theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔබේ දරුවාගේ හිසකෙස් අතර පැසුනු කෙස් ගහක්? මොකද කරන්නේ?

3 අවම කියවීම
ඔබේ දරුවාගේ හිසකෙස් අතර පැසුනු කෙස් ගහක්? මොකද කරන්නේ?ඔබේ දරුවාගේ හිසකෙස් අතර පැසුනු කෙස් ගහක්? මොකද කරන්නේ?

අකලට පැසුණු දරුවාගේ හිසකෙස් ගැන ඔබ කනස්සල්ලෙන්ද? ඊට හේතු සාධක සහ ඉන් මිදීමට අවශ්‍ය පිළියම් ගැන මෙතැනින් මනාව දැනුවත් වන්න.

දරුවන්ගේ හිසකෙස් අකලට පැසීම හා බැදුනු බොහෝ මිත්‍යා විශ්වාසයන් ඇත. දරුවන්ගේ හෝ වැඩිහිටියන්ගේ පවා  අළුපැහැ හිසකෙස් ඇතිවිට එය කැනිටිස් (canities) ලෙස හැදින්වේ.

එමනිසා මෙලනින් වර්ණ අඩුවීම හෝ නැතිවීම සිදුවෙමින් අළු හෝ සුදු හිසකෙස් ඇතිවීම සිදුවේ.

හිසකෙස් අකලට පැසීම සිදු වීමට ප්‍රධාන හේතු තුනක් මෙන්න

1. ජානමය හේතු

ඔබට අකලට  හිසකෙස් පැසී  ඇත්නම් ඔබේ දරුවාට එය ඇතිවීමේ හැකියාව ඉහලය. හිසකෙස් පැසීම පරම්පරාවෙන් උරුම වෙන දෙමව්පියන් ගෙන් දරුවන්ට යන තත්වයක් වේ.

මෙය සෞඛ්‍ය තත්වය පෙනෙවන දර්ශකයක් නොවේ. එයින් අදහස් වන්නේ හිසකෙස්  පැසීමයි. එය එපමණයි.

ඒවගේම විටිලිගෝ (vitiligo)තත්වයේදී කෙස් වර්ණය වෙනස්වීම පැල්ලම් ලෙස දැකිය හැකිය. එයට අමතරව tuberous sclerosis , neurofibromatosis , waardenburg syndrome වැනි තත්වයන් මෙන්ම මෙයද පවුල තුල සංසරණය වන අඩු බහුලතාවයෙන් තත්වයක් වේ.

2. ඌණතාවයන්

Pernicious anaemia සමග එන විටමින් බී 12 වල ඌණතාවය අකලට හිසකෙස්  පැසීමට බලපානවා.

මාළු, මස්, කිරි වැනි සත්ව නිෂ්පාදන වල මෙම විටමින් වර්ගය අඩංගු  නමුත්  සීරියල් හා අනෙක් ආහාරද ශක්තිමත් කරනවා. නිවැරදි ප්‍රමාණය ගැනීමෙන් තත්වය යහපත් අතට හරවන්න පුළුවන්.

3. හෝමෝන හෝ වෙනත්  ස්‍රාවී ග්‍රන්ථි වල ගැටළු

තයිරොයිඩ් ග්‍රන්ථිය අඩුවෙන් හෝ වැඩියෙන් ක්‍රියාකාරී වීමෙන් ඇතිවෙන තත්වයන් අකලට හිසකෙස් පැසීම ඇතිවීමට හේතු විය හැක. මෙය රුධිර පරීක්ෂණයකින් පහසුවෙන් හදුනා ගත හැකි අතර ඔබේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා ඒ පිලිබඳ වැඩි විස්තර පවසාවි.

හිසකෙස් පැසීමට හේතු නොවන දේවල්

දරුවන්ගේ හිසකෙස් පැසීම බොහෝ තත්වයන් පෙන්නුම් කරන නමුත් බොහොමයක් ඒවා දුර්ලභ වේ. එනම් මේ තත්වය ගැන බොහෝ වැරදි මත  ඇති අතර මෙන්න මේ දේවල් හතර  හිසකෙස් පැසීමට හේතු නොවේ.

1. මානසික ආතතිය :දරුවන් තුල මානසික ආතතිය දුර්ලභ වේ. කොහොම නමුත් මෙය දරුවන්ගේ හිසකෙස් පැසීමට හේතු නොවේ. එනම් ඔබට ඔබේ දරුවාට මානසික ආතතිය හා කටයුතු කිරීමට උදව් කරන්නේ නම් එය ඔවුන්ගේ පාසැල් හා ජීවිතයේ අවධානය හා හැකියාවන් වැඩි දියුණු වීමට හේතු වේ.

2. හදවතේ තත්වයන් : හිස්කබලට රුධිර සැපයුම අඩුවීමෙන් හිසකෙස් පැසෙන බව ප්‍රසිද්ධ මිත්‍යා මතයක් පෙන්වා දෙනවා. ඒ වගේම එයට හේතුව නිරෝගී නොවන හදවත බවයි. මෙය මිත්‍යාවක් වේ.

3.උකුණන් : උකුණන් හා උකුණු බිත්තර විශේෂයෙන් පාසැල් යන ළමුන්ගේ බහුල වේ. ඒ සදහා ප්‍රතිකාර අවශ්‍ය වන නමුත් එය හිසකෙස් පැසීමට හේතු නොවේ.

4. හිස ගල්වන තෙල් හිගකම :  හිස ගල්වන තෙල් සාමාන්‍යයෙන් දකුණු ආසියාවේ බහුලව භාවිතා කරයි. මිත්‍යාවකට අනුව තෙල් හිස නොගැල්වීම නිසා හිසකෙස් පැසීමට ලක් වේ. මෙය මිත්‍යාවක් වේ.

එමනිසා මව්වරුනි, ඔබේ දරුවා නිරෝගී නම් සාමාන්‍ය ලෙස වර්ධනය වේ නම් ඔබ ඔහුගේ පැසුනු කෙස් ගසක් සොයා ගත් පමණින් බයවෙන්න එපා. එහි කිසිවක්  නැතිවිය හැකිය. නමුත් ඔබට තවදුරටත් සැකයක් ඇතිනම් ඔබේ වෛද්‍යවරයා හමුවෙන්න.

දරුවන්ගේ හිසකෙස් පැසීම ගැන ඔබට  මේ තොරතුරු ආදරයෙන් තිළිණ කරන්නේ the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

දරුවාගේ හිසකෙස් වර්ධනය සම්බන්ධ තවත් ලිපියක් ඔබගේ දරුවාගේ හිස කෙස් සම්පුර්ණයෙන්ම ඉවත්  කිරීමෙන් කොණ්ඩය නැවත ඝනව වැඩේද ?

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • ඔබේ දරුවාගේ හිසකෙස් අතර පැසුනු කෙස් ගහක්? මොකද කරන්නේ?
බෙදාගන්න :
  • හිසකෙස් කළු කරන කරපිංචා තෙල් ග‌ෙදරදීම පහසුවෙන් හදමු

    හිසකෙස් කළු කරන කරපිංචා තෙල් ග‌ෙදරදීම පහසුවෙන් හදමු

  • දරුවාගේ හිසකෙස් සම්පුර්ණයෙන්ම ඉවත්  කිරීමෙන් කොණ්ඩය ඝනව වැඩේද?

    දරුවාගේ හිසකෙස් සම්පුර්ණයෙන්ම ඉවත්  කිරීමෙන් කොණ්ඩය ඝනව වැඩේද?

  • හිසකෙස් කළු කරන කරපිංචා තෙල් ග‌ෙදරදීම පහසුවෙන් හදමු

    හිසකෙස් කළු කරන කරපිංචා තෙල් ග‌ෙදරදීම පහසුවෙන් හදමු

  • දරුවාගේ හිසකෙස් සම්පුර්ණයෙන්ම ඉවත්  කිරීමෙන් කොණ්ඩය ඝනව වැඩේද?

    දරුවාගේ හිසකෙස් සම්පුර්ණයෙන්ම ඉවත්  කිරීමෙන් කොණ්ඩය ඝනව වැඩේද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it