එක කෙස් ගසකට ඔබේ පැටියාගේ පුංචි කකුල තුවාල කරන්න පුළුවන්ද? හරිම භයානකයි.

lead image

කෙස් ගසට පුංචි පැටියෙකුගේ කකුලේ ලොකු තුවාලයක් වුනත් කරන්න පුළුවන් බව ඔබ හිතුවද?

මට කර කියාගන්න දෙයක් නැති වුණා. මේ කෙස් ගස බබාගේ කකුලේ එතිලා එතන කැපිලා රුධිරය වහනය වෙලා ඉදිමිලා තිබුණා. පහුගිය සතියේ Gold Land Homestead ඉන්ස්ටර්ග්‍රෑම් හරහා එක කෙස් ගසක් නිසා දරුවෙකුගේ කකුලේ වූ තුවාලයක පින්තූර දක්වා තිබුණා. මේ නිසා දරුවාව රෝහල් ගත කරන්න දෙමාපියන්ට සිදුවී තිබුණා.

සහලක්ෂණය - Hair tourniquet syndrome 

මේ තත්වය කෙස් ගසක් හෝ නූල් කැබැල්ලක් දරුවාගේ කකුලේ ඇඟිලි වල හෝ පතුලේ එති හිරවීමෙන් ඇතිවෙන්න පුළුවන්. මෙය අම්මගේ හරි ගෙදර වෙනත් කාන්තාවකගේ හිසෙන් ගැලවුන එකක් නැත්නම් දරුවාගේ මේස් එකක තියෙන නූලක් වුනත් වෙන්න පුළුවන්. මේ තත්වය මේස් එකක් දමාගෙන ඉන්නකොට ඇතිවුනොත් තවත් වේදනාකාරියි. මේ නිසා එය කැපීමෙන් රුධිරය වහනය වෙන්න පුළුවන්.

මෙය නින්දේදී වුවත් පොරවා ඇති රෙදිවල නූලක් පැටලීමෙන් වුනත් වෙන්න පුළුවන්.

මෙහි රෝග ලක්ෂණ

මේ තත්වය දරුවන් අතර සුලබ අතර එහි රෝග ලක්ෂණ දකින්නට ලැබෙන්නේ නැති තරම්.

  • දරුවා එකපාරටම හුඟක් අපහසුවෙන් ඉන්න පුළුවන්. දරුවා මේස් දමාගෙන හිටියොත් ඒ බව සොයාගන්න අපහසු වෙනවා.
  • යටි පතුල හෝ ඇඟිලි ඉදිමෙනවා.
  • අනතුර වූ පතුලට ලේ සැපයුම නතර වෙන නිසා කකුල ඉදිමී නිල් පැහැයට හැරෙන්න පුළුවන්.

කෙස් ගසක් පැටලී ඇතැයි සැකකරනවා නම් කළයුතු දේ මොනවද?

  • දරුවා හේතුවක් නැතිව නොනවත්වා අඬයි නම්, වෙනදාට සැකකරන කාරණයන් නොවන්නේ නම් දරුවාගේ හැම ඇඳුමක්ම ගලවා හිසේ සිට දෙපතුල වන තෙක් හොඳින් පරික්ෂා කරන්න.
  • ඔබ කෙස් ගසක් යටිපතුලේ හෝ ඇඟිලි වල පැටලී ඇතැයි දුටුවොත් ටුවිසර් එකක් හෝ නිය කපන කතුරක් ගෙන කෙස් ගස ඉවත් කරන්න බලන්න. සමහර අම්මලා දරුවන්ට යොදාගන්න පින් එකක් වුනත් සාර්ථක වන බව කියනවා.
  • නමුත් කෙස් ගස හුඟක් තදින් එතී ඇතැයි සිතෙනවා නම් වහාම වෛද්‍යවරයෙකු වෙත රැගෙන යන්න.

ආරක්ෂා වන්නේ කොහොමද ?

  • ඇඳුම් ඇන්දවීමට පෙර දරුවාගේ මේස් පරික්ෂා කරන්න. එහි දෙපැත්තම හොඳින් හරවා දරුවාගේ කකුල පැටලෙනු ඇතැයි සිතන නූල් ඇත්නම් පරික්ෂා කරන්න.
  • ඉස්සර පාවිච්චි කළ ඇඳුම් වල නූල් ගැලවී ඇතිදැයි බලන්න.

කෙස් ගසකට දරුවෙකුට මෙතරම් වේදනාවක් දෙන්න පුළුවන් යැයි ඔබ හිතුවද? මේ ඒ අනතුරින් දරුවා මුදවා ගන්න theAsianparent Sri Lanka ඔබේ හොඳම මිතුරිය කළ සටහනක්.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ