theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

COVID19 පැතිරෙන කාලය තුල ඔබ මිලදී ගත යුතු දේවල් සහ ප්‍රමාණ

5 අවම කියවීම
COVID19 පැතිරෙන කාලය තුල ඔබ මිලදී ගත යුතු දේවල් සහ ප්‍රමාණCOVID19 පැතිරෙන කාලය තුල ඔබ මිලදී ගත යුතු දේවල් සහ ප්‍රමාණ

කොරෝනා ශ්‍රී ලංකාව තුල අවදියෙන්. බිය ‌නොවී එයට මුහුණ ‌දෙමු.

කොරෝනා ආසාදනයට සූදානම් වීම අපි දැන් කල යුතු මොහොතක් ලෙස සලකනවා.

ඒ ශ්‍රී ලංකාව තුලදී මෙම ආසාදනයට ගොදුරු වු පළමුවෙනි ශ්‍රී ලංකිකයා වාර්තා වීමත් සමගයි.

දැනට වාර්තා වෙන පරිදි මෙම සංචාරක මග පෙන්වන්නාට රෝගය වැළදුනායැයි සැලකෙන ඉතාලි ජාතික සංචාරකයින් පිරිස ඔහු සමග සති කිහිපයක් සංචාරය කර තියෙනවා.

2020.03.12 දින සිට රජයේ පාසැල් වසා දැමීමට තිරණයක් ගත්තේ මේ සදහා මුහුණ දීමේ මුලික පියවරක් වශයෙනි. ඉතින් දැන් අපි ඉදිරිය සදහා සුදානම් විය යුතුයි.

ඔබ රෝගය සදහා බිය වීමෙන් හෝ කලබලවීමෙන් කිසිදු ප්‍රයෝජනයක් නොලැබෙනවා.

කලයුත්තේ සිහි බුද්ධියෙන් යුතුව පොදු ජනයා ගැවසෙන ස්ථාන වලින් ඈත් වී හොද සනීපාරක්ෂක පුරුදු අනුගමනය කිරීමයි.

මේ ලිපිය ඔබට කොරෝනා වෛරසයෙන් බේරී සිටිමට උපදෙස් ලබා දීම සදහා නම් නොවෙයි.

ඇත්තටම COVID19 පැතිරෙන කාලය තුල ඔබ මිලදී ගත යුතු දේවල් සහ ප්‍රමාණ  පිළිබද වු ලිපියක් ආශ්‍රයෙන් ඔබට අවබෝධයක් ලබා දීම අප‌ගේ අරමුණයි.

නිරෝධායනය කියන්නේ කුමක්ද?

COVID19 පැතිරෙන කාලය තුල ඔබ මිලදී ගත යුතු දේවල් සහ ප්‍රමාණ

ඇත්තටම නිරෝධායනය කියන්නේ නිවාස අඩස්සියට පත් කරනවා වගේ දෙයක්.

ඔබ නිවස තුල සිටිය යුතු අතර ඔබට එළියට යා හැක්කේ යම් බලධාරියෙකුගේ අවසරය මත පමණයි.

මෙය ඇත්තටම කොරෝනා වෛරසය පැතිර යෑම පාලනය සදහා යොදා ගන්නා අතර නිරෝධායනය කරන කාලය දින 14 කි.

සමහර රටවල ප්‍රාන්ත පිටින් නිරෝධායනය කර ඇත. කෙසේ නමුත් ඔවුහු සිය නගර වසා දමමින් සීඝ්‍රයෙන් පැතිර යන මෙම වෛරසය නතර කිරීමට ප්‍රයන්ත දරති.

කෙසේ නමුත් මෙසේ නිරෝධායන වෙන විට ඔබේ සාමාන්‍ය ජිවිතය බිද වැටෙනවා.

ඔබට අවැසි විට එළියට යන්නට , අවශ්‍යතා මිල දී ගන්නට බැහැ.

ඒ වගේම මේ නිරෝධායනය ඔබට කරදරකාරී දෙයක් වුවත් එයට සහය දක්වමින් අපේ පුංචි රට බේරා ගන්න දායකත්වය දෙන්න.

දැනට රෝගය වැළදුනා යැයි  සැක සිතෙන අය සහ රෝගය ව්‍යාප්ත වු රටවල සිට එන අය නිරෝධායනය කරනු ලබනවා.

නමුත් ඉදිරියේදි මෙම වෛරසය රටපුරා පැතිර යමින් ජාතික ව්‍යසනයක් තත්වයට පත් වුවහොත් අප රට තුලද ප්‍රදේශ පිටින් නිරෝධායනයට ලක් කිරීමට සිදුවෙන්න පුළුවන්

කොරෝනා ආසාදනයට සූදානම් වීම: බඩු මිලදී ගැනීම

මෙය ගෑස් හිගයක් එන බව ආරංචි වු සැනින් මාස ගණනකට සරිලන්න ගෑස් මිලදී ගෙන ගෑස් හිගයක් ඇත්තටම ඇති කිරීම වැනි තත්වයක් ඇති කිරීම නොවේ.

ඒ වගේම මෙය ඉන්ධන හිගයක් එනවා යැයි ඇසු පමණනින් වාහන ටැංකි පුරවා ගනිමින් ඇති කරන ඉන්ධන හිගය වැනි තත්වයක් ඇති කිරීම නොවේ.

ඇත්තටම ඔබ නිවස තුල නිරෝධායනයට ලක් වුවහොත් ඒ සදහා අවශ්‍ය දේවල් පමණක් මිලදී ගන්නා ආකාරය සම්බන්ධව වැදගත් කාරණා කිහිපයක් අපි ඔබ වෙත ගෙන එනවා.

දැනට ලොව පුරා මිනිසුන් මේ තත්වයට බියපත්ව සුපිරි වෙළදසැල් පවා හිස් කරන බව විවිධ ආරංචි අප වෙත ලැබී තියෙනවා. නමුත් එය එසේ කිරීම අවශ්‍ය නැහැ.

1.අවශ්‍ය දේවල් පමණක් මිලදී ගන්න

COVID19 පැතිරෙන කාලය තුල ඔබ මිලදී ගත යුතු දේවල් සහ ප්‍රමාණ

ඔබ ලග දැනට ඇති දේවල් ලැයිස්තු ගත කරගන්න. ඉදිරි දින 14 සදහා ආහාර වේල් සැලැස්මක් සකස් කරගන්න.

ඉන්පසු ඔබ මිලදී ගත යුතු දේවල් ලැයිස්තුවක් සකස් කරගන්න. වැඩිපුර කල් තබා ගත හැකි වියලි ආහාර ඔබේ ලැයිස්තුවට ඇතුල් කරන්න.

ඒ සදහා පාන්පිටි, නුල්ඩ්ස්, සැමන්, කරවල වර්ග, පැස්ටා වැනි ආහාර ටිකක් වැඩිපුර ඇතුල් කරගන්න.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

ඒ වගේම ඔබට එදිනෙදා ජිවිතයේ අවශ්‍ය වෙන දේවල් දින 14 ක් සදහා ප්‍රමාණයද ලැයිස්තුවට ඇතුල් කරගන්න.

ශීතකරණයේ වැඩි කාලයක් තබා ගත හැකි එළවළු හා පළතුරු වලට මුල් තැන දෙන්න. 

අපි එක හොද්දක් එක්ක හරි බත් කාලා වේල පිරි මහ ගන්න පුළුවන් ජාතියක් නිසා සහල් ප්‍රමාණවත් පරිදි මිල දී ගන්න.

ඒ වගේම ඔබ මිල දී ගෙන දේවල් වලින් මුලින් භාවිතා කල යුතු මස්, මාළු, බිත්තර, එළවළු වැනි දේවල් මුල් දිනවල භාවිතා කරන්න.

නරක් නොවන අනෙක් දේවල් ඉන්පසු දින සදහා තබාගන්න. ඒ වගේම ඔබ මිල දි ගෙන ආහාර හානිය අවම වෙන ලෙස නිවැරදිව ගබඩා කරන්න.

හැකි තරම් ‌සෙනග අඩුවෙන් ගැවසෙන සිල්ලර කඩ වලින් බඩු මිල දී ගන්න.

2. භාණ්ඩ හිගයක් ඇති කරන්න එපා

ඔබට හිතු මතේට මාස කිහිපයකට සරිලන්න මිලදී ගැනීම් කරන්න ගියහොත් සාප්පු සංකීරණ හිස්වීම ගැන අහන්න දෙයක් නැත.

එයින් වන්නේ තවත් පිරිසකට මුලික දින 14 සදහා අවශ්‍ය ආහාර ද්‍රව්‍යත් සොයා ගත නොහැකි වීමයි.

මස්, මාළු, බිත්තර, එළවළු කදු ගණන් අරගෙන ගියත් ඒවා මාස ගණන් තබා ගන්න බැහැ.

ඒවා බොහෝ විට නරක් වී නාස්ති වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ සලකුණු කරගෙන ආ ලැයිස්තුවේ දේවල් පමණක් මිල දී ගන්න.

3. ගබඩා කරලා තියාගන්න පුළුවන් බඩු ගන්න, අවශ්‍ය ප්‍රමාණ වලින් 

එනම්, හාල්, පරිප්පු, පිටි, සීනි, ටින් මාළු, පිටිකිරි වැනි දේ. නමුත්, ඔබට අවශ්‍ය ප්‍රමාණ වලින් විතරක් මේවා මිළදී ගන්න. Hand Sanitizer අනිත් අයටත් ඉතිරි කරන්න. ඔබේ පවුල විතරක් අත පිරිසිදු කිරීම මදි, අනිත් අයත් එසේ කළ යුතුය.

3.කඩ කෑමට නිමා තිත තියන්න

COVID19 පැතිරෙන කාලය තුල ඔබ මිලදී ගත යුතු දේවල් සහ ප්‍රමාණ

වෛරසය පැතිරි යෑම ආරම්භ විය හැකියැයි සැක කෙරෙන මේ සමයේ කඩ කෑම ගැනීම නතර කරන්න.

පීසා, රයිස්, කොත්තු නැතුව ටික කාලයක් හිටියාට ඔබ අපහසුතාවයට පත්වෙන්නේ නැහැ.

නිවසේ පිසු ආහාර පමණක් ආහාරයට ගන්න. මස්, මාළු, බිත්තර,  හොදින් පිස ආහාරයට ගැනීමට වග බලා ගන්න. ඔබේ පවුලේ සෞක්‍යයට හිතකර පලා හා පළතුරු වර්ග කන්න. 

4.දේශිය නිෂ්පාදන සදහා මුල්තැන දෙන්න

පිටරටින් ගෙන්වන අල , ලුණු වැනි ආහාර ද්‍රව්‍ය වලට වඩා දේශිය ආහාර හැකි පමණ පරිභොජනයට ගන්න. අප රට හොද ස්වයං පෝෂිත රටක් නිසා මේ ටික කාලයට අපිට කන්න දේශිය දේවල් සොයා ගන්න පුළුවන්.

5.ගෙවත්තේ වගා කල ආහාර ඇත්නම් ප්‍රයෝජනය ගන්න

ඔබේ ගෙවත්ත ආහාර වගා කර සුදානම් කරගන්න සමහර විට කාලයක් නැති වේවි.  නමුත් හැකිනම් ඔබ නිතර ගන්න ආහාර වර්ග කිහිපයක් වගා කරගන්න.

ඔබ ගෙවත්තේ මෙවැනි වගාවන් ඇත්නම් ඔබට ඒවා හැකි පමණ ආහාරයට ගන්න පුළුවන්.

ඉවසීමෙන් කටයුතු කරන්න. අවශ්‍ය වන්නේ ඉදිරියේදි අවශ්‍ය වුවහොත් මේ සදහා ඔබගේ උපරිම සහයෝගය ලබා දීමයි. කොරෝනා ආසාදනයට සූදානම් වීම ‌‌‌මේ ‌මො‌හොතේ අපි කල යුුුුතු ‌දෙයකි.

කොවිඩ් 19 හදිසි ඇමතුම් සේවා අංක - 0710107107 සහ 0113071073

ලෝකය තුල කොරෝනා ව්‍යාප්තියේ  වර්තමාන තත්වය දැනුවත් වීමට  www.worldometers.info වෙත මෙතැනින් පිවිසෙන්න.

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • COVID19 පැතිරෙන කාලය තුල ඔබ මිලදී ගත යුතු දේවල් සහ ප්‍රමාණ
බෙදාගන්න :
  • සෞඛ්‍යාරක්‍ෂක නොවන පසුබිමක නිවෙස් තුල නිරෝධායනය සඳහා මාර්ගෝපදේශය

    සෞඛ්‍යාරක්‍ෂක නොවන පසුබිමක නිවෙස් තුල නිරෝධායනය සඳහා මාර්ගෝපදේශය

  • කොවිඩ් 19 විසින් වැඩිපුර වින කරන අපේ වැඩිහිටි පරපුර ආරක්ෂා කරගනිමු

    කොවිඩ් 19 විසින් වැඩිපුර වින කරන අපේ වැඩිහිටි පරපුර ආරක්ෂා කරගනිමු

  • සෞඛ්‍යාරක්‍ෂක නොවන පසුබිමක නිවෙස් තුල නිරෝධායනය සඳහා මාර්ගෝපදේශය

    සෞඛ්‍යාරක්‍ෂක නොවන පසුබිමක නිවෙස් තුල නිරෝධායනය සඳහා මාර්ගෝපදේශය

  • කොවිඩ් 19 විසින් වැඩිපුර වින කරන අපේ වැඩිහිටි පරපුර ආරක්ෂා කරගනිමු

    කොවිඩ් 19 විසින් වැඩිපුර වින කරන අපේ වැඩිහිටි පරපුර ආරක්ෂා කරගනිමු

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it