theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

මේ පසුගිය 5 වසර ශිෂ්‍යත්ව ප්‍රශ්ණ පත්‍ර එකතුව ඔබට අත්වැලක් පිණිසයි!

4 අවම කියවීම
මේ පසුගිය 5 වසර ශිෂ්‍යත්ව ප්‍රශ්ණ පත්‍ර එකතුව ඔබට අත්වැලක් පිණිසයි!මේ පසුගිය 5 වසර ශිෂ්‍යත්ව ප්‍රශ්ණ පත්‍ර එකතුව ඔබට අත්වැලක් පිණිසයි!

පසුගිය 5 වසර ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්ණ පත්‍ර එකතුවක් ඔබ වෙත ඉදිරිපත් කිරීම කාලෝචිත යැයි සිතුවේ, දරුවාගේ නව පාසැල්ව වසරට මෙය අත්වැලක් වන නිසාය. 

ළඟ එන නව වසරේ 5 වසරට පියමන් කරන පොඩිත්තා මුහුණ දෙන්නට සුදානම් වන 5 වසර ශිෂ්‍යත්ව විභාගය ඔබගේත් දරුවාගේත් ජිවිතයේ තීරණාත්මක විභාගයක් වන්නට පිළිවෙන.  මේ නිසා පසුගිය 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රශ්ණ පත්‍ර එකතුවක් ඔබ වෙත ඉදිරිපත් කිරීම කාලෝචිත යැයි සිතුවේ, දරුවාගේ නව පාසැල්ව වසරට මෙය අත්වැලක් වන නිසාය.

5 වසරේ දරුවන්ගේ විභාගයට පෙර සුදානමක් ලෙස බොහෝ ප්‍රයෝජනවත් විය හැකි වටිනා අදහස් කිහිපයක්ද පසු ගිය දිනක පහ වසර ශිෂ්‍යත්ව විභාගය ගැන ඔබ දැනගත යුතු වටිනා උපදෙස් නවයක් ලිපිය තුලින් අප ඉදිරිපත් කළෙමු.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රශ්ණ පත්‍ර එකතුව

2020 ශිෂ්‍යත්වයට සූදානම් වීම සඳහා

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රශ්ණ පත්‍ර සහ ආදර්ශ ප්‍රශ්ණ පත්‍ර එකතුව මෙතැනින් ලබාගන්න.

  • 5වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රශ්ණ පත්‍ර එකතුව – 2016
  • 5වන  ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රශ්ණ පත්‍ර එකතුව – 2015
  • 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රශ්ණ පත්‍ර එකතුව – 2014

මේත් සමඟම කුමාර ජනප්‍රිය සර්ගේ මුහුණු පොතේ එතුමා විසින් බෙදාගෙන ඇති නව නිර්දේශ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රශ්ණ පත්‍ර පෙරහුරු මාලාවද පුංචි දූලා පුතාලට මෙහෙවරක් වන්නට මෙතැනින් ලබාගන්නට පුළුවන්.

ඉතින් මෙම 5 ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර එකතුවත් ඔබට එලෙසින්ම ප්‍රයෝජනවත් වනු ඇතැයි විශ්වාස කරමු.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රශ්ණ පත්‍ර

5 ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර: දරුවන් අනවශ්‍ය ලෙස වෙහෙස කරවන්න එපා!

ඔබේ දරුවා සුදානම් කරනු වස් අයිරෝමි පෙරේරා ගුරුතුමියගේ මේ අදහස් ඔබට මහත් රුකුලක් වේවි.

1. මොකද්ද මේ ශිෂ්‍යත්ව විභාගය කියන්නේ

ප්‍රාථමික අධ්‍යාපනය අවසන් කරන දරුවා තුල විෂය දැනුම, නිර්මාණාත්මක කුසලතා, නිර්මාණාත්මක චින්තනය, ප්‍රායෝගික හැකියා, සාදන මට්ටම මැන බලන පොදු පරීක්ෂණය ශිෂ්‍යත්ව විභාගය නම් වේ.

2. ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමෙන් දරුවාට ඇති වන ප්‍රයෝජන මොනවාද?

සෑම විෂයක් ගැනම වයස් මට්ටමට අදාල පුළුල් දැනුමක් ලැබේ. නිර්මාණාත්මක චින්තනය දියුණු වේ. පරිකල්පන හැකියාව දියුණු වේ. තර්කානුකූල චින්තනය වර්ධනය වේ.

මෙම විභාගයෙන් දරුවා ඉහළ ලකුණු පරාසයක් ලබා ගැනීමට සමත් වුවහොත් කොළඹ හෝ වෙනත් නගරයේ උසස් පාසලකට ඇතුළත් වීමට දරුවාට වරම් ලැබීම මෙහි විශේෂත්වයයි. එම නිසා පළමු ශ්‍රේණියෙන් උසස් පාසලකට දරුවා ඇතුළත් කරගැනීමට අසමත් වුවහොත් දෙමාපියන්ට ඒ ගැන ඇතිවන ඊළඟ බලාපොරොත්තුව ශිෂ්‍යත්ව විභාගයයි.

3. ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දීමට අවශ්‍ය විශේෂ සුදුසුකම් මොනවාද?

හතර (4) සමත් විය යුතුය. 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සියලුම සිසුන් අනිවාර්යයෙන් ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දිය යුතුය.

4. ශිෂ්‍යත්ව විභාගයට අයත් විෂයන් ගැන කෙටි හැඳින්වීමක් කල හැකිද?

ශිෂ්‍යත්ව විභාගයේ මුලික විෂයන් වන්නේ ගණිතය හා මවු භාෂාවයි (සිංහල හෝ දෙමළ) මීට අමතරව විද්‍යාව, ඉංග්‍රීසි හා පරිසරය අනු විෂයන් වනවා.

5. 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රශ්ණ පත්‍ර කොටස් කිහියකින් සමන්විතද?

ප්‍රශ්න පත්‍රය මුල් කොටස හා දෙවන කොටස යනුවෙන් කොටස් දෙකකින් සමන්විත වනවා.

6. දරුවකු ශිෂ්‍යත්ව විභාගයට සූදානම් විය යුත්තේ කෙසේද?

3,4,5 ශ්‍රේණිවල විෂය මාලාව නිසි පරිදි අධ්‍යයනය කළ යුතුය. 3,4,5 ශ්‍රේණිවලට අදාළ සිංහල පෙළ පොත හොඳින් පරිශීලනය කළ යුතුය.

පරිසර තේමා 16 ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිතව ඉගෙනගත යුතුය. ගණිත කර්ම නිවැරැදි අවබෝධයෙන් යුතුව ඉගෙනගත යුතුය.

කියවීම ප්‍රගුණ කළ යුතුය. පාසලේ දිනපතා කරන වැඩ නිසි පරිදි කළ යුතුය. පසුගිය ප්‍රශ්න පත්‍ර වලට අනුමාන, පසුගිය ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු ලිවිය යුතු අතර, පරිසරය පිළිබඳ අවබෝධය වඩි කරගත යුතුය.

දරුවා පළමු වසරේ සිට උගත් දෑ ගැන මනා අවබෝධයක් තිබිය යුතු අතර සාමාන්‍ය දැනීම ප්‍රශ්ණ වලටත් සාර්ථකව මුණුනා දීමට රුපවාහිනිය, ගුවන්විදුලිය, පුවත්පත් ආදියද පරිශීලනය කොට සමබර ගිවිතයක් ගත කල යුතුය.

8. ශිෂ්‍යත්ව විභාගයට සුදානම් වන දරුවකුට දිය හැකි උපදෙස් මොනවාද?

i. විභාගයේ දී ප්‍රශ්න පත්‍රය පළමුව හොඳින් කියවන්න.

ii. ප්‍රශ්න හොඳින් තේරුම් ගන්න.

iii ප්‍රශ්න පත්‍රයේ ඇති උපදෙස් පිළිපදින්න.

iv. සෑම ප්‍රශ්නයකටම හැකි උපරිමයෙන් පිළිතුරු ලියන්න.

v. කාලය කළමනා කරගෙන පිළිතුරු ලියන්න.

vi. පහසු ප්‍රශ්න වලට මුලින් පිළිතුරු ලියන්න.

vii. අපහසු ප්‍රශ්න වලට ඉන්පසුව පිළිතුරු ලියන්න.

viii. සියලුම පිළිතුරු ලියා අවසන් වූ පසු, පිළිතුරු නැවතත් කියවා නිවැරැදි දැයි බලන්න.

9. ශිෂ්‍යත්ව විභාගයට සුදානම් වන දරුවන්ගේ දෙමාපියන්ට දිය හැකි පණිවිඩය කුමක්ද?

දරුවන් අනවශ්‍ය ලෙස වෙහෙස කරවන්න එපා. පාසලෙන් උගන්වන දේවල් දරුවන් ට එදිනෙදා නැවත කරවන්න. එදිනෙදා ජීවිතයේ ප්‍රායෝගික දෙවල් (ගෘහ උපකරණ, අවට පරිසරය වැනි) වලට දරුවන් හුරු කරවන්න. දරුවන් සමග 5 ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්න.

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Niloufer Perera

  • Home
  • /
  • අධ්‍යාපනය
  • /
  • මේ පසුගිය 5 වසර ශිෂ්‍යත්ව ප්‍රශ්ණ පත්‍ර එකතුව ඔබට අත්වැලක් පිණිසයි!
බෙදාගන්න :
  • 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ගැන ඔබ දැනගත යුතු උපදෙස් 9ක්

    5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ගැන ඔබ දැනගත යුතු උපදෙස් 9ක්

  • 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය දැන් අනිවාර්ය නැති බව ඔබ දන්නවාද?

    5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය දැන් අනිවාර්ය නැති බව ඔබ දන්නවාද?

  • 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ගැන ඔබ දැනගත යුතු උපදෙස් 9ක්

    5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ගැන ඔබ දැනගත යුතු උපදෙස් 9ක්

  • 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය දැන් අනිවාර්ය නැති බව ඔබ දන්නවාද?

    5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය දැන් අනිවාර්ය නැති බව ඔබ දන්නවාද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it