theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ලංකාවේ දරුවන්ට ලැබෙන රජයේ සහන ගැන ඔබ ප්‍රමාණවත් ලෙස දැනුවත්ද?

6 අවම කියවීම
ලංකාවේ දරුවන්ට ලැබෙන රජයේ සහන ගැන ඔබ ප්‍රමාණවත් ලෙස දැනුවත්ද?ලංකාවේ දරුවන්ට ලැබෙන රජයේ සහන ගැන ඔබ ප්‍රමාණවත් ලෙස දැනුවත්ද?

ලංකාවේ දෙමාපිය දූදරුවන්ට භුක්ති විඳිය හැකි රජයෙන් ලබාදෙන මෙම සහන ගැන ඔබ දැනන් සිටියාද?

නිකන් ලැබෙන දේවල අගයක් නැතැයි කියා කියමනක් තිබෙනවා. අපේ පුංචි දිවයින තුළත් නොමිළේ ලැබෙන දෙමාපියන්ට මෙන්ම දූ  දරුවන්ට ලැබෙන රජයේ සහන  සැපයෙන සේවාවන් රැසක් තිබෙනවා. ලොව අන් කිසිම රටක නොමැති තරම් ආර්ථික පහසුවක් වන නිදහස් අධ්‍යාපනයට අමතරව විශේෂයෙන්ම අප දරුවන්ට රජයෙන් ලැබෙන සහන සේවාවන් තිබෙනවා.

ලංකාවේ දරුවන්ට ලැබෙන රජයේ සහන හා සේවා ?

1. 'සෙවණ සරණ' කැපකරු මාපිය ක්‍රමය

මෙම වැඩසටහනේ මූලික අරමුණ වන්නේ, ආර්ථික අපහසුතා ඇති පවුල් වල දරුවන් හට ජීවත් වීමට උපකාර කිරීම, ඔවුන්ගේ සංවර්ධනයට මං පෑදීම සහ අධ්‍යාපනය සුරක්ෂිත කිරීමයි.

පෞද්ගලික ආයතන හෝ අනුග්‍රාහකත්වය දැරීමට බලාපොරොත්තු වන පුද්ගලයන් කැපකරු මාපියන් ලෙස ලියාපදිංචි කරගනිමින් ඔවුන් විසින් ආධාර දීමට අපේක්ෂා කරනු ලබන දරුවන් සදහා ආධාර ලබා දීම මෙයින් සිදු කෙරෙනවා. මෙම වැඩසටහන සදහා ආධාර ලබා දීමට කැමැත්තක් ඇති අනුග්‍රාහකයින්භට මෙම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වන්නට පුළුවන්.

2. පාසැල් නොයන ළමුන්ට පාසැල් යාමට සැළැස්වීම

වයස අවු 18 අඩු සෑම දරුවෙකුටම පාසැල් අධ්‍යාපනයේ නිරතවීමට අයිතියක් ඇත. එමෙන්ම ඒ සදහා රජයක් විසින් ප්‍රතිපාදන සැලස්විය යුතුය.  එහෙත් විවිධ ආර්ථික හෝ සාමාජීය සාධක පදනම් කොට ගෙන ඇතැම් දරුවන් හට අඛණ්ඩව පාසැල් අධ්‍යාපනයේ නියැලීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ.

 දරුවන්ට ලැබෙන රජයේ සහන

මෙවැනි දරුවන් නැවත පාසැල්ගත කිරීම සදහා පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව විසින් පැසැල් නොයන ළමුන් සදහා පාසැල් උපකරණ ලබා දෙමින් ඔවුන් නැවත පැසැල්ගත කිරීමට කටයුතු කරනු ලබනවා.

මෙහිදි ප්‍රවේශ 2 ක් යටතේ දරුවන්ට උපකාර කරනු ලැබේ. ඔවුන් නම්,

  1. පාසල් අධ්‍යාපනය ලබන වයසේ පසු වුවත් ආර්ථික දුෂ්කරතා නිසා අතරමග අධ්‍යාපනය නවතා දමා ඇති හෝ නතර විය හැකි දරුවන්
  2. විවිධ හේතුන් මත කඩින් කඩ පාසල් යන දරුවන් ය.

පාසල් නොයන දරුවන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් හඳුනාගෙන ඔවුන්ගේ පාසල් නොයාමට හේතුව සොයා බලා ඊට අවශ්‍ය කටයුතු සිදු කර ඔවුන්ව පාසල් ගත කරනු ලබනවා.

උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශ කරන ලද වතු ආශ්‍රිත ළමයින්ගේ අධ්‍යාපනය නඟාසිටුවීම සඳහා පාසල් උපකරණ ලබාදීමත් මෙමඟින් සිදු  කරන ලදි.

මෙම වැඩසටහන අදියර කිහිපයකින් ක්‍රියාත්මක කරනු ලැබුවා.

  1. පාසල් උපකරණ ලබාදී ඔවුන් ශක්තිමත් කිරීම.
  2. අධ්‍යාපනය ලබාදීමේ වැදගත්කම ගැන දරුවන්, ගුරුවරුන්, දෙමාපියන් සඳහා දැනුවත් කිරීම
  3. විදුහල්පතිවරුන්, ගුරුවරුන්, දෙමාපියන් නිලධාරීන් අතර දරුවාට යහපත් වන පරිදි මනා සම්බන්ධීකරණයක් ගොඩ නැගීම.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට අනුයුක්තව සිටින ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් මගින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදි.

3. කැපකරු දෙගුරු වැඩසටහන දරුවන්ට ලැබෙන රජයේ සහන

තවදුරටත් දරුවන්ගේ අධ්‍යාපනික අවශ්‍යතා උදෙසා සහයෝගය දෙනු ලබන වැඩසටහනක් ලෙස  කැපකරු දෙගුරු වැඩසටහන හඳුන්වා දෙන්නට පුළුවන්.

මෙය මාසිකව ලබා දෙනු ලබන අධ්‍යාපනික ශිෂ්‍යත්ව ක්‍රමයක් ලෙස ක්‍රියාත්මක වනවා.

සුවිශේෂී  අධ්‍යාපනික දක්‍ෂතා ඇති ආර්ථික වශයෙන් අගහිඟකම් මැද ජීවත්වන පාසල් දරුවන් මෙම වැඩසටහනේ ඉලක්ක කණ්ඩායම වනවා

4. නැණදිරිය අධ්‍යාපන ශිෂ්‍යත්ව ක්‍රමය : දරුවන්ට ලැබෙන රජයේ සහන

නැණ දිරිය වැඩසටහන සඳහා ද පෞද්ගලික  අංශයේ මූල්‍ය දායකත්වය මත මෙම දෙපාර්තමේන්තුවේ කළමණාකරණ මණ්ඩලයක් මඟින් විවිධ හේතු මත අධ්‍යාපනය අහිමි වීමේ අවදානමට පත් වී ඇති දරුවන් සඳහා මාසික ශිෂ්‍යත්වයක් පිරිනැමේ.

මෙම වැඩසටහන ද සෙවණ සරණ කැපකරු මා පිය ක්‍රමය යටතේ උප ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කෙරෙන්නක්.

5. නිවුන් දරු ආධාර

අඩු ආදායම්ලාභි පවුල්වල නිවුන් දරුවන්ගේ සෞඛ්‍ය, පෝෂණය හා අනෙකුත් සුභසාධන කටයුතු වෙනුවෙන් මෙන්ම එම දරුවන්‍ අවදානම් තත්වයන්ගෙන් ආරක්‍ෂා කර ගැනීම පිණිස ලබා දෙන ආධාර ක්‍රමයක් මේ.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් ලැබෙන ඉල්ලුම්පත්‍ර සඳහා අවශ්‍ය මුදල් සපයා දිම මෙහිදී සිදුවේ.

මේ යටතේ දරුවන් දෙදෙනෙකු සඳහා රු. 7500/- ක්ද තුන් දෙනෙකු වෙනුවෙන් රු. 15,000/- ක් ද සිව්  දෙනෙකු සඳහා රු. 20,000/- ක් ද පස් දෙනෙකු වෙනුවෙන් රු.25,000/- ක්දාඅදී වශයෙන් මුදල් ගෙවීම් සිදු කරයි.

සෑම ඉල්ලුම් කරුවෙකුටම එක් අවස්ථාවක් පමණක් මෙම ආධාර ක්‍රමය යටතේ ප්‍රතිලාභ ලබා ගැනීමට හැකියාව ලැ‍බේ.

6. වෛද්‍ය ආධාර

අඩු ආදායම්ලාභී පවුල් වල දරුවන්ගේ සෞඛ්‍ය හා පෝෂණ ගැටළු සඳහා සහන සැපයීම වෙනුවෙන් මෙම ආධාර ක්‍රමය ක්‍රියාත්මක වේ. එසේම ආබාධිත දරුවන් වෙනුවෙන් ද උපකාර කිරීම මෙහිදී සිදු වේ.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් ලැබෙන ඉල්ලුම්පත්‍ර සඳහා අවශ්‍ය මුදල් සපයා දීම මෙහිදී සිදු වේ.

 දරුවන්ට ලැබෙන රජයේ සහන

මේ යටතේ වෛද්‍ය ප්‍රතිකාර, සැත්කම්, පෝෂණ කටයුතු, ශාරීරික දුර්වලතා වෙනුවෙන් භාවිතා කරන උපකරණ සඳහා ආධාර සැපයීම සිදු කරනු ලබයි.

ප්‍රතිකාර හා පෝෂණ කටයුතු වෙනුවෙන් රු.5000/- මුදලක් ද, සැත්කම් සඳහා රු.10,000/- ක මුදලක් ද, උපකරණ සඳහා ඒවායේ මිල ගණන් අනුව විවිධ ප්‍රමාණයේ මුදල් ගෙවීම ද සිදු වේ.

මෙම ගෙවීම් ප්‍රමාණයන් එම දරුවන්ගේ පවුල් වල විවිධ ස්වභාවයන් හා ඔවුන් මුහුණ පා ඇති දුෂ්කරතාවයන් මත වෙනස් වීමට ද පුළුවන.

සෑම ඉල්ලුම්කරුවෙකුටම එක් අවස්ථාවක් පමණක් මෙම ආධාර ක්‍රමය යටතේ ප්‍රතිලාභ ලබා ගැනීමට හැකියාව ලැබේ. ඒ අනුව වසරකට පවුල් 500 කට පමණ මෙමඟින් සහන සලසා දීමට අවස්ථාව ලැබී ඇත.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

7. හදිසි විපත් ආධාර :දරුවන්ට ලැබෙන රජයේ සහන

හදිසියේ ඇති වන විපත් නිසා පවුල් වල අසරණ වන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව කරගෙන යාම සඳහා ලබා දෙන ආධාර ක්‍රමයකි.

 දරුවන්ට ලැබෙන රජයේ සහන

ක්‍ෂණිකව පරිසරයේ ඇතිවන ගංවතුර, සුලි සුළං, නාය යෑම්, නිවාස ගිනි ගැනීම්, වැනි තත්වයන් මත දුෂ්කරතාවයන්ට පත් වන දරුවන්ගේ සුභ සාධනය සැලසිම මෙහිදී සිදු වනවා.

දරුවන්ට මෙවන් සුභ්සාධන ලබා දෙන අවස්ථා කිහිපයක්

  1. පවුල් තුළ දෙමව්පියන් මිය යෑම
  2. දරුවන් අත්හැර දමා යෑම
  3. දෙමව්පියන් හදිසි අනතුරු වලට රෝගාබාධ වලට ගොදුරු වීම
  4. විදේශ ගතව නැවත නොපැමිණීම
  5. දරුවන් තාවකාලික භාරකරුවන් අතට පත් වීම
  6. එම භාරකරුවන් ශාරීරික හා මානසික දුර්වල අය වීම

යම් ව්‍යසනකාරි තත්වයක දී දරුවන්ගේ පාසල් උපකරණ විනාශ වි ඇත්නම් ඒ වෙනුවෙන් එක් පවුලක් සඳහා   රු. 5000/- ක ආධාරයක් ලබා දේ.

එසේ වුව ද ඒ ඒ අවස්ථාවන්හි ඇති වන හානිදායක තත්වයේ ප්‍රබලතාවය මත ලබා දෙන ආධාර මුදල වෙනස් විමට පුළුවන.

කුමන හෝ ව්‍යසනකාරි තත්වයක දී වුවත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යාමට දායක විම මෙහි ප්‍රධාන අරමුණ වේ.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් ලැබෙන ඉල්ලුම්පත්‍ර සඳහා අවශ්‍ය මුදල් සපයා දීම මෙහි දී සිදු වේ.

8. සෙනෙහස ඉතිරි කිරීමේ ගිණුම

සුනාමි ව්‍යසනයෙන් දෙමව්පියන් දෙදෙනාම අහිමි අවු. 18ට අඩු දරුවන් සඳහා ක්‍රියාත්මක වන වැඩසටහනකි. 2006 වර්ෂයේ මෙම වැඩසටහන ආරම්භ වූ අතර එහි දී ළමුන් 689 දෙනෙකු ඇතුළත් විය.

2015 දෙසැම්බර් මාසය වන විට මෙහි සිටින ළමුන් සංඛ්‍යාව 98 ක් විය. සෑම මසකම අවු.18 සම්පූර්ණ වන ළමුන් මෙම වැඩසටහනින් ඉවත් වේ.

මෙම දෙපාර්තමේන්තුව මහජන බැංකු මූලස්ථානය සමඟ එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරගෙන යනු ලබයි. සෑම මාසයකම අදාළ ළමුන් වෙනුවෙන් මෙම දෙපාර්තමේන්තුව මඟින් මහජන බැංකුව වෙත මුදල් (චෙක්පත් මඟින්) යැවීම සිදු කරයි.

වයස අවු.18 සම්පූර්ණ වන ළමුන් පිළිබඳව බැංකුව මඟින් දෙපාර්තමේන්තුව වෙත මාසිකව දැනුම් දෙනු ලබයි. බැංකුව මඟින් අදාළ ළමුන් වෙත මුදල් නිදහස් කර  එම තොරතුරු දෙපාර්තමේන්තුව වෙත දැනුම් දිම සිදු වේ.

මීට අමතරව ගර්භනී මව්වරුනට ලබා දෙන් අපෝෂණ මල්ල ගැන ඔබ දැනුවත්ද?

ගර්භණී මව්වරුනට ලබාදෙන රු. 20,000ක පෝෂණ මල්ල 

  • 2015 වර්ෂයේ සිට ක්‍රියාත්මකයි.
  • රජයේ සායනයක ලියාපදිංචි සෑම ගර්භනී මවක්ම මෙයට සුදුසුකම් ලබයි.
  • මසකට රු.2000 බැගින් මාස 10 ක් සඳහා පෝෂණීය ආහාර ලබා ගැනීමට මෙම ප්‍රතිලාභය හිමි වේ.
  • ලබා ගත යුතු පෝෂණීය ආහාර සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්දේශ කරන ලද අතර වවුචර්පතේ එය සටහන් කර ඇත.

Featured Image: NewsFirst

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • අධ්‍යාපනය
  • /
  • ලංකාවේ දරුවන්ට ලැබෙන රජයේ සහන ගැන ඔබ ප්‍රමාණවත් ලෙස දැනුවත්ද?
බෙදාගන්න :
  • රජයේ සියලු පාසල්වල පළමු වාර විභාගය නොපැවැත්වීමට තීරණයක්

    රජයේ සියලු පාසල්වල පළමු වාර විභාගය නොපැවැත්වීමට තීරණයක්

  • ලංකාවේ ඉංග්‍රීසි අධ්‍යාපනය ගැන ඉංග්‍රීසි teacher කෙනෙකුගේ අදහස්

    ලංකාවේ ඉංග්‍රීසි අධ්‍යාපනය ගැන ඉංග්‍රීසි teacher කෙනෙකුගේ අදහස්

  • රජයේ සියලු පාසල්වල පළමු වාර විභාගය නොපැවැත්වීමට තීරණයක්

    රජයේ සියලු පාසල්වල පළමු වාර විභාගය නොපැවැත්වීමට තීරණයක්

  • ලංකාවේ ඉංග්‍රීසි අධ්‍යාපනය ගැන ඉංග්‍රීසි teacher කෙනෙකුගේ අදහස්

    ලංකාවේ ඉංග්‍රීසි අධ්‍යාපනය ගැන ඉංග්‍රීසි teacher කෙනෙකුගේ අදහස්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it