා අතට ගැනීමට පෙර ඔබ ඔබේ දෑත් සේදිය යුත්තේ ඇයි

  • අලුත් බබාව බලන්න යන්න කලින් මේ දේවල් වලින් දැනුවත් වෙන්න

    අලුත් බබාව බලන්න යන්න කලින් මේ දේවල් වලින් දැනුවත් වෙන්න

  • අලුත උපන් දරුවා අතට ගැනීමට පෙර ඔබ ඔබේ දෑත් සේදිය යුත්තේ ඇයි

    අලුත උපන් දරුවා අතට ගැනීමට පෙර ඔබ ඔබේ දෑත් සේදිය යුත්තේ ඇයි

  • අලුත් බබාව බලන්න යන්න කලින් මේ දේවල් වලින් දැනුවත් වෙන්න

    අලුත් බබාව බලන්න යන්න කලින් මේ දේවල් වලින් දැනුවත් වෙන්න

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it