theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

H1N1 (swine flu) ගැන ඔබ දන්නවද? දෙමාපියන්ට ඉතා වැදගත් කරුණු

6 අවම කියවීම
H1N1 (swine flu) ගැන ඔබ දන්නවද? දෙමාපියන්ට ඉතා වැදගත් කරුණුH1N1 (swine flu) ගැන ඔබ දන්නවද? දෙමාපියන්ට ඉතා වැදගත් කරුණු

H1N1 ගැන දැනගත් විගස ඊට හුඟක් කළබල වීමට වඩා එය බුද්ධිමත් ලෙස පාලනය කරගැනීම වැදගත්.

H1N1 ස්වයින් ෆ්ලු (swine flu) ලෙස හඳුන්වන අතර මේ දින වල බොහෝ ගෙවල් වලින් අසන්නට ලැබෙන කරදරකාරී රෝග තත්වයක්. නමුත් ඔබේ ගෙදර පුංචි දරුවන් හා ගැබිනි මව්වරුන් ඉන්නවා නම් අපි දෙගුණයක් ඒ ගැන සැලකිලිමත් වීම වැදගත්.

H1N1 රෝගය කියන්නේ මොකද්ද?

H1N1 රෝගය ලොව පුරා 2009 වර්ෂයේදී පැතිරීම හඳුනාගත් අතර ලෝක සෞක්‍ය සංවිධානය එය වසංගත තත්වයක් ලෙස නම් කළා.

මෙය ස්වයින් ෆ්ලු ලෙස නම් කිරීමට හේතුව වන්නේ මුල්කාලයේ ඌරන් සමග ගැවසෙන පිරිසට වැඩිපුර මේ රෝග වැළඳුනු නිසයි. නමුත් කාලයත් සමග මෙය ඌරන් සමග ගැවසෙන්නේ නැති අයටත් වැළඳෙන බව සොයා ගැනුණා.

එතැන් පටන් මෙම රෝගය H1N1 ලෙස නම් කෙරුණු අතර ඊට හේතුව H1 හෙවත් (hemagglutinin) තත්වයත් N1    (neuraminidase) තත්වය ලෙස ආකාර දෙකකින් මෙය ඉස්මතු වන බව සොයා ගැනුණා.

මෙය මනුෂ්‍යයන් අතර පැතිරීම සීඝ්‍ර අතර දුර්වල ප්‍රතිශක්තියක් ඇති අයට සටන් කිරීමට අමාරු වෙනවා. ශ්‍රිලංකාවේ මැයි, ජුනි, ජූලි මාසවල සහ නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි යන මාස වල මෙම රෝගය බහුලව පැතිරෙන බව සෞක්‍ය අමාත්‍යාංශය පවසනවා.

වෛද්‍ය ගුණරත්න හා මහාචාර්ය මනම්පේරි පවසන ආකාරයට මෙම වසංගත H1N1 තත්වය වයස් භේදයකින් තොරව බොහෝ අය අතර පැතිර යමින් තිබෙන බව පවසනවා. කෙසේ වුවත් අවුරුදු දෙකට අඩු, හතිය රෝගය ඇති දරුවන්ට මේ සමග H1N1 වැළඳීම වඩාත් සංකීර්ණ තත්වයන්ට පත්වීමට ඉඩ ඇති බව පැවසෙනවා.

ශ්‍රී ලංකා සෞක්‍ය අමාත්‍යංශය පවසන ආකාරයට ගර්භණි මව්වරුන්ද මෙම අවධානම් කොටසට ඇතුලත් වෙනවා.

කැළණිය විශ්වවිද්‍යාලයේ රාගම වෛද්‍ය පීඨයේ මහාචාර්ය අරේෂා මනම්පේරි සහ වෛද්‍ය ගයානා ගුණරත්න H1N1 වෛරසය පිළිබඳව වැදගත් තොරතුරු ඔබ වෙත ගෙන ආවා.

H1N1 (swine flu) ගැන ඔබ දන්නවද? දෙමාපියන්ට ඉතා වැදගත් කරුණු

පුංචි දරුවන්ට හා ගර්භණි මව්වරුන්ට මෙහි බලපෑම වැඩි ඇයි ?

පුංචි දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය තවමත් වර්ධනය වෙමින් පවතින නිසා මෙම රෝගය හා සමග සටන් කිරීමට ඔවුන්ට අපහසු වෙනවා.

විශේෂඥයන් විශ්වාස කරන ආකාරයට ගර්භණි මවකට මෙම අවධානම ඇති අතර බොහෝ විට එය කළලයේ වැඩීමට, මවගේ ප්‍රතිශක්තියටත් බලපෑම් ඇති කිරීමට සමත් වන බව පැවසෙනවා.

ගර්භණි මව්වරුන්ට මෙම රෝගය සමග හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවන බවත් එය කළලයට බලපෑමක් පවා ඇතිවෙන අතර එමගින් නිව්මෝනියා තත්වයක් වුවත් ඇතිවීමට ඉඩ තිබෙනවා. එයට ප්‍රතිකාර කිරීම වෛරස් ආසාදනයකට ප්‍රතිකාර කිරීමට වඩා සංකීර්ණ වෙනවා.

පුංචි දරුවන්ට වුනත් සුවවීම ඉතාම පමා කරන අතර අතුරු අසාදන හා සංකුලතා මේ නිසා ඇති වෙන්නට පුළුවන්.

බෝවන්නේ කොහොමද?

ඕනෑම වෛරසයක් වැළඳෙන ආකාරයට ඔබට H1N1 ඔබට වැළඳෙන්න පුළුවන්. ආසාදිත පුද්ගලයෙකු කිවිසීම හෝ කැස්ස නිසා වාතයට විෂබීජ මුදා හැරෙනවා.

මේ අවට කුඩා දරුවෙකු හෝ වැඩිහිටියෙකු ගැවසීම, රෝගියා සිටි තැනක මතුපිටක් ස්පර්ශය වැනි දෙයකින් රෝගය තව කෙනෙකුට බෝ වන්නට පුළුවන්.

නමුත් ඌරුමස් ආශ්‍රිත ආහාර ගැනීමෙන් මේ රෝගය වැළඳෙන්නේ නැහැ.

H1N1 (swine flu) ගැන ඔබ දන්නවද? දෙමාපියන්ට ඉතා වැදගත් කරුණු

දවස් දෙකකට වැඩියෙන් දරුවාට උණ තිබුනොත් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්න

සුලබ රෝග ලක්ෂණ

වෛද්‍ය උපදෙස් අනුව ඕනෑම උණ රෝගයකදී ඇතිවන කැස්ස හා හෙම්බිරිස්ස ලක්ෂණ මේ රෝගයට පෙන්වනවා.

වෛද්‍ය ගුණරත්න හා මහාචාර්ය මනම්පේරි පවසන ආකාරයට මෙම රෝග එක් එක් මට්ටමින් වැළඳී උග්‍ර තත්වය කරා යන්නට පුළුවන්.ඒ වගේම කැස්ස ආසාදිත දරුවන් තුළ  සුලබ ලක්ෂණක් ලෙස දැකිය හැකි බව පවසනවා.

  • සාමාන්‍ය හා ඉහළ උණ තත්වය සමග කැස්ස
  • සෙම්ප්‍රතිශ්‍යාව
  • හුස්ම ගැනීමේ අපහසුතා
  • උගුරේ ආසාදන

සමහර දරුවන් ඇඟේ වේදනා, බඩේ අමාරුව, මහන්සිය හා හිසරදය වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා.

වෛද්‍ය ගුණරත්න හා මහාචාර්ය මනම්පේරිට අනුව උණ පමණක් වැළඳෙන දරුවන්ද මේ රෝගය නිසා දකින්නට ඇති බව පැවසෙනවා.

ගර්භණි අම්මලාත් පෙර කියූ ආකාරයේ රෝග ලක්ෂණ දක්වන්න පුළුවන්. සීතල, වමනය හා බඩ බුරුල්ව යාම වැනි ලක්ෂණ ඇතිවන්න පුළුවන්.

H1N1 රෝග තත්වය දින 1 ක සිට හතරක් දක්වා පවතින්න පුළුවන්.

රෝග ලක්ෂණ පෙන්වීමට දිනකට පෙර සිට මෙය බෝවිය හැකි අතර රෝග ලක්ෂණ මතුවී දින 7 ක් දක්වා කාලයක් තුළ රෝගය බෝ වන්නත් පුළුවන්. රෝගය දින 3 සිට 7 ක් දක්වා පවතින්න පුළුවන්. නමුත් උග්‍ර තත්වයන් වලදී දින 10 ක් දක්වා වුවත් පවතින්න පුළුවන්.

H1N1 (swine flu) ගැන ඔබ දන්නවද? දෙමාපියන්ට ඉතා වැදගත් කරුණු

ඔබත් පවුලේ අයත් H1N1 වලින් ආරක්ෂා වන්නේ කොහොමද?

හුඟක් දෙනාගේ මූලික පිළිවෙත් හා පිරිසිදු වීම් ගැන සැලකීමක් දක්වන්නේ නැහැ.

අත් සේදීම –  මෙය සරල දෙයක් සේ සැලකුවත් එය රෝග වලින් වැළකීමට ඇති ප්‍රධානම පිළිවෙතක්. මීට අමතරව ඔබ ගර්භණි මවක් නම් හෝ ඔබේ දරුවටත් මේ පිළිවෙත් අනුගමනය කරන්න.

  • හෑන්ඩ් වොෂ් හෝ සබන් දියරයක් අත් සේදීමට නොහැකි නම් සැනිටයිසර් වර්ගයක් පාවිච්චි කරන්න.
  • කිවිසුම් යාම හා කැස්ස ඇති විට මුව වසා ගන්න. නැතිනම් ටිෂු එකකින් ආවරණය කරගන්න.
  • ආසාදන ඇතිවන කාලය තුළ රෝගය ඇති අයගෙන් ආරක්ෂා වී සිටින්න.
  • ගුවන්තොටුපල හා පොදු ස්ථාන වලට මුඛ ආවරණ පළඳින්න.
  • ඔබේ නිවසේ අයට රෝග ආසාදනයක් ඇත්නම් අලුත උපන් දරුවන් බැලීමට යාමෙන් වළකින්න.
  • නිතර රෝගී වූ දරුවන් පාසල් යැවීම හෝ දිවා සුරැකුම් මධ්‍යස්ථානයකට යැවීමෙන් වළකින්න.
  • දරුවන්ට දින දෙකකට වඩා උණ ඇත්නම් වෛද්‍ය උපදෙස් පතන්න.
  • දරුවාට මාස හයට වැඩිනම් ඝන ආහාර ලබාදෙන්නේ නම් හැකි තරම් ද්‍රවමය ආහාර හා ඇන්ටිඔක්සිඩන්ට් අඩංගු ආහාර ලබාදෙන්න.
  • මව් කිරි ලබාදෙන්නේ නම් දෙන වාර ගණන වැඩි කරන්න.
  • මව් කිරි වල විශේෂ ප්‍රතිශක්තීකරණ රාශියක් අඩංගු වන නිසා එයට දරුවාට රෝගය සමග සටන් කිරීමට ශක්තිය ලබාදෙනවා.

ඔබේ දරුවාට H1N1 වැළඳී ඇතැයි සිතන්නේ නම් කළයුත්තේ කුමක්ද?

ඔබේ දරුවා මේ රෝග ලක්ෂණ පෙන්වනවා නම් වෛද්‍ය උපදෙස් ලබාගන්න.

ලේ පරීක්ෂාවකින් H1N1 වැළඳී ඇතැයි සොයාගත හැකි බව වෛද්‍ය ගුණරත්න හා මහාචාර්ය මනම්පේරි පවසනවා. ඒ වගේම නාසය ඇතුලතින් ගන්නා ද්‍රවණයක් මගින්ද (nasal swab)  එම පරීක්ෂණ සිදුකළ හැකි බව පවසනවා.

වෛද්‍යවරු පවසන ආකාරයට පැය 24-28 දක්වා දරුවෙකුට 100F වඩා උණ ඇත්නම් වෛද්‍ය උපදෙස් පැතීම අත්‍යවශ්‍ය බව පවසනවා.අධික උණ හා විජලනය ඇත්නම් රෝහල් ගතවීම සිදුවිය යුතු බවද වෛද්‍යවරුන් පවසනවා.

ප්‍රතිකාර

Mayo Clinic ට අනුව oseltamivir (Tamiflu) වැනි ඖෂධය ලබා දීමෙන් රෝගය උත්සන්න විය හැකි අතර, මහාචාර්ය මනම්පේරි පවසන ආකාරයට මෙය (Tamiflu) ෆාමසි වලින් ලබාගත නොහැකිය. 

H1N1 රෝගය වැළඳී ඇත්නම් වෛද්‍ය උපදෙස් පැතීම හෝ රෝහල් ගතවීම අනිවාර්ය වෙනවා. වෛද්‍ය ප්‍රතිකාර අතර වුවද දරුවන්ට ඉතා හොඳ විවේකයක් අවශ්‍ය වෙනවා.

ඔබේ දරුවාට H1N1 රෝගය වැළඳී, රෝහලෙන් පිටත් වුනාට පසුව මෙම උපදෙස් පිළිපදින්න: 

  • පැය 6-8 කට වරක් පැනඩෝල් සිරප් ලබාදීම
  • මද සීතල වතුරෙන් දරුවා ස්පොන්ජ් කිරීම.
  • සීතල වතුරෙන් නැවීම නොකිරීම කළයුතුයි.
  • උවමනාවට වඩා දරුවා වසා තැබීම කරන්න එපා.

(කියවන්න: දරුවන්ට උණ වැළඳුන විට කළයුතු හා නොකළයුතු දේවල්) 

දරුවාට කෑම අරුචිය ඇතිවීම සාමාන්‍ය තත්වයක් වන බැවින් හැකි තරම් ද්‍රවමය පානයන් ලබාදීම සුදුසු වෙනවා.

මතක තබා ගන්න: ඔබේ දරුවාගේ උණ පාලනයට NSAID නමැති බෙහෙත් වර්ග (diclofinac sodium, mefanamic acid, Ibuprofen) දීමෙන් වලකින ලෙස වෛද්‍ය ගුණරත්න හා මහාචාර්ය මනම්පේරි පවසනවා. මේ දවස් වල ඩෙංගුත් පැතිර යන නිසා, මේ බෙහෙත් දීමෙන් දරුවාට ඩෙංගු උණ ඇත්නම් උග්‍ර තත්වයක් ඇති විය හැකියි. 

නිවසේදී උණ පාලනයට ලබාදිය හැකි එකම ඖෂධය පැරසිටමෝල් පමණයි.

රෝගයට බිය වීමෙන් ඵලක් නොවන අතර ඉන් ආරක්ෂා වීම හා පාලනය කිරීම කිරීමෙන් H1N1 වලින් සුවවීම ඉතා පහසුයි.

theAsianparent Sri Lanka ඔබේ හොඳම මිතුරිය ලෙස කවදත් අවධානම් තත්වයන් ගැන ඔබව දැනුවත් කරන අතර එය ඔබට බෙහෙවින් වැදගත් වනු ඇතැයි අපි විශ්වාස කරනවා.

මෙම ලිපිය ඉංග්‍රීසියෙන් කියවන්න: Must-know facts for parents about the H1N1 flu virus (swine flu). 

img
Written by

Nisansala Liyanage

  • Home
  • /
  • රෝග සහ අසාත්මිකතා
  • /
  • H1N1 (swine flu) ගැන ඔබ දන්නවද? දෙමාපියන්ට ඉතා වැදගත් කරුණු
බෙදාගන්න :
  • "මගේ දරුවා H1N1 වලින් මම බේරාගත්තේ නිසි පිළිවෙත් අනුගමනය කළ නිසයි"

    "මගේ දරුවා H1N1 වලින් මම බේරාගත්තේ නිසි පිළිවෙත් අනුගමනය කළ නිසයි"

  • Must-know facts for parents about the H1N1 flu virus (swine flu)

    Must-know facts for parents about the H1N1 flu virus (swine flu)

  • "මගේ දරුවා H1N1 වලින් මම බේරාගත්තේ නිසි පිළිවෙත් අනුගමනය කළ නිසයි"

    "මගේ දරුවා H1N1 වලින් මම බේරාගත්තේ නිසි පිළිවෙත් අනුගමනය කළ නිසයි"

  • Must-know facts for parents about the H1N1 flu virus (swine flu)

    Must-know facts for parents about the H1N1 flu virus (swine flu)

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it