හිසකෙස් හරියට යනවා නේද? මෙන්න ‌හේතු 7ක්

හිසකෙස් හරියට යනවා නේද? මෙන්න ‌හේතු 7ක්

හිසකෙස් යනවාද? ‌මෙන්න ‌හේතු 7 ක් හා පිළි‌වෙත් 5 ක්

හිසකෙස් හරියට යනවා ‌නේද? 

බාත්රූම් එක පුරා, ගේ බිම පුරා වැටිලා තියෙන හිසකෙස් ප්‍රමාණය දැක්කාහම ඔබට හීල්ලෙනවාත් ඇති නේද?

කාන්තාවන්ගේ හිසකෙස් හැලී යාම සාමන්‍යයි.

එහිදි දිනකට හිසකෙස් ගස් 80 පමණ හැලී  යනවා. ඒ ගැන නම් ඔබ කලබලවීම අනවශ්‍යයි.

හැබැයි ඊට වඩා වැඩි ප්‍රමාණයක් ඔබගේ හිසකෙස් යනවා නම් එතැන ඇත්තටම ගැටලුවක් තියෙනවා.

ඔබගේ හිසකෙස් යාමට නිශ්චිත හේතුව හදුනාගෙන පිළියම් යෙදීමෙන් ඔබේ සොදුරු කෙස් කළඹ රැකගන්න පුළුවන්.

හිසකෙස් හැලීයෑම පිළිබද විශේෂඥයෙකු වන ලන්ඩනයේ පිලිප් කිංස්ලි සායනයේ ප්‍රමුඛ පෙළේ ත්‍රික විද්‍යායෙකු වන ඇනබෙල් කිංස්ලි විසින් ඔබට ලබා දෙන හිස කෙස් හැලීමට හේතු හා පිළියම්  මේ ලිපියේ අන්තර්ගතයි.  

හිසකෙස් හරියට යනවා නේද? මෙන්න ‌හේතු 7ක්

හිසකෙස් හරියට යනවා නේද? මෙන්න හේතු

හිසකෙස් හැලී යාම ජානමය හා ක්‍රියාකාරි ලෙස ආකාර දෙකකට සිදුවෙනවා.

ජානමය හේතුන් උපතින්ම ලැබෙන අතර ක්‍රියාකාරි ලෙස හිසකෙස් යාමට කාරණා 7 ක් බලපානවා.

1.හෝමෝන අසමතුලිතාවය

හෝමෝන අප සිරුරේ බොහෝ කාර්යයන්ට ඍජුවම දායක වෙනවා.

ඒවා අසමතුලිතතාවය සිරුරේ බොහොමයක් ක්‍රියාකාරිත්වයන් සදහා තර්ජනයක් වෙනවා. එයට හිසකෙස්ද ඇතුලත්ය.

හිසකෙස් වර්ධන චක්‍රය පාලනයට හෝමෝන විශාල ලෙස දායක වෙනවා.

ඔස්ට්‍රොජන් හෝමෝනය හිසකෙස් වර්ධන අවධියේ ප්‍රශස්ත කාලයක් පවත්වා ගැනීමට උපකාරී වෙනවා.

ඇන්ඩ්‍රොජන් හෝමෝන  හිසකෙස් වර්ධන චක්‍රය කෙටි කිරීමේ හැකියාව සහිතයි.

ඇන්ඩ්‍රොජන් වැඩි ප්‍රමාණයක් පැවතීම නිසා හිසකෙස් හැලී යාමට හේතු වෙන්න පුළුවන් .

2.ආතතිය

හිසකෙස් හරියට යනවා නේද? මෙන්න ‌හේතු 7ක්

ආතතිය වැඩිවීමෙන් ඔබේ හිසකෙස් හැලී යන්න පුළුවන්.

එහිදි ඇන්ඩ්‍රොජන් හෝමෝන මට්ටම ඉහළ නැංවිය හැකි අතර එය හිසකෙස් හැලි යාමට හේතු වෙනවා.

මානසික ආතතිය නිසා හිස්හොරි, ආහාර පුරුදු කඩාකප්පල් කිරීම සහ ආහාර ජීර්ණ පද්ධතිය අවුල් කිරීම වැනි දේවල් ඇතිවෙන අතර ඒවා ඔබේ හිස කෙස් වලට නරක ප්‍රතිඵල ලබා දෙනවා.

3.යකඩ දුර්වලතා / රක්තහීනතාවය

යකඩ අෟණතාවයද හිසකෙස් බහුල ලෙස හැලී යාමට හේතු වෙනවා.

එයට හේතුව හිසකෙස් සෛල වල ප්‍රෝටීන් නිපදවීමට යකඩ අත්‍යවශ්‍ය වීමයි.

4.හයිපෝතිරොයිඩ් හා හයිපර්තිරොයිඩ් (hypothyroid/hyperthyroid)

තයිරොයිඩ් ග්‍රන්ථිය ප්‍රෝටීන නිෂ්පාදනය හා පටක භාවිතය පාලනය කිරීමෙන් ශරීරයේ පරිවෘත්තීය පාලනය කිරීමට උපකාරී වෙනවා.

හයිපෝතිරොයිඩ් හා හයිපර්තිරොයිඩ් වැනි ඕනෑම තයිරොයිඩ් අසමතුලිතතාවයක් ඔබේ හිස කෙස් හැලී යාමට හේතු වෙනවා.

5.විටමින් බී 12 ඌණතාවය

විටමින් බී 12 හිඟකම නිසා ඔබට වෙහෙස දැනෙන අතර ශක්තිය අඩු බවක්ද දැනෙනවා.

එපමණක් නොව ඔබේ කොණ්ඩයටද එය බලපෑම් කරනවා.

"විටමින් බී 12 ඌණතාවය නිසා ඔබේ පටක වලට ඔක්සිජන් ගෙන යන රතු රුධිර සෛල වල සෞඛ්‍යයට බලපෑම් ඇතිවෙනවා.

ඒ නිසා ඔබේ හිස කෙස් හැලී යාමට පුළුවන්.

6.එකවර බර අඩු වීම

හිතාමතා හෝ නොදැනුවත්ව ඔබේ බර අඩු වුවහොත් අනිවාර්යයෙන් එය ඔබේ හිසකෙස් හැලී යාමට බලපානවා.

එයට හේතු වන්නේ අප සිරුරේ සිදුවෙන වෙනස්කමක් හෝ පෝෂණ ඌණතාවයක් බොහෝවිට පෙන්නුම් කරන්නේ ඔබේ හිසකෙස් වලින් වීමයි.

7.වයස

ඔබට ආර්තවහරනය සිදුවෙන්න ආසන්න නම් ඔබේ ශරීරයේ සිදුවන වෙනස්කම් ඔබේ කොණ්ඩයටද බලපානවා.

ආර්තවහරනය  දක්වා හා ඉන්පසුව හිසකෙස් හැලියාම දකින්න පුළුවන්.

අපි මෙන්ම අපගේ හිසකෙස්ද වයසට යනවා. අප වයසට යත්ම හිසකෙස් ස්වාභාවිකවම සිනිඳු  වෙනවා.

එසේ වීම වයසට යාමේ ක්‍රියාවලියේ සාමාන්‍ය කොටසකි.

හිසකෙස් හරියට යනවා නේද? මෙන්න පිළි‌වෙත්

මෙලෙස කරදරකාරී ලෙස ඔබේ හිසකෙස් හැලී යාමට හේතු කිහිපයක් අපි ඉහතදි විස්තර කළා.

දැන් අපි සුදානම් වෙන්නේ මෙම හිසකෙස් හැලීයාම සාමන්‍ය කරගත හැකි පිළි‌වෙත් කිහිපයක් ඔබ වෙත අරගෙන එන්නයි.

1.ගැටලුවක්  ඇති බව හදුනාගන්න

හිසකෙස් හැලී යාම වේගයෙන් සිදු වෙන්නේ නැහැ. අපගේ හිසකෙස් සදහා ජිවන චක්‍රයක් තියෙනවා.

ප්‍රේරණයක් ඇති වුවහොත් හිසකෙස් හැලීයාමට මාස 3 ල් පමණ යනවා.

මාස 3කට වඩා වැඩි කාලයක් අධික හිසකෙස් හැලී යාමක් ඇත්නම් හිසකෙස් සම්බන්ධ වෛද්‍යවරයෙකු වෙත යන්න.

කලබල නොවී නිවැරදි ක්‍රියාමාර්ගය ගන්න.

2.ඔබේ ආහාර වේල වෙනස් කරන්න

  •  වැඩිපුර ප්‍රෝටීන් ලබා ගන්න

හිසකෙස් සෑදී ඇත්තේ ප්‍රෝටීන් වලින් වන අතර දිනපතා ප්‍රෝටීන් බහුල ආහාර ප්‍රමාණවත් ලෙස ආහාරයට ගැනීම අත්‍යවශ්‍ය වෙනවා.

උදේ ආහාරය සහ දිවා ආහාරය සඳහා අවම වශයෙන් ග්‍රෑම් 120පමණ ප්‍රෝටීන් ප්‍රමාණයක් එක්කර ගන්න.

  • සංකීර්ණ කාබෝහයිඩ්රේට් ලබා ගන්න

සංකීර්ණ කාබෝහයිඩ්රේට් අපේ කොණ්ඩයට වර්ධනය වීමට අවශ්‍ය ශක්තිය ලබා දෙනවා.

ආහාර වේල් අතර පැය හතරකට වඩා වැඩි කාලයක් ඉතිරිව තිබේ නම් සෞඛ්‍ය සම්පන්න කාබෝහයිඩ්‍රේට් (එනම් නැවුම් පලතුරු, සම්පුර්ණ තිරිඟු කැකර්) ආහාරයට ගන්න.

එසේම ඔබේ හිසකෙස් යාමට හේතුව මානසික ආතතිය හෝ අසනීපයක් නම්  ඔබ කන දේ වෙනස් කිරීම ඵල රහිතයි.

 3.අතිරේකයක් ගන්න

අත්‍යවශ්‍ය නොවන පටක වීම නිසා හිසකෙස් වල පෝෂණ අවශ්‍යතා අද්විතීය වෙනවා.

එය ඔබේ කෙස්වලට ලබා ගත හැකි විටමින් සහ ඛනිජ ලවණ මට්ටම ඉහළ නැංවීමට අතිරේකව උපකාරී වෙනවා.

ඒ නිසා සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගන්න.

යකඩ, විටමින් සී, විටමින් බී 12, විටමින් ඩී 3, තඹ, සින්ක්, සෙලේනියම් සහ අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල වන එල්-ලයිසීන් සහ එල්-මෙතියොනීන් වැනි දේ අඩංගු ආහාර සොයා බලන්න.

මේවා අතිරේක ලෙස ගන්නේ නම් වෛද්‍ය උපදෙස් මත පමණක් කරන්න.

4.මෝස්තරය ගැන බුද්ධිමත්ව කටයුතු කරන්න

හිසකෙස් හරියට යනවා නේද? මෙන්න ‌හේතු 7ක්

සමහර කොණ්ඩ මොස්තරය ඔබට ලස්සන පෙනුමක් ලබා දුන්නත් ඒවා හිසකෙස් මත පීඩනයක් ඇති කරනවා.

හිසකෙස් හා කෙස්වල වල සිදුරු වලට හානිවෙන කොණ්ඩා මෝස්තර භාවිතා කරන්න එපා.

5.බය වෙන්න එපා

ඔබේ හිසකෙස් හැලී යාම ඔබව කරදරයටත් බියටත් පත් කරන්න පුළුවන්.

ඔබේ හිසකෙස් යනවා නම් එය ඔබට පමණක් සිදුනොවන දෙයක් බව වටහා ගන්න.

මේ සදහා සමහර  නිෂ්පාදන ඇතත් ඒවා පමණක් හිසකෙස් හැලියාමට පිළියමක් නොවේ.

ඔබ ඔබේ සාමාන්‍ය සෞඛ්‍යය, ඔබේ ආහාර වේල ගැන මෙන්ම ඔබේ හිස්කබලේ සෞඛ්‍යය හා හිසකෙස් වැඩෙන තත්වය ඉහලින් මට්ටමකින් පවත්වා ගත යුතුය.

ඔබට හිසකෙස් යාම පිළිබද දැඩි ගැටලුවක් ඇති නම් වෛද්‍යවරයෙකු වෙත යොමු වෙන්න.

මේ පිළිබද ඔබේ අදහස් අප හා ‌බෙදාගන්න.

මුලාශ්‍ර - www.cosmopolitan.com

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

කතන්දර ලිපි