theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ආච්චිලා සීයලා, මුණුපුරාට, මිණිපිරීට ආදරේට නරක පුරුදු වලට පාර කපනවද?

6 අවම කියවීම
ආච්චිලා සීයලා, මුණුපුරාට, මිණිපිරීට ආදරේට නරක පුරුදු වලට පාර කපනවද?ආච්චිලා සීයලා, මුණුපුරාට, මිණිපිරීට ආදරේට නරක පුරුදු වලට පාර කපනවද?

ආච්චිලාට සීයලාට මුණුපුරු මිණිපිරියෝ වගේම ආච්චිලා සීයලාත් හරිම ආදරෙයි. නමුත් සමහර අවස්ථා වලදී මේ ආදරය නිසා ළමයින්ගේ නරක පුරුදු ඇති වෙනවද?

ආච්චි සීයා ට මුණුපුරු මිණිපිරියෝ වගේම ආච්චිලා සීයලාත් හරිම ආදරෙයි. ඒ වෙනුවෙන් නොකරන දෙයක් නෑ.

"සීයේ මගේ උපන්දිනේට මට අර කාර් එක ඕනෙ." ඉතින් සීයා හැම ලෝකෙම ගිහින් හරි සෙල්ලම් බඩුව ගේනවා.

"අත්තම්මේ මට සීනි හුඟක් දාලා බීම එකක් ඕනෙ." ගුණ නැති වුනත් මිණිපිරීගේ ඉල්ලීම කොහොම අහක දාන්නද? අත්තම්මා හොඳට සීනි දාලා බීම එකක් හදලා දෙනවා.

“මට එපා ඔය බීම. මට ඕනෙ අත්තම්මා හදනවා වගේ සීනි හුඟක් දාලා බීම එකක්” ගෙදරදී පෙරලි ගොඩයි.

“සීනි බොන්න හොඳ නෑ." "එහෙනම් අත්තම්මා දුන්නේ?”

ඉතින් මේක හරිම අමාරු ගැටළු සහගත අවස්ථාවක්.

ඒත් ඔබ නුවණින් වගේම අවබෝධයෙන් මේ තත්වය මුලදීම නතර කර ගත්තේ  නැත්නම් එය දරුවාගේ සෞක්‍යට වගේම පෞරුෂයටත් ලොකු බලපෑමක් එල්ල කරන්න පුළුවන්.

ඉතින් ඒ නිසා ඔබත් මෙවැනි අත්දැකීම් විඳිනවා නම් දැන්ම ඒ ගැන සිතා බලන්න.

ආච්චි සීයා මුණුපුරාට, මිණිපිරීට ආදරේට නරක පුරුදු වලට පාර කපනවද?

1. වැරදී වලින් ගැලවෙන්න ආයුධයක් කර ගන්නවද?

පුංචි පුතා අද දවසම පාඩම් වැඩ මොකුත් කරලා නැහැ.

ආච්චි සීයා ත් එක්ක දවල් දවසේ හැදෙන පුතා ඔබ රැකියාවට ගොස් ගෙදර එනකනුත් කාටුන් බලනවා.

ඔබට ටිකක් කේන්ති යනවා. ඔබ මේ ගැන සැරෙන් කතා කරනවා. නමුත් තමන්ගේ වැරැද්ද වහගන්න මුණුපුරා අත්තම්මගේ සෙවනැල්ල හොයනවා.

"ඕකට මෙච්චර කෑගහන්න දෙයක්ද? ළමයා කම්මැලි කමටනේ TV එක බැලුවේ." කතාව දුරට යනවා.

යුග දෙකක හේතු ඉදිරිපත්කිරීම්  මැද අවසානයේ අම්මට නිහඬ වෙන්න වෙනවා. ඒත් මේක හොඳ දෙයක්ද?

ආච්චි සීයා හැමදාමත් දරුවාව වරදෙන් බේරගන්න ඉදිරිපත් වෙන බව දරුවට ඒත්තු යනවා. ඉන් දරුවා වැරැද්දට ඇති බිය නැති වෙනවා. අම්මට ඇති බය සැක නැති වෙනවා.

මේ සියල්ල මත දරුවා ලොකු මහත් වුනත් ඔහු වැරැද්දට ඇති බය අඩු වෙනවා.

යම් වැරැද්දක් කළත් ඔහුව බේරගන්න යමෙක් ඉදිරිපත් වෙන නිසා දඬුවමට ඔහු තුළ ගෞරවයක් බයක් ඇති වෙන්නේ නෑ.

මෙවන් අවස්ථාවක දෙමාපියන් හැටියට ඔබේ අවබෝධය වැදගත්.

අවස්ථාව උදාවෙන්න පෙර ඔබ ඒ පරිසරය ඇති නොවීමට වගබලාගැනීම වටිනවා.

ඔබ දෙදෙනාම රැකියාවට යන දෙමපියන් නම්  කාටුන් බැලීමෙන් දරුවන්ගේ මොලයට වන හානි දායක තත්වයන් ගැන දරුවාට කියාදෙන්න.

ඒ වගේම ඔබේ දෙමාපියන්ට දරුවන්ට සීමාවන් පනවන විට ඊට හරස් නොවන ලෙස ඉතා ගෞරවයෙන් ඉල්ලීමක් කරන්න.

නැතිනම් ඔවුන්ගේ ආදරය පසුව දරුවාගේ ජීවිතයට බලපෑමක් ඇති විය හැකි බව කියා දෙන්න.

කෙසේ වෙතත් හැකි හැම විටම ඔබේ වගකීම ඔබ දරන්න උත්සාහ කරන්න.

දරුවා රූපවාහිනිය නැරඹීම ඔබ දෙදෙනාගෙන් එක අයෙකු සිටින විට නිවසේ සිදුවන කාරණයක් බවට වෙනස් කරන්න.

ආච්චිලා සීයලා, මුණුපුරාට, මිණිපිරීට ආදරේට නරක පුරුදු වලට පාර කපනවද?

2. ආච්චි සීයා කියන කියන දේ කරලා දෙනවද?

අර ඉස්සර වෙලා කිව්වා වගේ ආච්චි සීයා මුණුපුරු මිණිපිරියන්ට තියෙන ආදරය වැඩි නිසාදෝ සමහර වෙලාවට කියන කියන දේවල් කරලා දෙන්න පසුබට වෙන්නේ නෑ.

එදා අපිට තරවටු කරපු අපේ දෙමාපියන් මුණුපුරාට තරවටු කරන්නේ නෑ.

අත්තම්මාගේ මේ අහිංසක ආදරය දරුවාගේ පෞරුෂයට එතරම් හොඳ නැති බව ඔවුන්ට වටහා දෙන්න වෙනවා.

කැමති කැමති වෙලාවට කෑම කන එක. පෝෂණය හොඳ නැතිවා වගේම කඩෙන් විවිධ රසකැවිලි අරන් දෙන්නත් වැඩිහිටියෝ කැමතියි. මොකද දරුවා ඉන් හුඟක් සතුටු වෙන නිසා.

නමුත් දරුවාගේ සතුටින් ඔහුට යම් ඵලදායී ප්‍රතිඵලයක් ඉතුරු නොවන්නේ නම් ඒ ගැන දෙපාරක් හිතන්න ඕනේ.

දෙමාපියන් පුංචි පුංචි වැඩ දරුවෝ ලවා හුරු කරන කොට “කෝ කෝ ඕක ඔයාට බෑ. මං කරලා දෙන්නම්.

මොකටද මේ පොඩි එකාට වැඩ කියන්නේ” කියලා අත්තම්මා එකට මැදිහත් වෙනවා.

නොකැමැත්තෙන්  වුනත් වැඩේ කරන්න ඉදිරිපත් වෙන දරුවට ඉන් තල්ලුවක් ලැබෙන්නේ නැහැ.

අත්තම්මා හිටියොත් වැඩෙන් ෂේප් වෙන්න පුළුවන් බව දරුවා දැනගන්නවා. ඒ නිසා අනාගතයේ වුවත් ඔවුන් වගකීම් දරනවා වෙනුවට ඉන් ලිස්සා යන්න තමයි බලන්නේ.

එය ඔහුගේ ජිවිත කාලයටම බලපෑමක් ඇති කරන්නේ ඒ නිසයි.

3. පැණි රසට අතුරුපසට වෙලාවක් ඇති බව කියාදෙන්න

ආච්චිලා සීයලා

ආච්චි සීයා මුණුපුරා බලන්න ඇවිල්ලා. හරියට බබාගේ කෑම වෙලාව.

"ඔන්න මම පැටියට චොක්ලට් එකකුයි, අයිස් ක්‍රීම් එකකුයි ගෙනාවා."

දරුවා ආපු ගමන් මේ රසකැවිලි දෙක අරගෙන රස බලනවා. බත් පිඟාන බෙදලා එහෙමම කෑම මේසෙ ඇල්වෙනවා.

ප්‍රධාන කෑම වේලට ඉස්සෙල්ලා ආදරේට අතුරුපස දුන්නම දරුවාගේ ප්‍රධාන කෑම වේල මග හැරෙනවා.

කොහොම වුනත් මුල සිටම දරුවාව පැණි රසින් ඈත් කරන්න පුරුදු කිරීම හරිම වැදගත්.

ඒ නිසා අමුත්තන් චොක්ලට්, ටොෆි ගෙනාවත් ඔවුන් වෙලාවට මිස වඩා කන්න යන්නෙ නැති බවත්, අනික ඔබේ නිවසේ පිළිවෙලක් ඇති බව වැඩිහිටියන්ට ඒත්තු ගන්වන්න.

අම්මගෙන් හරි තාත්තාගෙන් හරි නොවන අනෙකුත් කෑම නොගතයුතු බව පුංචි දරුවට අවවාද කරන්න.

ප්‍රධාන කෑම වේලක් අතරමැද පැය දෙකක්වත් බඩට විවේකයක් නැත්නම් ප්‍රධාන ආහාර වේල දරුවා හරියටම නොගන්න බව අද වෛද්‍යවරුන් නිතරම කියනවා.

4. සෙල්ලම් බඩු ගොඩකින් එකක් තෝරාගන්න පුරුදු කරන්න

දරුවොයි සෙල්ලම් බඩුයි කියන්නේ සීනියි කූඹියි වගේ. සෙල්ලම් බඩුවක් දුටු තැන ඔවුන්ට සියල්ල අමතක වෙනවා.

ඉතින් සෙල්ලම් බඩු කඩයකට ගියහම දෙමාපියන් විදිහට ඔබ හුඟක් අසරණ වෙන අවස්ථා තියෙනවා නේද? මෙන්න මේකයි, අරකයි, මේ කාර් එකයි තුනම ඕනේ කියනවා.

බැහැ කිව්වොත් දරුවෝ එතන පෙරලි කරනවා. සමහර වෙලාවට ලැජ්ජාව නිසාම මේවා අරගෙන දෙන දෙමාපියෝ ඕන තරම් ඉන්නවා.

නමුත් මේ තත්වය ඔබට ඔබේ දරුවාගේ දිගුකාලීන පෞරුෂය වර්ධනයට කිසිසේත්ම හොඳ නැහැ.

නිතරම  සෙල්ලම් බඩු ගන්න යනවට වඩා විවිධ දේවල් ගන්න පුළුවන් තැන්වලට ඔවුන් එක්කරගෙන යන්න.

විශේෂයෙන් කතන්දර පොත්, විවිධ ක්‍රියාකාරකම් කළ හැකි උපකරණ ඇති ස්ථාන ඒ අතර වැදගත්.

ඒ වගේම සෙල්ලම් බඩු කඩයට යන්න පෙරම ඔහු තෝරා ගතයුත්තේ එක සෙල්ලම් බඩුවක් විතරක් බව ඔහුට අවබෝධ කර දෙන්න.

ඔබ මුදල් උපයන ආකාරය හා එහි බැරෑරුම් බව දරුවට ටිකක් හෝ වටහා දෙන්න.

ඒ වගේම ඔබට පුළුවන් ආකාරයට දරුවා සෙල්ලම් බඩු වලට වඩා සෙල්ලම සමග දැනුමත් වර්ධනය වන දේවල් ගෙන එන්නැයි ඔබේ වැඩිහිටියන්ටත් කියන්න.

නැතිනම් ඔබේ තේරීම නිතැතින්ම අනෙකුත් වැඩිහිටියන්ගේ තේරීම හා ගැටෙන විට ඔවුන් ඔබව විශ්වාස කිරීම අඩු වෙන්න පුළුවන්.

ඒනිසා නිතරම ඵලදායි දේවල් තෝරා ගැනීමට වැඩිහිටියන් වුවත් ඔවුන්ට අවස්ථාව ඇහිරී යන්න පුළුවන්.

ආච්චිලා සීයලා, මුණුපුරාට, මිණිපිරීට ආදරේට නරක පුරුදු වලට පාර කපනවද?

 

5. පිට ගෙදරකදී සෙල්ලම් කළ සෙල්ලම් බඩු ගෙදර ගේන්න දෙන්න එපා

ඔබේ යහළු යෙහෙලියන්ගේ නිවෙස්වල ප්‍රිය සාද, හමුවීම් වලට ඔබට දරුවන් සමග බොහෝ විට යන්න වෙනවා.

ඉතින් සම වයසේ දරුවන් එකට එකතු වෙලා සෙල්ලම් කළත් ආපසු ගෙදර යන වෙලාව ආවහම සමහර දරුවෝ අදිමදි කරනවා.

 ගෙදර යන්න නම් අර සෙල්ලම් බඩුවත් මට ගෙදර ගෙනියන්න ඕනෙ. නැත්නම් මම එන්නේ නැහැ.

සමහර දරුවෝ බිම පෙරලි පෙරලි අඬනවා. දෙමාපියන් මේ නිසා අසරණ වෙනවා. නිවෙස් හිමියන් “එහෙනම් ඒ ටික අරගෙන යන්න බබා” කියලා දෙන්න උත්සාහ කරනවා.

නමුත් කවදාවත් ඔබ ඊට ඉඩ දියයුතු නැහැ.

එක් දවසක් ඔබ එය කළොත් ඔබට හැමදාමත් එය කරන්න වෙනවා. ඔබේ අපහසුතාවය තේරුම් අරගෙන ගෙහිමියන් එය තබාගන්න දුන්නත් එය එක හිතින් ඔවුන් කරන්නේ නැහැ.

අනෙක් අතට මෙලෙස හැසිරීමෙන් ඕනෑම දෙයක් ඉතා ඉක්මනින් ලෙහෙසියෙන් ලබාගන්න හැකිය යන නරක පණිවිඩය දරුවාට යනවා.

අපි අන් අයගේ දේවල් වලට ආශා නොකළ යුතු බව ඔවුන් ඉන් ඉගෙන ගන්නේ නැහැ.

එවැනි දරුවන් වැඩිහිටියන් වු පසුත් විවාහයට පත්වූ පසුත් මෙවැනි චරිත ලක්ෂණ පෙන්වන්න පුළුවන්.

මන්ද කුඩා කාලයේ ඔහුට නොලැබුණු විරුද්ධත්වය දැන් වෙනත් කවුරුන් හෝ පාන්න ගියොත් ඔහු ඉන් කිපෙනවා.

කුඩා කාලයේම වැරැද්ද හඳුනා නොගෙන සමාජයට යාමෙන් ඔහු සමාජය හා ගැටෙනවා.

ඒ නිසා වාර කිහිපයකදී වුවත් ඔහුගේ පෙරැත්ත නොතකා ඔහු ඉල්ලන දෙය අමතක කර සිටින්න උත්සාහ කරන්න.

අනෙක් අතට එය ඔහුට දීමට උත්සාහ නොකරන ලෙස ඔහුව ඔබ නැති අතර බලාගන්නා වැඩිහිටියන්ගෙන් ඔබට ඉල්ලීමක් කරන්න පුළුවන් නම් එයත් වැදගත් වෙනවා.

සමහර විටෙක ඔබේ කීමට අවනත වුනත් ආච්චි සීයා දරුවාගේ හිත රිදෙයි කියලා ඔන්න “ඔහේ ගෙනියන්න දෙන්න ඕක සෙල්ලම් බඩුවක්නේ” වගේ දෙයක් කියන්න පුළුවන්.

මේවා වෙන්නේ ආදරේ වැඩිකමටයි.

නමුත් ඒ පුරුද්ද දිගටම නොකළයුතු දෙයක් බවත් ඒ ගැන තීරණය කරන්න දෙමාපියන් ලෙස අවස්ථාව දෙන ලෙස ඔබට ඉතා ආදරයෙන් ඔවුන්ගෙන් ඉල්ලන්න පුළුවන්.

වැඩිහිටියන් නොසිතා කරන හුඟක් පුංචි දේවල් දරුවන්ගේ ජීවිතවලට හුඟක් ලොකුවට බලපාන්න පුළුවන් බව දැන් ඔබට වැටහෙනවා නේද?

ඊට අවබෝධය ඉතා වටිනවා.

ඔබ හා ඔබේ සැමියාත් දරුවාගේ දෙමාපියන් ලෙස මේ පිළිවෙලට දරුවන් උස්මහත් කරන බව තේරුම් කළහොත් ඔවුන් වුනත් ඔබට අනුව කටයුතු කරන්න උත්සාහ නොකරන එකක් නැහැ.

ඒ නිසා වගකීම ඇත්තේ අන් අයට නොව දෙමාපියන් වන ඔබටමයි.

ඒ වගකීම දරුවන්ට ශක්තියක් කරවන්නට Asianparent Sri Lanka මේ ලිපිය ඔබ වෙනුවෙන්ම සකස් කළා.  

 

img
Written by

Nisansala Liyanage

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • ආච්චිලා සීයලා, මුණුපුරාට, මිණිපිරීට ආදරේට නරක පුරුදු වලට පාර කපනවද?
බෙදාගන්න :
  • ආච්චිටයි සීයටයි පුංචි දරුවන් ආදරය කරන ‌හේතු 25 ක්

    ආච්චිටයි සීයටයි පුංචි දරුවන් ආදරය කරන ‌හේතු 25 ක්

  • ආච්චිලා සීයලා ආයලට වගේ සැලකුම් ලැබිය යුතුද

    ආච්චිලා සීයලා ආයලට වගේ සැලකුම් ලැබිය යුතුද

  • ආච්චිටයි සීයටයි පුංචි දරුවන් ආදරය කරන ‌හේතු 25 ක්

    ආච්චිටයි සීයටයි පුංචි දරුවන් ආදරය කරන ‌හේතු 25 ක්

  • ආච්චිලා සීයලා ආයලට වගේ සැලකුම් ලැබිය යුතුද

    ආච්චිලා සීයලා ආයලට වගේ සැලකුම් ලැබිය යුතුද

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it