theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දෛවයේ සරදමට පෙරලා ශිෂ්‍යත්වය ඉහළින් සමත් වූ පුංචි දිරිය දියණියන්

2 අවම කියවීම
දෛවයේ සරදමට පෙරලා ශිෂ්‍යත්වය ඉහළින් සමත් වූ පුංචි දිරිය දියණියන්දෛවයේ සරදමට පෙරලා ශිෂ්‍යත්වය ඉහළින් සමත් වූ පුංචි දිරිය දියණියන්

සියළු සැප සම්පත් තිබියදී ජිවිතයෙන් පලා යන වැඩිහිටියන් වෙසෙන සමාජයක මෙවන් පුංචි දිරිය දියණියන් අනෙක් දරුවන්ට පමණක් නොව, වැඩිහිටි අපටත් දෙන්නේ මහඟු ආදර්ශයක් නොවේද?

2017 ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නිකුත් වීමත් සමඟ දුෂ්කර පළාත් වලින් මෙන්ම දුෂ්කරතා මධ්‍යයේ විශිෂ්ට ප්‍රතිඵල ලබාගත් දක්ෂ දූ දරුවන් රැසක් දක්නට ලැබුනා. මෙය මහත් සතුටට කරුණක්. අද ලිපිය තුලින් එම දරුවන් අතුරින් මෙම දැරියන් දෙදෙනා ගැන විශේෂයෙන් සඳහනක් ගෙන එන්නට සිතුවේ ඔවුන්ගේ කර්කෂ්ටක ජිවිත ගමන සමස්ථ  දරු පරපුරටම මිල කල නොහැකි ආදර්ශයක් ගෙන දෙන බැවිනි.

දෛවයේ සරදමට පෙරලා ශිෂ්‍යත්වය ඉහළින් සමත් වූ පුංචි දිරිය දියණියන්

සේමිණී උදානධවනි

රටේගොසිප් වෙබ් අඩවියෙන් වාර්තා වුනු පරිදි  පසුගිය මැයි මස අරණායක සාමසර කන්ද නායයාම නිසා අවතැන් වී වසරකට වැඩි කාලයක් කුඩාරම් 7ක කලින් කලට ජිවත් වූ උස්සපිටිය ශ්‍රී සුමංගල කනිෂ්ඨ විද්‍යාලයේ ශිෂ්‍යාවක් වන සේමිණී උදනධවනි දැරිය මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 185 ක් ලබා ඉහළින් සමත් වීමට සමත් වී තිබෙනවා.

තම ජයග්‍රහණය පිලිබඳ සේමිණී ප්‍රකාශ කළේ “මං රෑ දවල් නොබලා වෙහෙස මහන්සියෙන් පාඩම් කළා. අම්මයි තාත්තයි බඩගින්නේ ඉඳල අපිට ඉගැන්නුවා. මං කැමතියි ලොකු වෙලා මහනුවර මහාමායා ඉස්කෝලේ ටීචර් කෙනෙක් වෙන්න”

දියණියගේ මව සතුටු කදුළු සලමින් කීවේ විදුලි බල්බයක්වත් නොමැතිව ලන්තෑරුමෙන් විභාගයට පාඩම් කළ අතර කඳවුරුවලදී විදි දුක් ගැහැට හේතුවෙන් මානසික දුර්වලතා හමුවේ තම දියණිය ජයග්‍රහණය කළ බවයි. නමුත් මේ දුෂ්කරතා මැද පාඩම් කිරීමට අපහසු වුවාදැයි ඇසූ පැනයට සිනහමුසු මුහුණින් සේමිණී කීවේ පාඩම් කිරීම අපහසු නොවූ බවයි! කෙතරම් විශ්මයජනකද?

සේමිණීගේ වැඩිමල් දියණියද ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වූ බවත් කුමන අගහිඟකම් පැවතියද තම දියණියන්ට ඉගැන්වීම මුල්ම කරුණ සේ තමන් හා සැමියා සැලකූ බවත් සේමිණීගේ මව කියා සිටියා. සමෘද්ධි දීමනාව පවා තම පවුලට නොතිබූ බවත් රැකියාව ලෙස පිංතාරුකිරීම කරමින් දියණියන්ට ඉගැන්වූ බවත් සේමිණීගේ පියා සඳහන් පැවසුවා.

මේ අතරතුර වාර්තා වූයේ වෙනත් කඳවුරුක සිටින අකාශි විජේවර්ධන නම් තවත් දියණියක්ද ලකුණු 171 ක් ලබාගනිමින් ශිෂ්‍යත්ව විභාගය සමත් වී ඇති බවයි.

දෛවයේ සරදමට පෙරලා ශිෂ්‍යත්වය ඉහළින් සමත් වූ පුංචි දිරිය දියණියන්

දුලාංජලි මදුමාලි

රටේගොසිප් වෙබ් අඩවියෙන් ලැබුණු තවත් වාර්තාවකට අනුව දහසකුත් ප්‍රශ්න හමුවේ සිය පළමු කඩඉම් විභාගය ඉහළින් සමත් වූ තවත් දිරිය දියණියක් ගැන සඳහන් වන්නේ ගලේවෙල ප්‍රදේශයෙන්. දුලාංජලි මදුමාලි ගලේවෙල දේවහූව පහල දිග්ගල ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබන දිරිය ශිෂ්‍යාවක්.

වසර කිහිපයකට පෙර දුලාංජිගේ පියා වකුගඩු රෝගය වැලදීමෙන් මිය යාමත් සමග දැඩි දුෂ්කරතාවයකට පත් වන ඔවුන් ජීවිතය ගැටගහගන්නේ නොවිඳිනා දුක් විඳිමින්. සොච්චම් මුදලකට ගොඩොල් කපමින් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් නොනිමි අරගලයක නිරත වන දුලාංජිගේ මව සහ වැඩිමහල් පුතණුවන්ගේ දුලංජලිගේ ජයග්‍රහණය යම් හෝ අස්වැසිල්ලක් සහ බලාපොරොත්තුවක් ජිවිතයට එක් කර තිබෙනවා.

දෛවයේ සරදමට පෙරලා ශිෂ්‍යත්වය ඉහළින් සමත් වූ පුංචි දිරිය දියණියන්

මේ දැරියන්ගේ ඇති දුෂ්කර ජිවිත ගමන තුළ අත්පත් කරගත් මෙම ඇති විශිෂ්ඨ ජයග්‍රහණය දරුවන්ට පමණක් නොව දෙමාපිය අපටත් මහඟු ආදර්ශයක් නොවේද?

screengrab: රටේGossip පිටුවෙනි. 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Niloufer Perera

  • Home
  • /
  • පුවත්
  • /
  • දෛවයේ සරදමට පෙරලා ශිෂ්‍යත්වය ඉහළින් සමත් වූ පුංචි දිරිය දියණියන්
බෙදාගන්න :
  • පියවරුන්ට තම දියණියන් සමඟ කාලය ගත කළ යුතු වීමට හේතු 3ක්

    පියවරුන්ට තම දියණියන් සමඟ කාලය ගත කළ යුතු වීමට හේතු 3ක්

  • 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය දැන් අනිවාර්ය නැති බව ඔබ දන්නවාද?

    5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය දැන් අනිවාර්ය නැති බව ඔබ දන්නවාද?

  • පියවරුන්ට තම දියණියන් සමඟ කාලය ගත කළ යුතු වීමට හේතු 3ක්

    පියවරුන්ට තම දියණියන් සමඟ කාලය ගත කළ යුතු වීමට හේතු 3ක්

  • 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය දැන් අනිවාර්ය නැති බව ඔබ දන්නවාද?

    5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය දැන් අනිවාර්ය නැති බව ඔබ දන්නවාද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it