theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

පුංචි දියණියට මරු කැඳවූ කොණ්ඩ පටිය

5 අවම කියවීම
පුංචි දියණියට මරු කැඳවූ කොණ්ඩ පටියපුංචි දියණියට මරු කැඳවූ කොණ්ඩ පටිය

සති දාහතරක් වූ පුංචි දියණියක් ඇය නිදාසිටියදී පහලට තල්ලු වී නාසය හා මුව ආවරණය වී හුස්ම සිරවීමෙන් මරණයට පත්වුනා.

සති දාහතරක් වූ පුංචි දියණිය ඇය හිස පැළද සිටි ලොකු බෝ එකක් සහිත කොණ්ඩ පටිය ඇය නිදාසිටියදී පහලට තල්ලු වී නාසය හා මුව ආවරණය වී හුස්ම සිරවීමෙන් මරණයට පත්වුනා.

ආහාර සිරවීම

දරුවන්ට සිදුවෙන අනතුරු: " කොණ්ඩ පටිය නිසා  ඇගේ නාසය සහ මුඛය චලනය කරගත නොහැකි වුනා.ඇය මිය ගියා."

දරුවාගේ මවගේ මිතුරියක විසින් බෙදාගත් ෆේස්බුක් සටහනට අනුව,

"සති දාහතරක් වූ පුංචි දියණිය  ඇය හිස පැළද සිටි ලොකු බෝ එකක් සහිත කොණ්ඩ පටිය ඇය නිදාසිටියදී පහලට තල්ලු වී නාසය හා මුව ආවරණය වී හුස්ම සිරවීමෙන් මරණයට පත්වුනා."

දැන් මකා දමා ඇති එම  ලිපියෙහි ඇය මෙසේ ලිව්වා.

"මෙය ලොකු බෝ සහිත කොණ්ඩ පටි භාවිතා කරන සියළුම මව්වරුන්ට  අනතුරු ඇඟවීමක් වෙනවා.

මගේ මිතුරියට තොටිල්ලේ දිගු නින්දකට වැටී ඇති බව ඇය සිතු  සති 14 ක් වයසැති  ඇයගේ දියණිය අහිමි වුනා.

ඇය පැමිණ බැලු විට කොණ්ඩ පටියට ඇයගේ මුවත්, නාසයත් ආවරණය වී තිබු අතර ඒවා චලනය නොවු අතර ඇය මිය ගොස් තිබුනා.

පශ්චාත් මරණ පරීක්ෂණයෙදී මරණය හුස්ම හිරවීම  නිසා සිදු වී ඇති බව අනාවරණය වුනා.

" මා විසින් අනිකුත් මව්වරුන් සමග ළදරු විලාසිතා ආභරණ වල අනතුරුදායක බව බෙදා දීම ඇයට අවශ්‍ය  වුනා."

ළදරු නිෂ්පාදන මිලදී ගැනීමේදී දෙමාපියන් සැමවිටම සැලකිලිමත් විය යුතුය.

මෙම  සිදුවීම අනතුරක්  බව අප සියලු දෙනා පිළිගන්නා නමුත් දෙමව්පියන් සිය මූලික අවශ්‍යතාවයෙන් එකක් ලෙස තම දරුවාගේ ආරක්ෂාව සැමවිටම තබා ගත යුතුය.

ළදරු භාණ්ඩ මිල දී ගැනීමේදී සි යළුම මවුවරුන් සහ පියවරුන් ඔවුන් මිලදී ගන්නා දේ ඔවුන්ගේ දරුවාට ආරක්ෂිත බවට අතිශය සුපරීක්ෂාකාරී විය යුත්තේ අන්න ඒ නිසයි.

පුංචි දියණියට මරු කැඳවූ කොණ්ඩ පටිය

 

කොණ්ඩ පටිය සිදුවීම අපිට මතක් කල දරුවන්ට සිදුවෙන අනතුරු සම්බන්ධව ඔබ සැමවිටම මතක තබාගත යුතු ප්‍රයෝජනවත්  උපදෙස් කිහිපයක් පහත දැක්වේ.

•  ඔබේ දරුවාගේ සෙල්ලම් බඩු සැලකු විට ඒවා ඔවුන් වයසට සුදුසු බව හා  ඒවායේ  ඔවුන්ට  හානිකර කිසිදු රසායනික ද්‍රව්‍යයක් අඩංගු නොවන බවට වග බලා ගන්න.

ඔබ සාමාන්‍යයෙන්  නිෂ්පාදනය පරීක්ෂා කර ඇතිද හා එහි හානිකර රසායනික ද්‍රව්‍ය අඩංගු වේද යන විස්තරය , ලේබල් පරීක්ෂා කර  එය දරුවාට  සුරක්ෂිත   දැයි පරික්ෂා කරන්න.

• ලාබදායී දේවල් සෑමවිටම සුදුසු නැහැ.

සමහර අවස්ථාවලදී,  ඔබේ දරුවාට  ලාබදායී දේවල් ගෙන මුදල් ඉතිරි කරගන්න උත්සාහ කරනවාට  වඩා  මිල අධික භාණ්ඩයක් මිලදී ගැනීමට වඩා සුදුසු වේ.

• අනෙක් දෙමව්පියන් හා කථා කර  ඔවුන්ගේ නිර්දේශ ගැන විමසන්න.

අනෙක් මව්වරුන්  සහ පියවරුන්  සමඟ කතා කරමින් ඔවුන් නිර්දේශ කරන නිෂ්පාදන ගැන විමසිලිමත් වීම සුදුසු වේ විශේෂයෙන් ම පළමුවරට මවුපියන් වෙන අය සඳහා සුදුසු  වේ.

මෙමඟින් ඔබ ළදරු භාණ්ඩ මිලදී ගැනීමේදී මිලදී  ගත යුතු  දේවල් ගැන ඔබට අදහසක් ලබා දේ.

• ඔබට විශ්වාස නැති නම් දරුවාගේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා ගෙන්    අසන්න.

සෑම විටම ඔබේ දරුවාගේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා මේ පිලිබඳ  හොඳින්ම දනී.

ඔබේ දරුවන්ට අනාරක්ෂිත වන ඇතැම් නිෂ්පාදන පිලිබඳ  ප්‍රථමයෙන් දැන ගනු ලබන්නේ ඔවුන් විසිනි. එබැවින් ඔබ ඒ ගැන ඔවුන්ගෙන් අසන්න පුළුවන්.

• මේ පිලිබඳ ඔබ ඔබේ දැනුම අළුත් කරගන්න.

ළදරු නිෂ්පාදන වලදී එහි  මතක් කිරීම් හෝ  අනතුරු ඇඟවීම් තිබේදැයි පරීක්ෂා කිරීමට වග බලා ගන්න.

මෙවැනි දේ සාමාන්‍යයෙන්  සෙල්ලම් බඩු, ළදරු ඖෂධ හෝ ළදරු ආහාර භාවිතයේදී සිදු වේ.

ඒ නිසා සැමවිටම ඔබගේ දැනුම අලුත් කර පවත්වා   ගන්න. එවිට ඔබ ඔබේ දරුවාට ලබාදෙන දේ සුරක්ෂිත බව ඔබ දන්නවා.

දරුවාට නිතර සිදුවිය හැකි අනතුරු කිහිපයක්

පුංචි දියණියට මරු කැඳවූ කොණ්ඩ පටිය

කැපීම් හෝ සිරීම්

මෙය ගොඩක් පහසුයි. ඔබට කළ යුතු පළමු දෙය වන්නේ ලේ ගැලීම නැවැත්වීමයි.

ලේ නතර වෙන තුරු පිරිසිදු රෙදි කැබැල්ලකින් තුවාලය තද කරගෙන සිටිමෙන් ඔබට මෙය සිදු කළ හැකිය.

ඉන්පසුව, සබන් භාවිතා කර ඇල්මැරුණු වතුරෙන් සෝදා ගන්න.

ඔබ  එය කළ පසු, පිරිසිදු රෙදි කඩක් භාවිතා කර එය වියළා ගැනීමෙන් හා පසුව තුවාලයක් ආසාදනය වීම වැළැක්වීම සඳහා  අයඩින් හෝ විෂබීජ නාශක  ආලේපනයක් යොදන්න.

පසුව බැනඩේජ් එකකින් ආවරණය කරන්න.

තුවාලය ඉතා ගැඹුරු නම් හෝ ලේ ගැලීම නතර නොවේ නම්, ඔබේ දරුවා වෛද්‍යවරයෙකු වෙත ගෙන යෑමට සුදුසු වේ.

සමහර අවස්ථාවල දී, තුවාලය ගැඹුරු නම්, තුවාලයට මැහුම් යෙදිය යුතු ය.

පිළිස්සීම්

පිළිස්සීම්වලට ප්‍රතිකාර කරන විට, අයිස් සහ දන්තාලේප භාවිතා නොකරන්න.

මුලින්ම කළ යුතු දෙයක් වන්නේ , පිලිස්සීමට ලක් වු ප්‍රදේශය සීතල ජලයට ඇල්ලීම හෝ එම ප්‍රදේශයේ  සීතල තෙත් තුවායක් තැබීමයි.

සුළු පිළිස්සුම්  සැහැල්ලු ගෝස් හෝ බැන්ඩේජ් එකකින් ආවරණය කළ හැකිය. බලපෑමට ලක්වූ ප්‍රදේශයට පිලිස්සුම් සදහා වු ආලේපනයක් ආලේප කරන්න.

ආසාදනය ලක් විය හැකි ඉදිමුමක් හෝ බුබුලක්  නොමැති  බවට තහවුරු ගන්න.

වඩා දරුණු පිලිස්සුමක් හෝ සම වියළි හෝ දුඹුරු වුවහොත්, ඔබේ දරුවා වෛද්‍යවරයෙකු වෙත ගෙන යාම වඩාත් සුදුසුය.

එවිට ඔවුන්ට දරුවා හදිසි ප්‍රතිකාර ලබා දිය හැකිය.

නාසයෙන් ලේ ගැලීම

නාසයෙන් ලේ ගැලීම සඳහා, ඔබේ දරුවාව  උඩු අතට වාඩි  වෙන ලෙස පවසන්න. නමුත් හිස පහලට ඇලකරන්න.

ඔවුන්ගේ බෙල්ල වටේට තද ඇඳුම් නැති බව තහවුරු කර  ගන්න.  නාස් පුඩු අවහිර කර ගැනීමට නාසයේ පහල කෙලවර මිරිකන්න.

ඒවා පටු වීමට ඉඩ සලසමින් ඔබ විනාඩි 15 ක් පමණ පීඩනයක් දිගින් දිගටම  යොදන්න.

මිනිත්තු 15 ට පසු ඔවුන්ගේ නහය ලේ ගැලීම නතර වී ඇත්දැයි පරීක්ෂා කර තහවුරු කරන්න.

කෘමී සපා කෑම් හා දෂ්ට කිරීම්

කෘමී සපා කෑම් හා දෂ්ට කිරීම් සඳහා, ප්‍රතිකාර කිරීම ඔබේ දරුවා සපන ලද  කෘමීයා මත රඳා පවතී.

එය මී මැසි දෂ්ට කිරීමක් නම්, විත ඔබේ දරුවාගේ සමේ තවමත් තිබේ නම්, එය ඉවත් කිරීමට වග බලා ගන්න.

ඔබට  ඔබේ නියපොතු දෙකක් හෝ ක්‍රෙඩිට් කාඩ් එක භාවිතා කර සම මිරිකීමෙන්  එය ඉවත් කරන්න.

කැසීම හෝ දැවිල්ල අඩු කිරීමට කැල්මයින් වැනි සීත ආලේපනයක් ආලේප කරන්න.

ඔබේ දරුවා හදිසියේම ශ්වසන අපහසුතාවයක් ඇති වුවහොත් , කැස්ස, හෝ උගුරේ බැරුණ්ඩියක් ඇති වී ඇත්නම් වහාම වෛද්‍යවරයෙකු වෙත ගෙන යෑමට වග බලා ගන්න.

කියවන්න: මේ භයානක ළදරු උපකරණ 8 ගැන ඔබ දැනුවත්ද?

මේ වගේ දේවල් අනූවේදනීය වුනත් theAsianparent Sri Lanka ඔබ වෙත ගෙන එන්නේ ඔබේ පැටියාගේ ආරක්ෂාව වෙනුවෙන්මයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

 

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • දරුවන්
  • /
  • පුංචි දියණියට මරු කැඳවූ කොණ්ඩ පටිය
බෙදාගන්න :
  • අලුත උපන් දරුවා අතට ගැනීමට පෙර ඔබ ඔබේ දෑත් සේදිය යුත්තේ ඇයි

    අලුත උපන් දරුවා අතට ගැනීමට පෙර ඔබ ඔබේ දෑත් සේදිය යුත්තේ ඇයි

  • අලුත් බබාව බලන්න යන්න කලින් මේ දේවල් වලින් දැනුවත් වෙන්න

    අලුත් බබාව බලන්න යන්න කලින් මේ දේවල් වලින් දැනුවත් වෙන්න

  • අලුත උපන් දරුවා අතට ගැනීමට පෙර ඔබ ඔබේ දෑත් සේදිය යුත්තේ ඇයි

    අලුත උපන් දරුවා අතට ගැනීමට පෙර ඔබ ඔබේ දෑත් සේදිය යුත්තේ ඇයි

  • අලුත් බබාව බලන්න යන්න කලින් මේ දේවල් වලින් දැනුවත් වෙන්න

    අලුත් බබාව බලන්න යන්න කලින් මේ දේවල් වලින් දැනුවත් වෙන්න

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it