theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
  • COVID-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

නරකට හැසිරෙන දරුවන් යහමගට ගන්න සතියක අභ්‍යාසයක්

5 අවම කියවීම
බෙදාගන්න :
•••
නරකට හැසිරෙන දරුවන් යහමගට ගන්න සතියක අභ්‍යාසයක්

මේ විදිහට ඔබේ දරුවාගේ නරක හැසිරීම් නැතිකර දමන්න හැකි දැයි උත්සාහ කර බලන්න. මනෝවිද්‍යාඥයන්ට අනුව මේ පුරුදු අනපේක්ෂිත ලෙස ඇතිවිය හැකි බව පැවසෙනවා.

දරුවන් හදාවඩා ගැනීම පිළිබඳ ප්‍රවිණයන් දක්වන ආකාරයට දරුවාගේ නරක හැසිරීම ඇතුළු වැරදි පුරුදු ඉතා ඉක්මනින් දරුවන්ගෙන් ඈත් කළ යුතු ඒවා බව පැවසෙනවා.

ඔබ සමහර විට හිතයි මේ උපායන් වලට හැසිරීම් හා ඔබේ සංකල්ප එහෙට මෙහෙට කරලා කරන්න යන දෙයක්ද කියලා.

තරමක් දුරට ඔබ හරි.

නමුත් ඉන් එහාට මෙහි උපායශීලීම අංගය වන්නේ මානසික හා අධ්‍යාත්මික ලෙස දරුවාගේ සිත නැම්මවීමත් ඔබේ මිතුරන්ගේ වැරදී හැසිරීම්, දරාගන්න බැරිව වෙනවා.

එවිට දැනෙන කෝපය වගේ ඔබේ දරුවාගේ නොමනා ක්‍රියාවන්, වැරදී හැසිරීම් ඔබේ මුළු ශරීරයම විඩාවටත්, පීඩාවටත් පත් කරාවි.

ඒ අතර ඉන් ඔබ තුළ ඉන්න නරකම පුද්ගල ලක්ෂණ එළියට එන්න පුළුවන්.

ඔබ මෙලෙස කලකිරීමටත් විඩාවටත් පත්වූ විට ක්ෂණිකව ඊට ක්‍රියාත්මක වීම හෝ සමහර විට ඔවුන්ට දඬුවම් පැමිණවීමට වගේම පහර දෙන්නත් යොමුවෙනවා.

ලොස් ඇන්ජලීස් හි දරුවන් බලාගැනීම පිළිබඳ ප්‍රවීණ බර්නාඩ් පර්සි ට අනුව ඔබේ දරුවා කරන වැරැද්දම එල්ලකරගෙන සිටීමෙන් ස්වාභාවිකවම ඔබට ඔවුන් විරුද්ධ වන අතර එය වාදයට හා ඊටත් වඩා නරක ප්‍රතිචාර දක්වා දිගු වෙන්න පුළුවන්.

ඉතින් ඒ වෙනුවට මෙම තත්වයට ප්‍රතික්‍රියා දැක්වීමට ඔබට වෙනත් මගක් සොයාගත යුතු වෙනවා.

ඔබේ දරුවන් ඔබ සිතන ආකාරයටම ඔබ කියන දේ අනුමත කරන්නේ නැහැ.

බොහෝ විශේෂඥයින් දක්වන ආකාරයට මෙම සතියක කාල පරිච්ඡේදය තුළ කෙරෙන මෙම සංකල්පයන් දරුවන් තුළ හැසිරීම සම්බන්ධයෙන් ඇති බොහෝ ගැටළු නිරාකරණයට සමත් වෙන බව පැවසෙනවා.

මේ සතිය තුළ සතියේ සෑම දිනකටම එක සංකල්පය බැගින් ඇතුලත් වෙනවා.

ඉතින් ප්‍රවිණයන් දක්වන ආකාරයට මේ සතියක සුවිශේෂී වැඩපිළිවෙල ඔබටත් ක්‍රියාත්මක කළහැකි දැයි බලන්න.

පළමු දිනය: දරුවාගේ නරක හැසිරීමට ප්‍රතික්‍රියා නොකර ඉන්න

දරුවාගේ නරක හැසිරීම පුරුදු හරි ලෙස සැලකිල්ලට ගෙන ක්‍රියාත්මක වීමට නම් දෙමාපියන් ඉතා සංයමයෙන් ඉවසිලිවන්තව ක්‍රියාකළ යුතු වෙනවා.

ඉහතින් සඳහන් කළා වගේ ඔබේ දරුවාගේ හැසිරීම පාලනය ඇතුළතින්ම නිර්මාණය විය යුත්තක්. ඒ නිසා ඉතා ඉවසිල්ලෙන් යුතුව ක්‍රියා කළ යුතුයි.

ඒ අතර ඔබේම ආකාරයට ඔහුව නැවතත් හසුරවන්න යන්න එපා. බොහෝ දෙමාපියන් ඉතා ක්ෂණයකින් ප්‍රතිචාර දක්වන්නට යනවා.

මෙම ඍණාත්මක හැසිරීම තරම් නරක දෙයක්. මෙවැනි හැසිරීම් ඇති දරුවන්ට රුකුල් දෙන තවත් හේතුවක් නැති තරම්. ළමා මනෝ වෛද්‍ය එඩ් ක්රිස්ටෝෆෙර්සන් මෙලෙස පැහැදිළි කළා.

ඔබේ දරුවන් නරකට හැසිරෙන විට ඔබ එය දුටු වගක්වත් ඔවුන්ට දැනෙන්න දෙන්න එපා.

තව තවත් නරක ආකාරයට හැසිරීම මගින් ඔවුන් ඔබව ඔවුන් කරා ගෙන්වා ගැනීමට ගන්න උත්සාහයට ඔබ ඉඩදෙන්න එපා.

ඔබට ඉතා සන්සුන්ව කතා කළ හැකිනම් පමණක් කතා කිරීම හෝ නැතිනම් එය කිසිසේත්ම නොදුටු ලෙස හැසිරී සන්සුන්වූ පසු ඔවුන්ට ඉතා හොඳින් දැනුවත් කිරීම වටිනවා.

 දෙවැනි දිනය: ශුභවාදී වන්න දරුවාගේ නරක හැසිරීම තකන්න එපා

නිතරම ශුභවාදී ලෙස දෙමාපියන්ගේ හැසිරීම වටිනවා. ඔවුන්ගේ නරක හැසිරීමම අපේක්ෂා නොකර හැමවිටම හොඳක් සිදුවෙතැයි අපේක්ෂා කරන්න.

පවුල් උපදේශක Robin H-C පවසන ආකාරයට හැම තිස්සෙම දරුවා නරකට හැසිරෙනු ඇතැයි අපේක්ෂාවෙන් සිටීම ම ඊට පාර කැපීමක් වෙනවා.

ඒනිසා ඔවුන්ටත් බලාපොරොත්තුවක් හා අවස්ථාවක් දෙන්න. දෙවැනි දිනය වන විට බලාපොරොත්තු සුන් කරගෙන ව්‍යාකූල වෙන්න එපා.

ශුභවාදීව සිතමින් ඒ වෙනුවෙන් ඉදිරියට වැඩ කරගෙන යන්න.

දරුවාගේ නරක හැසිරීම

තුන්වෙනි දිනය: ඉදිරියටම යන්න

ඇමෙරිකාවේ ආකන්සෝ ළමා රෝහලේ ළමා මනෝ වෛද්‍යවරියක් වන ජේන් බෙලන්ඩෝ පවසන ආකාරයට නැවත වතාවක් ඉවසීම පෙරටු කරගන්න.

ඔබේ දරුවන්ගේ හොඳ හැසිරීම් දකින්නට ඔබ අපේක්ෂා කරනවා නම් එය අධ්‍යාත්මයෙන්ම ඉස්මතු විය යුතු බව පැවසෙනවා.

ඔබ තුළින් ඔබේ ඉවසීම පෙන්වීම මගින් දරුවාට ඒ ගැන කියාදෙනවා. එය ඔහුගේ ඇතුලාන්තයෙන් ජනිත වන්නේ එවිටයි.

කාලය සමග ඔවුන්ගේ හැසිරීමට එය බලපාන ආකාරය ඔබට ඉවසීමෙන් අධ්‍යනය කළ හැකි වෙනවා.

සිව්වන දිනය: දරුවාගේ නරක හැසිරීම ක්‍රමවත් කිරීමට පෙර අගය කරන්න

"Unleashing the Power of Parental Love" හි කතෘ වන ගැරී අන්ර  විශ්වාස කරන ආකාරයට දරුවන්ගේ හැසිරීම් වලට හේතුවක් තිබෙනවා. ඒ නිසයි දරුවා එලෙස හැසිරීමට හේතු බීජය සොයාගැනීම වැදගත්.

එමගින් ඇයගේ හැසිරීමේ ඇතිවූ වෙනස්කම් නිරීක්ෂණය කර බලන්න. දරුවාගේ නරක හැසිරීම නිසා දඬුවම් ලැබුවත් ඔහුව පිළිගැනිම හා අවබෝධ කර ගැනීම වැදගත්.

දෙමාපියන් ලෙස දඬුවම් දීමට පෙර ඔවුන් පිට කරන්නට උත්සාහ කරන පීඩාව වටහා ගැනීම වටිනවා.

දරුවන් හැසිරීමෙන් හුඟක් වෙලාවට තම පීඩනය පිට කරන්නේ ඔවුන්ට හරියට ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කරන්න නොදන්නා නිසයි.

ඒ නිසා ඔවුන්ට ඊට මදක් ඉඩ හරින්න. නමුත් ඉන් ඔවුන්ව තනි කිරීම හෝ හුදෙකලා කිරීමක් කරන්න එපා.

ඔබ ඔවුන්ට හුඟක් ආදරය කරන බවත් නමුත් ඔහුගේ ක්‍රියාව නිසා දඬුවම් ලබා දීමට සිදුවන බවත් ඔවුන්ට ඒත්තු ගන්වන්න.

පස්වන දිනය: දිගටම පවත්වාගෙන යන්න

නිව් යෝක් හි ප්‍රෙස්බිටේරියන් රෝහලේ වෛද්‍ය බර්ටි බ්රෙග්මන් පවසන ආකාරයට දෙමාපියන් නිරතුරුවම මේ ක්‍රමයන් පවත්වාගෙන යාම අත්‍යවශ්‍යයි. ඔබේ අපේක්ෂාව පැහැදිළිව දකින්න.

නමුත් එකවිටම ඔබේ පුපුරා යාම නතර කළ යුතු වෙනවා. කුමක් සිදුවුවත් ඔබ නිසොල්මන්ව එය දරාගෙන සිටිය යුතු අතර එය පෙන්විය යුතුද වෙනවා.

ඔබේ දරුවාගේ හැසිරීම ප්‍රචණ්ඩත්වය කරා යන්නේ නම් ඊටත් මේ ක්‍රමය ක්‍රමානුකූලව දිගින් දිගටම පවත්වාගෙන යාමට සිදුවෙනවා.

ඔබට එක දිනක් සංයමයෙන් හා ඉවසීමෙන් සිටින්නටත් අනෙක් දිනයේ නොසන්සුන්ව කෝපයෙන් හැසිරෙන්නත් බැහැ.

ඒ නිසා මේ ක්‍රමවත් පැවැත්ම අත්‍යවශ්‍යයි. මතක තබා ගන්න උදාහරණ හා ආදර්ශය ලැබිය යුත්තේ පළමුව ඔබෙනුයි.

හයවන දිනය: සමහර වෙලාවට නීති වෙනස් කරන්න

හුඟක් දරුවන්ගේ නරක හැසිරීම් ඒකාකාරී බව නිසාත් ඉස්මතු වෙනවා.

ඒ නිසා ඔබ පනවන නීති සමහර වෙලාවට වෙනස් කළයුතු වන බව විශේෂඥයන් පවසනවා.

"Regret Free Parenting" හි කතෘ කැතරින් හිකම් පවසන ආකාරයට සමහර විට ඔබට නව නීති රීතී එකම රාමුවක සිට පැනවීම වෙනස් කරන්න වෙනවා. මේ සඳහා ගෙදර වාතාවරණය වුවත් වෙනස් කරන්න වෙනවා.

දරුවා සෙල්ලම් කරන වෙලාව, TV බලන වෙලාව තරමක් මිශ්‍ර කර අත්දකින්න දෙන්න.

එකම දිනචර්යාව දරුවටත් අලස බවක්, පීඩාවක් ගෙන දෙනවා.

නමුත් මේ නිසා තත්වය දරුණු අතට පත්කර නොගැනීමට වග බලාගැනීම වටිනවා.

 

සත්වන දිනය: සන්සුන් වෙන්න, විනෝද වෙන්න

සත්වන දිනයේ ඔබ ලබාගත් ප්‍රගතිය දිහා ආපසු හැරී බලන්න පුළුවන්. ඔබත් ඔබේ දරුවාත් මේ ප්‍රශ්නයේදී කෙතරම් ප්‍රතිඵල අත්කර ගෙන ඇතිදැයි සිතාබලන්න.

ඔබෙන් දරුවාත්, දරුවාගෙන් ඔබත් උගත් දේවල් ඇසුරෙන් ඉතිරිය සම්පුර්ණ කරගන්න උත්සාහ කරන්න.

ඔබට සැහැල්ලුවක් දැනෙයි. මේ නිසා දිගින් දිගටම ඉවසීම සිතේ රඳවා ගන්න. අනාගතය කරා ඔබ උගත් දේ ගෙනියන්න.

ඉවසීම, දරුවන් මෙල්ල කරන හොඳම අවියක් බව මතක් කිරීමට theAsianparent Sri Lanka අපි මේවර උත්සාහ කළේ දරුවන් නිසා දෙමාපියන් වෙහෙස වන අයුරු හොඳින් දන්නා නිසයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • හැසිරීම් රටාව
  • /
  • නරකට හැසිරෙන දරුවන් යහමගට ගන්න සතියක අභ්‍යාසයක්
බෙදාගන්න :
•••
කතන්දර ලිපි
  • යහපත් දරුවන් හදාගන්න ඔබට බෙහෙවින් වැදගත් කරුණු 8 ක්

    යහපත් දරුවන් හදාගන්න ඔබට බෙහෙවින් වැදගත් කරුණු 8 ක්

  • තරහ ගිය ළමයෙකුගේ හැසිරීම හා කටයුතු කිරීමට  විශිෂ්ඨ ක්‍රම දහයක්

    තරහ ගිය ළමයෙකුගේ හැසිරීම හා කටයුතු කිරීමට විශිෂ්ඨ ක්‍රම දහයක්

single
  • යහපත් දරුවන් හදාගන්න ඔබට බෙහෙවින් වැදගත් කරුණු 8 ක්

    යහපත් දරුවන් හදාගන්න ඔබට බෙහෙවින් වැදගත් කරුණු 8 ක්

  • තරහ ගිය ළමයෙකුගේ හැසිරීම හා කටයුතු කිරීමට  විශිෂ්ඨ ක්‍රම දහයක්

    තරහ ගිය ළමයෙකුගේ හැසිරීම හා කටයුතු කිරීමට විශිෂ්ඨ ක්‍රම දහයක්

  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore
  • Thailand
  • Indonesia
  • Philippines
  • Malaysia
  • Sri Lanka
  • India
  • Vietnam
  • Australia
  • Japan
  • Nigeria
  • Kenya
© Copyright theAsianparent 2021. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි
  • මව්පදවිය
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
  • අධ්‍යාපනය
  • සෞඛ්‍යය
  • ජීවන රටා
  • ආහාර සහ පෝෂණය
  • මාපිය දැනුම
  • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
  • අපි පිලිබඳ විස්තර
  • කණ්ඩායම
  • අප හා සම්බන්ධ වෙන්න
  • නිතී හා රෙගුලාසි
  • Become a Contributor