කොළඹ නගරය හා අවට රජයේ මාතෘ රෝහල් හා එහි වාසි අවාසි

කොළඹ නගරය හා අවට රජයේ මාතෘ රෝහල් හා එහි වාසි අවාසි

ශ්‍රී ලංකාවේ මූලික මාතෘ රෝහල් සහ රෝහල් සේවය සම්බන්ධයෙන් ඔබ දත යුතු මූලික කරුණු කිහිපයක්

දරු ප්‍රසූතියට සූදානම් වන මව්වරුන් නිරන්තර්‍රයෙන් මුහුණ දෙන ගැටළුවක් වන්නේ තමන් යා යුත්තේ පුද්ගලික රෝහලකටද නැතහොත් රජයේ මාතෘ රෝහල් වලින් එකකටද යන්න ගැන තීරණයක් ගැනීම.

සිසේරියන් සැත්කම

ශ්‍රී ලංකාවේ රජයේ මාතෘ රෝහල් සහ ඉන් සැපයෙන සේවා මෙන්ම පුද්ගලික රෝහල් ගැනද අවබෝධයක් තිබේ නම් මේ ගැන නිවැරදි තීරණයක් ගැනීම වඩාත් පහසු වනවා.

මෙම තීරණය වඩාත් පහසු කරන පිණිස අප මේ ලිපියෙන් ගෙන එන්නේ රජයේ රෝහලකට යාමෙන් ඔබට ලැබෙන වාසි අවාසි ගැන අදහස් කිහිපයක් ගෙන එන්නටයි.

මින් ඉහත ලිපියකදී අප පෞද්ගලික රෝහල් වලින් ලැබෙන වාසි අවාසි ලැයිස්තුවක් ගෙන ආවා.

රජයේ මාතෘ රෝහල් වලට යාමෙන් මවකට ලැබෙන වාසි

1. නොමිළේ

නොමිළයේම ලැබෙන සේවාව රජයේ මාතෘ රෝහල් වලින් රෝගියෙකුට ලැබෙන විශාලතම වාසියයි. මන්ද මෙම නොමිළේ ලැබෙන සේවාවෙන් ලැබෙන ප්‍රතිලාභය පුද්ගලික රෝහල් හා සැසඳීමේදී ලක්ෂ ගණනින් විය හැකි බැවිනි.

පුද්ගලික රෝහලකින් සැපයෙන් සියළුම සෞඛ්‍යමය සේවාවන් රජයේ රෝහලකින්ද ලැබේ. එම නිසා මෙය විශාලතම වාසියකි.

2. මනා සුදුසුකම් සහිත උසස්ම පුහුණුව ලත් වෛද්‍යවරුන්

රජයේ රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්‍යමණ්ඩළය මනා පළපුරුද්දක් සහිත, සුදුසුකම් ලත් කාර්‍යමණඩළයකි. එබැවින් රෝගියා නොහොත් ගැබිනි මවට විශේෂඥ දැනුම ගැන කිසිඳු සැකයක් තබාගැනීම අනවශ්‍ය වේ.

3. මව්වරුන් මනා ලෙස දැනුවත් කිරීම

ගැබිනි මව්වරුන්ට සහ අළුත උපන් දරුවන් හා මව්වරුන්ට පැවත්වෙන විවිධාකාර වැඩමුළු හරහා මව්වරුන්ට අවශ්‍ය සියළුම දැනුම රජයේ රෝහල් අනුබද්ධයෙන් සැපයෙනවා.

රජයේ මාතෘ රෝහල්

මීට අමතරව මව්වරුන්ට මවගේන් දරුවාගේත් වැදගත් සටහන් ලගුගත කොට තබාගැනීමට මුද්‍රිත සටහන් පොත් දෙනු ලබනවා. දරුවාගේ එන්නත් සටහන්, දරුවාගේ බර සටහන් ආදිය මින් කිහිපයක්.

දරු ප්‍රසූතියෙන් පසු මවගේ ඉක්මන් සුවතාවය සදහා අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග ආදී මාර්ගෝපදේශද මවට ලබා දෙනවා.

දරුවාගේ මුල් ආහාර ගැන සවිස්තරාත්මක දැනුම සහිත පොත් පිංචක් ඇතිළු එවන් වැදගත් තොරතුරු රාශියක් මව්වරුනට ලබා දෙනවා.

4. මව්වරුන්ට හා දරුවන්ට ලබා දෙන විවිධ සහන හා සේවා

මවටත් දරුවාටත් අවශ්‍ය පෝෂණය ලබාගැනීම සඳහා පෝෂණ මල්ලක් ඇතුළු වෙනත් සහන සේවා රැසක් ලබාගැනීමට රජයේ රෝහලෙන් මවට අවශ්‍ය මඟපෙන්වීම ලබාදෙනවා.

ගැබ් ගැනීම සඳහා උපකාර බලාපොරොත්තු වන මව්වරුන්ට අවශ්‍ය වෛද්‍ය සහය මෙන්ම ඇතුළු වෙනත් අදාල පරීක්ෂා සිදු කිරීමට අවස්ථාව සැළසෙනවා

ගැබ් ගැනීම සඳහා උපකාර බලාපොරොත්තු වන මව්වරුන්ට අවශ්‍ය වෛද්‍ය සහය මෙන්ම ඇතුළු වෙනත් අදාල පරීක්ෂා සිදු කිරීමට අවස්ථාව සැළසෙනවා

රෝහලට යාමට පෙර ගර්භනී මවක් දත යුතු කරුණු කිහිපයක්

මවගේ ගර්භනී තත්වය නිරන්තගරන් පරික්ෂා කීරීම සදහා සායන වෙත යාම අනිවාර්ය වනවා.

5. නොමිළයේ පවත්වන විවිධ සායන

ගැබිනි මවගේ සායන දිනය ඇයගේ ගර්භනී තත්වය අනුව තීරණය කර ලබාදේ.

විශේෂ සෞඛ්‍ය තත්ව නොවේ නම් සායන වලට සහභාගි විය යුත්තේ පහත ආකාරයට වේ.

  • ගර්භයට සති 28 දක්වා මාසයකට වරක්
  • ඉන්පසු සති 29 සිට 36 දක්වා සති 2 කට වරක්
  • ගර්භයට සති 37 සිට ප්‍රසුතතිය දක්වා සතියකට වරක්

සායනයේදී සිදුවන්නේ මොනවාද?

සායනයේදී මවගේ කුසතුල සිටින දරුවාගේ ආරක්ෂාව සදහා ඔබව ඇයව පරික්ෂා කෙරෙනු ඇත. ගර්භනී කාලයේදී  ඔබ දැනගත යුතු පෝෂණය, ආරක්ෂාව, ව්‍යායාම සහ සෞඛ්‍ය ආරක්ෂණය සම්බන්ධයෙන් උපදෙස් ලබාදීම සිදුකෙරේ.

රජයේ මාතෘ රෝහල්

ඡායාරූප: cshw.health.gov.lk

පූර්ව ප්‍රසව සායනයේ කෙරෙන දේවල් කිහිපයක්

  • බර මැනීම
  • රුධිර පීඩන පරික්ෂාව
  • දරුවාගේ වර්ධනය මැනීම සදහා ගර්භයේ උස මැනීම
  • මවගේ රෝග තත්වයන් හඳුනා ගැනීම සදහා පරික්ෂාව
  • මුත්‍රා පරික්ෂාව – සීනි සහ ප්‍රෝටීන සඳහා
  • දරුවාගේ හෟද ස්පන්දන වේගය සලකුණු කීරීම
  • රෝග තත්වයන් හඳුනාගැනීම සඳහා කරන රුධිර පරීක්ෂා
  • ස්කෑන් පරීක්ෂය

සායනයට සහභාගී වූ විට ලබා දෙන උපදෙස් නිසියාකාරව පිළිපැදීම තුලින් මවගේත් දරුවාගේත් ආරක්ෂාව තහවුරු කෙරෙනු ඇති.

රජයේ රෝහල් වල මෙවැනි වාසි රැසක් සැළසෙන අතර මනා පළපුරුද්ද සහිත වෛද්‍ය හා සේවර කාර්‍යමඬුල්ල නිසා වඩා වගකීමක් ඇති බවට ඇතැමුන් විශ්වාස කරනවා.

රජයේ රෝහල් වල තිබිය හැකි අවාසි

1. පුද්ගලින්කව තමන් කැමති වෛද්‍යවරයෙකු කලින් වෙලාවක් වෙන්කර හමුවිය නොහැකි වීම.

2. රෝගීන් බලන වේලාවල් වර හැර අමුත්තන්ට කැමති ඔනෑම විටක රෝගියා හමුවීමට පැමිණිය නොහැඉකි වීම

3. එක් වාට්ටුවක රෝගීන් විශාල ප්‍රමාණයක් සිටීම.

කෙසේ නමුත් තමුන් දරු ප්‍රසූතිය සඳහා යොමු වන්නේ පුද්ගලික රෝහලකටද නැතහොත් රජයේ රෝහලකටද යන්න තම රුචි අරුචිකම් අනුව ගැබිනි මව විසින් තීරණය කළ යුත්තක් වනවා.

ගර්භනී මවක් දරු ප්‍රසූතිය සඳහා රෝහල්ගත වීමට පෙර සූදානම් කරගත යුතු කලමනා මල්ල

අම්මාගේ අවශ්‍යතා මෙන්ම පුංචි පැටියාට අවශ්‍ය වෙන දේවල් බොහොමයි. ඒවා එකක් දෙකක් හරි අමතක නොවන්න පුංචි මතක් කිරීමක් කරන්න හිතුවා. ඉතින් කල්තියාම සූදානම් කරගෙන තියාගන්න සුදුසු කලමනා මල්ලක් මේ. 

මේ දේවල් පුංචි පරීක්ෂණ ලැයිස්තුවක් සකස් කරගෙන හදිසි කලමනා මල්ල සකස් කරනවා නම් අමතක වීම් වෙන්නේ නැහැ.

අත්‍යවශ්‍ය ලියවිලි :

01. මවගේ ගර්භණී පත

02. මවගේ උප්පැන්න සහතිකය හා  හැදුනුම්පත

මවට :

03. චීත්ත 04 (තනි සුදු එකක්ද සහිතව )

04. බෙඩ් ජැකට් 04 ( තනි සුදු එකක්ද සහිතව )

05. ලුප් සහිත සනිපාරක්ෂක තුවා පැකට් 01

06.ඉන වටා ගැට ගැසිය හැකි රෙදි පටියක්

07. හෙයාර් බෑන්ඩ් 02, පනාව

08. සබන්, තුවාය

09. දත්බේට් පැකට් 01, දත් බුරුසු 01

10. සැහැල්ලු සෙරෙප්පු යුගලයක්

11. බ්ලේඩ් 01

12. ෂොපින් කවර 02

13. පිගානක්, කෝප්පයක් ,හැන්දක්

14. තේ කොල, සිනී, කිරිපිටි බෝතල් වල අසුරා

15. කුඩා බිස්කට් පැකට් 01

16. කුඩා උණු වතුර බෝතලයක්

17. වතුර බෝතලයක්

දරුවාට

18. පෙකණි කටු 01

19. කුඩා නැපි      12

20. බේබි ගවුම්    10

21 වුල් තොප්පිය 01 මේස් යුගල 01

22. බබා ඔතන රෙදි  02

23. රබර් ෂීට්  01, ඊට උඩින් එලන රෙදි 06

24. පුළුන් බෝල

25. දරුවා පිසින රෙදි 01

26. කුඩා කොට්ටය

27. රබර් සීට් 01

අමතරව

• නර්සින් බ්‍රා

• බ්‍රෙස්ට් පෑඩ්

ඒ වගේම තමයි අවශ්‍යතාවය අනුව මේ දේවල් බෑග් එකක තැම්පත් කරගන්න. ඒ වගේම පහත දේවල් වෙනම පැක් කරගන්න.

ඔබේ එක් චීත්ත හැට්ට කට්ටලයක්

ඉනවටා බැදිය හැකි රෙදි පටිය

බේබි ගවුමක් හා නැපියක්

දරුවා ඔතන රෙදි 01

වුල් තොප්පිය හා මේස් යුගල

පෙකණි කටු 01

මේ දේවල් ප්‍රසුතියෙන් පසු වහා භාවිතයට අවශ්‍ය වේවි. ඒවා බෑගයේ අතට අසුවෙන තැනක තබාගන්න.

මේ  හදිසි කලමනා මල්ල ට ඔබටත් එකතු කල හැකි දේවල් තියෙනවා නම් අපි හා බෙදා ගන්න.

රජයේ මාතෘ රෝහල් ලැයිස්තුව

1. කාසල් වීදිය කාන්තා රෝහල රජයේ මාතෘ රෝහල්

කාසල් වීදිය, කොළඹ 8

දුරකතන 0112696231

2. ද සොයිසා කාන්තා රෝහල රජයේ මාතෘ රෝහල්

කින්සි පාර, කොළඹ 8

දුරකතන: 0112 662 619

3. දකුණු කොළඹ ශීක්ෂණ රෝහල

මාතෘ වාට්ටුව
කළුබෝවිල, දෙහිවල.

දුරකතන: 0112 763 063/0112 763 064

4. උතුරු කොළඹ ශීක්ෂණ රෝහල

මාතෘ වාට්ටුව

ඇතුළු රෝහල් පාර,  රාගම

දුරකතන: 0112959261 – 4

මූලාශ්‍ර: cshw.health.gov.lk,dmh.health.gov.lk

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

Written by

Niloufer Perera