theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අම්මාගේ කෙස් ගහක පැටලී කැපී වෙන් වෙන්නට ගිය බබාගේ ඇගිලි

5 අවම කියවීම
අම්මාගේ කෙස් ගහක පැටලී කැපී වෙන් වෙන්නට ගිය බබාගේ ඇගිලිඅම්මාගේ කෙස් ගහක පැටලී කැපී වෙන් වෙන්නට ගිය බබාගේ ඇගිලි

හිස ‌‌කෙස් ගසක් වගේ පුංචි ‌දෙයකට බබාට තුවාල කරන්න පුළුවන්ද?

අම්මා‌ගේ කෙස් ගහක් වගේ පුංචි දෙයකට බබාගේ ඇගිල්ලක් අහිමි කරන්න පුළුවන්ද? විශ්වාස නැහැ නේද?

එහෙනම් මේ අම්මා කියන වේදනාත්මක කතාවත් කියවන්න.

මුදාහල ඔබේ කෙස් කළඹ මොනර පිළක් වගේ සුලග එක්ක ඉගිල්ලෙද්දි කොච්චර ලස්සනද නේද?

ඒත් ඒ ලස්සන කෙස් කළඹේ හිස කෙස් ඔබේ දරුවාටම තර්ජනයක් වෙනවා නම් අම්මා කෙනෙක් ඒ අනතුර දරුවා ගෙන්  තම හිස‌‌කෙස් ඈත් කරන්න දෙවරක් හිතන්නේ නැහැ නේද?

ඒත් එක් අම්මා ‌කෙනෙක් ‌ගෙන් ගිලිහුන එක් පුංචි හිස ‌කෙස් ගහක් ඒ අම්මාගේ ආදරණිය පුංචි පැටියාට ‌ලොකු අනතුරක් කරන්න හැදුවා.

පුංචි ඇගිලි හතරක්  ‌වෙන් ‌නොවී තිබුනේ ඒ අම්මාගේ වගේම දරුවාගේත් වාසනාවටයි.

අම්මා‌ගේ කෙස් අනතුරු ගැන ඇලෙක්ස් අප්ටන් අපට කියන කතාව

පසුගිය දවසක උදේ ඇලෙක්ස් අප්ටන්ගේ පුංචි පුතා බෝතලය අතට ගැනීම ප්‍රතික්ෂේප කරමින් කෑගසා අඩන්න වුනා.

ඇයි දරුවා අඩන්නේ ඇලෙක්ස්ටත් හිතාගන්න බැරි වුනා. අනෙක් සෑම මවක්ම වගේ ඇයත් යුහූසුලුව එයට හේතු හොයන්න වුනා.

දෙවියනේ ඇලෙක්ස්  දැක්ක දේ ඇයටම හිතාගන්න බැරි වුනා. එයාගේ එක පුංචි කෙස් ගසකින් සිය  පුතු එස්රාගේ කකුලේ ඇගිලි හතරක් දරුණු ලෙස කැපී තිබුනා.

මේ කෙස් ගස සති දහයක් වයසැති දරුවාගේ පුංචි ඇගිලි හතර වටාම එතී රවුමට කැපී තිබුන අතර එය මේ බ්‍රිතාන්‍ය ජාතික මවට වේදනාත්මක මොහොතක් වුනා.

දරුවාගේ වම් කකුලේ ඇගිලි වටා කෙස් ගස පැය 12 ක්  14 ක් තද වි රවුමට කැපි තිබුන අතර අවරසානයේදි එය රතු වී ඉදිමි තිබුනා.

ඇය එතැන සිට ඇයගේ  හිස කෙස් ගැන හරිම සැලකිලි මත්වන බව මේ අම්මා  බ්‍රිතාන්‍යයේ කෙනඩි ප්‍රවෘත්ති හා මාධ්‍යට පැවසුවා. 

"මට භය දැනුණා. වින්නඹු මාතාවන් හෝ වෛද්‍යවරු දරුවෙකු සිටින මවකට මෙවැනි අවදානම ගැන කියාදෙන්නේ නැත්තේ ඇියි කියන එක ගැන මම පුදුම වෙනවා. ”

අම්මා‌ගේ කෙස් නිසා ‌වෙන්න ගිය හදිය

 

අම්මාගේ කෙස් ගහක පැටලී කැපී වෙන් වෙන්නට ගිය බබාගේ ඇගිලි

දරුවාගේ ඇගිලි තද කරමින් එතී තිබු මේ දුඹුරු පැහැති කෙස් ගස 26 හැවිරිදි ඇලෙක්ස් දකින්නේ තම පුතු වු  එස්රාගේ ඇදුම් මාරු කරමින් සිටින විටයි.

කෙස් ගස ඇඟිල්ලක් වටා තදින් එතී රුධිර නාල කැපි යන පරිදි සම ඇතුලට කාවැදි තිබුනා. 

එහිදි දරුවාගේ ඇගිලි රතු වී ඉදිමි තිබුනා. පසුව මෙම හිස කෙස් ගස දරුවාගෙන් ඉවත් කරන ලද අතර දරුවා සම්පුර්ණයෙන්ම සුව වී ඇති බව වාර්තා වෙනවා.

"දෙවියනේ මම ඒ හිස කෙස් ගහ දැක්කේ නැත්නම් එස්රාට ඇගිලි ටික නැති වෙනවා," ඇය පැවසුවා.

අම්මාගේ හිසකෙස්  දිගනම් බබා අල්ලලා ඒවා ඇද කඩා ගන්නා නමුත් ඒවා දෙමව්පියන්ගේ ඇස් වලට වහන් වෙලා අන්තිමට නතර වෙන්නේ බබාගේ  ඩයපර් හෝ මේස් තුළයි.

දෙමව්පියන් විශේෂයෙන් මව්වරුනි විදියට අප වඩාත් සැලකිලිමත් විය යුත්තේඑි නිසයි.

එස්රාගේ ඇඟිලි තුනකින් කොණ්ඩ ගස පහසුවෙන් ඉවත් කළ නමුත් අනිත් ඇගිල්ලෙන් එය ඉවත් කරගැනීම ඉතා අපහසු වුනා.

ඇය සහ ඇයගේ වයස 29 ක් වු  සැමියා බෙන් දරුවාව වෛද්‍යවරයා වෙත ගෙන ගියා.

ඔහු පරීක්ෂා කිරීමෙන් පසු එස්රාගේ ඇඟිලි මත ආලේප කිරීමට බැක්ටීරියා නාශක ක්‍රීම් කිහිපයක් වෛද්‍යවරයා ලබා දුන්නා. දරුවා දැන් සුවෙන් පසුවෙනවා.

අම්මාගේ කෙස් ගහක පැටලී කැපී වෙන් වෙන්නට ගිය බබාගේ ඇගිලි

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

කෙස් ගස් දරුවාගේ පැටලී සිදුවිය හැකි අන්තරාය ගැන අනෙක් දෙමව්පියන්ට දැනුවත් කිරීම ඇලෙක්ස්ගේ අරමුණයි. 

2016 දී කැන්සාස්හි යුවළක් ඔවුන්ගේ සති  19 ක් වයසැති දියණිය සමග මෙවන් ඉරණමකට මුහුණ දුන්නා.

මෙය සුලභ අනතුරු දායක තත්වයක් බව ඔබට වටහා ගන්න පුළුවන් නේද?

"මම සාමාන්‍යයෙන් දරුවන්ගේ ආරක්ෂාව ගැන සැලකිලිමත්, නමුත් මෙහෙම දෙයක් විය හැකි බව එයට මුහුණ දෙන තුරු මම හිතුවේ නැහැ,"

ඇය පැවසුවා.

" ඔබ ළදරුවන්ගේ ඇදුම් මාරු කරන විට හෝ මේස් පළදවන විට හෝ ඔවුන්ව නහවා එළියට ගන්නා විටද කෙස් ගස් තිබේදැයි හොඳින් පරීක්ෂා කර බලන්න." 

අවසාන වශයෙන් ඇය සියලුම දෙමාපියන් ගෙන් ඉල්ලා සිටිනවා.

අම්මා‌ගේ කෙස් නිය වලින් දරුවන්ට ආරක්ෂාව

4

මෙවැනි සිදුවී වලදි අපි අම්මාගේ හිසකෙස් නිය ගැන කථා කලත් දරුවාට එසේ හානි විය හැකි එකම මාර්ගය එය විතරක් නෙමෙයි.

මෙවැනි අනතුරුදායක හිසකෙස් නැතිනම් නිය වුනත් දරුවා වෙත ලගා විය හැකි බොහෝ ක්‍රම තියෙනවා.

දරුවා රැකබලා ගන්නන් දරුවා වඩා ගන්නන් ගේ් හිසකෙස් වුව ගිලිහි දරුවාගේ රැදෙන්න පුළුවන්.

බොහෝ දරුවන් දිගු කේස කළඹක් දුටු විට එය අදින්නට ආශාවක් දක්වනවා.

එවිට පහසුවෙන් මේ හිසකෙස් දරුවා ලග රැදි අනතුරකට පාර කපන්න පුළුවන්.

හොදම දේ තමයිඔබ පුංචි දරුවෙකු වෙත ලගා වෙනවා නම් දරුවාට අල්ලා ගත නොහැකි ලෙස හිසකෙස් තදින් ගැට ගසා ගන්න.

එවිට ඔහුගේ අත් පා හිසකෙස් නිසා කැපී සිදුවෙන අනතුරු අවම කරගන්න පුළුවන්.

මොහොතක් හිතන්න ඔබගේ නොසැලකිල්ල නිසා දරුවා වෙත ගිලිහි ගිය හිසකෙස් ගසක් නිසා පිරිමි දරුවෙකු නම් ලිංගෙු්න්ද්‍රය වටා එය එතී කැපි ගියහොත් කුමක් සිදුවේවිද?

ඒ වගේම තමයි ඔබේ නියපොතුත්. ඒවා කෙටිව කපා මොට කර තබන්න. නැතිනම් ඔබ දරුවා හා කටයුතු කරන ඔනෑම අවස්ථාවක දරුවාට සිරී තුවාල වෙන්න පුළුවන්.

ඒ වගේම නිය සහිත අයට දරුවා ලබා දෙන විට බොහොම සැලකිලිමත් වෙන්න. 

නියපොතු වලින් සිරීමට අමතරව ඔබේ පුංචි පැටියාගේ ඇසක එය ගැටී තුවාල වුවහොත් දරුවා අන්ධ වීමට පවා ඉඩක් තියෙනවා නේද?

දරුවන්ගේ ආරක්ෂාව ගැන අපිට හිතන්න කොච්චර දේවල් තියෙනවාද? කෙස් ගස් නියපොතු වගේ අපි නොහිතන පුංචි දේවල් කොයිතරම් ලොකු ඛේදවාචකයක් ඉතිරි කරන්න පුළුවන්ද?

මීට අමතරව ඔබ අදින පළදින ඇදුම් ආභරණ වගේම බොත්තම් සීප් වගේ තව බොහෝ දේවල් ඔබේ පුංචි පැටියා අනතුරට ලක් කරන්න පුළුවන්.

පුංචි උපදෙස් ටිකක්

  • ඔබේ හිස ‌කෙස් දරුවා අසලදී තදින් බැද තබන්න
  • ඔබේ නියපොතු කපා ‌මොටව තබන්න
  • දරුවාගේ සිරුර ඇදුම් නිතර පරික්ෂා කරන්න
  • දරුවා හඩයි නම් සැලකිලිමත් ‌වෙන්න
  • දරුවා වඩා ගනිද්දි හැකි පමණ ආභරණ හා ආයිත්තම් සහිත ඇදුම් ඇදිමෙන් වළකින්න.

ඔබටත් මෙවැනි අත් දැකීම් තියෙනවාද? නැතිනම් අප හා බෙදාගන්න යමක් තියෙනවාද? එහෙනම් පහලින් සටහන් කරන්න.

මුලාශ්‍ර

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • දෙමාපියන්ට උපදෙස්
  • /
  • අම්මාගේ කෙස් ගහක පැටලී කැපී වෙන් වෙන්නට ගිය බබාගේ ඇගිලි
බෙදාගන්න :
  • ජීවිත කාලය පුරාම ඔබේ දරුවා ඔබ සමග ඇති බැඳීම එලෙසම තබාගන්න අපූරු ක්‍රම 21 ක්

    ජීවිත කාලය පුරාම ඔබේ දරුවා ඔබ සමග ඇති බැඳීම එලෙසම තබාගන්න අපූරු ක්‍රම 21 ක්

  • දරුවා හා අම්මා පළමු වරට එකිනෙකා දකින පළමු මොහොත තුල ඇතිවෙන අරුම පුදුම බන්ධනය

    දරුවා හා අම්මා පළමු වරට එකිනෙකා දකින පළමු මොහොත තුල ඇතිවෙන අරුම පුදුම බන්ධනය

  • ජීවිත කාලය පුරාම ඔබේ දරුවා ඔබ සමග ඇති බැඳීම එලෙසම තබාගන්න අපූරු ක්‍රම 21 ක්

    ජීවිත කාලය පුරාම ඔබේ දරුවා ඔබ සමග ඇති බැඳීම එලෙසම තබාගන්න අපූරු ක්‍රම 21 ක්

  • දරුවා හා අම්මා පළමු වරට එකිනෙකා දකින පළමු මොහොත තුල ඇතිවෙන අරුම පුදුම බන්ධනය

    දරුවා හා අම්මා පළමු වරට එකිනෙකා දකින පළමු මොහොත තුල ඇතිවෙන අරුම පුදුම බන්ධනය

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it