"මගේ දරුවා H1N1 වලින් මම බේරාගත්තේ නිසි පිළිවෙත් අනුගමනය කළ නිසයි"

සිෆානි ශ්‍රී ලාංකික මවක් වුණත් ඇය ජීවත් වෙන්නේ මැලේසියාවේ. H1N1 රෝගය නිසා ඇය ලැබූ අමිහිරි අත්දැකීම් ඇගේ වචනයෙන්ම අපිට කියා ඒවා තිබුණා මේ ඇගේ කතාවයි.

සිෆානි ශ්‍රී ලාංකික මවක් වුණත් ඇය ජීවත් වෙන්නේ මැලේසියාවේ. H1N1 රෝගය නිසා ඇය ලැබූ අමිහිරි අත්දැකීම් ඇගේ වචනයෙන්ම අපිට කියා ඒවා තිබුණා. මේ ඇගේ කතාවයි.

මගේ වැඩිමහල් බබාට අවුරුදු 1 මාස 5 දී පළවෙනි වරට ඉන්ෆ්ලුවැන්සා B වැළඳුනා. නැවතත් ඔහුට අවුරුදු 2 මාස 5 කදී ඉන්ෆ්ලුවැන්සා වැළඳුන අතර ඔහුට එය වැළඳුනාට පස්සේ තමයි මම ඒ ගැන දැනගත්තේ. පළවෙනි වරට එය එතරම් භයානක වුණේ නැහැ.

රෝහලෙන් Fluhalt නම් ඖෂධය නිර්දේශ කළ අතර ඔහුට ඉන් සුවය ලැබූ නමුත් දෙවැනි පාර ඔහුට හුඟක් අමාරු වුණා. අපි හිතුවේ සාමාන්‍ය උණක් කියලා. ඉතින් සාමාන්‍යයෙන් වෛද්‍යවරුන් උණකට දෙන බෙහෙත් ඔහුට නිර්දේශ වුණා. ඒත්සුව අතට පත් නොවුන නිසා පස්සේ අපි ඔහු රෝහලට රැගෙන ගියා. H1N1 සඳහා වන පරීක්ෂණයන්ට භාජනය කරන්න සිදුවුණා.

එහිදී ඔහුට නැවතත් ඉන්ෆ්ලුවැන්සා උණ වැළඳී ඇති බව තහවුරු වුණා. අපිට දරුවා ගෙදර ගෙනල්ලා බලාගන්න හරි රෝහලේ ගත කරන්න හරි කියලා තේරීමක් තිබුණා. ඒත් මගේ දෙවැනි පුතාට මාස 8 ක් නිසා අපි ලොකු පුතාව රෝහල් ගත කරන්න සිතුවා.

ඔහුට සේලයින් සහ ටැමිෆ්ලු (Tamiflu) ලබාදුන්නා. ඔහුව රෝහලෙන් ගෙන එන දවසේ මට උණ ගතියක් දැනුනත් මම එය එතරම් ගණන් ගත්තේ නැහැ. පසුවදා මට ඇඳෙන් නැගිටින්නවත් ඇස් දෙක ඇරගන්නවත් බැරි වුණා. කොහොම හරි සවස් වෙනකොට ඇඳෙන් නැගිටලා රෝහලට ගිහින් පරීක්ෂණ කළහම දැනගත්තා මටත් ඉන්ෆ්ලුවැන්සා B හැදිලා කියලා.

මම බෙහෙත් අරන් ගෙදර ආවා. දින 5 ක් විතර යනතුරු කිසිවක් කරගන්න මට පුළුවන් කමක් තිබුණේ නැහැ. ඇඟ තදින් රිදුනා. කෑමට පිරියක් තිබුණෙම නම් නැහැ. අන්තිමට මුඛ වැස්මක් පැළඳගෙන ගෙන එළියට ආවේ බබාවත් වඩාගන්න තිබෙන නිසයි.

මගේ සැමියත් මමත් දෙන්නම රෝහලේ නැවතුනේ බබාට අපි දෙන්නම් ඕනේ කියපු නිසා. අපි සරින් සැරේ පොඩි බබාව බලන්න ගෙදර ගියා.

අපිට බබාව වඩා ගන්න කලින් හොඳින් නාලා පිරිසිදු වෙලා ඔහුව ළඟට ගන්න කියලා වෛද්‍ය උපදෙස් ලැබුණා. හුඟක් වෙලාවට මම මුඛ වැස්මක් පැළඳගෙන හිටියා. පුතා කෑවෙම නැහැ. වතුරයි බිස්කටුයි විතරයි ඉල්ලුවේ.

ඔහුට රෝගය වැළඳුනහම ඔහුව වෙන්කර තබන්න උපදෙස් ලැබුණා. මොකද පොඩි බබාට හැදෙයි කියලා. එයාටත් අපි ළඟ ගැවසෙන කොට මුඛ ආවරණයක් පළඳින්න උපදෙස් ලැබුණා.

H1N1 වැළඳුනොත් කළයුතු දේවල් මොනවද?

  • මේ වෙලාවේ දරුවට කෑමට බලකිරීම නොකළ යුතුයි.
  • රෝගය වැළඳුන කෙනාට මුඛ ආවරණයක් පැළඳීමට කියන්න. මගේ පුතා සතුටින් එය කළා.
  • රෝගියා හැකි තරම් විවේක ගන්න දෙන්න.
  • හැකිතරම් දරුවාට ද්‍රවමය දේවල් ලබාදෙන්න.
  • රෝගය වැළඳුන දරුවා සුවවන තුරු වෙන්කර තැබීම වැදගත්. නැතිනම් අනිත් යටත් එය බෝ වෙන්න පුළුවන්.
  • ඉන්ෆ්ලුවැන්සා වැළඳුනු අයෙකු ළඟට ගිය විට සම්පූරණයෙන් පිරිසිදු වීම වැදගත්.
  • කරකැවිල්ල, හිසේ බර ගතිය, උණ 100˚c වඩා පැවතීම රෝග ලක්ෂණ වන අතර පැය දෙකකට පසු සාමාන්‍ය උණට දෙන බෙහෙත් වලින් උණ පාලනය නොවී නැවත උණ හටගන්නවා. ඒ වගේම ඉතා තද ඇඟේ වේදනා ඇතිවෙනවා. (හරියට ගහලා වගේ)

ඉතින් මේ අම්මගේ නිසි පිළිවෙත් නිසා දරුවන් H1N1 වලින් බේරා ගන්න ඇයට පුළුවන් වුණා. ඇගේ කතාව theAsianparent Sri Lanka ඔබට කිව්වේ මේ රෝගය ගැන සැලකිලිමත් වීම රෝගය සුව කරගන්න ලෙහෙසිම මග නිසයි.

කියවන්න: වසංගතයක් සේ පැතිර යන H1N1 (swine flu) ගැන ඔබ දන්නවද? දෙමාපියන්ට ඉතා වැදගත් කරුණු)